හිංදි සිනමාවෙහි අපි කවදත් නරඹන වාණිජමය හා ක්‍රියාදාම චිත්‍ර පට වලින් මදකට මිදී කලාත්මක හිංදි චිත්‍රපටයකට සිංහල උපසිරැසි ඉදිරිපත් කරන්න හිතුවා. මේක තෝර ගන්න හේතු උනේ මෙහි ප්‍රධාන නළුවා මනෝජ් බජ්පායි. ජනප්‍රිය තරු කැලකගේ සෙවනැල්ලට වැසුනු අතිවිශිෂ්ඨ රංග ධරයින් රාශියක් අතුරින් බජ්පායි කියන්නෙ ඉංදියාවේ…

හිංදි සිනමාවෙහි අපි කවදත් නරඹන වාණිජමය හා ක්‍රියාදාම චිත්‍ර පට වලින් මදකට මිදී කලාත්මක හිංදි චිත්‍රපටයකට සිංහල උපසිරැසි ඉදිරිපත් කරන්න හිතුවා. මේක තෝර ගන්න හේතු උනේ මෙහි ප්‍රධාන නළුවා මනෝජ් බජ්පායි.
ජනප්‍රිය තරු කැලකගේ සෙවනැල්ලට වැසුනු අතිවිශිෂ්ඨ රංග ධරයින් රාශියක් අතුරින් බජ්පායි කියන්නෙ ඉංදියාවේ ඉන්න දක්ෂතම නළුවන් පස් දෙනා ගෙන් කෙනෙක් කියලයි කියන්නේ. 1994 සුළු චරිතයකින් සිනමා දිවිය ආරම්භ කරලා මේ වන විට සම්මාන ගණනාවකට හිමි කම් කියන නළුවෙක්. අවසන් වරට 67 වන ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාත් ඔහුයි(Bhonsle). The Family Man මෑතක ඔහු ප්‍රධාන චරිතය රඟ පෑ ජනප්‍රිය TV series එකක්.
පරණ දිල්ලි නගරයේ මං මුලා වෙන සුළු පටු වීදි වලින් වෙන් වුනු ගරාවැටුනු ගොඩනැගිලි අතරින් එකක කුද්දූස්ගේ නිවස පිහිටා තියෙනවා. තමන්ටම කියා පවුලක් නැති, අසල්වැසි ඇසුරක් නැති මේ අද්භූත මිනිසාට දුකට සැපට ඉන්නෙ එකම එක මිතුරෙක් පම්ණයි. වෘතියෙන් ඉලෙක්ට්‍රොනික් කාර්මිකයෙක් වන ඔහු අසල්වාසීන්ට හොරෙන් අටවා ගත් CCTV කැමරා පද්ධතියකින් අවට පරිසරය නිරීක්ෂනය කරන එක තමා ඔහුගෙ එකම විනෝදාංශය. ඔහුගේ ජීවිතය වෙනස් වන්නේ බිත්තියකින් පමණක් වෙන්වූ යාබද නිවසින් නිතර ඇසෙන පහර කන දරුවෙකුගේ විලාපයක් නිසා. ඔහුගේ කැමරා පද්ධතියට අසු නොවන එම හිංසනයට ලක් වන අහිංසක දරුවා බේරා ගැනීම ඔහුගේ එකම අරමුණ. මේ හේතුව නිසාම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් අවුල් වෙනවා. අවසානයේ සිදුවන්නේ ඔහුත් අපත් බලාපොරොත්තු නොවෙන දෙයක්.
Dipesh Jainගේ කුළුඳුල් සිනමා පටය වන මෙහි කුද්දූස් ලෙස Manoj Bajpayee රඟපාන අතර Shahana Goswami Neeraj Kabi, Ranvir Shorey රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ සම්පූර්ණ ආලෝකය බජ්පායිගේ රංගනයයි.

මේ චිත්‍රපටය අන්තර්ජාලයේ සොයා ගත හැකි උනේ පිටපත් දෙකක් පමණයි. ඉන් වඩා හොද එකට උපසිරැසි කලා. අනිත්පිටපතටත් මෙය ගැලපේව් කියා සිතනවා.තවත් මෙවැනිම සිත්තම් කීපයක උපසිරැසි ගැන්වීමට බලාපොරොත්තු වෙනවා. මෙය නරඹා ඔබගේ වටිනා අදහස් ලබා දීමෙන් ඒ සඳහා හොඳ ගැම්මක් ඒවි.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HDTVRip/WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,878 downloadsDownload Gali-Guleiyan-2017-AKA-In-the-Shadows.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
- #2017
- #BANDULA K
- #Dipesh Jain
- #Editor's Pick
- #Manoj Bajpayee
- #MaxxA
- #Must Watch
- #Neeraj Kabi
- #Ranvir Shorey
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
විමා
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Gali Guleiyan (2017) AKA In the Shadows Sinhala Subtitles | සෙවනැළි සිත තුල සිර වූ සිරකරුවා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Gali-Guleiyan-2017-1.jpg)
උපසිරසියට බොහොම ස්තුතියි!
මේවා මැණික් :)