Watch Trailer

Gemini Ganeshanum Suruli Raajanum (2017) with Sinhala Subtitles | ඒ විනාඩිය මගේ ජීවිතය වෙනස් කළා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකක් ගේන්නයි මේ ලෑස්ති වෙන්නෙ. පැය දෙකක් පුරාවටම බඩ කට පිරෙන්න හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කොමිඩියක් කිව්වොත් හරිද මන්ද. මේක කොමිඩියක් කිව්වට ආදර කතාවක්, එසේ මෙසේ එකක් නෙවෙයි හෙන අවුල් සහගත ආදර කතාවක්. සබ් එක කර කර ඉන්නකොට මටත් හිතුන අනේ මටත් මෙහම වෙයන් කියල. වාසනාව…

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකක් ගේන්නයි මේ ලෑස්ති වෙන්නෙ. පැය දෙකක් පුරාවටම බඩ කට පිරෙන්න හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කොමිඩියක් කිව්වොත් හරිද මන්ද. මේක කොමිඩියක් කිව්වට ආදර කතාවක්, එසේ මෙසේ එකක් නෙවෙයි හෙන අවුල් සහගත ආදර කතාවක්. සබ් එක කර කර ඉන්නකොට මටත් හිතුන අනේ මටත් මෙහම වෙයන් කියල. වාසනාවකට දෙවියො මට බලයක් දීල තියෙනව. ඕවට වෙලාවක් නෑ අෆ්ෆා. හරි, හරී එහෙනම් අපි යමු කතාවට.

චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන්නේ Ilavarasu Odam විසින්. ඒ වගේම D. Imman ගේ ලස්සන සිංදුත් තියෙනවා. ඉතින් මගේ කැමතිම නළුවෙක් තමයි කතාවේ ප්‍රධානම චරිතයට ඉන්නේ ඒ, Atharvaa. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන නිළියන් හතර දෙනෙක් ඉන්නවා. ඒ අය පිළිවෙලින් Regina Cassandra, Aishwarya Rajesh, Pranitha, Aishwarya Rajesh. කලින් කිව්වනේ සුපිරි කොමිඩියක් කියල. එහෙනම් අනිවාර්යයෙන් අපිට ආතල් දෙන්න කෙනෙකුත් ඉන්න ඕනි. ඔව් ඔව් දැන් හැම තැනම ඉන්න Soori තමයි ඒ ඩයල් එක. හරි එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ. හම්……. කොහෙන්ද පටන් ගන්නේ,

ජෙමිනි ලාවන්‍යලාගේ ගෙදරට යන්නේ ජෙමිනිගේ විවාහයට එන්න කියල ආරාධනා පත්‍රිකාවක් දෙන්නයි. හැබැයි කවුරුත්ම ඒ ගෙදර නෑ, ලාවන්‍යලා ඒ ගෙදරින් ගිහින්. ඒ ගැන තොරතුරක් දැනගන්න හිතන් ජෙමිනි උඩ ගෙදරට යනවා. එතනදි තමයි සුරුලිව හම්බ වෙන්නෙ. සුරුලි කියන්නෙ ණය කාර ලෝකයක්. එයාව ආශ්‍රේ කරන හැමෝගෙන්ම එයා ණයට සල්ලි අරගන්නවා. හැබැයි ඒ සල්ලි ආපහු ගන්න නම් ලැබෙන්නෙ නෑ. ඉතින් ජෙමිනි සුරුලිගෙන් උදව්වක් ඉල්ලනවා, ඒ තමයි ලාවන්‍යා හොයාගෙන එයාට ආරාධනා පත්‍රිකාව දෙන්න උදව් කරන්න කියල. තව ජෙමිනි කුලියට වාහනයකුත් ඉල්ලනවා. සුරුලිට මේක හොද චාන්ස් එකක්, මොකද සුරුලිගේ මාමට ට්‍රැවල් සර්විස් එකක් තියෙනව වගේම එයාට දෙන්න ණය මුදලකුත් තියෙන නිසා. සුරුලි ඉතින් යන ගාණට වඩා දෙගුණයක් වැඩි කරල ජෙමිනිට කියල මාමගෙ වාහනේ ලාවන්‍යව හොයාගෙන යනවා. වාහනේ යන අතරෙ ජෙමිනි එයාගෙ කතාව කියන්න පටන් ගන්නවා. ජෙමිනි කියන්නෙ එක කෙල්ලෙකුට වැඩි කාලයක් ආදරය කරන්න කැමති නැති දකින දකින ලස්සන කෙල්ලොත් එක්ක යාළු වෙන අමුතු කෙනෙක්. හැබැයි ඒ කවුරු හරි විවාහය ගැන කතා කළොත් ඔක්කොම වැඩ පැත්තකට දාල එයා හදන්නෙ ඒකෙන් බේරෙන්න. ඉතින් ඒ විදියට ජෙමිනි ගෑන් ළමයි හතර දෙනෙක් එක්ක යාළු වෙනවා. ඔය අතරෙ එයාට මාර ප්‍රශ්න වගයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. එයා කොහොමද ගෑන් ළමයින්ව යාළු කරගන්නේ, එපා වුනාම එයාලගෙන් කොහොමද අයින් වෙන්නේ, විවාහයට අකමැති ජෙමිනි කාත් එක්කද මේ විවාහ වෙන්න යන්නේ, සුරුලිට මොනා වෙයිද ජෙමිනිත් එක්ක මේ යන ගමනෙන්. ඉතින් මේ ඔක්කොටම උත්තරේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා.

