Watch Trailer

The 15 : 17 to Paris (2018) Sinhala Subtitles | ජීවමාන වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

වීරයො ඉන්නෙ චිත්‍රපට වල විතරද? ඇත්ත ජීවිතේ වීරයො නැද්ද? අහසේ පියාඹන , වෙඩි නොවදින, අමරණීය වීරයො ඇත්තටම නැති උනත් අපි අතරෙම ඕනෙතරම් වීරයො ඉන්නවා.හොඳම උදාහරණය තමයි අපේ තරිඳු සහෝදරයා වගේ තම ජීවිතයද තම පවුලද දෙවෙනි කොට රට ජාතිය ආගම වෙනුවෙන් රට රකින්න ඉදිරියට ඇවිත් ඉන්න ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු…

වීරයො ඉන්නෙ චිත්‍රපට වල විතරද? ඇත්ත ජීවිතේ වීරයො නැද්ද? අහසේ පියාඹන , වෙඩි නොවදින, අමරණීය වීරයො ඇත්තටම නැති උනත් අපි අතරෙම ඕනෙතරම් වීරයො ඉන්නවා.හොඳම උදාහරණය තමයි අපේ තරිඳු සහෝදරයා වගේ තම ජීවිතයද තම පවුලද දෙවෙනි කොට රට ජාතිය ආගම වෙනුවෙන් රට රකින්න ඉදිරියට ඇවිත් ඉන්න ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ. විශේෂයෙන්ම හමුදාව. ඔවුන්ගේ කැප කිරීම් නිසා අද අපි නිවහල් ජාතියක් විදියට කොන්ද කෙළින් තියං ජීවත් වෙනවා. ඉතිං අද මම ගෙනාව මේ උපසිරසිය දේශයේ මුර දේවතාවුන්ට පිළිගන්වනවා.මුලින්ම කියන්න ඕනෙ, බයිස්කෝප් අඩවියේ ජ්‍යේෂ්ඨම සාමාජිකයෙකු වන සමීර සහෝදරයා ආධුනිකයකු වන මා හට මෙම චිත්‍රපටය ලබාදීම ගැන ස්තූති වන්ත වන බව. අඩුපාඩු ඇත්නම් සමාවන ලෙසද ඉල්ලා සිටිනවා.රැකියා කටයුතු නිසා ටිකක් කල් ගියත් පුලුවන් උපරිමයෙන්ම මම මේක කලා.තිං යාළුවනේ ඔයාලා හැඳින්වීම ගැන බලනවා ඇති . ඔව් ,මේක හමුදා අංශ වලට සම්බන්ධ එකක් තමයි .හැබැයි විශේෂයක් තියනවා . මේක ඇත්ත කතාවක්. සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්. කොච්චර ඇත්තද කියනව නම් මේකෙ ප්‍රධාන චරිත රඟපාන Alek Skarlatos , Anthony Sadler සහ Spencer Stone යන අයම තමයි සත්‍ය සිදුවීමට මුහුණදීල ඉන්නෙ.

ඔයාලා බලනවා ඇති මොකක්ද මේ සිදුවීම කියලා.දිනය – 2015 අගෝස්තු 15 සන්ධ්‍යාව, ස්ථානය ඇම්ස්ටර්ඩෑම් සිට පැරීසිය බලා ධාවනය වන තාලිස් #9364 දරණ සීග්‍රගාමී දුම්රිය . එක් නැවතුම් පොළකින් එයට ගොඩවන පුද්ගලයෙක් ගැන සැක සිතන තවත් පුද්ගලයෙක්. ඔවුන්ට දැනගැනීමට ලැබෙන්නේ කුමක්ද ? ජීව උණ්ඩ 300ක් පමණ සහ ගිනි අවි දෙකක් රැගත් අන්තවාදී ත්‍රස්තවාදියෙක්ව. ඔහුගේ අරමුණ නම් දුම්රියේ මඟීන්ව සමූල ඝාතනය කිරීමයි. ඉතිං මොනවා වෙයිද? එතකොට මේකට අපේ ඇමරිකානු වීරයන්ට තියෙන සම්බන්ධය මොකක්ද ? වගේ දේවල් දැනගන්න මේක බලලාම ඉන්න.විශේෂයෙන්ම කියන්න ඕනෙ ,මේකත් Clint Eastwood මහත්තයගෙම අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනයත් ඔහු සහ Jessi Meier, Tim moore, Kristina Rivera ඇතුළු කණ්ඩායමයි. මේකෙ තිර රචනය Dorathy Blyskal වන අතර රචනය අපේ වීරයො තුන්දෙනා තමයි කරලා තියෙන්නේ .මේ කතාව පදනම් කරගෙන The 15 :17 to paris -The True Story of a Terrorist, a Train, and Three American Heroes කියලා පොතක් Jeffrey E. Stern කියන ලේකඛයා විසින් ලියලා තියෙනවා.

