මට තියෙන්නෙ මිනිස් මනසක්… මගේ ශරීරය නිෂ්පාදනය කරන ලද කබොල්ලක්… මගේ වර්ගයේ පළවෙනියා මමයි… ඒත්, අන්තිම කෙනා මම නොවේවි… එයාලා අර්ථ දක්වන ආකාරයට, අපි මතකයන්ට ඇලී ගැලී ඉන්නවා… ඒත්, අපිට අර්ථ දක්වන දේ තමයි අපි කරන්නෙ… මගේ අවතාරය දිවි ගලවා ගත්තා, අපේ ඉදිරි අය වෙනුවෙන් සිහිපත් කරලා දෙන්න… මනුෂ්‍යත්වය තමයි…

මට තියෙන්නෙ මිනිස් මනසක්…
මගේ ශරීරය නිෂ්පාදනය කරන ලද කබොල්ලක්…
මගේ වර්ගයේ පළවෙනියා මමයි…
ඒත්, අන්තිම කෙනා මම නොවේවි…
එයාලා අර්ථ දක්වන ආකාරයට, අපි මතකයන්ට ඇලී ගැලී ඉන්නවා…
ඒත්, අපිට අර්ථ දක්වන දේ තමයි අපි කරන්නෙ…
මගේ අවතාරය දිවි ගලවා ගත්තා, අපේ ඉදිරි අය වෙනුවෙන් සිහිපත් කරලා දෙන්න…
මනුෂ්‍යත්වය තමයි අපේ ගුණාංගය කියලා…
මං දන්නවා, මං මෙහේ ඉන්නෙ මොනවා කරන්නද කියලා…
ඒ වගේම, මං කවුද කියලා…
මං තමයි, මේජර් මීරා…
නොහොත්…?
දීර්ඝ නින්දකට පස්සේ මං ඇස් ඇරලා බැලුවා… මුලින්ම මට හුස්ම ගන්න අමාරු වුණා. ඒත්, පස්සේ ඒක හරි ගියා. මං ළඟ එකම එක දොස්තර කෙනෙක් හිටියා. මොකක්ද දෙයියනේ මේ වෙන්නේ…? මට මගේ මුළු ඇඟම දැනෙන්නේ නැතුව ගියා… දොස්තරලා කියපු දෙයින්, මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා. මට අනතුරක් වුණාලු… මගේ ශරීරය නම් බේරගන්න බැරිවුණත්, මොළය විතරක් බේරාගත්තා කියලා කිව්වා. අන්තිමේට මට සිද්ධවුණේ, මිනිස් මොළයක් සහිත රොබෝවෙක් ගෙන් සෑහීමකට පත්වෙන්න. මගේ පහුගිය මතකයන් ගැන කිසිම පැහැදිලි හෝඩුවාවක් මතකයේ රැඳිලා තිබුනේ නැහැ. ඒ දේවල්, හරියට මීදුමක් වගේ නොපැහැදිලි තත්වයක තිබුණේ. අනාගත පෘතුවියේ, දහසකුත් එකක් රොබෝවන් අතරේ, ප්‍රථම වතාවට සුපිරි බලයක් සහිත මිනිස්-රොබෝ ගැහැණිය බවට මාව පත්වුණා.
