Watch Trailer

Murder Report (2025) Sinhala Subtitles | ඝාතකයාගේ හෝරාව [සිංහල උපසිරැසි] 800*

Murder Report (2025) Sinhala Subtitles ඉතිං කොහොමද ළමයි..සෑහෙන කාලෙකින් මම ආයෙත් ආවා…දැන් මාව අමතකත් ඇති නේද..ඉස්සර වගේ නිතර නිතර එන්න දැන් ඉතිං වෙලාව අඩුයි. ලස්සන ලස්සන කතා, චිත්‍රපටි ගොඩක් ආවා නේද..සබ් කරනව කියල ඩවුන්ලෝඩ් කරගත්ත ඒවා ගොඩක් තියෙනවා..ඒත් කරන්න වෙලාව නැහැ දැන්. ඉස්සර නම් ඉතිං කතාවක්…

Murder Report (2025) Sinhala Subtitles

ඉතිං කොහොමද ළමයි..සෑහෙන කාලෙකින් මම ආයෙත් ආවා…දැන් මාව අමතකත් ඇති නේද..ඉස්සර වගේ නිතර නිතර එන්න දැන් ඉතිං වෙලාව අඩුයි. ලස්සන ලස්සන කතා, චිත්‍රපටි ගොඩක් ආවා නේද..සබ් කරනව කියල ඩවුන්ලෝඩ් කරගත්ත ඒවා ගොඩක් තියෙනවා..ඒත් කරන්න වෙලාව නැහැ දැන්.

ඉස්සර නම් ඉතිං කතාවක් ආපු ගමන් එදාම සබ් එක දෙනවා. ඒ වගේ ගොඩක් ආසාවෙන් කරපු සබ් එකක් තමයි Descendants of the Sun. කතාව ආපු දවසෙ රෑම සබ් එක දුන්නා..ඒ කාලෙ ඉතිං ගෙවල් වල වැඩ නැහැනෙ. ජොලියෙ හිටපු කාලෙ. දැන් ලොකු ළමයිනෙ අප්පා..වැඩ වැඩියි.

මේ හෑල්ලක් ලියන්නෙ මොකද බලනවද…ඒ තමයි මේ මගේ 800 වෙනි නිර්මාණය වුන එක. දැන් ගොඩක් දවස් ඉඳලා 800ට හොඳ ෆිල්ම් එකක් කරමු කරමු කිව්වට ඇත්තටම වෙලාවක් නැති නිසා කරගන්න  බැරි වුනා. ඔන්න ඉතිං දවස් තුනක් විතර ටික ටික කරලා යන්තම් මේක සම්පූර්ණ කරගත්තා.

ඉතිං, පලවෙනි උපසිරැසියෙ ඉඳන් අද 800 වෙනකල් මට අවස්ථාව දුන්න ඇඩ්මින් මඩුල්ලට වගේම මගේ උපසිරැසි බලපු, අඩුපාඩු, හොඳ නරක කියපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඉස්සරහටත් වෙලාවක් ලැබුනම හොඳ නිර්මාණයක් අරගෙන එන්නම්. අදත් එහෙනම් මේක බලලා අදහසක් කියාගෙන යන්න…

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.. බුදු සරණයි !!

අද කතාව

2025  සැප්තැම්බර් 5 වෙනිදා එලි දක්වපු චෝ යං-ජුන් රචනය වගේම අධ්‍යක්ෂණය කරපු, කිම් යොං-සුන් නිෂ්පාදනය කරපු Murder Report තමයි මේ චිත්‍රපටිය.  කතාව ගැන කියනව නම්,

බෙක් සුන් ජු (Cho Yeo-Jeong) කියන්නෙ තොරතුරු පිපාසාවෙන් පෙළෙන වාර්තාකාරිනියක්. එක දවසක් ඇයට ඇමතුමක් ලැබෙනවා තමන් දාම ඝාතකයෙක් කියලා කියාගන්න කෙනෙක්ගෙන්. මේ වෙද්දි සුන් ජු  ඉන්නෙ තමන්ගෙ රැකියාවෙ තීරණාත්මක තැනක.  ඒ කියන්නෙ රැකියාව නැති වෙන අනතුරක..

තමුන් දැනටමත් මිනිස්සු 11ක් මරපු බවත් තමන්ගෙ කතාව ඇහැව්වොත් ඊලඟට මරන්න යන කෙනාව සොන් ජු ට බේරගන්න පුලුවන් බවත් තමයි මේ කෙනා කියන්නෙ. ඉතිං සොන් ජු මේකට කැමති වෙලා මේ කෙනා කියන තැනට  යන්නෙ ඒ කෙනාගෙ කැමැත්ත අනුව ඒ කතාව අහන්න. හැබැයි තනියම නෙවෙයි සොන් ජු යන්නෙ. තවත් කෙනෙක් එක්ක.. හැබැයි මේ දෙන්නටම තියෙන්නෙ අරමුණු දෙකක්.

නැහැ..තුන් දෙනාට තියෙන්නෙ අරමුණු තුනක්..ඉතිං ඔයාලා හිතන්නෙ මේ තුන් දෙනාගේ අරමුණු වලින් කාගෙ අරමුණ ඉෂ්ඨ වෙයිද…

Murder Report (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

1,234 downloadsDownload Murder-Report-2025.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Murder Report (2025) Sinhala Subtitles

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,234 downloadsDownload Subtitles40 KB

9 comments

  1. Hiru

    ගොඩක් ස්තුතියි සබ් වලට
    ඔයාව අමතක නෑ
    ආදරෙයි

  2. Buddhika laKMal

    800වෙනි උපසිරැසියට සුබපැතුම් සිස්......
    ඉස්සරහටත් වෙලාවක් තියෙන විදිහට සබ් එකක් ගේන්න හැකියාව ලැබේවා..
    කරන කියන සියුලම වැඩකටයුතු සාර්තක වේවා....
    මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි සිස්
    ..........................................................

  3. Nuwan ASELA

    Congratulations 800 වැනි උපසිරැසි ගැන්වීමට
    අක්කා

  4. Hemantha De Silva

    ස්තුතියි ගිහානි,
    කැපකළ කාලයට, ශ්‍රමයට, වියදමට සහ දැනුමට පින්.....
    තවදුරටත් මෙවැනි සද්කාර්යයක නියැලීමට අවස්ථාව ලැබේවා.
    ස්තුතියි බයිස්.

  5. anu

    Thank you

  6. තුසිත

    Thanks for sub...jayama wewa..අපිවෙනුවෙන් මේ කරනා සේවයට බොහෝම ස්තුති

  7. එල්. සී. ‎දමැල්

    800වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් කනිෂ්කා අක්කේ! :)
    850ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  8. මධුකප්‍රිය පෙරේරා

    800වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
    උපසිරසි 800ක්, ගිණිය නොහැකි කාලයක්.
    අසීමාන්තික කැප කිරීමක් කිව්වොත් නිවැරදියි.
    මේ වගේම ඉක්මණටම සියළු කඩයිම් පසු කරමින්
    උපශීර්ෂ දහසේ සීමාවට ළගා වෙන්න හැකිවේවායි පතනවා.
    ඔබට ජයෙන් ජය!!! ස්තුතියි...

  9. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