Watch Trailer

Aswathama (2020) Sinhala Subtitles | සමාජය වනසන විකෘතිකයින්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Action Thriller ඝනයට අයත් සුපිරිම චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගෙයි තරිඳු අයියගෙයි මේ සූදානම. ඇත්තටම මේක බාරගෙන හිටිය සහෝදරයා මේ දිනවල අත්‍යවශ්‍ය රාජකාරියේ යෙදෙන නිසාවෙන් උපසිරැසි ගැන්වීමට නොහැකි වීම නිසා මමයි තරිඳු අයියයි ව…

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Action Thriller ඝනයට අයත් සුපිරිම චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගෙයි තරිඳු අයියගෙයි මේ සූදානම. ඇත්තටම මේක බාරගෙන හිටිය සහෝදරයා මේ දිනවල අත්‍යවශ්‍ය රාජකාරියේ යෙදෙන නිසාවෙන් උපසිරැසි ගැන්වීමට නොහැකි වීම නිසා මමයි තරිඳු අයියයි වැඩේ අතට ගත්තා. සියලු දෙනාම නිවෙස් වල සිටිමින් ආරක්ෂාකාරීව, සෞඛ්‍යමත්ව තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන ගමන් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කරන අතරතුර මේවගේ මේ වගේ චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙන එක ලොකු භාග්‍යයක්. වැඩිදුරටත් පවසන්නට කැමතියි රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වය සමග ඇති වී ඇති අවදානමෙන් මිදෙන තුරු රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට නිවෙස්වලම සිට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙසට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ අප සියලුදෙනාම මුලින්ම මතක් කර සිටින්න කැමතියි.

චිත්‍රපටිය පැත්තට ගියොත් මේක අධ්‍යක්ෂණය කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණයට මංගල පියවර තබමින් රාමණා තේජා කියන අධ්‍යක්ෂක වරයා විසින්. සමාජයේ සිටින එක්තරා පහත් මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙකුගේ හැසිරීමක් වටා ගොඩනැගෙන මෙහි කතා වස්තුව සිනමාවට නැගීම වෙනුවෙන් මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ මින් පෙර Chalo සහ Diya වැනි චිත්‍රපට වල රංගනයේ නිරත වුනු Naga Shaurya විසින්. එමෙන්ම Chanakya, Pattas වැනි චිත්‍රපටි වල රංගනයේ නිරත වනු Mehreen Pirzada මෙහි ප්‍රධාන නිළිය ලෙසින් කටයුතු කරනවා Jisshu Sengupta , Sargun Kaur Luthra ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා තම රංගන දායකත්වය සපයා තිබෙනවා. මිනිත්තු 133 ක් පුරා දිවෙන මේ සලරුව නුඹට එක දිගට බලා සිටිය හැකි කුතුහලයක්ද සමගින් ඔබව ඒ කාල පරාසය පුරාවට එක තැනක වාඩිකර තබනවා නිසැකයි. IMDB මීටරය 7.2/10 මෙන්ම ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීම් රැසක් ලැබුණු මේ චිත්‍රපටය මග හැරගන්න එපා කියා ඔබෙන් ඉල්ලා සිටිනවා.

කතාව ගැන කියනවනම් ගුනා සහ ප්‍රියා කියන්නේ පණට පණ වගේ ඉන්න අයියයි නංගියි දෙපලක්. කාලයක් තිස්සේ US ඉන්න ගුනා කෙලින්ම ඉන්දියාවට එන්නේ නංගිගේ විවාහ උත්සවය වෙනුවෙන්. හරිම සතුටින් විවාහ වෙන්න ඉන්න ප්‍රීති තමන්ගේ කසාදෙට දවස් දෙකක් තියල දිවිනසාගන්න උත්සහ කරනවා. එතනින් එහා කතාව කියන්න යන්නේ නැහැ. මොකද එතනින් එහා වෙන්න ඇත්තේ මොකද කියල ඔයාල දැන් හිතන දේ තියෙනව නේද. ඊට වඩා නොසිතු පැත්තකට කතාව මෙතනින් එහාට පෙරළෙනවා. පළමු මිනිත්තු 35න් පසුව චිත්‍රපටය ඔබව නොසිතු පැත්තකට අරන් යනවා වගේම ඉන් පසු කුතුහලය පිරි සෑම විනාඩියක්ම ඔබව චිත්‍රපටය තුළට බැඳ තබාගනිවී. ඒ නිසා ඒ කොලිටිය විනාස කරන්න අපි කැමති නැහැ. ඔබම අරගෙන නරඹන්න කියා ඉල්ලා සිටිනවා. වැඩිය කියන්න යන්නේ නැහැ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද වනවිට සමාජයේ පහත් විකෘති මානසිකත්ව වලින් පිරි මිනිසුන් බහුලව සැරිසරනවා. ඉතින් ඔබේ දුව, නැගණිය. බිරිඳ, පෙම්වතිය මොවුන්ගේ ගොදුරකට ඕනම වෙලාවක භාජනය වීමට ඉඩ තිබෙනවා. ඔබේ දුව, නැගණිය. බිරිඳ, පෙම්වතිය අහිංසක වෙන්න පුළුවන්, නමුත් ඒ අය නොදැනිම ඒ අයගේ ජිවිතයට මෙවන් හෙනහුරන් නොසිතු මොහොතක කඩා පහත් වෙන්න පුළුවන්. ඉතින් එවන් කාරණාවක් වටා ගොඩනැගුනු මේ චිත්‍රපටය අවසානයේ ඔබට හොඳ ආදර්ශයක් සපයාවී. ඔබට හොඳ පණිවුඩයක් කියා දේවී.

