Watch Trailer

Obsession (2026) Sinhala Subtitles | ආදරය බියකරු උමතුවක් වූ විට… [සිංහල උපසිරසි] [100*] [Original WEB-DL Update]

Obsession (2026) Sinhala Subtitles කොහොමද හැමෝටම , මේ යන්නේ මගේ 100 වෙනි උපසිරසි නිර්මාණය.වචනයෙන් වචනය ගළපමින්, රසය උපරිමයෙන්ම දැනෙන විදිහට මේ දක්වා නිර්මාණය කළ උපසිරසි 100 පුරාවටම මාත් එක්ක රැඳී සිටි, අදහස් දක්වපු සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිනවා.එහෙනම් වෙනදා වගේම මේ 100 වෙනි නිර්මාණයත් උපරිමයෙ…

Obsession (2026) Sinhala Subtitles

කොහොමද හැමෝටම ,

මේ යන්නේ මගේ 100 වෙනි උපසිරසි නිර්මාණය.වචනයෙන් වචනය ගළපමින්, රසය උපරිමයෙන්ම දැනෙන විදිහට මේ දක්වා නිර්මාණය කළ උපසිරසි 100 පුරාවටම මාත් එක්ක රැඳී සිටි, අදහස් දක්වපු සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිනවා.එහෙනම් වෙනදා වගේම මේ 100 වෙනි නිර්මාණයත් උපරිමයෙන් රසවිඳියි කියලා හිතනවා. Download කරගෙන, අදහසකුත් කියාගෙන යන්න අමතක කරන්න එපා!

මේ දවස්වල සිනමා ලෝලීන් අතරේ වැඩිපුරම කතාබහට ලක්වෙන සුපිරි Horror චිත්‍රපටයක් තමයි Obsession කියන්නේ. මේක supernatural සහ psychological horror ගණයට අයිති වෙන, බලන අයව කුතුහලයේ උපරිමයටම අරන් යන නිර්මාණයක්. මෙම චිත්‍රපටයේ කතාව, අධ්‍යක්ෂණය වගේම සංස්කරණයත් කරලා තියෙන්නේ Curry Barker විසින්.

YouTube එකෙන් ආපු අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂක Curry Barker කියන්නේ මුලින්ම YouTube හරහා හාස්‍යජනක වීඩියෝ (sketches) කරපු කෙනෙක්. ඔහු 2023 දී කරපු ‘The Chair’ කියන කෙටි භීෂණ චිත්‍රපටය දැකලා, නිෂ්පාදක ජේම්ස් හැරිස් (James Harris) ඔහුට ආරාධනා කරනවා දිගු චිත්‍රපටයක් කරන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත බාකර්, සුප්‍රසිද්ධ ‘The Simpsons’ කාටූන් කතාවක කොටසකින් ආභාෂය ලබාගෙන මේ Obsession චිත්‍රපටයේ අදහස ඉදිරිපත් කරනවා.

2024 ඔක්තෝබර් මාසයේදී ලොස් ඇන්ජලීස් නුවරදී මෙහි රූගත කිරීම් කරලා තියෙන්නේ ඩොලර් 750,000 ක් වගේ ඉතාම අඩු පිරිවැයකින්. මේක බාකර්ගේ දෙවැනි දිගු චිත්‍රපටය වුණත් (පළමුවැන්න ‘Milk & Serial’), සිනමාශාලාවල තිරගත වුණු ඔහුගේ පළමු චිත්‍රපටය මේකයි.

චිත්‍රපටයේ කතාව…..
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ සංගීත භාණ්ඩ විකුණන කඩයක වැඩ කරන බැරන් “බෙයාර්” බේලි (Michael Johnston). ඔහු රහසින්ම ආදරය කරන්නේ ඔහුත් එක්කම එකට වැඩ කරන නිකි ෆ්‍රීමන් (Inde Navarrette) ටයි. මේ කඩේම ඔවුන්ගේ යාළුවෝ දෙන්නෙක් වෙන ඊගන් (Ian) සහ සාරා (Sarah) වැඩ කරනවා.

දවසක් බෙයාර් නිකිට තෑග්ගක් ගන්න ක්‍රිස්ටල් බඩු විකුණන කඩේකට යනවා. එතනින් ඔහු “One Wish Willow” කියලා සෙල්ලම් බඩුවක් ගන්නවා. ඒකෙන් කියන්නේ ඒක කඩන ඕනෑම කෙනෙකුට එක ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න පුළුවන් කියලා. තමන්ගේ ආදරය දිනාගැනීමේ දැඩි අවශ්‍යතාවය නිසා බෙයාර්, අර සෙල්ලම් බඩුව කඩලා “නික්කිට මේ ලෝකේ කාටවත්ම වඩා මට ආදරය කරන්න ලැබෙන්න” කියලා ප්‍රාර්ථනා කරනවා.

