කතාවේ ප්‍රධාන වීරයා සතීෂ්, උත්සව කළමනාකරුවෙක්. මේ සතීෂ් සල්ලි හිඟකමින් මිරිකිලා ඉන්න කාලයක්. පුරුදු විදියටම සතීෂ්, එයාගේ යළුවෝ දෙන්නා රවී, පාම්බු එක්ක විවාහ උත්සවයක වැඩ කළමනාකරණය කරන්න ගිහින් තිබුණා. මනමාලිය පැනලා ගිය නිසා හදිසියෙම විවාහය නතරකරන්න සිද්ද වෙනවා. ඒත් සුළු මොහොතකින් ආයෙත් විවාහය වැඩ කට…

කතාවේ ප්‍රධාන වීරයා සතීෂ්, උත්සව කළමනාකරුවෙක්. මේ සතීෂ් සල්ලි හිඟකමින් මිරිකිලා ඉන්න කාලයක්. පුරුදු විදියටම සතීෂ්, එයාගේ යළුවෝ දෙන්නා රවී, පාම්බු එක්ක විවාහ උත්සවයක වැඩ කළමනාකරණය කරන්න ගිහින් තිබුණා. මනමාලිය පැනලා ගිය නිසා හදිසියෙම විවාහය නතරකරන්න සිද්ද වෙනවා. ඒත් සුළු මොහොතකින් ආයෙත් විවාහය වැඩ කටයුතු සිද්ද කරන්න ගන්නවා. ඒ පැනලා ගිය මනමාලියගේ නංගිව මනමාලයගේ තාත්තා බය කරලා විවාහයට එකඟ කරගන්නවා. මේකෙන් වැඩියෙන්ම වේදනාවක් ඇතිවෙන්නේ සතීෂ්ට. මොකද මේ අලුත් මනමාලි සෝෆි, සතීෂ්ගේ පෙම්වතිය නිසා. සතීෂ් මේ විවාහය කඩාකප්පල් කරන්න සැලසුම් කරනවා. සතීෂ් බෙනීව(මනමාලයාව) පැහැරගෙන එයාගේ කාර් එකේ ඩිකියට දාගෙන වෙනත් තැනකට යනවා. සතීෂ් බෙනීගේ තාත්තගෙන් ලොකු මුදලක් ඉල්ලනවා. බෙනීගේ තාත්තා අන්බරසු ඒ මුදල දෙන්න එකඟ වෙනවා. ඔය අතරෙ සතීෂ්ට තවත් කරදරයක්. එයාගේ කාර් එක බෙනීත් එක්කම හොරෙක් හොරකම් කරගෙන යනවා. සතීෂ් රවී, පාම්බු එක්ක කාර් එක හොයමින් යනවා. අන්තිමේදී පාම්බුට කාර් එක හම්බවෙනවා. ඒ වෙද්දි හොරා හොරකමක් කරලා, හොරකම් කරපු සල්ලි කාර් එකට පටවමින් හිටියා. සතීෂ් හරිම වෙලාව බලලා හොරාගේ සල්ලිත් එක්කම කාර් එක අරගෙන එතනින් පැනගත්තා. කොහොම හරි බෙනීව පැහැරගත්ත නිසා විවාහය නතර වෙනවා. මේ විවාහය කරන්න සෝෆිගේ අම්මා අන්බරසුගෙන් ලොකූ මුදලක් අරගෙන තිබුණා. මේ සල්ලි ගෙවලා දාන්න කියලා සන්තෝෂ් සෝෆිට සල්ලි බෑග් එකක් දෙනවා. ඇත්තටම හොරා හොරකම් කරලා තිබුණේ අන්බරසුගේ සල්ලි. සෝෆිගේ අම්මා අන්බරසුට දීලා තියෙන්නෙ ඒ එයාගෙම සල්ලි කියලා දැනගන්නවා. සෝෆිගේ ගෙදරට ගිහින් සෝෆිගේ පවුලෙ අයට මරණ තර්ජනය කරනවා. ඒ නිසා සෝෆි සතීෂ්ව පාවලා දෙනවා. අන්බරසු සතීෂ්ට කෝල් කරලා එයාගේ පෙම්වතියව මරලා දානවා කියලා තර්ජනය කරනවා. සතීෂ්ට වෙන විසඳුමක් නැති නිසා ඔක්කොම සල්ලි ආපහු දෙන්න තීරණය කරනවා. ඒත් සල්ලි තිබුණේ සතීෂ් ළඟ නෙවෙයි. සල්ලි බෑග් එක කාර් එකේ ඩිකියෙම තියෙන්න දුන්නා. ඒ වෙද්දි රවී, පාම්බු කාර් එකෙන් ගමනක් ගිහින් තිබුණා. ආගිය අතක් දැනගන්න බැරි