ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඔබ හමුවට එන්නෙ 2019 තිරගත වීම ආරම්භ කරපු Pet Sematary චිත්‍රපටය සමගින්ය. 1989 දී ආපු චිත්‍රපටය නැරඹු අයෙක් නම් ඔබව සිතෙයි මේක කලින් බැලුව වගේ හැඟීමක්. ඒකනම් ඇත්ත, මොකද මේක Reboot සිනමා පටයක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ නිසා කලින් චිත්‍රපටය නැරඹුවා කියලා…

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඔබ හමුවට එන්නෙ 2019 තිරගත වීම ආරම්භ කරපු Pet Sematary චිත්‍රපටය සමගින්ය. 1989 දී ආපු චිත්‍රපටය නැරඹු අයෙක් නම් ඔබව සිතෙයි මේක කලින් බැලුව වගේ හැඟීමක්. ඒකනම් ඇත්ත, මොකද මේක Reboot සිනමා පටයක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ නිසා කලින් චිත්‍රපටය නැරඹුවා කියලා නොබලන ඉන්න එපෑ. බලාගෙන යනකොට වෙනස ප්‍රේක්ෂක ඔබටම තේරෙයි.
Stephen King යන නාමය මේ වනවිට ගොඩක් කට්ටිය දන්නවා ඇති. මොකද ඉස්සර වගේම අදටත් ගොඩක් කතාබහකට ලක්වෙන කතෘවරයෙක් තමයි ඔහු. හැබැයි ඉතිං ගොඩක්ම හොරර් පැත්තෙන්. 1947 වර්ෂයෙ සැප්තැම්බර් මස 21 වනදින මෙලොව එළිය දකින ඔහුට මේ වනවිට අවුරුදු 71 ක් වෙනවා. ඒවගේම තමයි මොහුගෙ පියාගෙ නාමය වෙන්නෙ ඩොනල්ඩ් එල්වර්ඩ් කින්ග්. ස්ටෙෆන් කින්ග්ට අවුරුදු දෙකක් වෙනකොටම තමන්ගෙ පියාණන් ගෙදරින් යනවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සෙ ස්ටෙෆන් වගේම ඔහුගෙ සොහොයුරා වන ඩේවිඩ්ව රැකබලගන්නෙ අම්ම විසින්. මේ සිදුවීම වුණාට පස්සෙ මොවුන් එතරම් කාලයක් හිටපු ස්ථානයෙ පිටවෙනවා. ස්ටෙෆන් කින්ග්ට අවුරුදු 11 වෙනකොට නැවතත් ඔවුන් ඩර්හැම් වෙත පැමිණෙනවා කින්ග්ගෙ මවගෙ මවව බැරිවෙන කාලෙ රැකබලාගන්න. ඉතින් මෙලෙස ජීවිතය ගෙවෙනවත් සමඟම ස්ටෙෆන් කුඩා කාලයේදී ඔහුගෙ යහළුවෙක්ව කෝච්චියට අහුවෙලා මැරෙනවා දකිනවා. මොහු ඒ නිසා ගොඩක් කම්පා වෙනවා. ඉතිං ගොඩක් අය විශ්වාස කරන්නෙ මෙම හේතුව නිසා ස්ටෙෆන් කින්ග් මෙලෙස අඳුරු වැඩ(හොරර් නවකතා) වලට යොමු වුන බවටයි. හැබැයි ඔහු ඒ ගැන කිසිම සඳහක් කරලා නම් නෑ. කාලය ගෙවෙනවාත් එක්කම ඔහු තමන්ගෙ පළමු නවකතාව වන ”Carrie” නිකුත් කරනවා. එලෙස ආරම්භ කරන මෙම වෘත්තීය අද වෙනකොට IT, Pet Sematary, The Stand, The Shining, Misery, The Dark Tower, The Outsider ආදී බොහෝමයක් නවකතා තුළින් රසික රසිකාවියන්ගෙ හිත් දිනාගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඒවගේම තමයි ඔහුගෙ මෙම නවකතා තුළින් ප්‍රේක්ෂක ඔබට චිත්‍රපය දකින්න ලැබෙන බවද නිළනොවන ආරංචි මාර්ග වල සඳහන් වෙනවා. ඒත් ඉතින් බලාපොරොත්තුවක් තියාගෙන ඉමු එවැනි දේවල් ඉදිරියේදී දකින්න ලැබේවී කියලා. තව මොහුගෙ නවකතාවෙන් නිර්මාණය වෙන IT සිනමා පටයෙ දෙවැනි දෙවැනි චිත්‍රපටය මෙම අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේදී දැකගන්න පුළුවන්. ඇත්තෙන්ම ගොඩක් ආශාවෙන් සිටින සිනමා පටයක් <3 .
