Watch Trailer

Generation Iron (2013) with Sinhala Subtitles | ජයග්‍රහණය කරා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් එක් වන නිර්මාණය අරන් ආවා. Documentary, Drama, Sport වර්ගයේ චිත්‍රපටයක් වෙන මේක මම දැනට කරපු අමාරුම උපසිරැසිය කියන්න පුළුවන්. මොකද මේකෙ තියන ඔක්කොම කතා බහ කළු ජාතික ඉංග්‍රීසි. ඒ කියන්නේ කැඩිච්ච ඉංග්‍රීසි වාක්‍ය අසම්පුර්ණයි ගොඩක් වෙලාවට. ඔයාල දන්නවානේ අර රැප් වල ත…

Generation Iron (2013)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් එක් වන නිර්මාණය අරන් ආවා. Documentary, Drama, Sport වර්ගයේ චිත්‍රපටයක් වෙන මේක මම දැනට කරපු අමාරුම උපසිරැසිය කියන්න පුළුවන්. මොකද මේකෙ තියන ඔක්කොම කතා බහ කළු ජාතික ඉංග්‍රීසි. ඒ කියන්නේ කැඩිච්ච ඉංග්‍රීසි වාක්‍ය අසම්පුර්ණයි ගොඩක් වෙලාවට. ඔයාල දන්නවානේ අර රැප් වල තියෙන්නේ. ඉතින් ලයින්ස් දෙදාහකට ආසන්න ප්‍රමාණක් තිබ්බ මේක මට කරන්න කිහිපවාරයක් බලන්න උනා. ටික කාලයකට කලින් තමා ඇත්තටම මේක ඉල්ලා ගත්තේ. මේ අමාරු කම හින්දම දවසකට ලයින් පනහ, සීය ගණනේ අනිත් උපසිරසි කරන ගමන් කරලා තමා ඉවර කර ගත්තේ. අමාරුවෙන් හරි මේක කලේ මොකද කියනව නම් මගේ පළමු උපසිරසියට ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාල යාලුවෙක් මගෙන් ඉල්ලුව චිත්‍රපටියක් මේක. ඉතින් මගෙ උපසිරසිවලට කමෙන්ට් දාන යාලුවොන්ට කරන ස්තුති කිරීමක් විදියට තමා මේ උපසිරැසිය මම දෙන්නේ.

ඔයාලට දෙයක් කියන්න ඕන. මේකෙ බාසාව අමාරු හින්ද සමහර තැන් වැරදියට තිබ්බොත් මට සමාවෙන්න. පුළුවන් උපරිමේ කළු ජාතික ඉංග්‍රීසි අවබෝධ කරගන්න උත්සාහ කරමින් මම මේක කලේ. පුළුවන් උපරිමේ කලා. එත් හරියටම තේරුනේ නැති තැන් දෙකක් විතරක් මට දල අදහසක් තිබ්බ දේ ඇතුලක් කලා.

මිස්ටර් ඔලිම්පියා කියන්නේ ලෝක කායවර්ධන සම්මේලනය මහින් අනුමත ලෝකයේ තියන වැදගත්ම කායවර්ධන ශුරතාවය. මේක දිනන කෙනා ලෝකේ හොඳම කාය වර්ධන ශිල්පියා කියල පිළිගැනීමක් තියනවා. ඒ වගේම විශාල මුදල් ත්‍යාගයක්ද මේ ජයග්‍රාහකයන්ට ලැබෙනවා. 1960 වර්ෂයේ ආරම්භ කරන ලද මේ ශුරතාවලිය ගැන කියනවා නම්, අපි හොඳින්ම දන්නා අර්නෝල්ඩ් ස්වාසනේගර් පවා හත් වරක් ජයග්‍රහණය කරලා තියනවා. දෙදහස් දහසය වසරේ මිස්ටර් ඔලිම්පියා තරඟාවලිය සැප්තැම්බර් මස පවත්වන්න කටයුතු කරලා තියනවා ඇමරිකාවේ වෙගාස් වල.

මේ චිත්‍රපටයේ ඇතුලත් වෙනුයේ 2012 වසරේ මිස්ටර් ඔලිම්පියා තරඟාවලියට සහභාගී වන තරඟකරුවන් ඒ සඳහා පුහුනුවෙන ආකාරය, එයාල ගතකරන ජීවිතය සහ තරඟ අවස්ථාවට මුහුණ දෙන ආකාරයයි. කායවර්ධනය පිළිබඳ කැමැත්තක් දක්වන අයට මේකෙන් හොඳ තොරතුරු ටිකක් අරගන්න පුළුවන් ඔයාලගේ ඇඟ හදාගන්නේ කොහොමද කියල. අනිත් යාලුවන්ටත් චිත්‍රපටයක් විදියට රස විඳින්න හොඳයි. IMDb 7.2 අරන් තියන චිත්‍රපටියක් හින්ද ඔයාලට අදහසක් ගන්න පුළුවන් නේ මේක කොයි වගේ චිත්‍රපටියක් ද කියල.

මේක මගේ හතලිස් එක් වන චිත්‍රපටිය. ඒත් ජැකී චෑන් ගේ එකක්වත් මට දෙන්න බැරි උනා. අන්න ඒක හින්දා මම ඊළඟට අරන් එන්නෙ ජැකී චෑන් ගේ චිත්‍රපටියක්. ඉක්මනටට අරන් එන්න බලන්නම්. ඔන්න එහෙනම් මම ගියා.

බුදු සරණයි…!

 

 

Generation Iron (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Generation.Iron.2013.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,313 downloadsDownload Generation.Iron_.2013.Baiscopelk.com_.rar100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,313 downloadsDownload Subtitles100 KB

19 comments

  1. Arshad Anas

    THACX MACHAN SUB AKETA MAMA GODAK KAL IDALA ILEGENA HITTEYA

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Ishan Madusha

    උපසිරැසියට ස්තුතියි සහෝ

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. lakmal

    thanks bro

  5. කවීන් ලහිරු

    සබ් එකට තුති අසංක සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. රයන් ද සිල්වා

    ෴෴ තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට ෴෴

  7. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  8. Manura Sathsarindu

    thnx saho sub ekata ela...

  9. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Madura

    Nice guy 2016 sub denna berida

  12. ක්‍රිෂාන්

    සබ් එකට ස්තුතියි සහෝ
    Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzz

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  14. SEO SPIDER

    Thank you wewa!

  15. ranga ranasinghe

    machan me film ekata saba dapu eka nan ela wadak loku deyak eth godak than wala wachana wardi puluwan nam eka handa balanda

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි

  18. pramod1234

    bro,Generation.Iron 2 2017 sub karannako........................................