Watch Trailer

Unfriended: Dark Web (2018) Sinhala Subtitles | බිහිසුණු පරිගණකයේ අභිරහස [සිංහල උපසිරැසි සමග] 18+

කොහොමද ඔයාලට, ඔන්න ඉතිං තවත් උපසිරැසියක් අරගෙන අද මේ පැත්තට ආවේ. මෑතක සිට ඉතා බහුලව සිදුවෙන සයිබර් අපරාධ (Cyber Crimes) පිළිබඳ හා එහි ඇති බරපතලකම ඉතා මැනවින් පිළිබිඹුවන චිත්‍රපටයක් ලෙස මේ සලරු හඳුන්වන්න පුළුවන්. අද වන විට තාක්ෂණික පෙරළියත් සමඟ මුළු විශ්වයම මිනිසාගේ අතැඹුලක් බවට පත් වී තිබෙනවා. මෙම…

කොහොමද ඔයාලට, ඔන්න ඉතිං තවත් උපසිරැසියක් අරගෙන අද මේ පැත්තට ආවේ. මෑතක සිට ඉතා බහුලව සිදුවෙන සයිබර් අපරාධ (Cyber Crimes) පිළිබඳ හා එහි ඇති බරපතලකම ඉතා මැනවින් පිළිබිඹුවන චිත්‍රපටයක් ලෙස මේ සලරු හඳුන්වන්න පුළුවන්. අද වන විට තාක්ෂණික පෙරළියත් සමඟ මුළු විශ්වයම මිනිසාගේ අතැඹුලක් බවට පත් වී තිබෙනවා. මෙම තාක්ෂණික විප්ලවයට අන්තර්ජාලයේ සොයා ගැනීමත් විශාල බලපෑමක් කලා. ඒ මගින් නිපද වු සමාජ ජාලා වෙබ් අඩවි වලට බොහෝ දෙනා ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතිං මිනිසාගේ ප්‍රයෝජනය පිණිස නිපදවු මේ දේවල් ඇතමුන් තමන්ගේ අපරාධ, වංචනික ක්‍රියා හා විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා භාවිතා කරනවා. අපේ රටේත් මෙවැනි අපරාධ පිළිබඳ සෙවීමට සයිබර් අපරාධ කොට්ඨාශයක් පවා පිහිටුවා තියෙනවා. වැඩි විස්තර නැතුව අපි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.

2014 දී Leo Gabriadze විසින් අධ්‍යක්ෂනය කරන ලද Unfriended (2014) සිත්තමේ දිගුවක් ලෙස 2018 දී Stephen Susco අධ්‍යක්ෂනය කර මෙම නිර්මාණය 5.5 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 57% ක් ලබා ගැනීමට සමත් වෙනවා. Horror ׀ Mystry යන කාණ්ඩ වලට අයත් වෙන මේ චිත්‍රපටය කලින් චිත්‍රපටය හා එකකට එකක් සම්බන්ධ නොවන නිසා රස වින්දනයට බාධාවක් නෑ. හරි අපි දැන් කතාව මොකක්ද කියලා සැකෙවින් බලමු.

මතායස්, ඔහු හා උසස් අධ්‍යාපනය ලැබූ මිතුරන් සමඟ සෑම දිනකම සන්ධ්‍යාවේ සජීවීව ස්කයිප් හරහා සම්බන්ධ වී එදිනෙදා තොරතුරු හුවමාරු කර ගන්නවා. දිනක් මතායස්ට කිසිවෙකු අතපසු වී ගිය ලැප්ටොප් පරිඝණකයක් හමුවෙනවා. එම පරිඝනකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමෙන් පසු ඔහුට ඒ තුල තිබී පුද්ගලයන්ට විවිධාකාර වධ හිංසා පමුණුවන වීඩීයෝ කිහිපයක් හමුවෙනවා. එමෙන්ම මේ අතර නොහඳුනන්නෙකු මතායස් සමග මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වී එම පරිඝනකය තමාගේ බව පවසා මතායස්ට තර්ජනය කරනවා. මුලින් මේක කාගේ හරි විහිළුවක් කියලා හිතුවත් පස්සේ පස්සේ මතායස්ට තේරෙනවා මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේ නාඳුනන්නා තමාගේ විතරක් නෙමෙයි යාළුවන්ගේ ජීවීත වලටත් තර්ජ්නයක් කියලා මතායස්ට තේරෙනවා. ඇත්තටම කවුද මේ නාඳුනන්නා ? ලැප්ටොප් එකේ තිබුන වීඩීයෝ මොනවද ? ඇත්තටම මතායස්ට මේ පරිගණකය හම්බුනේ කොහොමද ? මේ හැමෝගේම ජීවිත තර්ජනයට ලක්වෙන්නේ කොහොමද ? ඒ ඔක්කොටම පිළිතුරු මේ සිනමාපටයේ තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ සිදුවන ඇතැම් දේවල් එදිනෙදා ජීවිතයේ සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති දේවල්. ඒ නිසා හැමෝම facebook, whatsapp, viber හා instergram ආදී සමාජ ජාලා භාවිතයෙදී වැඩි පරිස්සමක් ඇතුව කටයුතු කරන ලෙස මම ඔයාලගෙන් ඉල්ලනවා.

