බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න ඇනිමේ බලන, ඇනිමේ වලට ආදරය කරන ඔයාලා හැමෝම මඟබලාගෙන හිටපු ඇනිමේ එකට ඔන්න උපසිරසිය ගෙනාවා. ඇත්තටම Bubble ඇනිමේ එක රිලීස් වෙනකන් ලොව පුරා ඇනිමේ ෆෑන්ස්ලා මඟ බලාගෙන හිටියේ.පසුගිය අප්‍රේල් 28 වැනිදා ඉඳලා මේක Netflix හරහා stream උනා. බලාපොරොත්තු උනා වගේම ඔන්න ගොඩ…

බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න ඇනිමේ බලන, ඇනිමේ වලට ආදරය කරන ඔයාලා හැමෝම මඟබලාගෙන හිටපු ඇනිමේ එකට ඔන්න උපසිරසිය ගෙනාවා. ඇත්තටම Bubble ඇනිමේ එක රිලීස් වෙනකන් ලොව පුරා ඇනිමේ ෆෑන්ස්ලා මඟ බලාගෙන හිටියේ.පසුගිය අප්‍රේල් 28 වැනිදා ඉඳලා මේක Netflix හරහා stream උනා. බලාපොරොත්තු උනා වගේම ඔන්න ගොඩක් ලස්සන ඇනිමේ එකක් බලන්න අපිට අවස්ථාව උදාවෙලා තියෙනවා.
ඉතින් ඇයි ෆෑන්ස්ලා මේකට මේ තරම් උනන්දු උනේ?මොකක්ද මේකේ විශේෂත්වය?
ඔයාලට මතකද Death Note? අවුරුදු තුන හතරකට කලින් බයිස්කෝප් වෙබ් අඩවියෙන් මේකට උපසිරසිත් දුන්නා. ඔයා ඇනිමේ බලන කෙනෙක් වේවා හෝ නොවේවා අනිවා Death Note බලලා ඇති.ඉතින් Death Note ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?සුපිරියක් නේද? එතකොට මේ ළඟදි බලලා ඉවර කරපු Attack on Titan? Attack on Titan ගැන නම් කවර කතාද.සුපිරිම Masterpiece එකක් නේ. ඉතින් ඔයා දැනගෙන හිටියද මේ සීරීස් දෙකම අධ්‍යක්ෂණය කරන්නේ එකම Director කියලා.ඔව්, Death Note හා AOT Season 1 ඉඳලා Season 3 වෙනකන් අධ්‍යක්ෂණය කරන්නේ Tetsurou Araki sensei විසින්.ඉතින් Araki sensei ම තමා මේ Bubble ඇනිමේ එකත් අධ්‍යක්ෂණය කරන්නේ.ඔය හේතුව නිසා තමා ෆෑන්ස්ලා මේක ගැන high hopes තියාගෙන හිටියේ.

Tetsurou Araki sensei
ඒ වගේම මේ movie එක animated කරන්නේ Wit Studio එක.AOT වල season 1 ඉඳලා season 3 වෙනකන් මේ Studio එකින් කරපු නිසා ඔයාලට Wit Studio එකේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඒ වගේම Death Note සීරීස් එකේ main character, Light Yagami ගේ Voice Actor වෙන Mamoru Miyano හා AOT වල Eren ගේ Voice Actor , Yuuki Kaji ත් මේ movie එකට සිය දායකත්වය ලබා දෙනවා.

Mamoru Miyano as Shin
(Voice Actor of Light Yagami from Death Note)

Yuuki Kaji as Kai
(Voice Actor of Eren from AOT)
ඉතින් මේ ලිපිය ලියන වෙලාව වෙනකොට මේ movie එකට ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුනු MyAnimeList වල 7.42 ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් ස්පොයිල් නොවන විදිහට මේකට පොඩි ආරම්භයක් දෙන්නම්.
චිත්‍රපටයේ කතාව ආරම්භ වෙනකොට Tokyo නගරය apocalypse එකකට මුහුණ දීලා තියෙන්නේ.ඒ අභිරහස් පෙණ බුබුළු වර්ගයක් නිසා.මේ විනාශය නිසා දැන් Tokyo ව ජන ශූන්‍ය වෙලා තියෙන්නේ.”ටෝකියෝ බැට්ල්කෝර්” කියන running stunt perform කරන ගේම් එකක් play කරන කොල්ලො කුරුට්ටෝ ටිකක් විතරයි දැන් Tokyo වල ඉන්නේ. ඉතින් මේකේ main character හිබිකිත් මේ ගේම් එකේ player කෙනෙක්.පොර මේ සෙල්ලමේදී සුපිරිම වැඩ දාන ඩයල් එකක්. Apocalypse එක උනු දවසේ ඉඳලා හිබිකිට අමුතු ගීයක් ඇහෙනවා.ඒ Tokyo tower එකේ ඉඳලා.ඉතින් හිබිකි මේක හොයාගෙන tower එකට යනවා. මෙතනදි හිබිකිට අමුතු කෙල්ලෙක් හම්බවෙනවා.
ඉතින් මේ කෙල්ල කවුද? හිබිකිට විතරක් ඇහෙන මේ සින්දුව මොකක්ද? Tokyo විනාශයේ ඇත්තම හේතුව මොකක්ද? මේ දේවල් වලට පිළිතුරු හොයන එක එහෙනම් ඔයාලට භාරයි.
එහෙනම් අදට මම සමුගන්නවා. තවත් දවසක මේ වගේම ඇනිමේ එකකින් හමුවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,545 downloadsDownload Bubble-2022-Sinhala-Subtitles-Updated.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
15 comments
Janith vidushan
Anonymous
Sonic 2 denno
Pahasara
Hugak sthuthi...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Randil
Sonic the Hedgehog 2 sub oone
Bihandu
Thanks bossa
Denura Weerasinghe
ගොඩක් ස්තූතී අයියේ මේ සබ් එකට! ඉස්සරහටත් මේ වගේ සුපිරි ඇනිමේ වලට සබ් ගේන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Vidumina
Machan , Ai no Utagoe wo Kikasete ekatath sub dennko , please .......
Pavith Wijesooriya
උත්සහ කරන්නම් සහෝදරයා...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
වෙන වෙනම කට්ටියට reply කරන්න අමාරුයි. එත් අදහසක් දක්වලා යන්න වෙලාව ගත්තු, ඒ වගේම මේක නරඹන හැමෝටමත් ගොඩක් ස්තූතියි.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub ekata thanks