කොහොමද යාළුවනේ සැප සනීප. මේක මගේ දෙවෙනි උපසිරැසිය. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මගේ දෙවෙනි සබ් එක ඔයාලට දෙන්න ලැබෙයි කියලා. කොහොම හරි ඔන්න මං මගේ දෙවෙනි එකත් අරන් ඔයාලාව හම්බවෙන්න ආවා. අද මං ඔයාලට දෙන්නේ හින්දි ෆිල්ම් එකක්. හැබයි අනිවා ඔයාල මේක දෙපාරකට වඩා බලලා ඇති. ඒ වෙන මොකක්වත් නෙවේ, ඔයාලා ගොඩාආ………
කොහොමද යාළුවනේ සැප සනීප. මේක මගේ දෙවෙනි උපසිරැසිය. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මගේ දෙවෙනි සබ් එක ඔයාලට දෙන්න ලැබෙයි කියලා. කොහොම හරි ඔන්න මං මගේ දෙවෙනි එකත් අරන් ඔයාලාව හම්බවෙන්න ආවා. අද මං ඔයාලට දෙන්නේ හින්දි ෆිල්ම් එකක්. හැබයි අනිවා ඔයාල මේක දෙපාරකට වඩා බලලා ඇති. ඒ වෙන මොකක්වත් නෙවේ, ඔයාලා ගොඩාආ…………..ක් ආදරය කර Ghajini ෆිල්ම් එක. මං ෆිල්ම් එක ගැන කියන්න ඕනාද, නෑ නේ?
කමක් නෑ මං ටිකක් කියන්නම්. නොබලපු අයත් ඇතිනේ. මෙහෙමයි කතාව…
මුලින්ම ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්. ෆිල්ම් එක Ghajini. ෆිල්ම් එක නම් කරලා තියෙන්නේ හතුරගේ නමින්. මේක නිකුත් වුණේ 2008 අවුරුද්දේ දෙසැම්බර් 25. අධ්‍යක්ෂණය A.R. Murugadoss. රඟපාන්නේ අපි කවුරුත් ආදරය කරන Aamir Khan සහ කොලිවුඩ් නිළි Asin Thottumkal. මේක තමයි Asin ගේ බොලිවුඩ් ආගමනය. ඒ වගේම Asin ට මේ ෆිල්ම් එක නිසා සම්මාන ගොඩක් හම්බුනා. ඇත්තම කිවුවොත් Ghajini ෆිල්ම් එක නිසා ඇයගේ බොලිවුඩ් ගමන අතිශයින් සාර්ථක වුණා. මේක හැබැයි කෙළින්ම මුල් වරට ඉන්දියාවෙම හදපු ෆිල්ම් එකක් නෙවේ. මුල් ෆිල්ම් එක හොලිවුඩ් ෆිල්ම් එකක්. නම Memento. ඔයාලට ඒ ෆිල්ම් එකේ සිංහල උපසිරැසියත් බයිස්කෝප් එකෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. තව Ghajini නමින්ම දමිළ ෆිල්ම් එකකුත් හැදුවා. ඒ ඔක්කොටම පස්සේ තමයි Ghajini හින්දි ෆිල්ම් එක ආවේ. මොනවා වුණත් මේක ඇඩෙන සයිස් එකටම ගහල තියෙනවා. සුපිරියි. කොටින්ම කිවුවොත් මටත් ඇඩුණා. සිරාවටම. මං මුලින්ම මේක බළුවෙ TV එකේ. හැබැයි මං අඬනවා ගෙදර කවුරුවත් දැක්කේ නෑ. වෙලාවට. කොහොම හරි මට කියන්න ඕනා වුණේ ෆිල්ම් එක සුපිරි කියලා. බය නැතිව පවුලේ සැමට බලන්න පුළුවන් කියලා මං සහතික කරනවා. හරි මම දැන්
කතාව කියන්නම්. මේක ලස්සන ආදර කතාවක්. Asin මේක රඟපාන්නේ Kalpana කියන නිරූපිකාවකගේ චරිතය. Asin ගේ ලස්සන මම කියන්න ඕනා නෑ නේ. ඉතින් මෙයා Sachin කියන Air Voice දුරකථන සමාගමේ අයිතිකරු එක්ක ආදරයෙන් වෙලෙනවා. මං කොහොමද කියලා කියන්නෑ. කිවුවොත් ඒකෙ රසය නැතිවෙනවා. මේකේ Sachin ගේ චරිතය රඟපාන්නේ Aamir Khan. කොහොම හරි Kalpanaa දවසක් රූගත කිරීම් වගයකට Goa යමින් ඉද්දි අවයව ජාවාරමට විකුණන්න ගෙනියන ගැහැණු ළමයි වගයක්ව බේරගන්නවා. ඊට පස්සේ ඒ ජාවාරමේ ප්‍රධානියා Ghajini, Kalpana ව මරන්න එයාගේ ගෙදරට මැරයො