ආදරය බියකරු උමතුවක් වන විට ප්‍රාර්ථනාවෙන් පස්සේ නික්කි බෙයාර්ට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ ආදරය සාමාන්‍ය ලස්සන ආදරයක් නෙමෙයි. එය කෙමෙන් කෙමෙන් පාලනය කරගත නොහැකි, බියකරු උමතුවක් බවට පත්වෙන්න ගන්නවා. නික්කිගේ අමුතු සහ තිගැස්ම ඇති කරන හැසිරීම් නිසා බෙයාර් දැඩි ලෙස බියට පත්වෙනවා.

තමන් කරගත්තු වැරැද්ද තේරුම් ගන්නා බෙයාර් මේ ශාපලත් ප්‍රාර්ථනාව ආපස්සට හරවන්න උත්සාහ කරනවා. හැබැයි අද්භූත බලවේගයෙන් ඔහුට ලැබෙන්නේ ඉතාම බිහිසුණු පිළිතුරක්. මේ අද්භූත සෙල්ලම් බඩුවේ රහස මොකක්ද? බෙයාර්ට නික්කිගේ මේ බියකරු උමතුවෙන් බේරෙන්න පුළුවන් වෙයිද?

සිනමා ඉතිහාසය උඩුයටිකුරු කළ Box Office වාර්තා (Box Office)

2026 ජූනි වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව, Obsession චිත්‍රපටය ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් පමණක් ඩොලර් මිලියන 169.4 කුත්, ලෝකයේ අනෙකුත් රටවලින් ඩොලර් මිලියන 73.3 කුත් උපයාගෙන තියෙනවා. ඒ අනුව මෙහි මුළු ආදායම ඩොලර් මිලියන 242.7 ක්!

මේ ආදායම පිටුපස සිනමා ලෝකයම පුදුම කරපු සුවිශේෂී කතාවක් තියෙනවා:

අනාවැකි බිඳහෙලූ ආරම්භය: චිත්‍රපටය තිරගත කරන්න කලින් සිනමා විචාරකයෝ හිතුවේ මේකට පළමු සති අන්තයේදී ලැබෙන්නේ ඩොලර් මිලියන 8-10 ක් වගේ මුදලක් කියලයි. හැබැයි පළමු දවසේම ඩොලර් මිලියන 7 ක් හොයපු මේ චිත්‍රපටය, පළමු සති අන්තය ඉවර වෙද්දී ඩොලර් මිලියන 17.2 ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් හි ඉහළටම ආවා.

දෙවැනි සතියේ පුදුම සහගත පිම්ම: සාමාන්‍යයෙන් Horror (භීෂණ) චිත්‍රපටවල දෙවැනි සතියේදී ආදායම අඩු වෙන එක තමයි සාමාන්‍ය දේ. හැබැයි “Obsession” චිත්‍රපටය දෙවැනි සති අන්තයේදී 39% ක ආදායම් වර්ධනයක් පෙන්වමින් ඩොලර් මිලියන 24 ක් උපයාගත්තා. නත්තල් නිවාඩු කාලයෙන් පිටත, සිනමාශාලා 2500 කට වඩා ප්‍රමාණයක තිරගත වුණු චිත්‍රපටයක් මෙවැනි විශාල ආදායම් වර්ධනයක් ලැබූ පළමු අවස්ථාව මෙයයි. මෙයට ප්‍රධානම හේතුව වුණේ චිත්‍රපටය බලපු අය අනිත් අයට මේ ගැන කියන්න පටන් ගැනීම (Word-of-mouth) සහ ප්‍රේක්ෂකාගාරයෙන් 75% ක්ම වයස 18-34 අතර තරුණ පිරිස් වීමයි.

‘E.T.’ චිත්‍රපටයෙන් පසු තැබූ ලෝක වාර්තාව: තමන්ගේ තෙවැනි සති අන්තයේදීත් ආදායම තවත් වැඩි කරගනිමින් ඩොලර් මිලියන 27.4 ක් උපයන්න මේ චිත්‍රපටයට හැකි වුණා. සිනමා ඉතිහාසයේ සති තුනක් එක දිගට ආදායම වැඩි කරගත් චිත්‍රපටයක් බිහිවුණේ 1982 දී තිරගත වුණු සුප්‍රසිද්ධ ‘E.T. the Extra-Terrestrial’ චිත්‍රපටයෙන් පසුවයි!
මේ නිසාම ජූනි 2 වෙනිදාට අන්තර්ජාලයට (Digital Release) නිකුත් කිරීමට තිබූ සැලසුම පවා සමාගම විසින් කල් දමනු ලැබුවා.

