ඉතින් කොහොමද ? ධර්මදුරෙයි උපසිරසිය කරලා පාඩුවේ ඉන්නම් කියලා ඉන්නකොට සඳුන් අයියගෙන් ඉල්ලීමක් එනවා උපසිරසියක් කරන්න කියලා. කත්ති සන්ඩෙයි (පිහි සටන). 2016 තිරගත වුණ විශාල්ගේ මේ ෆිලුම මං පහුගිය දොහේ ඇරන් ආව ෆිලුම් වගේ ජනප්‍රිය වුණ එකක් නම් නෙවෙයි. හැබැයි එක්තරා මට්ටමකට ජනප්‍රිය නොවුණාමත් නෙවෙයි. මොකද ව…
ඉතින් කොහොමද ? ධර්මදුරෙයි උපසිරසිය කරලා පාඩුවේ ඉන්නම් කියලා ඉන්නකොට සඳුන් අයියගෙන් ඉල්ලීමක් එනවා උපසිරසියක් කරන්න කියලා. කත්ති සන්ඩෙයි (පිහි සටන). 2016 තිරගත වුණ විශාල්ගේ මේ ෆිලුම මං පහුගිය දොහේ ඇරන් ආව ෆිලුම් වගේ ජනප්‍රිය වුණ එකක් නම් නෙවෙයි. හැබැයි එක්තරා මට්ටමකට ජනප්‍රිය නොවුණාමත් නෙවෙයි. මොකද වඩිවේලු සෑහෙන කාලෙකට පස්සේ සිනමාවට අවතීර්ණ වුණු නිසා. විචාරයක් කරන්න කලින් කතාව කියන්නම්.
දවසක් මහ රාත්‍රියේ ඩී.සී තමිල් චෙල්වන් කියන පොලිස් නිළධාරී තුමන් විසින් කෝටි 50 ක මුදලක් පැහැරගෙන යමින් තිබුණු කන්ටේනරයක් අත්ඩඅංගුවට ගන්නවා. ඒ සල්ලි කාගේද කියලා විමර්ශනය කරමින් ඉද්දි තමයි කොහේදෝ ඉඳන් විශාල් ඇවිත් ඩී.සීගේ නංගි තමන්නාට ආදරේ කරන්න පටන් ගන්නේ. ඒ පළාතේ නමගිය මැරයෙක් වෙන දේවා (සූරි) ගේ උදවුවෙන් කොහොම හරි විශාල් තමන්නාව දාගන්නවා. අවසානේ ඩී.සී තමිල් චෙල්වන්ගෙත් හිත දිනාගෙන විශාල් තමන්නාගේ ගෙදරටම රිංග ගන්නවා. දවසක් කවුරුත් නොහිතපු විදියට ඩී.සීව පිරිසක් විසින් පැහැරගෙන ගිහින් මුදල් ඉල්ලනවා. ඒ වෙලාවේ අදාළ මුදල ඇරගෙන ඩීසීව බේරගන්න යන්නේ විශාල්. එතෙන්ට ගිහින් මැරයින්ට හොඳටම ගහලා මස්සිනාවයි සල්ලියි දෙකම බේරගෙන ආපහු ගෙදරට එනවා. ඊට පස්සේ සිදුවන්නේ අපි කවුරුත් නොහිතපු දෙයක්..ඩීසීව පැහැරගැනීමේ ඉඳලා බේරගැනීම දක්වා සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ විශාල්. එතකොට තමන්නාට ආදරය කළේ බොරුවටද? වෙන්න පුළුවන්. එයා ඇයි එහෙම කළේ ? මොකද, එදා අත්අඩංගුවට ගත්තු කන්ටේනරයේ තිබුණේ කෝටි 50 ක් නෙවෙයි. කෝටි 300 ක් ! එහෙනම් ඉතිරි කෝටි 250 ට මොකද වුණේ? ඒ තමයි විශාල් ඩී.සීගෙන් අහපු ප්‍රශ්ණේ. එහෙම කියද්දි අපිටත් ප්‍රශ්ණයක් එනවානේ “තමුසේ කවුද? අපේ සල්ලි වලින් තමුසෙට ඇති උවමනාව මොකද්ද? “ කියලා..එහෙනම් ඔය ප්‍රශ්ණ සේරටම උත්තරේ හොයාගන්න පුළුවන් ෆිලුම බැලුවොත්.