මිනිත්තු 94ක් පුරා දිවයන මේ කතාව Biography සහ Drama යන කාණ්ඩ වලට වර්ගීකරණය වෙලා තියනවා .එතකොට මේ වෙද්දි IMDb දර්ශකයේ 5.0ක අගයක් ලබාගෙන තියනවා . Warner Bros. Pictures, Village Roadshow Pictures, Malpaso Productions සහ RatPac-Dune Entertainment යන දැවැන්ත නිෂ්පාදක සමාගම් තමයි මේක බාරගෙන තියෙන්නේ . 2018 පෙබරවාරි 9වන දින ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටයට ඇ.ඩො. මිලියන 30ක පිරිවැයක්ද, ආදායම ලෙස ඇ.ඩො.මිලියන 56.8ක්ද ලෙස බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතු වෙලා තියනවා.ඉතිං යාළුවනේ ගොඩක් දේවල් ලියන්න යන්නෙ නෑ.ඇත්තටම ලස්සන කතාවක්.ඔයාලා බලන්නම ඕනෙ කතාවක්, ඔයාලා මේක බලලා කියන්න කොහොමද කියල . මේක මගෙ මේ මාසෙ කරපු හතරවෙනි උපසිරසිය .ඉතිං අඩුපාඩු තිබ්බොත් ඒවත් කියන්න . අපිට හැම දේකින්ම අළුත් යමක් ඉගෙනගන්න පුලුවන් වෙනවා වගේම, හැම උපසිරසියකින්ම අඩුපාඩුවක් හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඒවගේම ඔයාලගෙ කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි , ඒවට රිප්ලයි කරන්න බැරි උනාට ඒ හැම එකක්ම ආසාවෙන් බලනවා.ඒවා තමයි අපිට ලැබෙන ජීවය.

විශේෂයෙන්ම උදාර දමිත් දිසානායක , ගීගන ගමගේ, කුලාංජන මධුරංග ඇතුළු කමෙන්ටු මඟින් දිරිමත් කරන සොහොයුරන්ට ස්තූති කරන්න මේක අවස්තාවක් කර ගන්නවා. ඔයාලගෙ දිරිමත් කිරීම නිසා තමයි අපි ඉස්සරහට යන්නෙ.මේ වගේම දිගටම රැදෙන්න අපිත් එක්කම,එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්.ජයෙන් ජයම වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,410 downloadsDownload The.15.17.to_.Paris_.2018.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

7,410 downloadsDownload Subtitles57 KB

47 comments

  1. Asela Indrajith

    ස්තූතියි සහෝ

  2. pubudu ayantha

    sub Ekata thankz Bro link ekak den na ko meka dawonlod karagan na

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. dedunu

    thanks… bro..

  5. oshanda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  6. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  7. saduhiru1

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  8. akalankagayan

    Thnx........

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  10. Kulanjana Maduranga

    niayamai…supiri filumak wge..bamak thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      ahhh...mawath mathak kalata thanks brother....

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. මේ ටිකේ කාලයනම් බොහොම සීමිතයි. ඒත් කොහොමහරි වෙලාවක් වෙන් කරන් බලන්න ඕනි මේකත්. බුදුසරණයි..!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  13. kalasam123

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  14. Mevandhanushka

    Thanks

  15. TharakaWAS

    Subata Thanks saho...
    jaya wewa...!!!

  16. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...... jaya wewa..

  17. wnrodrigo

    Good work brother, Thanks!

  18. Suranjan

    Thanks machan......jayawewa.......!

  19. KAVINDU987654321

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. jagath55

    Thanks

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  24. gihan perera

    Good job bro...jaya wava...god bless you and keep continue it...Thanks so much......

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. lahiru supun devinda

    thanks sahoo

  28. HARSHANA9211

    Thanks..........

  29. sampath n perera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  30. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  31. hiruni

    Thankzzzz bro

  32. Kavishna

    සිංහල උපරැසියට ස්තූතියි

  33. mindika

    Thanks !!!!!!

  34. patirana hewage

    thanks sub ekata hoda film ekak bro....

  35. Mahesh ruwan

    bohoma sthuhti

  36. MAALnath

    Thanks .................good luck ...........................

  37. AsithaDilruwan

    Ela saho thanks

  38. tharidu sagara

    සිංහල උපරැසියට ස්තූතියි
    ජය වේවා…!!!

  39. blackLion007

    Ela Ela thanks bro.......

  40. Madusha_fdz

    ELa ela

  41. thusitharhm

    thx machan

  42. sathya

    thanks machan

  43. homiru

    thankzz

  44. thilin2

    Thanks brooh

  45. luckylakshan

    Thanks bro.....

  46. visartnadeera

    BOHOMA STHUTHI ...JAYA WEWA !!!!!