– 71 වෙනි වියෙ පසුවන ස්ටෙෆන් කින්ග් –
ඉතිං මෙලෙස ඔහුගෙ අතින් රචිත නවකතාවක් තමයි Pet Sematary කියන්නෙ. හරියටම අදට ”අවුරුදු 36” කට පෙර මෙම නවකතා පොත ප්‍රකාශයට ලක් කරනවා. ඒවගේම තමයි මෙහි ”පිටු 374” ක්ද සමන් විත වෙනවා. පහතින් දකින්න ලැබෙන්නෙ එම නවකතා පොතයි.
– Pet Sematary නවකතාව –
හරි දැන් එහෙනම් චිත්‍රපටය දෙසට හැරෙමුකො. 2019 වර්ෂයේදී තිරගත වන මෙය මේ වනවිට IMDb අගය 6.1 ක වෙනි අගයක් සහ කුණු තක්කාලි අගය 58% ප්‍රමාණයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම තමයි Horror | Mystery | Thriller යන කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය පුරා පැය 2 ක කාලයක් රසින්දින්න පුළුවන්. ඒවගේම තමයි ඩොලර් මිලියන 21 ක වැනි අඩු මුදලකින් නිපදවා ඇති මෙය ඩොලර් මිලියන 109 වැනි බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. ඉතින් චිත්‍රපයෙ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ Dennis Widmyer සහ Kevin Kolsch. කාලෙකට පස්සෙ චිත්‍රපට කේෂ්ත්‍රයට ඇවිත් මෙලෙස අධ්‍යක්ෂණ කරපු චිත්‍රපටය හට හොඳ ප්‍රතිචාර හම්බවිම නිසාද මොවුන් ඉදිරියේදී මෙම චිත්‍රපටය හා සම්බන්ධ වෙන දේවල් වලින් චිත්‍රපයක් නිර්මාණය කිරීමටද සිටින බව සඳහන් කර සිටිනවා. ඒ චිත්‍රපටයෙ දකින්න ලැබෙන ගම, ජඩ්ගෙ තරුණ කාලේදී මෙයට මුහුණ දෙන විදියට වගේම මෙම මැරිච්ච අයට පණදෙන සුසාන භූමියෙ මිත්‍යාව ගැන. ඉතින් අපි බලාපොරොත්තුවෙන් ඉමු එවැනි දෙයක් ඉදිරියේදී දකින්න ලැබෙයි කියලා.රංගයෙන් දායක වෙන්නෙ Everest l Dawn of the Planet of the Apes l White House Down එවැනි චිත්‍රපට වලදි දකින්න ලැබෙන Jason Clarke සහ Alien: Covenant l Upstream Color එවැනි චිත්‍රපට වල දකින්න ලැබෙන Amy Seimetz සහ අනෙකුත් සෙසු චරිත සඳහා John Lithgow l Naomi Frenette l Lucas Lavoie දායක වෙනවා. හරි එහෙනම් අපි දැන් චිත්‍රපටය දෙසට හැරෙමුකො.
බොස්ටන් වල දොස්තරවරයෙක් වෙන ලුයිස් ක්‍රීඩ් සහ ඔහුගෙ පවුල ලඩ්ලොව් වෙත පැමිණෙන්නෙ පොඩ්ඩක් නිදහසෙ කාලය ගත කරන්න කියලා හිතාගෙන. මොකද බොස්ටන් වලදී ලුයිස්ට තමන්ගෙ පවුල සමග කාලය ගත කරන්න ලැබෙන්නෙම නෑ. ඉතින් මෙයාල අරගන්න ඉඩමේ සුරතල් සතුන් භූමිදානය කරන ස්ථානයක් තියෙනවා. හැබැයි ඊට එහායින් අස්වාභාවික ඉඩමක් තියෙනවා මැරිච්ච අයට පණ දෙන. ඉතින් දවසක් ලුයිස්ගෙ දුව පණ මෙන් ආදරය කරන සුරතලා චර්ච් ට්‍රක් එහෙකට හැප්පිලා මැරෙනවා. ඉතින් මොහුගෙ අසල්වැසියා වෙන ජඩ් ලුයිස්ව එක්කරගෙන යනවා අර උඩ සඳහන් කරපු ස්ථානයට. හැබැයි ලුයිස්ට මේ ගැන කිසිම දහසක් නෑ. පස්සෙ දවසෙ තමන් විසින් වළදාපු පූසට පණ ඇවිත්. ඔහුට විශ්වාස කරගන්න බැරි වෙනවා. ඉතින් මොහු ජඩ්ගෙන් හැමදෙයක්ම වගේ විස්තර ඇතිව අහගන්නවා. හැබැයි ඉතින් ජඩ්ටත් එම ස්ථානය ගැන වැඩි තේරුමක් නෑ. හැබැයි මෙතන වලදාන කෙනෙක් ආපහු පණ එනකොට වෙනස් කෙනෙක්. ඔන්න ඉතින් දවසක් ලුයිස්ගෙ දුවගෙ උපන්දිනය සමරන වෙලාවේ ලොකු අනතුරක් වෙනවා. ඒකෙන් වෙන්නෙ ලුයිස්ගෙ දුවට තම ජීවිතය අහිමි වෙන එකයි. පස්සෙ ලුයිස් මේක දරාගන්න බැරිවෙනවා. ඔහු ගිහින් ඇයව එතන භූමිදානය කරනවා. පස්සෙ මොනවයින් මොනවා සිද්ධ වේවිද? ඔවුන්ටත් මරණය උරුම වෙයිද? එහෙනම් ඉතින් අවසානය තෙක් නරඹන්න. මෙය අපූරු හොරර් කාණ්ඩයට අයත් සිනමා අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.