වුණා. පහුවදා සතීෂ්ට පොලිස් ස්ටේෂන් එකකින් කෝල් එකක් ලැබෙනවා. රවී, පාම්බු පොලිසියේ ඉන්නවා, ඇවිත් එක්කගෙන යන්න කියලා. සතීෂ් ස්ටේෂන් එකට ඇවිත් රවීවයි පාම්බුවයි ඇප දීලා එලියට ගන්නවා. එයාලා දෙන්නගෙන් සල්ලි කොහේද කියලා ඇහුවම පොලිසියට සල්ලි ලැබෙන්නෙ නැතිවෙන්න පාළු බංගලාවක හංගලා ආවා කියලා කියනවා. ඉතින් තුන්දෙනාම හනිකට ගිහින් සල්ලි හංගපු තැනින් අරගෙන එන්න යනවා. ඒත් ඒ වෙද්දි එතන සල්ලි මල්ල තිබුණෙ නැහැ. සතීෂ් එයාගේ යාළුවෝ දෙන්නව විශ්වාස කරේම නැහැ. ඒත් එකපාරටම පාළු ගෙදර ඇතුලෙන් මිනිහෙක්ගේ ඡායාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම සල්ලි බැග් එක ඒ ගෙදර ඇතුලට අදගෙන ගිය පාරවල් තිබුණා. බැලින්නම් කල්ලියක් සල්ලි බෑග් එක හොරකම් කරලා පාළු ගෙදර ඇතුලට වෙලා හැංගිලා හිටියා. සතීෂ්ට එයාගේ පෙම්වතියව බේරගන්නවට වඩා කිසිදෙයක් වැදගත් වුනේ නැහැ. ඒ නිසා කල්ලිය එක්ක රණ්ඩු කරන්න ගත්තා. ඒ කල්ලියත්, සන්තානම්ගේ කල්ලියත් අතර වුණ කලබලයෙන් එක් අවස්ථාවකදි ඒ බංගලාවේ තිබුණ ඔට්ටු අල්ලන මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා. නිකන්ම නෙවෙයි පොර කාගනිද්දි ඔට්ටු සල්ලි තියන තැනටම මේ සල්ලි බෑග් එක විසිවෙනවා. අවුරුදු 60ටත් කලින් මැරුණු අයගේ හොල්මන් මේ ගෙදර හොල්මන් එයාලගේ ඉස්සරහම පෙනී ඉන්නවා. ඔට්ටු අල්ලන මැෂිම ක්‍රියාත්මක කිරීමෙන් මෙයාලව ඉබේම සෙල්ලමක හිර වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලා හැමෝම එයාලගේ හොල්මන් සෙල්ලම් තරඟකරුවන් කරගන්නවා. සෙල්ලම ඉවර නොකර ගියොතින්, පැනගන්න බැලුවොතින් නැත්නම් එයාලගේ නීතී කඩ කලොත් අනිවාර්යයෙන්ම තරඟකරුවන්ට මැරෙන්න සිද්ද වෙනවා. අන්බරසුට සල්ලි දෙන්න බැරි වුණ නිසා මේ වෙද්දි සෝෆිගේ ජීවිතයත් අනතුරක. සතීෂ් මේ සෙල්ලම සෙල්ලම් කරාවිද? සල්ලි උවමනා නම් ධෛර්යයත් උවමනා වෙනවා.
චිත්‍රපටියේ කතව දිහා බැලුවොත් Pizza, Naane Varuven, Squid Game, Jailer(රෙඩින් හරහා) කියන චිත්‍රපටිවල ආභාෂයන් එක් එක් අවස්ථා වලදි දකින්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නෙ එස්. ප්‍රේම් ආනන්ද්. මේ ඔහුගේ කුළුදුල් වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටය Stand Alone Sequel එකක් විදියටයි නිර්මාණය කරලා තියෙන්නෙ. ප්‍රේක්ෂක හා විචාරකයන්ගේ ඉතාමත් යහපත් ප්‍රතිචාර මීට ලැබුණා. ඒ වගේම ඉ.රු. කෝටි 41ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්ථා කරනවා.
