Watch Trailer

Sethum Ayiram Pon (2020) Sinhala Subtitles | විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි! [සිංහල උපසිරැසි සමග]

උන්නත් දාහයි මළත් දාහයි කියන මිනිස්සු අතරෙ, මළත් රන් දාහක් වටින මනුස්සයෙක්. මුරණ්ඩු අහංකාර නගරෙ වැඩුණු කෙල්ලෙක්. විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි. සමහර දේවල් සිද්ධ වෙන්නෙ හොඳට කියනවනේ. මින් ඉස්සරහට ගියොත් කතාවෙ රසය නැති වෙනවා. ඉන්දියාවේ අවමංගල්‍යය උත්සවයකදී දේහය විචිත්‍රවත්ව සරසලා පුටුවක වාඩි…

උන්නත් දාහයි මළත් දාහයි කියන මිනිස්සු අතරෙ, මළත් රන් දාහක් වටින මනුස්සයෙක්. මුරණ්ඩු අහංකාර නගරෙ වැඩුණු කෙල්ලෙක්. විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි. සමහර දේවල් සිද්ධ වෙන්නෙ හොඳට කියනවනේ. මින් ඉස්සරහට ගියොත් කතාවෙ රසය නැති වෙනවා.

ඉන්දියාවේ අවමංගල්‍යය උත්සවයකදී දේහය විචිත්‍රවත්ව සරසලා පුටුවක වාඩි කරවීම නැත්නම් හාන්සි කරවීම තමයි බොහෝ දුරට සිද්ධ වෙන්නෙ. වාඩි කරවා චාරිත්‍ර කිරීමෙන් උපරිම ගෞරවයක් ලබා දිය හැකියි කියලා එයාලා විශ්වාස කරනවා. ගොඩක් දුරට මේවායේ කුත්තු නම් නැටුම්‍ රඟ දක්වනවා. ඒ වගේම දුක් ගී ගායනා නැත්නම් විලාප පවත්වනවා. ලංකාවේ දමිළ මිනිස්සුත් මේ චාරිත්‍රය කරනව කියලා සඳහන් වෙනවා. අපේ රටේ මිනී එම්බාම් කරනව වගේ, එයාලගෙ සම්ප්‍රදාය අනුව එයාලම නාවලා පිරිසිදු කරලා තීන්ත ගාලා සරසනවා.

Anand Ravichandran අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය නිව් යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙලේ හොඳම තිර රචනය සම්මානයට මේ චිත්‍රපටය නිර්දේශය වෙලා තියෙනවා. සාම්ප්‍රදායික පැතිකඩක් මැදින් ගලා යන මේ චිත්‍රපටය, තරමක් දුරට හාස්‍යජනක චිත්‍රපටයක් කියන්නත් පුළුවන්. ඇඳිරි නීතිය වෙලාවෙ ගෙදර ඉන්න ගමන් කම්මැලි නැතිව බලන්න චිත්‍රපටියක්. කම්මැලි කමේ ඉන්න ඔයාලට මේකෙන් වින්දනයක් දෙනවා විශ්වාසයි.

Maglir Mattum (2017) චිත්‍රපටයේ සුබ්බු Niveditha Sathish මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. Srilekha Rajendran ඊට නොදෙවෙනි චරිතයක් ඉදිරිපත් කරනවා. තවත් නවක නළු නිළියන් රැසක් දැක ගත හැකියි. ඉතින් බලන්නකෝ විලාප තියන අත්තම්මගෙයි කටකාර කෙල්ලගෙයි ආදරේ.

බයිස්කෝප් හැමෝටම වගේම, අදහස් දක්වන හැමෝටම ගොඩාක් ස්තූතියි! ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. මොකද ලාභ අපේක්ෂාවෙන් තොරව කරන මේ වැඩේට ඔයාලගේ අදහස් අපට ශක්තියක්. හොඳ හෝ නරක වේවා කියන්න! ඒවා අපේ ඉදිරි ගමනට රුකුලක්. ඒ වගේම ඇඩ්මින් මඩුල්ලෙ සිසිල අයියා, හසන්ත අයියත් මතක් කරන්න ඕනේ. මේ චිත්‍රපටියත් මට කරන්න කිව්වෙ සිසිල අයියා තමයි.

ලෝ සතා නිදුකින් පෙළේවා!
සියලු සත් හට බුදු සරණ වේවා!
ජේසු පිහිට ආරක්ෂාව ලැබේවා!
දෙවියන් රැක බලා ගනිත්වා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි True Web පිටපත් සඳහා අදාළ වේ.

2,024 downloadsDownload Sethum-Ayiram-Pon-2020.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,024 downloadsDownload Subtitles50 KB

15 comments

  1. Lalani Maduwanthi

    Thank you

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. oshanda

    thanks sahoo...

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  6. Kavinu

    Thnkq!

  7. Dinusha1994

    film eka kohenda download kara ganne

    1. Naveen Mbr

      Tamilyogi

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ishini_A

      ඔබලා හැමෝටම මේ කාර්යය කිරීමට තව තවත් හැකියාව හා දහිරිය වැඩි වේවා. ලබා දෙන උපසිරසි සියල්ලටම ගොඩක් ස්තුතියි.
      අනේ කරුණාකරලා Mundasupatti (2014) tamil movie එකටත් සිංහල සබ් ලබා දෙන්න..

    2. Ishini_A

      ඔබලා හැමෝටම මේ කරන කාර්යය කිරීමට තව තවත් හැකියාව සහ ධෛර්යය වැඩි වේවා. ලබා දෙන උපසිරසි සියල්ලටම ගොඩාක් ස්තුතියි.
      අනේ කරුණාකරලා Mundasupatti (2014) tamil movie එකටත් සිංහල උපසිරසි ලබා දෙන්න.

  9. Ms dilanka

    Thnx broo

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. Avishka s munasingha

    Pon magal wandal tamil film eketh sub eka dnnko.please.

  12. Vishwa sasanka

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.