තවත් මෙවන් අපූරු චිත්‍රපටයකින් මුණ ගැහෙන තෙක් ඔබ සැමට ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය HD/WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
21,038 downloadsDownload Pet-Sematary-2019-Blu-Ray.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
85 comments
Hashan M. Priyadarshana
Krishan NiShalya
බොහොම ස්තූතී
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!geeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
Yehan_binara
Thanks mchan sub ekata.enakal balan hitiye
benukanimsena
සබට බොහොම ස්තූතියි අයියේ
අනිවාර්යයෙන් බලන්න ඕන
ඉස්සරහටත් මේ වගේ සුපිරි චිත්‍රපටි අරගෙන එන්න
ජය වේවා!!!Necromancer
Thanks for the sub brother
malithmadhushan45
උපසිරසට බොහොම ස්තුතියි සහො. අනිව චූයන්න බය හිතෙනව මෙකටනම්
dulakshitha
thnx bro
lahiru sadaruvan
THANK YOU SO MUCH BROTHER
Chamal0101
Sub ekata thanks brooooo
Chamal0101
Polaroid horrer 2019 sinhala sub eka dinako
Ravindu Rukshan
කොපියක් ආවට තාම ඉංග්‍රීසි උපසිරැසයක් නෑ ආවොත් ලබාදෙන්නම්
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
darkneon
tnx brother
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
gihan perera
මේක පට්ටයි නේ...it එකේත් 2 කොටස එනකන් තමයි මචෝ ඉන්නෙ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Sandunprabath1230
Thanks Machn
Lahiri
thanks saho
Lasith_2001
thanks saho
Tharaka
THANKS.....
hansani_sangeeth
openload aken not found error akak akawa. usersdrive aka nam hari yanne na aaka saarthaka na. openload aken download karannath ba. sub akata thanks
kumukdu
Machan iron sky 2 eke sub eka dennako.aye aluthin enna thiyana (batwoman) ekei (watchmen) TV series ekei sub eka dennako
Nandana_kumara
බොහොම ස්තුතියි සහෝ
silentnight
Supiri filumak sahoo...sub ekata bohoma sthuthiii..budu saranai..
silentnight
The curse of la llorona 2019 ekatath sub dennako sahooo..
Dinith Kaluperuma
Thanks bruh ❤️
sudath0104
Supiri filumak ...thanks sub ekata
H_anuru
Thank you bro
Dimuthu prasantha
Thanxx bro sub eka ela
gm
Polaroid Movie eke sub eka denna, eka yts release vela thiyenne
Ravindu Rukshan
english sub ekak naha thawama apu gaman dennam
Kaveen Gayath
Thanks bro
nish47
Thanks machan sub walata
Jaya Wewa !!Gihan9755
Tnx very much
MAALnath
Thanks ....................good luck ...........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Red John
Polaroid nadda ban?
Ravindudeshan99
Thanks
Thilankadissanayake
thanks
කවිනු වීරක්කොඩි
බලන්න හදන්නේ.. ස්තූතියි!
බොබී
බලන්න හොල්මන් කතාවක් නැතුව හිටියේ. බොහොම තුති සහෝ.
Gayan Chathuranga
thanks
Pachaya
Thanks bn sub ekata.වෙබ් එකට වැඩ කරයි නෙ
Stranger
thanks
suranuwan
thanks bro...
madurangha
supiri bro
geeganagamage
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Supun M. Hettigoda
ජයෙන් ජයම.. සුභ..!!
Sajithlakshan
thanks ....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්රෝ සබ් එක බ්ලූරේ එකට අප්ඩේට් කරාට...
ජය වේවා.!__supuwah__
Tnq bn,adarei♥️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pet Sematary (2019) Sinhala Subtitles | බිහිසුණු සුසාන භූමිය නැවතත් විවෘත වූ වගයි…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/peta-sematary-2019.jpg)

Thank you saho sub ekata....
Jaya wewa.!