සේරටම කලින් කියන්න ඕනේ මචංලා මේ ෆිල්ම් එක බලනවා නම් දාලා තියෙන සිංහල ටික ඔක්කොම කියවන්න. මොකද මේකේ එක දෙබස් ලයින් එකක වචන ගොඩාරියක් තියේ. සාමන්‍ය උපසිරසියක ලයින් දෙක තුනකට සමාන දෙබස් මේකේ එක දෙබස් ලයින් එකක තිබ්බා. මම මේකේ ඉන්න උන් කතා කරන එක වචනයක් වත් හැලුවේ නැහැ. මොකද එහෙම කළා නම් මේකේ රසය […]
සේරටම කලින් කියන්න ඕනේ මචංලා මේ ෆිල්ම් එක බලනවා නම් දාලා තියෙන සිංහල ටික ඔක්කොම කියවන්න. මොකද මේකේ එක දෙබස් ලයින් එකක වචන ගොඩාරියක් තියේ. සාමන්‍ය උපසිරසියක ලයින් දෙක තුනකට සමාන දෙබස් මේකේ එක දෙබස් ලයින් එකක තිබ්බා. මම මේකේ ඉන්න උන් කතා කරන එක වචනයක් වත් හැලුවේ නැහැ. මොකද එහෙම කළා නම් මේකේ රසය ගන්න බැරි වෙන නිසා.
මොකද මේ ෆිල්ම් එකේ ඉන්න උන් දෙන්නා කරන හොර වැඩ අහු උනාම උන් ඒවා වහගන්න කියන කතාවල කිසිම තේරුමක් නැහැ, ඔහේ කියවනවා.(අපි උනත් එහෙමනේ). දෙබස් ලයින් 1920 ක් තිබ්බට මටනම් දැනුනේ 3000 කට එහා විතර තිබ්බා වගේ. මේ ෆිල්ම් එකත් මම ඉතාම කෙටි කාල වලින් කරපු ෆිල්ම් ගොඩට වැටෙනවා. වැඩි කලක් ගියේ නැහැ, වැඩිය නැහැ අවුරුද්දයි මාස 5 ක් වගේ කෙටි කාලයකින් මේක උපසිරැසි ගන්වලා ඉවර කරන්න පුළුවන් උනා.
imdb වල 6.4 ක අගයක් ලැබිලා තියෙනවා. ආක්ෂේ කුමාර් මැක් ලෙසත් ජෝන් ඒබ්‍රහම් සෑම් ලෙසත් පරේෂ් රාවල් මැම්බෝ ලෙසත් රාජ්පාල් යාදව් බබ්බන් ලෙසත් චරිත රඟ දක්වනවා. ඒ වගේම 2005 ෆිල්ම් ෆෙයා සම්මාන උලෙලදී හොඳම විකට චරිතය හිමි සම්මානය ආක්ෂේ කුමාර්ට මේ ෆිල්ම් එක වෙනුවෙන් ලැබෙනවා. කෙටියෙන් කිව්වොත් මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක් කිව්වොත් හරි.
මැක් සහ සෑම් කියන්නේ වෙළඳ දැන්වීම් ආයතනය වැඩ කරන චායාරූප ශිල්පීන් දෙන්නෙක්.
මු දෙන්නටම හරියට වැඩ බැහැ. මැක් තමයි මුන් දෙන්නගෙන් ලොක්කා. මුන් දෙන්නගේ වැඩේම එකිනෙකාට විරුද්ධව වැඩ කරන එක. මුන් දෙන්නා එකම කාමරේ ඉන්නේ, එකම බයික් එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි දෙකම අයිති මැක් ට. ඔෆිස් එකේදිත් එකම කෙල්ලට තමයි මුන් දෙන්නා ට්‍රයි කරන්නේ. ඉතිං එක්තරා චයාරූපකරණ තරඟයකින් සෑම් ට ජයග්‍රහණය ලැබිලා පොර යනවා ඇමරිකාවට චාරිකාවක්, මැක් පහතට දාලා සෑම් ලොක්කා වෙනවා. ඒ වගේම ඔෆිස් එකේ කෙල්ලත් සෑම් ට සෙට් වෙනවා.
