Watch Trailer

Genius (2018)) Sinhala Subtitles |උගත් මෝඩයා ! [සිංහල උපසිරසි සමඟ]

දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්…

 

දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්‍යත්වය හෙට ලියන්න කියල තියෙද්දි සෙල්ලම් කරන්න ගිහින් අම්මගෙන් ගුටි කාපු හැටි අද වගේ මතකයි.ඒත් අද සමාජය තරගකාරි වෙලා.අල්ලපු ගෙදර ළමයා ටියුෂන් 5කට විතර යනවනම් අනිත් කෙනා බලන්නෙ ටියුෂන් 6කට යවන්න.අද කාලේ ළමයෙකුට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ.එක්කෝ ෆෝන් ,එක්කෝ වීඩියෝ ගේම්, එක්කෝ කොම්පියුටර් ගේම්,එක්කෝ දවසට ටියුෂන් 2ක් 3ක්.ඉගෙනීම… ඉගෙනීම…ඉගෙනීම…ඉගෙනීමම තිබ්බ පමණින් පුද්ගලයෙක් සම්පූර්ණ වෙන්නෙ නැහැ ඉගෙනීම වගේම ක්‍රීඩාව,සමාජ ආශ්‍රය පුද්ගලයෙකුගේ අනාගතය සාර්ථක කරනවා.ඉතින් මම අද අරගෙන ආවේ Drama ගණයට අයත් IMDb අගය 6.2 වගේ සාමන්‍ය ඉහළ අගයක් ගත්ත හුදෙක් ළමයි ඉන්න දෙමව්පියන්ට අතිශයින් වැදගත් චිත්‍රපටයක්.2018 ඔක්තොම්බර් මස 26 වන දින තිරගත කරන ලද පැයකුත් විනාඩි 36ක් පුරා දිවෙන මගේ 33 වන උපසිරැසි නිර්මාණයයි මේ.

දිනේෂ් කුමාර් පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න දක්ෂයෙක් හැම සැරේම පළවෙනියා.ප්‍රගති වාර්ථාව අරගෙන ආවාම තාත්තටත් ගාණක් නැහැ පළමු වැනියා කියල අත්සන් කරල දෙනවා. දවසක් පාසලේ උත්සවයකට දෙමාපියන්ටත් එන්න කියනවා.දිනේෂ් පළමු තැන තෑග්ග දෙමව්පියන් ඉදිරියෙම අත්පුඩි ගහල දෙනකොට මූර්ති,දිනේෂ්ගේ තාත්තා හිතාගන්නවා දිනේෂ්ට හොදට උගන්වලා ඉහලම තැනකට ගේනවා කියල.එතැන් පටන් දිනේෂ්ව උදේම ඇහැරවලා පාසම් කරවලා ඉස්කෝලෙට, ටියුෂන් වලට,කොම්පියුටර් පංතිවලට තියෙන හැමදේකටම තාත්තා එක්ක ගිහින් උගන්වනව.යාලුවෝ ඇවිත් සෙල්ලම් කරන්න යන්න හැදුවත් දිනේෂ්ගෙ තාත්තා යාලුවන්ටත් බැනල එලව ගන්නවා.හැමදාම නිවාඩුවට සීයා බලන්න ගමට යන දිනේෂ්ට,මේ ඉගෙනීමක් පටන් ගත්තට පස්සේ යන්න වෙන්නෙ නැහැ සීයා කෝල් කරල දිනේෂ්ගේ තාත්තගෙන් ඇහැව්වත් කොම්පියුටර් පංති තියෙනවා කියල මග හරිනවා.බැරිම තැන මුණුබුරා බලන්න සීයම ගෙදර එනවා.ඒත් සීයට එක විනාඩියක්වත් මුණුබුරා එක්ක කාලය ගෙවන්න වෙන්නෙ නැහැ.මේ ගැන දිනේෂ්ගෙ තාත්තගෙන් ඇහැව්වාම අද කාලෙ තියෙන තරගයත් එක්ක එහෙම තමයි තාත්තා ඔයාට තේරෙන්නෙ නැහැ කියල දිනේෂ්ගෙ සීයව ගමට පිටත් කරනවා. දිනේෂ්ගේ කොලේජ් එකට ආපු දිනේෂ් එක්ක හිතවත් වුණ ගෑණු ළමයෙක් ගෙදරට ෆෝන් කළා කියල දිනේෂ්ට ඒකටත් තාත්තගෙන් බැණුම්.එක්ටැම් ගේක හිරවුන කෙනෙක් වගේ දිනේෂ්ට පාඩම්ම…පාඩම්ම.. කොහොම හරි වැඩිවියට එළඹිලා රස්සාවක් කරද්දි බොසා කියනව සති 2කකින් තියෙන ව්‍යාපෘතියක් සතියෙන් කොහොම හරි කරල ඉවරයක් කරන්න කියල.දිනේෂ් දවස් දෙකක් රෑ දවල් නැතිව මහන්සිවෙනවා මේක ඉවරයක් කරන්න.බොසාගෙනුත් කෝල් එනව ඉවරද ඉවරද කියල අහල,ඔය පීඩනයත් එක්ක දිනේෂ් වැඩ කර කර ඉන්න ගමන් මොලේ නතර වෙලා වගේ එකපාරම ගල් ගැහිල ඉන්නවා.ඔෆිස් එකේ කට්ටිය ඉක්මනටම එයාව ඉස්පිරිතාලෙට අරගෙන යනවා…

කතාව මුල් ටික ඔහොමයි වෙන්නෙ.ඉතුරු ටික මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.විශේෂයෙන්ම ළමයි ඉන්න අයට මම මේ ෆිලුම බලන්න කියල ආරාධනා කරනව.මොකද අද කාලේ පොඩි දරුවගෙ අතේ ඉදන් ස්මාර්ට් ෆෝන්,නැතිනම් ලැප්ටොප්.. අධ්‍යාපනයම විතරක්ම නෙමෙයි කායික,මානසික සුවයට ක්‍රීඩාවත් අවශ්‍යයි.ළමයින්ගේ ළමා කාලය ඔවුන්ට දෙන්න කියල ඉල්ලමින් ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.

3,942 downloadsDownload Genius-2018-tamil.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

3,942 downloadsDownload Subtitles44 KB

21 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. saminda sr

    Tx ela theligu tamil thama mn godakma balanne

  4. malithmadhushan45

    එල සහෝ ගොඩක් ස්තුතියි උපසිරසට

  5. Lalani Maduwanthi

    Thank you malli,,,,God Bless You

  6. sooriyapatabadige

    Thanks for sb bro....(thikka 2016) movie eke sub dennako bro please

  7. Anu143

    Thanks sahooo...

  8. Lahiri

    thanks saho

  9. thilz

    thank uuu

  10. wajira

    Thanks for sub

  11. N_R

    Thank you.

  12. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  13. nish47

    Niyamai bro
    Jaya Wewa !!!

  14. Udaya Saman

    Onna gaththa ehenam.upasirasiyata bohoma thuyhi

  15. Rumesh dhanushka

    Thanks dhananjaya

  16. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sublove

    bohoma sthuthi me film ekata sub genawata

  19. බොබී

    හොඳ ලිපියක්. වෙනස් කතාවක්. අනිවා බලනවා. ඔන්න සබ් එක ගත්තා. ස්තූතියි සහෝ.

  20. sampath n perera

    thanks for sub

  21. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!