ඔන්න මම සහතික කරල කියනවා, පැය දෙකක් කිසිම දුකක් නැතුව හොදට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි මේ කියල. දුක අමතක කරල සතුටට මුල් තැන දෙන්න මෙන්න අවස්ථාව. එහෙනම් ඔන්න මම ගියා, හැබැයි ආපහු එනවා ඕන් තවත් ලස්සන උපසිරැසියකින්. එහෙනම් ජය වේවා!

Gemini Ganeshanum Suruli Raajanum (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

14,804 downloadsDownload Gemini-Ganeshanum-Suruli-Raajanum-2017.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

SNAKE RAJ

Subtitles

14,804 downloadsDownload Subtitles65 KB

34 comments

  1. poornarm

    ela macho bthankz

    1. senuka dineth

      Kalayak ynkota film wala download link ain krnwada oyala

  2. Prabuddha Kulatunga

    ammo..patta.. thanks bro :D :D :D

  3. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thma...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. සර්ප මල්ලි දැං සබ් මැෂිමක් වෙලා. එල එල. ජයවේවා. ගොඩාක් පිං.

  5. Kaushan_P_Herath

    මේක පට්ට ෆිල්ම් එකක් නම් තමයි.වෙන සයිට් එකක සබ් දීලා තිබ්බා. අරන් බැලුවා.කොහොම උනත් සබට තෑන්ක්ස්

    1. Visal Ranasinghe

      Sub eka hriytm gelapenn bapu film eke site eke link eka ewnwd..

  6. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  7. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Dinu

    thank you brother

  10. Amila Mihiran Amarasingha

    පට්ටම තෑන්ක්

  11. අවන්ත එරා

    sub nathuwa baluwa,
    dan sub ekka balanawa
    ස්තුති සහෝ

  12. shasith sandaruwan

    බොහොම ස්තූතියි නයි මල්ලී උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  13. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  14. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට...... මේ ෆිලුම බැලුවා පට්ට මචො
    .....................

  15. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. kaimora

      aiya oya sub karapu film tikak kiynnko pls

  17. buddhika nalin

    මේ ෆිලුම බැලුවා පට්ට මචො ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  18. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  19. Buddika Bandara

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ…………
    මේක පට්ට ෆිල්ම් එකක් නම් තමයි

    1. Visal Ranasinghe

      Sub ekt hriytm gela pennna film eka bapu site eke link eka ewnwd...

    2. Maleeaha Nethmina

      Baiscopedownload සයිට් එකේ තියෙන කොපියට මේ සබ් එක සෙට් වෙන්නෙ නෑනේ

  20. Udaya Fernando

    බොහොම ස්තූතියි රාජ් සහෝ

  21. ishan

    පට්ට ෆිල්ම් එක සබට ස්තූති

  22. supun bro

    ගොඩක්ම තෑන්ක්ස්
    මේ වගේ පට්ට ටැමිල් ෆිල්ම්ස් දිගටම දෙන්න පුලුවන්නම් හොදයි

  23. pushpamal

    sub eka naneeeee.............. :(

  24. c.n.k

    supar

  25. Visal Ranasinghe

    Me film ekt hriytm sub eka timing walt duwn film eka bapu site ehekt link eka dennko.....

  26. Visal Ranasinghe

    Me film ekt hriytm sub eka timing walt duwn film eka bapu site ehekt link ,eka dennko.....

  27. dr347

    Kaththukkutti
    2015 soori inna patta athal ekak. sub karapnko

  28. sameera roshan

    මොකද්ද බන් sub එකක් හොයන්න අපුවම එක නැ ,, rogue theligu film eke sub එක මෙකෙ නැද්ද බන් ..

  29. samith madushan

    subtitles hariyt galapenne na bn. Film eka download karla sub download karana eka ebuwahama enne wena ekkata ban . Film eka deparak download kara aparade mage deta . Baiscope ekata daana samahara subtitles ohommai.