ටික දවසකට පස්සේ සෑම් ආයේ එද්දී දේවල් ගොඩක් වෙනස් වෙලා. මැක් ට හොඳ ගෙයක් සහ සුපිරි කෙල්ලෝ තුන්දෙනෙකුත් ඉන්නවා, එකිනෙකා අදුනන්නේ නැති. තුන් දෙනාම වැඩ කරන්නේ ගුවන් සේවිකාවෝ විදියට. එකම ගෙදර ඉන්නෙත්. බැලින්නම් ඒ තුන්දෙනාම මැක් බදින්න ඉන්න අය (ගිවිසගත් අය).ඒත් ඒ තුන්දෙනාට තුන්දෙනා මුණ නොගැහෙන්න මැක් වග බලා ගන්නවා. සෑම් ට මේ දේවල් බලං ඉන්න බැහැ,පොර ට්‍රයි කරනවා මැක් ට විරුද්ධව වැඩ කරන්න. ඒ වගේම මැක් ගේ ගෙදර ඉන්නවා වයසක සිරා ඩයල් එකක් මැම්බෝ කියලා ගෙදර වැඩ ටික කරන්න. ඒකාගේ පිස්සු වැඩ ඔයාලම බලන්නකෝ.
ඉතිං, සෑම් කොහොමද තරඟය ජය ගත්තේ? සෑම් ගියාට පස්සේ මැක් ට කොහොමද ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක් සහ සුපිරි ගෙයක් හම්බුනේ?මැක් ඇත්තටම බදින්න ඉන්න කෙනා(ගිවිසගත්) කෙනා මෙව්වා දැනගනීද? මැක් කොහොමද එකවර කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක යාලු වෙලා සෙල්ලම කරගෙන යන්නේ? මෙව්වා කරන්න මැක් ට සහය දෙන උන් කරන දේවල් මොනවද? සෑම් මේ වැඩේ කෙලවන්න මොනවා කරයිද? අපේ ගෙදර ඉන්න මැම්බෝ ???? එක්කෝ ඕනේ ඒක ඔයාලම බලා ගන්නකො පොරගේ වැඩ කොහොමද කියලා) මේ සෙල්ලම දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද ? සහ බොරු කියන්න ඉගෙන ගන්න ඕනේ නම් මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
මැක් ගිවිසගත් අය ගැන කියන්නේ මෙහෙමයි:- “ගිවිසගත් කෙනා කියන්නේ බිරිඳගෙන් ලැබෙන හැම සතුටක්ම ලබා ගන්න පුළුවන් කෙනෙක්ට.. ඒත් බිරිඳගෙන් ලැබෙන කිසිම දුකක් අපිට ගිවිසගත් කෙනාගෙන් පොඩ්ඩක්වත් ලැබෙන්නේ නැහැ”
ජය වේවා!!!
66FA24CAC22BC5CE817A591D96C3C62976251A0E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,858 downloadsDownload Garam-Masala-2005.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
45 comments
Saketha Pulasthi
අයේෂ්
අම්මෝ.. දීලා තියෙන්නෙ පට්ට පතුරු කොමඩියක්නෙ..
මමනන් දෙපාරක්ද කොහෙද බැලුවා..
මැක්සා..
ජය වේවා!!..ජයනි
Thank youuuu
දිල්ෂාන් කාලිංග (ඩිලා)
අා....පට්ට පට්ට.
බලමුකෝ එහෙනම් මේකත්.
ආසිරි කොළුවා රෑට රෑට බිව්වට සබ් එහෙමත් ලියනවා නේ.
;-)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොකද්ද යකෝ ඒ හරුපේ?
අසෙල්
Tahanx machan
Meeta kalin balanam na
ahala tiyenawa
dananam aniwa balanawaLakith
Thanks Friend.............
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
වාව්, ආසිරි අයියා එහෙනම් තවත් එකක් ගෙනල්‍ලා.
දැන් තමා වගේ බාර ගත්‍තු ඒවා ටික ටික ඉවර කරන් යන්‍නේ වගේ.
තව බාර ගත්‍තු හින්‍දිම 10ක් විතර ඇති නේ. :-D
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
වෙනදා වගේම මේකත් පස්‍සේ දවසක තමා බලන්‍න වෙන්‍නේ.
දිගටම මේ කාර්‍යය කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!නලින්
බොහොත් ස්තුතියි වේවා! අසිරි බයියා!
මෙක නම් ඉතින් ආයි කථා කරලා ඉවරයක් කරන්න බැරි මැක්සා මුවි එකක් නේ
ජය වේවා!
Sisira Hegoda
Thanks.
