තායිලන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලම අවතාර, ප්‍රේතාත්ම යන සංකල්ප දෙවියන්ට හා සමානව අදහපු ජාතිකයන් වර්ගයක්. ඒ භක්තිය වගේම බිය අදටත් තායි ජනයා අතර ප්‍රචලිතයි. තායි බෞද්ධ ජනතාව අතර ඉතිහාසයේ ඉඳලම විශ්වාසයක් තියෙනවා බුදු දහමයි මේ අවතාර සංකල්පයයි මිශ්‍ර වූවක් කියලා. ඒ සංකල්ප දැනටත් පවතින්නේ, පෞරාණික චිත්‍ර,…
තායිලන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලම අවතාර, ප්‍රේතාත්ම යන සංකල්ප දෙවියන්ට හා සමානව අදහපු ජාතිකයන් වර්ගයක්. ඒ භක්තිය වගේම බිය අදටත් තායි ජනයා අතර ප්‍රචලිතයි. තායි බෞද්ධ ජනතාව අතර ඉතිහාසයේ ඉඳලම විශ්වාසයක් තියෙනවා බුදු දහමයි මේ අවතාර සංකල්පයයි මිශ්‍ර වූවක් කියලා. ඒ සංකල්ප දැනටත් පවතින්නේ, පෞරාණික චිත්‍ර, පොත් පත් ආශ්‍රයෙන් ගොඩනැගුනු තායි චිත්‍රපට සහ ප්‍රචලිත වෙමින් යන රූපවාහිනී වැඩසටහන් නිසයි.
සමහර තායි සංස්කෘතයේ එන අවතාර අසල්වැසි සංස්කෘති සමගත් බෙදාහදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට තායි සංස්කෘතියේ එන “krasue” යන නාමය බෙදාගෙන තියෙනවා කැම්ඩෝබියන්, ලාඕ සහ මැලේ සංස්කෘතීන් සමග. තායි ප්‍රේතආත්ම, අවතාර පොදුවේ හඳුන්වන්නේ phi කියලා. ජනයා අතර ප්‍රසිද්ධ pret කියන විශේශට හැර අනෙක් අවතාර වැඩිහරියක්ම සැළකෙන්නේ නිශාචරයන් හැටියට. වැඩිප්‍රමාණයක් සිතුවම්, පොත් පත් වලින් නොපෙනුනනත් ඒවා ජන කටකතා අතර ප්‍රසිද්ධියක් උසුලනවා. අවතාර අරක්ගෙන ඉන්නවා කියලා විශ්වාස කරන්නේ තෝරාගත් ගස් වල, අතහැරලා දාපු ඉඩම් වල සහ විශේශයෙන්ම අතහැරලා දාලා තියෙන්නෙ ගෙවල් වලයි. කඳුඅතර සහ වනාන්තර වල ගැවසෙන අවතාර පොදුවේ හඳුන්වන්නේ Phi khao සහ phi pa කියලා. භූගෝලීය වශයෙන් ගත්තොත්, Phi Pan Nam Range “ජලය දෙබෑ කල හැකි කඳුවැටි වලට අරක්ගත්” Phae Mueang Phi යන නම් පටබැඳ තියෙන්නේ පැරණි අවතාර කඳුකර, වනාන්තර ආසන්නේ සැරිසරන නිසයි. ගැහැණු අවතාර නැත්තම් සුරංගනාවියන් සම්බන්ධ වෙලාතියෙන්නේ වෘක්ෂ වලට, තායි බෞද්ධයන් අතර ප්‍රසිද්ධ Nang Ta khian සහ Nang Tani යන අය පොදුවේ හඳුන්වන්නේ Nang mai (lady of the tree)කියලා.