සන්තානම්, කාලයකදි කොලිවුඩ්වල අත්‍යාවශ්‍යම විකටයා. දැන් වීරයෙක් වුණ හින්දා ගමන පල්ලම් බහිමින් නගිමින් තියෙන්නෙ. සන්තානම්ට Parris Jeyaraj (2021) න් පස්සෙ හිට් එකක් වදින්නෙ මේ චිත්‍රපටයෙන්. මේ අතර මැදදි Dikkilona (2021), Sabhaapathy (2021), Gulu Gulu (2022), Agent Kanayiram (2022) කියන චිත්‍රපටි කීපයම නිකුත් වුණා. කොහොම හරි මේ අවුරුද්දේ සැප්තැම්බර් 1 දා ආයෙත් සන්තානම්ගේ Kick (2023) නිකුත් වෙනවා. ආයෙත් අසාර්ථක වෙනවා. සන්තානම් වේලපහින්ම DD Returns වගේ ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා දැනුවත් කලා. ඉස්සරහට බලමුකෝ, අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන ආකාරයෙන් නිර්මාණයක් ආයෙත් අරගෙන ඒවි.
A1 චිත්‍රපටිය බලලා තියෙනවා නම්, සන්තානම්, මාරන්, රෙඩින්, තංගදුරෛ, රාජේන්ද්‍රන් කියන මේ අයගේ සංයෝගය මොනතරම් හාස්‍යෝත්පාදක දර්ශනයක් නිර්මාණය වෙනවද කියලා අත්දකින්න ඇති. Parris Jeyaraj, Dikkilona චිත්‍රපටිවලත් මේ අයගේ සංයෝගය වඩා ක්‍රියාකාරී එකක් වුණා. ඉතින් මේ චිත්‍රපටියෙදිත් රෙඩින් කින්ග්සි, මාරන්, මොට්ටෛ රාජේන්ද්‍රන්, තංගදුරෛ එකතු වෙනවා. ඊට අමතරව ප්‍රදීප් රාවත්, FEFSI විජයන්, මුනිෂ්කාන්ත්, සයි දීනා, දීපා ශංකර් යන අය රඟපානවා. ස්වාමිනාදන්, අසල් කෝලාර්, ඕෆ්‍රෝ, මාස්ටර් සැන්ඩි, මදන් ගෞරි යන අය විශේෂ පෙනීසිටීමකට සහභාගී වෙනවා. මේ සඳහන් කරපු හැමෝම තමිල්නාඩුවේ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයන්.
අසල් කෝලාර් මීට කලින් Parris Jeyaraj චිත්‍රපටයට “Kaava Ulla, Mustaache Vestaache” ගීත ගායනා කරලා තියෙනවා. මෑතකදි Leo (2023) චිත්‍රපටයෙන් නිකුත් වුණ “Naa Ready” ගීතය රචනා කරලා, විජේ එක්කම ගායනා ගායනා කරලා තියෙනවා. ඒ වගේම කෝලාර්, දුල්කර් සල්මාන්ගේ King Of Kotha (2023) චිත්‍රපටයේ “Kotha Raja” රැප් ගීතයද ගායනා කර තිබෙනවා. පලමුවෙන්ම කෝලාර් ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ “Jorthaale” කියන ගීතයෙන්. මේ ගීතය රාඝවා ලෝරන්ස්ගේ Rudhran (2023) චිත්‍රපටයටද එක් කරගත්තා. ජොර්තාලේ ගීතයට සංගීතය සැපයුවේ මේ චිත්‍රපටයට සංගීතය ලබා දුන්න ඕෆ්‍රෝ විසින්මයි.
ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
15,098 downloadsDownload DD-Returns-2023.zip121 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #DD Returns (2023) Sinhala Sub
- #DD Returns (2023) Sinhala Subtitles
- #DD Returns Sinhala Sub
- #DD Returns Sinhala Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Santhanam
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Surbhi
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
rgm
Ravindra
Thanks
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Api wenuwen mahansi unata godak pin......!!
Sanjeewa Malith
Thank u subtitles akata
රමේෂ්
සන්තානම් ගේ දිගටම ආපු චොර ෆිල්ම් වගේද නැත්නම් බලන්න දෙයක් තියනවද කියලා පොඩ්ඩක් කියපංකෝ වටේ යන්නේ නැතුව
එනිවේ සබට රොම්බ නන්‍රිRavindu_Heshan
ඒ හිංදා තමා මේක දීලා තියෙන්නේ
Arawinda Sunimal
thanks brother ...........
Anonymous
Thankz
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Mbr
බොහෝම ස්තූතියි අයියේ!
oshanda
niyamai malli.. geme behela inne... jayen jaya
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..R.A.PUNSARA ADITHYA
good job......
Kick (2023) film එකෙත් පුලුවන්නම් sub දාන්න
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![DD Returns AKA Dhilluku Dhuddu Returns (2023) Sinhala Subtitles | මළ ප්‍රේතයින් සමඟින් මාරාන්තික සෙල්ලමක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/1692929972-picsayඑහෙහෙ.jpg)
Sub ekata thanks