කාලය ගෙවිලා ගියා. හැන්කා රොබෝටික්ස් සමාගමේ ආරක්ෂක නිලධාරියෙක් විදියට මං වැඩකරන්න පටන් ගත්තා. නැතිනම්, සුපිරි ආයුධයක් විදියට. දවසක්, නොසිතූ දෙයක්ම සිද්ධවුණා. හැන්කා රොබෝටික්ස් ආයතනයේ ප්‍රධාන මනුෂ්‍ය-රොබෝ විද්‍යාඥයින් කිහිප දෙනෙකුම හැක් (Hack) කිරීමට භාජනය කොට, ඝාතනය කරනු ලැබුවා. මේ දේවල් කවුද කරන්නෙ, මොන හේතුවක් නිසාද කරන්නෙ කියලා කිසිම හේතුවක් දැනගන්න හැකියාවක් තිබුනේ නැහැ. මේ ඝාතන සිදුකරලා තිබුනේ, ගෙයිෂා නම් ව්‍යාපෘති රොබෝවන් භාවිතා කරමින්, මස්තිෂ්ක හැක් කිරීමක් මගිනුයි. ඒ වගේම, අවසානයට එකම එක පණිවිඩයක් පමණක් අපි වෙනුවෙන් “කුසේ” කියන නොහඳුනන පුද්ගලයෙක් ඉතිරි කරලා ගිහිල්ලා තිබුණා. “හැන්කා රොබෝටික්ස් හට සහාය දෙන්නන්
විනාශ කල යුතුයි…” කුමක්ද මේ තර්ජනය…? ඇයි මෙහෙම තර්ජනය කරන්නෙ…? අපි දිගටම හොයාගෙන ගියා. අවසානයේ, මගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණියා… මෙතෙක් කාලයක් පුරාවට, මගේ මිනිස් මොළයට වධ දුන් දහසකුත් එකක් ප්‍රශ්නාර්තයන් හට පිළිතුරු ලැබුණා… ඒ නිසා, සමහරුන්ට නම් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවුණා… නමුත්, අවසානයේ මට නම් ශාන්තිය උදා වුණා…
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, හොලිවුඩ් චිත්‍රපට රසික රසිකාවියන් ඉමහත් නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටපු, Scarlett Johansson ගේ නවතම සිනමා සිත්තම. මාවල් සිනමා විශ්වයේ, Black Widow නම් කාන්තා සුපිරි වීර චරිතය සහ Lucy (2014) චිත්‍රපටය නිසාවෙන් අතිශය ප්‍රසිද්ධියට පත්වූ සුරූපිණියක් ලෙස Scarlett Johansson ගේ නාමය ප්‍රේක්ෂක ඔබගේ මතකයේ ගැඹුරටම කා වැදී ඇතුවාට සැකයක් නම් නැහැ. එසේනම්, ඇයගේ අයස්කාන්ත රංගනයෙන් හැඩ වැඩ ගැන්වී, Action, Crime, Drama යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ මාර්තු මස 31 වෙනි දින නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙමින්, ඇමරිකානු ඩොලර් මිලියන 110 ක බරපැනක් දරා නිෂ්පාදනය වුණා වූද, ඇමරිකානු ඩොලර් මිලියන 166.2 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගන්වෙන්නා වූ මෙම සළරුව වෙනුවෙන්, මේ සටහන ලියවෙන මොහොත වන විට, පනස් දහස ඉක්මවූ ප්‍රේක්ෂක මනාපයකින්, imdb දර්ශකයේ 6.8 ක අගයක් සනිටුහන් වී තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Snow White and the Huntsman (2012) අධ්‍යක්ෂණය කරන ලද , Rupert Sanders විසින්.
ඒ වගේම, විශේෂ ස්තුතියක් පුදකරන්න ඕනේ, හසන්ත අයියට. මොකද, චිත්‍රපටය පුරාවටම නොදන්නා වචන අනන්තවත් තිබුණා. චිත්‍රපටය බලනකොට තේරේවි, මේකේ කොච්චර නම් තාක්ෂණය සම්බන්ධ වචන අන්තර්ගත වෙලා තියෙනවද කියලා. ඉතිං, මේ දේවල් කියාදෙමින්, මගේ පිහිටට හිටියෙ හසන්ත අයියා. ඒ වෙනුවෙන්, හසන්ත අයියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
එසේනම්, අනාගත ලෝකයේ, අර්ධ මිනිස් රෝබෝවෙකුගේ වීර වික්‍රමාන්විත චාරිකාවක් සමගින් පුරා හෝරා එක හමාරක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, ද්වේශය, කුතුහලය, දුක, සතුට අතරේ දෝලනය වෙමින්, නැවුම් වූ සිනමා අත්දැකීමක් ලබාගන්නාක් මෙන් සියළුම බයිස්කෝප් සහෘදයන් වෙත සෙනෙහෙ සිතින් ආරාධනා කරමින්, අවසරයි අදට ඔබගෙන් සමුගෙන යෑමට. හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
Ghost.in.the.Shell.2017.1080p.BluRay.x264-DRONES
ලබාදී ඇති උපසිරැසිය, සියළුම BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
35,332 downloadsDownload Ghost-in-the-Shell-2017-BR.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
71 comments
Nimesh
හසිත මධුෂාන්
මුල්ම ස්තූතිය ඔන්න මගෙන්,
බොහොම ස්තූතියි සහෝ....Gathsara Umesh Kumara
Bohom sthuiy sabata ayyee.....ukmnun theath upasuresykin hamuwemmo
නවින් නිසල්
~~උපසිරසියට ස්තුතියි~~~~~~
Ranga Prasanna
අම්ම ගහයි. එලස්....
dilan lakmal
Film eka download wenna dala meka kotanne.supiri film ekak wage.loweth ne sisila aiya ela.thanks bro.
