මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. සිනමාපටයේ කතාව මෙසේ ආරම්භ වේ. “ඕපල්” ගොවි බිම් හිමි ධනවත් පවුලක එකම පුත්‍රයා ය. ඔහු එංගලන්තයේ ඉගෙනුම ලබා තම රටට පැමිණෙයි. ඔහුගේ මව කාලයකට පෙර මියගිය නිසා පියා වෙනත් ව…

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. සිනමාපටයේ කතාව මෙසේ ආරම්භ වේ. “ඕපල්” ගොවි බිම් හිමි ධනවත් පවුලක එකම පුත්‍රයා ය. ඔහු එංගලන්තයේ ඉගෙනුම ලබා තම රටට පැමිණෙයි. ඔහුගේ මව කාලයකට පෙර මියගිය නිසා පියා වෙනත් විවාහයක් කරගෙන සිටියි. ඕපල්ගේ පියාට අයත් ගොවිබිම් පාලනය කළේ, සුළු මවගේ සොයුරා වන “විජයබහදුර්” විසින්ය. ඔහු ඉතාමත් නපුරු පුද්ගලයෙකි. කසයක් රැගෙන අසුපිට ගමන් කරන මොහු නිතරම අහිංසක ගොවීන්ගේ සුළු දෝෂයන්ට අමානුෂික ලෙස පහර දෙයි. මේ අසාධාරණ සිදුවීම්වලට “පාරෝ” නමැති සුන්දර ගොවි තරුණිය එරෙහි වී මොහු සමඟ නිතර බහින්බස් වීම් ඇතිකර ගනී.
මේ අතර ටික දිනකින් ඕපල් තම සුළු මවගේ නපුරු චරිතය වටහා ගනී. එතැන් සිට ඔහු තම නිවස ගැන කලකිරීමෙන් ජීවත් වෙයි. මේ අතර විජයබහදුර්ගේ අසාධාරණ ක්‍රියාවලට විරුද්ධව කතා කිරීමට ගොවියන් පිරිසක් සමඟ “පාරෝ” ඕපල්ගේ නිවසට පැමිණේ. ඇගේ කතා විලාසයට ඕපල්ගේ සිත ඇදී යන අතර ගොවීන්ගේ දුෂ්කරතා පිළිබඳව කලකිරීමක්ද ඇතිවේ. ඉන් පසුව නිවසින් හොර රහසේම පිටවන ඕපල්, ගොවි තරුණයෙක් ලෙස වෙස් වලාගෙන “ගරිබ්දාස්” යන නමින් ගොවීන් අතරට පැමිණ ඔවුන් සමඟ එක්වී වැඩ කරයි. මේ අතරතුර පාරෝ සමඟ ආදර සම්බන්ධතාවයක්ද ගොඩනැඟෙයි. විජයබහදුර් නිතර ගොවීන්ට කරන හිරිහැර නිසා ගරිබ්දාස් සහ විජයබහදුර් අතර ගැටුම් හට ගනී. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. රාජේන්ද්‍ර කුමාර්, වෛජන්ති මාලා සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්” “තුම්සෙ අච්චා කෝන් හේ” “බොබී” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස්වෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Ganwaar (1970) Superhit යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිහයයි, තත්පර පනස්දෙකක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 653 ක වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1963 වර්ෂයේ තිරගත වූ “Gumrah” පැරණි හින්දි සිනමාපටයයි.
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,042 downloadsDownload Ganwaar.1970.Baiscopelk.com_.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
15 comments
Udaya Saman
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Anonymous
1990 dashaka ye film muth karanna rajesh kanna kehe li karu wen yana saha kel lo 3 train karana film eka sub karan nako eka nama mokakda?
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Dilshanmw
Niyamayi brother oyage sub tika patta,❤
Rajesh kanna ge 'kati patang' filumata sub eka hadala denna, eka pattaDeegayu Abeysekera
Thank You
Next : Madhumathi (1958) Anand (1970) Deewaar (1975) Amar Akbar Anthoney (1977) Don (1978)
Pleace Sub This Movies Mr.isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
SeNA
Biscopelk
දහරා මුතු අමා
මේ හූ ගවාර් මුජේ සබ්සේ හේ ප්‍යාර්,
හම්සේ තෝ අච්චී තෙරී
ආසම සිංදු දෙකක්.
බොහොම ස්තූතියි උපසිරැසියට.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා..ඔබට ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම තුති උපසිරසියට මාගේ ගුරුවරයානෙනි.තවත් මෙවැනි පැරණි හින්දි ස්නමා අප වෙත ලබා දෙන්න හැක්වේවායැයි පතමි.