බිඳහෙලූ දැවැන්ත වාර්තා:

එතෙක් Focus Features සමාගම ඇමරිකාව තුළ වැඩිම ආදායම් ලබා තිබූ Downton Abbey (2019) චිත්‍රපටයේ වාර්තාව (මිලියන 97) තෙවැනි සතියේදීම බිඳහෙලන්න මෙයට හැකිවුණා.

සිව්වැනි සති අන්තය වෙද්දී Downton Abbey හි ලෝක ව්‍යාප්ත ආදායම් වාර්තාව (මිලියන 194.6) ද පසුකර යමින් Focus Features සමාගමේ සියලුම කාලයන්හි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත්වුණා.

එපමණක් නොව, සිනමා උළෙලකින් (Festival Acquisition) මිලදීගෙන ප්‍රදර්ශනය කර ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස වසර 22ක් පුරා Fahrenheit 9/11 (2004) චිත්‍රපටය (මිලියන 222) තබා තිබූ වාර්තාවද බිඳහෙලන්නට මේ කුඩා චිත්‍රපටයට හැකිවිය.

ඩොලර් ලක්ෂ 7 හමාරක (ඩොලර් 750,000) කුඩා වියදමකින් නිපදවා, ලෝක සිනමා දැවැන්තයන් පවා මවිත කරමින් බිලියන ගණනින් ආදායම් වාර්තා තැබූ Obsession, සිනමා ඉතිහාසයේ සදාකල් රැඳෙන සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වී හමාරයි. ඔයාලත් කුතුහලයෙන් පිරි චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම්, මඟනෑරිය යුතුම සුපිරිම සිනමා අත්දැකීමක් තමයි මේක.

මේක කැම් කොපියට හදපු උපසිරසියක් ඩිජිටල් පිටපත් නිකුත් වුණ සැනින් අදාල ගුණාත්මක භාවයෙන් යුතු උපසිරසිය ඔයාලට ලබා දෙනවා.මේක තියන්නේ හදිසි කට්ටියට විතරයි.

 

Obsession (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL/HDTS(කැම්) පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,900 downloadsDownload Obsession-2026-Original-WEB-DL-1.zip91 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Obsession Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

5,900 downloadsDownload Subtitles91 KB

16 comments

  1. නිශාන් සමීර

    සබ් කරන්න අරන් දවස් 92 වගේ...
    100 ත් ගැහුවා...
    සුපිරි සහෝ...
    ජය වේවා! ❤️ දිගටම සබ් දෙමු මෙහෙම!

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

    1. Anonymous

      ❤️❤️

  2. ඕෂද එරංග (Era Boy)

    සුබ පැතුම් කොල්ලෝ 100ට.. තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ! ❤️

    1. Anonymous

      ❤️❤️

  3. Buddhika laKMal

    100ට සුබ පැතුම් සහෝ...
    ඊට පස්සේ 200
    ........
    මේ සබ්එකටත් තෑන්ක්ස් හොදේ...........

    1. තරිදු දිසානායක

      ❤️❤️

  4. එල්. සී. ‎දමැල්

    100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! 🙂
    150ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  5. තරිදු දිසානායක

    ❤️❤️

  6. Buddhika laKMal

    ආපුගමන්ම අප්ඩේටඑක දුන්නට තෑන්ක්ස් මචෝ

  7. Tharindu Wanasinghe

    ස්තූතියි තරිදු…ඔබට ජය…

  8. සුපුන්

    ඔයාගෙ උපසිරැසියට ස්තුතියි. නමුත් කවදාවත් කතාවක් බලන්න කලින් ඒකෙ වෙන්නෙ මොනවද කියලා ස්පොයිල් කරන්න එපා. ඒක කැත ගතියක්.

  9. Chandana

    ෆිල්ම් එක නම් හොද ඇති සබ් නම් අවුල්.සයිට් 3කින් අරන් ට්‍රයි කරා එකක් වත් ටැලි නෑ.ඔක්කොම සයිට් වල එකම කොපිය වගේ යන්නේ..

  10. Sahan Gayantha

    thanks a lot Tharindu saho sub ekata

  11. Viraj

    Thanks

  12. Dulaj Prasanga

    Film eka download karanne kohomada