Watch Trailer

Maine Pyar Kiya (1989) with Sinhala Subtitles | මා ආදරය කළා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවේවා! මේ සැරේ මම අරගෙන ආවේ අතිශය ජනප්‍රසාදය දිනාගත් සම්මානනීය චිත්‍රපටයක්. මේකත් කමෙන්ට් එකකින් තමයි ඉල්ලලා තිබ්බේ. එක දැකලා මම චිත්‍රපටය ගැන සොයා බලනකොට තමයි මට හිතුනේ මෙකට නම් සබ් එක දෙන්නම ඕන කියලා. 1989 තිරගත වුනු මෙම චිත්‍රපටය 35 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 13 කට නාම යෝජනා…

හැමෝටම ආයුබෝවේවා! මේ සැරේ මම අරගෙන ආවේ අතිශය ජනප්‍රසාදය දිනාගත් සම්මානනීය චිත්‍රපටයක්. මේකත් කමෙන්ට් එකකින් තමයි ඉල්ලලා තිබ්බේ. එක දැකලා මම චිත්‍රපටය ගැන සොයා බලනකොට තමයි මට හිතුනේ මෙකට නම් සබ් එක දෙන්නම ඕන කියලා.

1989 තිරගත වුනු මෙම චිත්‍රපටය 35 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 13 කට නාම යෝජනා දිනා ගත්තා. ඒ අතරින් සම්මාන 7 ක් ම සතු කරගන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණා. එනම්,

හොඳම චිත්‍රපටය (Rajshri Productions)
හොඳම සංගීත අධ්‍යක්ෂණය (Raamlaxman)
හොඳම ගීත රචනය (Asad Bhopali for “Dil Deewana”)
හොඳම පසුබිම් ගායනය(පිරිමි) (S. P. Balasubrahmanyam for “Dil Deewana”)
හොඳම ආධුනික රංගනය (පිරිමි) (Salman Khan)
හොඳම ආධුනික රංගනය (කාන්තා) (Bhagyashree)

ඉංග්‍රීසි, තෙළිඟු, දෙමළ, මලයාලම් වගේම ස්පාඤ්ඤ භාෂාවටත් හඬ කවන්නට තරම් මේ චිත්‍රපටය ජනප්‍රිය වුනා. 1989 වර්ෂ‍යේ වැඩිම දළ අදායමක් ලද චිත්‍රපටය වගේම දැනටත් වැඩිම දළ ආදායම් ලැබූ චිත්‍රපට අතර රැඳී තිබෙන චිත්‍රපටයක්. Raamlaxman ගේ සංගීත අධ්‍යක්ෂණයට, Dev Kohli සහ Asad Bhopali ගේ පද වැල් වලට මියුරු සුගායනයෙන් දායක වන්නේ Lata Mangeshkar, S. P. Balasubrahmanyam සහ Sharda Sinha. දශකයේ වැඩිම ආදායම් ලද සංගීත කණ්ඩය ඇතුලත් චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට එක් වුනා. (සියලුම ගීත උපසිරැසි ගන්වා ඇත). ‍1995 දී Dilwale Dulhania Le Jayenge චිත්‍රපටය එනතුරු වැඩිම සම්මාන දිනාගත් චිත්‍රපටය ලෙස ද වාර්තා පොත් අතර රැඳුණා. කෙටියෙන්ම කිව්වොත් වාර්තා පිට වාර්තා තබපු චිත්‍රපටයක්. (උපුටා ගැනීම විකිපීඩියා වෙබ් අඩවියෙන්)