සෙට් එකක් එවනවා. එතකොටම මේ වෙලාවෙම Sachin, Kalpana ව හම්බෙන්න එයාගේ ගෙදරට එනවා. හැබැයි එයා එතනට ආවත් Kalpana ව බේරගන්න හම්බවෙන්නෑ. ඒ වෙනුවට වෙන්නේ Sachin ටත් යකඩ පොලු පාරක් කන්න. මෙතෙන්දි Kalpana මැරෙනවා. ඒත් Sachin මැරෙන්නෑ. ඒ වෙනුවට වෙන්නේ එයාගේ මොළයේ ආබාධයක් ඇතිවෙන එක විතරයි. ලෙඩේ ගැන කියනවා නම් ඒකේ නම nterograde amnesia. මේකෙදි වෙන්නේ එයාගේ කෙටි කාලීනව මතකය අහිමි වෙනවා. ඒ කියන්නේ මිනිත්තු කීපයකට පසු කරමින් හිටපු දේ අමතක වෙනවා. ඒත් සමහර දීර්ඝ කාලීන සිදුවීම් කොටස් වශයෙන් මතක හිටිනවා. ඒත් ඒ මොළයට ඒ අනතුර වෙන්න කලින් තිබුණ මතකයන් විතරයි. ඔයාලට කියන්නම ඕනා. මේක ඇත්තටම තියෙන ලෙඩක්. ෆිල්ම් එකේ විතරක් නෙවේ. ඇත්තටම තියෙන ලෙඩක්. කොහොම හරි Sachin ඊට පස්සේ හදන්නේ එයාගේ ඉතුරුවෙලා තියෙන මතකය ඔස්සේ Ghajini ව හොයාගෙන එයාගෙ පෙම්වතියව මරපු පලිය ගන්නයි.
කතාව හරිම රසවත්. මං කතාව කෙටිම කරල කිවුවේ. කතාවම කිවුවා නම් ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නෑ නේ. ඒකයි. කොහොම හරි මේක මම බලපු පට්ටම කතාවක්. කියන්න වචන නෑ. ඉතින් ෆිල්ම් එක බලලම ඒකෙ හොද නරක තීරණය කරන්නකෝ. අමතක කරන්න එපා. මගේ කලින් සුබ් එකට comments දැම්ම වගේම මේකටත් comment එකක් දාලම යන්න. මහන්සි වෙලානේ මේ sub එක කළේ. ඒ නිසා. ඔයාලගේ වචන වලින් තමයි අපි දිරිමත් වෙන්නේ. හැබැයි මේ sub එක දුන්න වගේ ඉක්මනට අනිත් sub එක දෙන්න වෙන එකක් නෑ. එහෙනම් තව sub එහෙකින් හමුවෙනකම් හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Ghajini[2008]DVDRipXviD-SaM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
11,192 downloadsDownload Ghajini-2008.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් (Black Cobra)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
74 comments
sds
jeewantha
balapu hodama akak sub akka aye balanwa :)
quik
thanks
upali
supirima akak ne saho txxx
vee
maxxxa hode
shann
පට්ට ෆිල්ම් එක ආයේ බලන්න ඕනේ තුති
Gayan
thx lot bro
yasas
aniwa balanwa saho
tharanga
සුපිර්ම සුපිරි මේකට සබ් දීපු එක නම් අගය කරනවා සහෝ
fd
download nw :)
wow
wow,,,maru :D
isuru
subs aran ada balanwa thawath subs danna shakthiya sahota labeywa!!!!!
h[a]s
එල මචං
chamath cafe
නියමයි යාලුවා
naleen
maru :D
Golden Shade
ela ela math baluwa. eth aith balanawa sub dunna hinda. thanq 4 subzzzzz jaya weeewaaaa :D :D
mudiya / මුදියා
සුපිරි වැඩක්නෙ බ්ලැක් කෝබ්රා කරල තියෙන්නෙ.දෙමළ එකට වඩා මේක තමයි නියම.මේකට අපේ සයිට් එකෙන් සබ් දීල නැතුව තිබුන අඩුපාඩුව හරිගැස්සුව එක නම් නියමයි මචං.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
හර්ෂ ලහිරු
ඇඩෙනවා ඕයි......
