Watch Trailer

George of the Jungle (1997) Sinhala Subtitles | වනගත කොල්ලා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් පොරොන්දු වුන චිත්‍රපටියේ සබ් එක අරන් ආවා. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙමෙයි මේක කරන්න පුළුවන්ද අහලා මට බාර දුන්නෙ අසංක අයියා. එයාට ස්තූති කරන්න ඕනි මේ වගේ නියම කොමඩියක් සබ් කරන්න මට බාර දුන්නට. අනිත් ඒක මේකෙ ඉන්නෙත් පුද්ගලිකව මම ගොඩක් ආස නළුවෙක්. මොනා වුනත් අසංක අයියා මට මේක බාර දුන…

ඔන්න එහෙනම් පොරොන්දු වුන චිත්‍රපටියේ සබ් එක අරන් ආවා. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙමෙයි මේක කරන්න පුළුවන්ද අහලා මට බාර දුන්නෙ අසංක අයියා. එයාට ස්තූති කරන්න ඕනි මේ වගේ නියම කොමඩියක් සබ් කරන්න මට බාර දුන්නට. අනිත් ඒක මේකෙ ඉන්නෙත් පුද්ගලිකව මම ගොඩක් ආස නළුවෙක්. මොනා වුනත් අසංක අයියා මට මේක බාර දුන්නට පස්සෙ එක එක හේතු නිසා මට මේක ඉවර කරන්න සෑහෙන කාලයක් ගියා. ඒ නිදහසට කාරණා දැන් වැඩක් නෑනේ. ඒ හින්දා මේකට සබ් එක මෙච්චර පරක්කු වුනාට අසංක අයියගෙන් සමාව ඉල්ලන ගමන්ම ෆිල්ම් එකේ විස්තර පොඩ්ඩක් බලමු.

1997 වසරේ නිකුත් වුනු Action, Adventure, Comedy කාණ්ඩයන්ට අයිති වෙන මේ ෆිල්ම් එක අගය 5.5 ක් ලබාගෙන තියෙනවා. D2The Mighty (1994), Ducks Being There (1979) වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Sam Weisman ගේ අධ්‍යක්ෂණයක් වන මේ ෆිල්ම් එකට මමී චිත්‍රපටිවල රඟපාපු සුපිරි නළු Brendan Fraser වගේම Leslie Mann, Thomas Haden වගේ අය දායක වෙලා තියෙනවා. ඇත්තටම මමත් කාලෙකින් බලපු හොඳ කොමඩියක්. Brendan Fraser‌ ‌ගෙ ඇක්ටින් ගැන ඇති අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

කතාව ටිකක් කියනවා නම් අප්‍රිකාවේ මැද තියෙන බුකුවු ප්‍රදේශයට ප්ලේන් එකක් කඩන් වැටිලා ඒකෙ හිටපු ජෝර්ජ් කියන පොඩි පිරිමි ළමයෙක්ව කැලේ අතරමං වෙනවා. ඊටපස්සෙ වානරයෝ මේ කොලු පැටියව උස් මහත් කරනවා. ඊටපස්සෙ මේ කැළේ එයාගෙ පෙම්වතා එක්ක ඇවිදින්න එනවා ලස්සන තරුණියක්. එයාගෙ නම අර්සුලා. මෙයාලා දෙන්නට සිංහයෙක් පහර දෙන අතරේ ජෝර්ජ් ඇවිත් අර්සුලාව බේරගෙන එයාගෙ ට්‍රී හවුස් එකට ඒ කිව්වෙ ගහක් උඩ හදලා තියෙන ගෙදරට අරන් යනවා. ඉතින් තවත් කිව්වොත් කතාව වැඩක් නෑනේ. මේක නොබලපු අය ඔන්න බලන්නකෝ එහෙනම් වනගත කොල්ලා ජෝර්ජ්ගෙ කතාව මොන වගේද කියලා.

ඒ වගේම කියන්න ඕනි මගේ කලින් සබ් එකටත් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා සමහර ෆිල්ම්වලට සබ් ඉල්ලලා. වෙලාව තියෙන විදිහට ඒ ඉල්ලීම් ඉටු කරන්න උපරිම උත්සාහ කරන්නම්. කමෙන්ට් එකක් ගානෙ රිප්ලයි නොකළට ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම කියෝනවා මොකද අපේ එකම සතුට ඒක හින්දා. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

2,527 downloadsDownload George-Of-The-Jungle-1997.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,527 downloadsDownload Subtitles78 KB

15 comments

  1. shehan_nonis

    Thanks

  2. වයලා

    පොඩිකාලේ ඉඳන් වනගත නම් මෙයා ෆුල් ෂේව් කරේ කොහොමද, පුතා

    1. Sohan Jayasooriya

      ගල් පතුරු වලින් වෙන්ටැ ඇන්ටි

  3. Akila

    sleepers 1996 / the murder in the first 1995 / primal fear 1996 menna me tike sub eka dennko goak watinwa.!!!!

  4. Anonymous

    thanks bro !

  5. madhubashana bandara

    thanks saho!! jaya veva!!!

  6. super

    Netflix එකේ බලන්න පුලුවන් විදියට මේ දෙන උපසිරැසි srt එකෙන් dfxp format එකට convert කරල දෙන්න කියල මම බයිස්කෝප් එකෙන් ඉල්ලා සිටිනව.

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මෙහි දෙවන කොටසටත් උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.

    George of the Jungle 02 - 2003

  8. thilina

    adooo thq ahh meka maru yako 2 tath dipan meek.ane pulvnm tv series valta dipanko .ocean girl season 2 ehma

  9. uvindu induwara

    Tesla වලටත් sub දානවද ?

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  11. රොෂාන් ශමීර ජයසිංහ

    සුපිරි ෆිල්ම් එක...
    තව පාරක් බලන්න පුළුවන්..
    ස්තූතියි.
    ~ ජය වේවා ~

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Udaya Fdo

    Thank you