චිත්‍රපටය ගැන ගොඩක් කියපු නිසා කතාව ගැන කෙටියෙන් කියන්නම්. ප්‍රේම් සහ සුමන් යන ප්‍රධාන චරිත දෙක වටා ගෙතුනු මේ කතාව පටන්ගන්නේ මේ දෙන්නගේ තාත්තලාගෙන්. මේ තාත්තලා දෙන්නා හොඳම යාලුවෝ. එකට ඉගෙන ගත්තත් ප්‍රේම්ගේ තාත්තා හොඳට ඉගෙනගෙන නගරෙට යනවා. අවුරුදු ගානකට පස්සේ සුමන්ගේ තාත්තට පිටරටක මාස කිහිපයක වැඩක් හම්බවෙනවා. සුමන්ව ගෙදර දාලා යන්න බැරි නිසා එයාව නගරෙට ගිය තමන්ගේ අතිජාත මිත්‍රයාගේ ගෙදර නවත්වලා යන්න තාත්තා තීරණය කරනවා. එහෙදී තමයි ප්‍රේම් ව මුණගැහෙන්නේ.ඔය තමයි කතාවේ ආරම්භය. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව කොහොම වේවිද? ප්‍රේම්ගේ තාත්තා නගරෙට ආවට පස්සේ වෙනස් වෙලා ද? තව කවුරුන් මේ දෙන්නගේ හරහට හිටියිද? ඒවා මේ චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න.

අවසාන වශයෙන් ස්තූති කරන්න ඕන ආසිරි ප්‍රියන්ත සහෝදරයාට හින්දි වචන කිහිපයකටම ගැළපෙනම අදහස මතුකරලා දුන්නට. චිත්‍රපටය වෙන් කරලා දුන්න රොයිලි අයියාට, ඒ වගේම ස්තූතියි චන්න සහෝදරයාට. (මෙයාගේ ලැප් එකෙන් තමයි සබ් එක ගැහුවේ) එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. අදහසකුත් පළ කරගෙනම යන්න.  

ඔබට ජය!

Maine Pyar Kiya (1989) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Maine Pyar Kiya 1989 DvD.RiP

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

256 downloadsDownload Maine-Pyar-Kiya-1989.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

256 downloadsDownload Subtitles65 KB

15 comments

  1. Aj

    Thnkx for sub.....mewage ekak hoya hoya hitiye blnna...sharukge Anjaam film ekatat sub denna puluwan nam.......

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. එල්.සී. දමැල්

    මේක ඉතින් අනිවාරෙන්ම බලනව... බොහොම ස්තුතියි ස‍දේ :D

  4. KAVINDA GAMAGE

    අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
    Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. charli

    Ubanam deyyek .
    Mama Hoya Hoya Hitya Film Ekek Meka Thank You Machan.
    .Puluwannam SRK Ge Anjaam Ekatai Ram Jaane Sub Danna.
    Good Luck.......
    ..............................................................................................

  7. Ranga Prasanna

    එල තමයි ම‍චෝ... බොහොම පින්

  8. shan

    සබ් එකට වගේම මාවත් මතක් කලාට බොහොමත්ම ස්තුතියි ශසිත් සහෝ.. :D (මොකද මේ ගැන ඔයාව දැනුවත් කලේ මමනේ.)
    ශසිත් සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ හැමෝගෙම සියලුම කටයුතු ඉතා සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා.
    එහෙනම් ඉතින් තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු. ;)
    ජය වේවා!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  10. ආසිරි ප්‍රියන්ත (හේවා)

    මගේ නමත් කියලා තියෙන්නේ, දන්නා වචන දෙකකට තේරුම කිව්වා කියලනේ ඔය.
    ඔක්කොමත් හරි මට පුදුමේ මෙව්වට කොහෙන් සබ ෆයිල් හොයාගන්නවද කියලා.
    මමත් කරන්න ආස ෆිල්ම් කිහිපයක් තියේ පරණ.
    ඒත් එව්වට සබ ෆයිල් නෑ.
    කොහොම උනත් එල වැඩක් ආ..
    දිගටම ඉල්ලීම් වලට ඇහුන්කම් දෙමු.
    සබට තැන්ක්ස් මචෝ.
    ජට වේවා!!

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Mahesh Silva

    කියලා වැඩක් නෑ. සුපිරිම film එක. සබ දුන්නාට ගොඩාක් ස්තූතියි.දිගටම ඔහොම යං........ජයවේවා

  14. dinuka sudara

    thank you.

  15. Lasantharathnasirirox

    ඇත්තටම කියලා වැඩක් නෑ ශසිත් සහෝදරයා...සන්තෝසයි සන්තෝසයි..ජයවේවා !!