Colin Woodell විසින් මතායස් ලෙසත්, Rebecca Rittehouse සෙරීනා ලෙසත් , Betty Babriel නාරී ලෙසත් Andrew Lees ඩේමන් ලෙසත් මේ සලරුවට සම්බන්ධ වෙනවා, ඩොලර් මිලියනයක වියදමකින් නිර්මාණය උන මෙය ඩොලර් මිලියන 9.6 ක් ඉපයීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය භාර අරන් ටිකක් කල් වෙනවා, උපසිරැසි ගොනුවේ දෝෂයක් නිසා වැඩේ පොඩ්ඩක් ඇණහිටලා තිබුනේ. ශාන් සහෝ ආපහු මතක් කරද්දි තමයි වැඩේ ආපහු පටන් ගත්තේ. මේ සලරුව උපසිරැසිකරණයට අවසර දුන් සිසිල ප්‍රසාද් සහෝවත්, මේ ගැන හොයලා බලපු ශාන් විමුක්ති සහෝවත් ආදරයෙන් මතක් කරන ගමන් ගිහින් එන්නම්. අවසාන වශයෙන් හැමදාම කියන්න තියෙන්නේ දිරිමත් කරලා පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන යන්න කියලයි. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා ! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,552 downloadsDownload Unfriended.Dark_.Web_.2018.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

12,552 downloadsDownload Subtitles47 KB

43 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Filmpissuwa

      Thanks bro

  2. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooooo sub ekata...

  4. malithmadhushan45

    ධනුක සහෝ උපසිරසට බොහොම ස්තුතියි

  5. Sanath Perera

    thanks for dub bro.....

  6. Udaya Saman

    උපසිරසියට බොහොම තුති ධනුව..ඔයගෙ එකක්නම් අනිවා බලනව ඉතින්, නියමයි ..

  7. sayuru_tharanga

    Godak sthuthi saho

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. AsithaDilruwan

    ela saho thanks

  10. 1997avishka

    Thnx borooo......jayawewa

    1. padaya123

      :) <3

  11. දිලා

    ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලගෙ සහෝදර පිටුවක් විදිහට තියෙන baiscopedownload තුල චිත්‍රපට පල කිරීමේදි openload තුලින් ලබාගන්න පුලුවන් විදිහට පල කරන්න පුලුවන්ද? Userdrive තුලින් බාගත කිරීමෙදි යම් යම් ගැටළු මතුවෙනවා.

    ඔයාලට ජය !!

    1. bhagya2010

      openload eke dan down load kalata gewanne na..

    2. Lahiru Sandharuwan

      aniwaren sahooo...eeka aththa...puluwannam hama link ekakma openload eken denna baiscope sahoolaa...thanks for the subtitle yuran broo...

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. kplbforu

    userdrive walin doenload karanna behe. pls openload links denna

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Su

    Thanks saho sub ekata.. :)

  16. flashme

    ela elaa..thnkz machaaaaaaaaaaaaan

  17. Anu143

    Thanks.. Nice brother

  18. Zeiss

    හම්බෝ තෑන්ක් බන් බය හිතෙන කතාවක් වගේ... පට්ට

  19. Chamith Kanchana

    Niyamai machan, Thanks

  20. Pradeep Pasqual

    Thanks for the sub... see U next sub..!!

  21. ishan1653

    Tks a lot..

  22. dragonhero

    thanks

  23. LahiruTharanga1

    Thanks bro..

  24. amila nisakara

    Thank you very much

  25. Hashanmalli

    ela kollo me wage ewa thamai apita one. good luck

  26. kalana_madushan

    Thank you brother ✌️❤

  27. pasanMihidu1

    thankssss

  28. pasanMihidu1

    thanksss
    jaya wewa

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. polaya

    T H A N K Y O U

  31. polaya

    T H A N K Y O U ..

  32. Amila Mudalige

    Sub ekta Thanks

  33. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  34. Anonymous

    Dark web cicada 2021 sinhala sub eka dennako

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  36. Anonymous

    Thank you

  37. Arawinda Sunimal

    thanks sub ekata jayawewa ...................

  38. ediya

    gg bro