මාස දෙකක පමණ කාලෙකින් පස්සේ ඔන්න කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා. සති තුනක් විතර ගතවුනා වැඩේ ඉවරයක් කරන්න. ඉවසා වදාරා බැරිම තැන මරණ තර්ජන එල්ල කල ඇඩ්මින් මණ්ඩලයෙනුත් එනකම් බලාගෙන හිටිය ප්‍රේක්ෂක පිරිසගෙනුත් පමාවට සමාව. බලමු එහෙනම් මොනවගේ කොමඩි සීන් එකක්ද මේක කියලා. 🙂 මේ වසරේ පෙබරවාරි 23වෙනිදා නිකුත්වු…

මාස දෙකක පමණ කාලෙකින් පස්සේ ඔන්න කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා. සති තුනක් විතර ගතවුනා වැඩේ ඉවරයක් කරන්න. ඉවසා වදාරා බැරිම තැන මරණ තර්ජන එල්ල කල ඇඩ්මින් මණ්ඩලයෙනුත් එනකම් බලාගෙන හිටිය ප්‍රේක්ෂක පිරිසගෙනුත් පමාවට සමාව. බලමු එහෙනම් මොනවගේ කොමඩි සීන් එකක්ද මේක කියලා. 🙂 මේ වසරේ පෙබරවාරි 23වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Mystery, Thriller කියන කාණ්ඩවලට. සාමාන්‍යයෙන් කොමඩියකට ලබාගන්න පුළුවන් ඉහල අගයක් වන 7.1ක IMdb අගයක් ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනවා. ඒවගේම ආදායම් අතිනුත් සාර්ථක නිර්මාණයක්. රංගනයෙන් දායක වෙනවා අපි කවුරුත් දන්න කියන සෙට් එකක්. ඒ අය නම් සුපිරි නළු Jason Bateman (මැක්ස්), සුරූපී නිලි Rachel McAdams(ඇනී), Kyle Chandler(බෘක්ස්), Jesse Plemons(ගැරී) යන අය. එහෙනම් මෙන්න මෙහෙමයි කතාව.
මැක්ස් කියන්නේ පුදුම සෙල්ලම් පිස්සෙක්. (ගේම් පිස්සෙක්) සෙල්ලම් කිව්වේ, කියන පොඩි තොරතුරකින් පිලිතුර අනුමාන කරන, අභිරූපනයෙන් පෙන්වන දෙයින් පිලිතුර අනුමාන කරන ඇතුලු ගෘහස්ථ ක්‍රීඩා තමා වැඩිහරියක්ම. මෙහේ මේවා ඒ තරම් නැතුවට ඇමරිකාවෙ වගේ මේ වගේ කට්ටිය එකතුවෙලා කරන පොඩි පොඩි සෙල්ලම් ගොඩක් තියෙනවා. ඉතින් මැක්ස්ට ඇනීව මුනගැහෙන්නෙත් සෙල්ලමක් අතරෙදිම තමා. ඇනීත් මැක්ස් වගේම කෙනෙක්. ඉතින් ජාඩියට මූඩිය වගේ ගැලපෙන මේ දෙන්නා ඔන්න දැන් බැදලා කාරිය තමා ඉන්නේ. මෙයාලා සතියකට සැරයක් වගේ යාළුවෝ එක්ක එකතුවෙලා සෙල්ලම් රැයක් (Game Night)කරනවා. අර කිව්වා වගේ එක එක සෙල්ලම් තමා තියෙන්නෙ. මේ අතරේදී මැක්ස්ගේ අයියා වන බෘක්ස් මැක්ස්ගේ ගෙදර එනවා. බෘක්ස් කියන්නේ මැක්ස්ට වඩා සල්ලි තියෙන, සෙල්ලක්කාර ආයෝජකයෙක්. ඉතින් මැක්ස්ට බෘක්ස් ගැන පොඩි ඉරිසියාවක් එහෙම තියෙනවා. ඒවගේම මැක්ස් බෘක්ස්ට පොඩි කාලෙ ඉදන් හැම සෙල්ලමකින්ම පැරදෙනවා. ඒ නිසා බෘක්ස් ආව එක ගැන මැක්ස්ගේ වැඩි කැමැත්තක් නෑ. කොහොමහරි, බෘක්ස් කට්ටියට කියනවා එයාගෙ ගෙදර එයා කරන සෙල්ලම් රැයට එන්න කියලා. හැබැයි ඒක විශේෂ එකක්. මිනීමැරුම් අභිරහස් සාද කියලා වැඩසටහනක් කරන සමාගමක් හවුල් කරගෙන කරන එකක්. ඒකෙදී ඒ සමාගමේ නියෝජිතයෝ ඇවිල්ලා ජවනිකාවක් කරනවා. විශේෂත්වේ තමා ඒ සමාගමෙන් මේ දේවල් ඇත්ත වගේ කරනවා. මේක රගපෑමක් කියලා හිතාගන්න බැරිවෙන විදියට. ඉතින් කට්ටියත් මේ වැඩේට ලෑස්තිවෙලා ඉද්දී අර කලින් කිව්වා වගේ දෙන්නෙක් ඇවිල්ලා බෘක්ස්ට හොදටම ගහලා අරගෙන යනවා. අනිත් කට්ටියත් හිනාවෙවී බලන් ඉන්නවා මොකද මේක සෙල්ලමක් කියලා හිතලා. හැබැයි මැක්ස් ඇනී ඇතුළු කට්ටියට පස්සේ තමයි දැනගන්නෙ ලැබෙන්නේ මේක සෙල්ලමක් නෙමේ ඇත්තම පැහැරගැනීමක් කියලා. හැබැයි ඒ කට්ටියට විතරක් නෙමේ. මේක බලන ඔයාලටත් හිතාගන්න බැරිවෙයි සෙල්ලම මොකක්ද ඇත්ත මොකක්ද කියලා. ඒ තරම් කතාව ගොඩක් තැන්වලදී උඩු යටිකුරු වෙනවා. ඒ නිසා මගේ අච්චාරු ලිපිය ගැන හිතන්න දෙයක් නෑ. එකෙන්ම සුපිරියක්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් බවට ඉහලින්ම නිර්දේශ කරනවා.
