ඔන්න මම 2017 නිකුත් වුණු තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකට IMDB දර්ශකයෙ 5.1ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. විනාඩි 87ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Eric England. 2017 ජනවාරි 27 වෙනිදා ඇමරිකාවෙදි ප්‍රදර්ශනය ආරම්භ වුණු මේකෙ DVD,Blue ray වීඩියෝ නිකුත් වුණේ 2017 ජුනි මාසෙ…

ඔන්න මම 2017 නිකුත් වුණු තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකට IMDB දර්ශකයෙ 5.1ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. විනාඩි 87ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Eric England. 2017 ජනවාරි 27 වෙනිදා ඇමරිකාවෙදි ප්‍රදර්ශනය ආරම්භ වුණු මේකෙ DVD,Blue ray වීඩියෝ නිකුත් වුණේ 2017 ජුනි මාසෙදි.
මේකෙ ප්‍රධාන චරිත තුන රඟපාන්නෙ Justin Dobies (Clarence), Elizabeth Whitson (Alex), Noah Segan (Patrick) කියන තුන්දෙනා.
Justin Dobies කියන්නෙ Dear White Peaple, We Love You චිත්‍රපටිවල වගේම Broad City, Making Moves කියන රූපවාහිනී කතාමාලාවල රඟපාපු කෙනෙක්. එතකොට Superhuman රූපවාහිනි කතාමාලාවෙ Action Cordinater විදිහට වැඩ කළෙත් මෙයා තමයි. Awkward රූපවාහිනී කතා මාලාව බලලා තියෙනව නම් ඒකෙ Eva විදිහට රඟපෑවෙ Elizabeth Whitson තමයි. එතකොට මේකෙ පැට්‍රික් (Noah Segan) නම් Brick, Waterborne, Deadgirl, Quit, Looper, The Frozen, වගේම තවත් චිත්‍රපටි ගණනාවක රඟපාලා තියෙන නිසා අමතක වෙන්න විදිහක් නෑ.
මේ කතාවෙ ක්ලැරන්ස්, බාර් එකක වැඩ කරන ඇලෙක්ස් කියන කෙල්ලට හිතින් ආදරය කරනවා. ඒත් මේක ඇලෙක්ස්ට කියන්න ක්ලැරන්ස් ටිකක් බයයි. ඇලෙක්ස් කියන්නෙ විවාහක කාන්තාවක් බව දැන ගත්තත් ඒ විවාහය අසාර්ථක එකක් බවත්, ඇලෙක්ස් තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් දැන ගත්ත නිසා ක්ලැරන්ස් ඇලෙක්ස්ගෙ පස්සෙන් යන එක නතර කරන්නෙ නෑ. හැම කතාවෙම වගේ කෙල්ලට පොඩි වැඩ කෑල්ලක් දාලා, කෙල්ල ඉස්සරහා වීරයා වෙලා, කෙල්ලගෙ හිත දිනාගන්න තමයි ක්ලැරන්ස් පැට්‍රික්ව සම්බන්ධ කරගන්නෙ. ඉතින් ක්ලැරන්ස්ගෙ මේ උත්සාහය සාර්ථක වෙයිද? නැද්ද? ඇලෙක්ස් ක්ලැරන්ස්ට කැමති වෙයිද? නැත්නම් වැඩේ අහුවෙයිද? මේවා ඔක්කොම බලාගන්න පුළුවන් ෆිල්ම් එකයි, මේ සිංහල උපසිරැසියයි බාගෙන මේක බැලුවොත්.
මේ ෆිල්ම් එකේ අන්තිමට තියෙන “තුන්වෙනි විකල්පය” මොකක්ද කියල තේරුම් ගත්තොත්, ඒක මොකක්ද කියල පහළින් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.
බයිස්කෝප් එකට සම්බන්ධ වෙලා මාසයක් යන්නත් කලින් උපසිරැසි හතක් කරපු නිසා ටිකක් මහන්සියි. ඒත් ටික දවසක් නිවාඩුවක් අරගෙන තවත් එකක් කරන්න බලනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
3,044 downloadsDownload Get-the-Girl-2017.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
20 comments
anjana.r. fernando
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....ජය...!!!
රංජීව කේ.ලියනගේ
බොහොම ස්තුතියි..
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........asitha
elama saho thanks
රංජීව කේ.ලියනගේ
බොහොම ස්තුතියි..
Malinda
Thank you. :)
රංජීව කේ.ලියනගේ
Thanks
Krishan Madusanka
sub ekata thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
widuranga
thanx sub ekata
Rajitha
Thanks machan........jayawewa...>>>>!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh Kumara
Bhooom sthuthiyi
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro
Saman Athapattu
tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Lucifer english suba patta