හරි එහෙනම් ඔය කිව්වේ තායිලන්තයේ ගොඩනැගිලා තියෙන අවතාර සම්බන්ධ පොඩි විස්තරයක්. අපි කතාව පැත්තට ආවොත්, විදේශිකයන් යුවලක් නිවාඩුවට තායිලන්තයේ සවාරියක් එනවා. තායිලන්තයේ සිරිනරඹන්න. ගෝගෝ කියන මගපෙන්වන්නෙක් ගේ මාර්ගයෙන් ඔවුන් තායිලන්තයේ ඇවිදින්න යනවා. මගපෙන්වන්නෙක්ගේ අවශ්‍යතාව මුලදී එච්චර ඕනි නොවුනත්, අවසානයේදී ඔවුන්ගේ දිවි රැකගන්න පවා උදව් වෙන්නේ මගපෙන්වන්නා. ඔවුන් නැවතිලා ඉන්න හෝටලයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ඉන්නවා. ආසියාවේ රටක ඉංග්‍රීසී ජාතිකයන් දෙදෙනෙක්ට තවත් දෙදෙනෙක් හමුවුනාම පොඩි හරි කතාවක් දානවනේ. මේ බ්‍රිතාන්‍යය ජාතිකයන් දෙන්නත් යුවල සමග සුහදශීලීත්වයක් ගොඩනාගන්නවා. ඒකේ යටි අරමුණ පැහැදිලිවෙන්නේ මේ දෙන්නට අනතුරේ වැටුනමයි. බ්‍රිතාන්‍යය ජාතිකයන් දෙදෙනා මේයුවලට එයාලා ඉන්න නගරයේ තැන් පෙන්නනවා. එහෙම විශේශ තැනක් තියනවා කියලා මේ අලුතින් ආපු යුවලව කැලෑවකට එක්කන් යනවා, එතන තියෙනවලු පුරාණ, අතහැරලා දාලා තියෙන නටබුන්. ඒවා පෙන්වන්න කියලා තමයි එක්කන් යන්නේ. එතනින් තමයි මුලු කතාවම කණපිට ගැහෙන්නේ…GHOST HOUSE චිත්‍රපටය නිකුත් වුනේ අගෝස්තු මස විසිපස් වෙනිදා Horror සහ Thriller යන කාණ්ඩයටයි අයත්වෙන්නේ. ප්‍රේක්ශක ප්‍රතිචාර හොඳ වුනත් IMDB 4.7ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. පොදුවේ ගත්තොත් මේවට වැඩිය ලොකු අගයක් ලැබෙන්නේ නැහැනේ. හොරර් බලන ප්‍රේක්ශකයන් නම් ඉතින් නොවරදවාම බලනවා. කරන්න උපසිරැසියක් නැතුව ඉන්නකොට මේවා බලහන් කියලා ලැයිස්තුවක්ම එව්ව සිසිල සහෝදරයාට ස්තූතියි කරන්න ඕනි. ඊළඟට ගේන්න යන්නෙත් එයා බාරදුන්න එකක් තමයි. Horror කාණ්ඩයේ චිත්‍රපටයක් අන්තිමට කලේ Lightsout ඒකට නම් නොහිතපු විදහට ප්‍රතිචාර හම්බුනා.. ඒකේ දෙවෙනි කොටසත් මේ අවුරුද්දේ එනවා. ඒකටත් උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටයත් ඔයාලා ආදරයෙන් වැළඳගනීවී කියලා හිතෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
*-*ජය ශ්‍රී *-*

Due to copyright issues, we do not provide any torrent links.
Ghost.House.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
28 comments
prabodha
Rajitha
Thanks machan......jayawewa......!
Mithun
Niyamai a horror film nam atarinnama na english
Blurry apunat update ekak dannඑරන්ද ජයතිලක
නියමයි සහෝ
Update එකක් අනිවා දෙන්ඩ
ජය වෙවාkumara
බොහොම ස්තූතියි සහෝ සබ්එකට. ලිපියත් පට්ට. ජයවේවා. ගොඩාක් පිං.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
nishan de silva
මේකේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න කොහෙවත් නෑ බ්‍රෝ.පුලුවන් නම් ලින්ක් එකක් එවහන්
Anonymous
Sub eka download krnn be
අසිත
elama saho thanks
dulitha hashan
thanks sub ekata
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Ishan
Thanx machn sub ekata
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SAMITH
බොහොම ස්තූතියි
Thusith
Thanks machan sub ekata
Fernando
දිගටම sub දෙන්න ජය වේවා
walakul
thank uuuuuuuu
Ranul Hemsara
Godaak Sthuthi Soyura.. Thawath horror movies subs denna kiyala illaa sitinawa
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sandharu
Thaks broo superbb
hansani_sangeeth
thank you for your sub. I anytime watch movies with baiscope sub.thank you all
Rukshan37
Ela
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Divya
ගොඩක් ස්තූති අනේ මේවගෙ movies දානවට subtitles නියමයි සුපිරියි horror , gohst movies තව ගොඩක් ඔනී
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank u bro sub ekata....