කොමඩි බලන සෙට් එක ඇතුළු හැමෝටම නරඹන්න ආරාධනා කරනවා!! ගිහින් එන්නම්! ජයවේවා!! !!
සැ.යු. – BR පිටපතට තමා සබ් එක හදල තියෙන්නෙ ඉතින්. කලින් ආව Web,HD කොපි බාගත්ත අය ඉන්නවනම් බයවෙන්න කලඹලවෙන්න දෙයක් නෑ. මොකද බොහොම පොඩි වෙනසක් විතරයි කාල රාමු අතර තියෙන්නේ. ඒ නිසා සබ් එක එකපාරක් සකස් කරගත්තම (Adjust) ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
18,509 downloadsDownload Game.Night_.2018.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
71 comments
Gamage94
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ෆිල්ම් එක බාලා බලන් හිටියේ සබ් එක දෙනකම්...Nimesh sasanka
meka enakal blan hitiye saho..thanx sub ekta
malith
Ela ela
Kaushan Herath
පට්ටම කොමඩියක්.තියෙන හදිස්සියට සබ් නැතුවම බැලුවා.පරක්කු වෙලාහරි සබ් හම්බෙච්ච එක ලොකු දෙයක්.එනිවේ තෑන්ක්ස්
Kasun A.
upasiresiyata thuthi isuru saho.jaya!
Thisal
thanks
Stranger
thanks
Nuwan_Hero
thanks bn enakan balan hitiye
akalankagayan
Thnx......
saduhiru1
thanks saho
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Udara Damith Dissanayaka
සිංහ.........................ල උපසි.රැ....................සියට ස්තූතියි.......................
shajeewa1994
ThanQ Bro....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
TharakaWAS
Thanks bro...!!!
Prabodha Madhusankha Hettiarachchi
godak sththui sub ekata.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයjagath55
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kanchaka
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pasindumacclowsky
Deadpool 2 ikmanata denno!!!
mihiranga kuruwita
thanks saho
HARSHANA9211
Thanks..
Rox max
හොඳයි හොඳයි ඉදල හිටල මෙහෙම දෙයක්වත් කරන එක.. කෙල්ල එක්කම ඉන් නැතුව.
dush135
ela
Mohantha_kumara
Tnx bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Tharindu07
Thanks for sub mchn....!!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Shemil90
Thank you, brother. Keep it up
Dinethsubo
patta
SP
Thanx for the sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Dushan Laksitha
සුපිරි ෆිලුමක් වගේ. දැම්ම බෑවෙන්න. සබට තුති.
mindika
Thanks !!!!!!
Sajithlakshan
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
HisalD
fatta bro
__Pandu_
Download වෙන්නෙ නෑ බං සබ error 403:(
MAALnath
Thanks ....................good luck ..........................
Danu1985
superb!!
Prabhath_chamara_sandakelum
Thank you...
Sherlock holmes
Thanks bro
Nipun Tharuka
ටිකක් වෙනස් විදිහේ ෆිලුමක්
බොහෝම ස්තූතියි සබ් එකට...AsithaDilruwan
Ela saho thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
Akesh
elama
pasindu sri
tanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you for the Sub bro..!!