හොඳ කතාවක් වුණාට චිත්‍රපටිය නම් හොඳට කරලා තිබුණේ නැහැ කියලා කියන්න කැමතියි. චිත්‍රපටිය ඕනැවට වඩා විහිළුවට බර කරන්න ගිහින් සවුත්තු කරගෙන. මේ කතාවේ පළවෙනි බාගය නම් ටිකක් විතර රසවිඳින්න පුළුවන් වුණා සූරිගේ කොමඩි නිසා. නමුත් අනිත් බාගේ නම් අවංකවම එපා කෙරෙවුවා අර වඩිවේලු කියන හාදයා. වඩිවේලු නැතුව වෙනත් කෙනෙක් දැම්මා නම් ෆිලුම තවත් හොඳ වෙන්න තිබුණා. තමන්නාටත් මේ චරිතේ අවශ්‍යමද කියලා මට හිතුණා. කොහොම වුණත් අවසානේ වෙද්දි නම් චිත්‍රපටියේ යම් කිසි හොඳ ගලා යෑමක් දකින්න පුළුවන්. දේශපාලකයින්ගේ වැරදි වැඩ නිසා මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණකම් ගැන තමයි කතා කරලා තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා..
ඔබට ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent links.
TamilMV.mx – Kaththi Sandai (2016) Tamil HDTV – 720p – UNTOUCHED – AAC – 1.9GB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,715 downloadsDownload Kaththi-Sandai-2016.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
26 comments
Shehan prathapasinghe
Shehan prathapasinghe
luckkunndu imdb 8.1 theligu mekath denna balanna machan
"චූටී මල්ලී"
Yaakkai kiyla ekk awit tiye neda hoda nm ekat denna bro and winer kiyala telingu ekkut tiye awit
TnxUdara Damith B/K
කාලෙකින් නෙ චුටි මල්ලි කමෙන්ට් එකක් දාලා තියෙන්නේ
Janith Randika
baiscopedownloads eke nane me film eka?
Bhagya madushan
thanks
Nimesh
Motta shiva ketta shiva sub dennoo
charli
ela thanks sub ekata....
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Gayan
Sub ekata thank's saho.
Chalana
thnx bro...
thilina
elama thx kollo .kauru hari Sleepy Hollow tv serious ekata sub dennako ane godak kal dan
Kaviya
Sub denkan bala balan hitiye tq bro✌✌✌
ආසිරි ප්‍රියන්ත (හේවා)
මේ කළු ඩයල් එක හෙන කාලෙකින් දැක්කේ අප්පා.
පට්ට ජෝකර්.
තව එකක් බැස්සුවා නේ.
එල එල.සබ් කරලා විතරක් බෑ, උම්මාද සිතුවමෙන් පටන් ගත්තු එක ඉරාජ් එක්කත් එකක් කරලම නවත්තමු.
සබට තැන්ක්ස් හොදේ.
ජයවේවා!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
A Mune Munasinghe
ඉන්ද්‍රජිත් බ්‍රෝ.. බොහොම ස්තුති ඔයාගේ සබ් එකට..ඔයා සබ් කරන්න තෝරගන්න පිල්ම් පට්ටයි... විස්ත්රෙත් කියේව්වා.. සබ් එක බාගෙන දාන කමෙන්ට් එකෙන්.. සබ් එක කරන කෙනාට පොඩි කික් එකක් ආවත්.. ම්ම් වැඩිය දැකලා නෑ.. ඔයා කමෙන්ට් දාන්න කියලා ඉල්ලීම් කරලා තියෙනව.. අනිත් එක ඔයා පන දාන් සබ් එක කරා කියලා ...චආට්ර් පිල්ම් වලට් බොරු වර්ණනා දෙන්නෙත් නෑ ඔයා... අවංක විචාරයටත් ඉස්තුති... ඔයාගේ ක්‍රමයට ම්ම් පවුග්ලික්වම කැමති සහ ගරු කරනවා. ජය -සතුට- නිරෝගී සුව ම පතමි ඔබට..'' ජයින් ජයම වේවා පුථී ..'
submaker
ohomamam panala demu saho. obalage sahayogaya samanala wayaparayata godaaak watinawa.
silent$
machan meka 700MB copy1ta set wen nedda ??
suranga
okkoma hodai kathawe hodama tika oya kiyala iwarai...... kathawa balanna deyak ne.. ehema nethuwa ketiyen kiwanam suppa.
hiru
sinhala sub ekka movies balanna
janaka
sub eka dunnata thank
shasith sandaruwan
නියමයි සහෝ... P)
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!!!Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා!…sasala
thanks
මොළ කකුලුස්
Thanks for your valuable service...subtitles නම් එළකිරි තමයි...නියමයි..ජය වේවා යාළුව
avishka360
Sub ekta thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama bro thanx