සබට ජයsp පියමල්
මමනම් දෙමළද හින්දිද කියලා වෙනසක් නැතුව ගජිනි කතා දෙකටම කැමතියි,
හැබැයි ඉතින් ලස්සන සින්දු තියන්නේ හින්දි එකේ,නියම ෆිල්ම් එකක් සහෝ සබ් එකට thanksBlack Cobra
@ comment dapu/dana hamotama
Thanx yaluwane comments walata... hoyala hoyala hodi kiyala hithuna nisa thami meka damme.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ..
පට්ට බඩ්ඩක්...
ඒ ගන කතා කරලා වැඩක් නැහැ...
දිගටම ගේමු...Menu
Ghajini tamil movie ekath dennakoooo.....
Thank you very much for the sinhala sub :)
herry
මමනම් දෙමළද හින්දිද කියලා වෙනසක් නැතුව ගජිනි කතා දෙකටම කැමතියි,
shashika
niyamai....puluvannam me vagema old film tikakatath sub dannako.sajaan,deewana vage shahruk, salman ,aamir act karana supiri old hits.
Black Cobra
@ everyone
mulin kiyanna bari una, sub ake podi podi adupadu athi. mkda thama mama mekata aluth nisa. ganan ganna epa.film ake samasthayata eka balapamak na...Raveen
Ela machan thanks........Meka supiri machn.......
nalaka
එල එල සහෝ සබ් එකට තෑන්ක්ස්
Kasun
Supiri machan.... Thanks
Punchi illimak Puluwan nam "The Count of Monte Cristo (2002)" ekata sub dennako.. godak pin
“චූටී මල්ලි”
මාත් ඕක මේ ලගකදි බැලුවෙ
ලස්සන කතාවක් නොවැ
සබ් දුන්න එකනම් හරිම වටිනවා
සබට තුති
ඔබට ජය...Malindu
Maxxxaa machan elatama karala thiyenawa
janaka
මම මිට කලින් මෙක බලලා තිබුනත් අයෙමත් බාගත්තා...ඔයාගෙ සබ් එකට ස්තුතියී යාලුවා...
danushka
maru 1nma balanawa thanks hodeeeeeeeeeeeeeee
ශාන් විමුක්ති [විමා]
කොල්ලෝ එල පහරක්නෙ අරන් ඇවිත් තියෙන්නෙ ආහ්
එල වැඩක් කොල්ලෝ
ජයම වේවාJavi
patta
bee
tnx tnx
Sameera
Machan, ela.. godak thanks.. meke Tamil ekath Dannako.... balanna beri una..
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
samith
this film inspired by Memento(2000)
http://www.imdb.com/title/tt0209144/?ref_=nm_knf_t1sachith
thanks machan
සංජය
ප්‍රසාද් සහෝ බොහොම ස්තුතියි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Tharindu
oyale me karana wade nam kiyala nima karanna bari wadak saho, oyalage wade digatama karagena yanna, thwa kattiya ekathu karagena lankawe janapriyama set eka wela oyalata ona karana mudalak hoyagannath meka honda awasthawak karaganna, oyala katath suba pathum. jaya wewa.
සාරංග ලියනගම
සුපිරි film එකක්..
ගොඩක් ස්තූතියි සහෝ...para
thank
you ............sahodarayaSaketha pulasthi
Niyama kathawa sahoo.Adenawa
banuka
supiri sub mchn.ath mn meka ply krddi sub akayanne katha ghn gdk pahu unata passene.ai a
Saman Prasad ( Black Panther )
oyage file ekata meke thiyena sub galapenne nathiwa athi. film eka aye me deela thiyena torrent eken aragena balanna. nath nm KM Player ake film eka play karala sub eka load karala Player eka uda right click karala subtitles gihin sibtitle explorer(can edit) gihin labena window eken fim eka play wenakota ekata adala debasa uba click karala udinma S kiyala thiyena button eka click karanna. dn a window eka close karala film eka balanna.. :)
Priyantha
මේ ෆිල්ම් එක දුන්නට ගොඩක් ස්තුතියි... මේ ෆිල්ම් එකට සමගාමි හොලිවුඩ් ෆිල්ම් එකක වන Memento ඩ්වුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන්නෙ නැ.. කරුණාකර එආ සකස්කර දෙන්න.. ඒකත් බලන්න ආසයි...
naveen
Movie ekath ela. Sub ekath supiri. Niyamai..
GhosT-FaceR
ftaa
Krish
බොහොම ස්තූතියි Saman...මම තාම බලල නෙහ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supiri meykata subs deepu aka nam maxxa