ඉතින් එහෙනම් අපි අදට සමුගන්නවා. ආයෙත් මතක් කරන්න කැමතියි මේ දිනවල ඇති වී තිබෙන ව්‍යසනකාරී වසංගත තත්වය හේතුවෙන් ඔබත් මේ මොහොත වනවිට නිවාසේම රැඳී සිටින අයෙක් වෙන්න පුළුවන්. ඔය අයුරින්ම තව දින කිහිපයක් මේ තත්වය හොඳ අතට හැරෙන තුරු රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට ඔබට හැකි උපරිම සහයෝගය ලබාදෙමින් නිවෙස්වලම සිට ඔබගේ සමීපතමයන් සමග කාලය ගත කරමින් ඔබගේ සහයෝගය ලබාඩී ඔබත් රටත් ආරක්ෂා කරන මහඟු කාර්යයට උර දෙන ලෙසට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වෙනුවෙන් අප සියලුදෙනාම ඔබට මතක් කර සිටිමු. ජය..!!!

෴ ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි…!!! ෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

20,077 downloadsDownload Aswathama-2020.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,077 downloadsDownload Subtitles53 KB

26 comments

  1. Anonymous

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    සුපිරි ෆිලුමක් වගේ
    කන්නඩ,බෙංගාලි 2015න් පස්සේ ආපු action,thriller ෆිල්ම් වලටත් පුලුවනි නම් උපසිරසි දෙන්න
    ජය වේවා!!!

  2. done

    mokada modayo me dala thiyanna wena sub ekak...

  3. Kosala

    Tnx bro

  4. oshanda

    sthuthi sahoo

  5. muditha

    thanks ruka

  6. Isirajanith

    Thanks sub ekata Netflix The Main Event film sub dennko please

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. santhusha319

    thanks brother

  9. Asitha.pramoth

    බොහොම ස්තූතියි

    1. Sandaruwan

      Thanks

  10. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  11. isuru srinath sjs

    බොහොම ස්තුතියි දෙන්නටම...!!

  12. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm "raahu" telugu movie ektath sub dennko,jayawewa,budusaranai !!!

  13. shanedesilva

    Thanks a lot for the subtitle. Keep it up the good work.

  14. ජනා

    ඇත්තටම බලන්න වටිනා ෆිල්ම් එකක් ගෙනාවට ඔබට පිං

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    Thanks for the sub.

  17. RuwanLakshan93

    උපසිරසට බොහෝම ස්තූතියි සහෝ.... ජය වේවා !!

  18. Jeewantha77

    Thanks for the sub.
    Film 7/10

  19. Chandima Prasad

    supiri film ekak..thankz sub dunnata.sub eka supirima thibba..

  20. MAALNATH

    Thanks ............good luck ................

  21. Sajithlakshan

    thanks ....................

  22. sajithkalpa

    Thanks dennatama........

  23. ❤❤Ravisara Dharmapala ❤❤

    Kinda wcahan ne a trm supiri ratchasn ekta pase baluwa hodma movie eka.. sub eky niemta tyba lasnta mahnsiwela shaola dennma krla tynwa.. thwath me wage mystrey movues tykk dend.
    jaya wewa..!!

  24. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා දෙන්නටම...
    සුපිරියක් තමා ඉතින්...
    දිගටම සබ් දෙමු ආ... ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.