ගයාන් රූකාන්ත (ජෝනා)
හේ හේ මෙන්න ආසිරි මහත්තයා තවත් එකක් දීලා
ඔන්න ගත්තා. පට්ට ජෝක් එකක් ගෙනත් තියෙන්නේ.කිලාඩි කුමාර් ඉන්න එකක් නිසා
නොබලා කොහොමෙයි...සබට තුති මචෝ :) :) ජය.“චූටී මල්ලි”
හත්දෙයියනෙ යකෝ මන් මේක ඩිලිට්
කලා මේ ලගකදි නොබලම
හපොයි හපොයි
හොයාගන්න වෙනවා ආපහු
මේකත් දිගුකාලින ව්‍යාපෘතියක් යටතෙ
ඉතාම කෙටි කාලයකින් සාදා නිම කල සබක්ලු නෙහ් :D :D
සබට තුති
ඔබට ජය........තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
අනේ දෙයියනේ මේක දීලා තියෙන්නේ...
මම මගේ ලිපියකත් යටින් දාලා තිබුනා මේකට කව්රුහරි සබ් දෙන්න කියලා..
දැන් ඔෆිස් එකේ ඉන්නේ
නිවාඩුවක් දාලා ගෙදර යන්න හිතෙනවා දැන් මේක බලන්න සබ් එක්ක
මම මේක බාගෙන දැන් අවුරුද්දක් වෙලේ ඉන්නවා කවුරුහරි මේකට සබ් කරයි කියලා...
ඔයානම් දෙයියෙක් සහෝ...
අල්ලගෙන ඉභින්න හිතෙනවා
එල ...එල...එල....... එලලලලලලලලලලලලලම කිරි.............
තෑන්ක්ස්..............තෑන්ක්ස්..................
තෑන්ක්ස්..................
ජයෙන් ජයම වේවා......
ඔන්න සබ් එක අරගත්තා....ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
පේන හැටියට පට්ට ෆිල්ම් එකක් වගේ..Darshana
අම්මෝ මේකට සබ් දෙනකන් තමය් කොල්ලො බලාගෙන හිටියෙ. බොහොම ස්තුතියි .
ප්‍රදිප්
නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ.
Saman Prasad ( Black Panther )
මං මේ බැලුවා කවුද මේ "ගරම් මසාලා" දීලා තියෙන්නෙ කියලා. බැලින්නම් මේ අපේ ආසිරි "මාමා"නේ... තෑන්ක්ස් "මාමේ" සබ් එකට... :D මාමා කිවුවට තරහ වෙන්ට එපා ඈ............... මාමේ. :D
chirath
පට්ටයි සහෝ.............
මම මේක ටිවී එකෙන් බැලුව ආයෙත් බලනවා සබ් එක්කම.......
තෑන්ක්ස්.....................
පුලුවන්නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන මෙවුවත් සුපිරි ෆිල්ම් නේ.............London Dreams (2009) http://www.imdb.com/title/tt0486615/
ready 2011 http://www.imdb.com/title/tt1708532/
ලාhiru444
pattea hodea
danushka
thanks machan,,,,,
Kulanjana Maduranga
mekata kawru hari sub denakm hitiye.menna dela.niyamai.dnma banawa.subata thanks HEWA saho.ohoma yn.jaya wewa................
lahiru dilshan
Thanks Bro...!!!
Chaminda Lakruwan
නොබලා කොහොමද පට්ට සෙට් එකනේ ඉන්නේ ස්තුති මචෝ මේ වගේ ෆිල්ම් එකක් දුන්නට
Jack
පට්ට. මේක හිනා කාලා මැරෙන්න පුල්ලුවන් මුවීයක්.
ස්තුතියි මචන් සබ් එකට.Dulanga
thanks
චතුර බුද්ධික
අෆ්ෆා මමත් බලලා තියන හොදම කොමඩියක් තමා මේක. අපහු බලනවා සබ් එක්ක..
ස්තුතියි මචන්Shan Vimukthi
අෆ්ෆට බොල
අවුරුදු ගණන් සබ කරනවා කියන්නේ මාර පොඩි කාලයක් නේද බන්
උබ තමා බන් හැබෑ දක්ෂයා
ඒ මදිවට මේ එක එකාලා උබව අප්‍රිකා ගෙනියන්නත් හදනවනේ
සයිකෝ කාරයෝ එක්ක කතා කරන්න කී බෝඩ් එකට කොටන වෙලේ තව සබක් කරහන් බන්
කලින් නම් මේක බලලා නැහැ
උබ දෙන නිසා අනිවා බලන්න ඕනා
ෆිලුම බාගන්න විදියක් තමා නැත්තේ :(
මෙන්න එහෙනම් සබ ගන්නවා
ෆිලුම ගන්න වෙන එකෙක්ගේ පිහිට පතන්න වෙනවා දැන් :D
ස්තුති වේවා!