Thisara Neo
නිකුත් වෙචචි දවසෙම බැලුවා මේක.. නියම කතාවක්.... සබට තුති සහෝ... br ආවම ආපහු බලනවා....
iptX
elam bro ;)
Udara Damith B/K
වෙබ් හරි බ්ලු රේ හරි අවම බලනවා
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි.br ආපුවාම තමයි බලන්නේ
පුලුවන්නම් කාට හරි කියලා මේකේ anime film ටිකටත් අනිවා සබ් දෙන්න කියන්න සහෝ
ජය වේවා!Kulanjana Maduranga
niayamai…supiri filumak..br 1ka awama update parak danna.thanks saho..sub ekata..keep it up...jaya wewa……
Hemal
Thank you saho
M.B.H.M Marasinghe
Sisila saho oya namm...sub machine 1k ne..patta machan..elazz...Gdluck...!!!
ආසිරි ප්‍රියන්ත (හේවා)
හම්මේ, මස්සිනා, මේක නම් එනකම්ම ඉදපු ෆිලුමක් බලන්න.
ස්කාර්ලට් අක්කිව බලන්න.
හම්මේ...
මෙන්න ගන්නේ නෑ, පිස්සුවක් අතෙයි. හොදකොපි බලන්නේ. ඔය රෙද්දේ කොරියන් සබැ එක්ක බලද්දී ෆිලුමේ ගතිය නැතිවෙලාම යනවා.
සබට තැන්ක්ස් හොදේ.
ජය වේවා!!Dulanga
Thanks
Pushpa Kumara
thanks machoo sub ekata
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මමත් BR අප්ඩේට් ආව ගමන්ම ඩවුන්ලෝඩ් කරනවා.
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. අනිවා බැලීමක් තමා. ජය෴෴ :P :P
mahesh babu
Thawath paharakne......
Ela ela....jayawewaLakshan
Thanks for the sub ..!
Roma
Link eka Ganna Kiwwata Link eka Naaaa Boruwata ne Daanne
Charli Max
Thank you machan…Br eka awama balanawa
@@@Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----daminda
thanks bro
Suresh
Thnx bro
chanu mikhail
meke anime film eka baluwa, meka enakan hitiye
elama thanx bro
puluwan nam meke anime ekatath sub denna
jaya.....Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!සචින් කෙවින්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. BR ආවමම බලනවා. ස්කාර්ලට් ජොන්සන් ඉන්න එකක් නොබලා ඉන්නෙ කොහොමද?
Dilshan
Ela bn..
"Bahubali 2" ekatai "fast and furious 8" ekai sub dipanko bnSanjeewa Bandara
Thanks Bro
Nishan
Thanx bro
Madura J. Kawshalya
සබ් එකට ගොඩාක් ස්තූතියි..
බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය...
chanu mikhail
onna banooo...............
thnxxxxxxxxxxxxx u
sub ekata..........
jaya.......!!!!Mithun
Update ekata godak stuthi saho ..
Scarlett akka inna ewa kohoma nobala innada
Supirisilent$
Thnxxxx
පැතුම් චතුරංග
එල සිසලා අයියේ..
සබට තැනකු වේවා...චරිත්
බොහෝම ස්තූතියි සිසිල සහොදරයා ..
Chalana
thnx bro...
lakshan
බොහොම ස්තුතියි
tbsdarshana
Thanks for Subtitle.
Blue ray rip eka release karala ...muditha
thanks sisila bro...
hasith
tnx sahoo
Arjuna Thusitha
Please Update BR
asanka
WEB-DL එක BRrip එකට වැඩ. හැබැයි තත්පර ගානක පොඩි වෙනසක් තියනව. ඒකත් හදල දැම්මනම් වටිනව. ස්තුතියි සහෝ.
asanka
මට වැරදුන. WEB-DL එකත් BRrip එකට කිසි අව්ලක් නැතිව වැඩ.
nirodha uthpala
Legendary movi eakak subtitle karanna hambavela theyenne supirima porak ge athata ne eahenam baya Venna deyak na elatama athi ...subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava. .......... brrip eakath update karahan bro mata balanna indala epa velaI thiyenne
Chanuka
ela bro
sanjaya
sub ekata godak sthuthiy.
අසිත
elama saho thanks
KAVINDA GAMAGE
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!ඉෂාන් මදුෂ
උපසිරැසිය br update කලාට බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela.....motta shiva ketta shiva ekta sub diynko mchn