ඊගාවට අවුරුදු ගානක් වැනි කෙටි කලකින් කරන උපසිරැසිය කුමක් වේවිද?දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ, මමත් ඔහොම අවුරුදු ගානක ඉඳන් කරන සබ් එකත් තියෙනවා, ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි:D,ජයවේවා.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ඉෂාර වෙත්තසිංහ
බොහොමත්ම ස්තුතියි සහෝ........
මමත් ආසම ෆිල්ම් එකක්..........
ඇති තරම් හිනා වෙන්න පුළුවන්..........
ඔබට ජය.........ඉෂාර වෙත්තසිංහ
බොහොම ස්තූතියි සහෝ..........
sumudu
patta film eka
awrudu ganak sub hoya hoya hitiye
thankz bro ....
wade lassanata karala thiyanawaSandun Dulanjana
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
තව මේවගේ සුපිරි කොමඩි වලට සබ් දෙන්න.
කොමඩි වලට ඉතින් හොලිවුඩ්, බොලිවුඩ් භේදයක් නෑනෙ.අලුත් පරණ භේදයකුත් නෑIMDb වල 2013 ආපු හොඳම කමඩි ලැයිස්තුවේ තියෙන
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
කොමඩි වලට ඉතින් හොලිවුඩ්, බොලිවුඩ් භේදයක් නෑනෙ.
තව මේවගේ සුපිරි කොමඩි වලට සබ් දෙන්න.IMDb වල 2013 ආපු හොඳම කොමඩි ලැයිස්තුවේ තියෙන
Movie 43
Scary Movie 5
A Haunted House
කව්රුහරි කමක් නෑ සබ් දෙන්නරොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. මේ දවස් වල කොම් එක නැතුව හෙන අවුලෙන් ඉන්න ගමන් යාළුවෙක්ගෙ එකකින් මේ කමෙන්ට් එක දාන්නේ. :( ජය෴෴ :P :P
චතුල ප්‍රමොද්‍යය විජේතුංග
apith baevaa
Kasun sudaraka
"ඒ වගේම 2005 ෆිල්ම් ෆෙයා සම්මාන උලෙලදී හොඳම විකට චරිතය හිමි සම්මානය ආක්ෂේ කුමාර්ට මේ ෆිල්ම් එක වෙනුවෙන් ලැබෙනවා."
තව එක සම්මානයක් මිස් වෙලා මචං,,, හොඳම සිංහල සබ් එකට දෙන්න ඕනේ සම්මානේ ලංකාවේ "හේවා ලුණුවිලගේ" ට දෙන්න ඕනේ ,, පට්ට වැඩක් well done සහෝDharshana...
Thanks.......
chanaka n.k.
o,nna ehenam. puluwan welawaka baganna wede kara gaththa thanks.......
Harsha
අනේ යාළුවනේ, මේ ෆිල්ම් 1 බා ගන්න බෑනේ. ටොරන්ට් ලින්ක් 1 වැඩ කරන්නේ නෑ. ලොකු අවශ්යාතාවයකට මට මේ ෆිලුම බා ගන්න ඕනි. උදව් කරන්න පුළුවන්ද මට?
Geeth
ඔයාලගේ සමහර torrent link දැන් වැඩ කරන්නේ නෑ. මේ film එක වගේම ගොඩක් ඒවා තියෙනවා වැඩ නොකරන...pl පුලුවන්නම් ඒ links ටික හදන්න...ලස්සන පරණ හින්දි films ගොඩක් ඒවායේ ලිනක්ස් වැඩ නෑ....
nidi
thanks Asiri!
Ravin Laksitha
thanks for sub.......bro.........
Eranda Malith 2.0
Thanks mcn
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Garam Masala (2005) | බඩ පැලෙනකම් හිනාවෙමුද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Garam-Masala-2005.jpg)

මේ තියෙන්නේ නියම භාණ්ඩයක්. උපසිරසියට බොහොම ස්තූතියි. :)