ආයුබෝවන් බයිස්කෝප් යාලුවනේ නිවාඩු දවස් නිසා ඔන්න ඔයාලට බලන්න බැරිවුණ තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.කලක් ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් ලෙසට ප්‍රකට Trisha ප්‍රධාන චරිතය රගපාන 2021 අප්‍රේල් මස 14 වන දින Disney+ Hotstar ලේබලය යටතේ නිකුත් කරන ලද Thriller ගණයට අයත් පැය 2කුත් විනාඩි 12ක් පුරා කුතුහලයෙන් බලන්න ප…

ආයුබෝවන් බයිස්කෝප් යාලුවනේ නිවාඩු දවස් නිසා ඔන්න ඔයාලට බලන්න බැරිවුණ තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.කලක් ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් ලෙසට ප්‍රකට Trisha ප්‍රධාන චරිතය රගපාන 2021 අප්‍රේල් මස 14 වන දින Disney+ Hotstar ලේබලය යටතේ නිකුත් කරන ලද Thriller ගණයට අයත් පැය 2කුත් විනාඩි 12ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාංගයක් තමයි අරගෙන ආවේ. අමතරව ප්‍රධාන චරිතයක් වන තමිල්ගේ චරිතයට පණ පොවන්නේ Zhagaram(2019), Katham Katham(2015), Thaana Serndha Kootam(2018) වගේ ජනප්‍රිය චිත්‍රපටවල හා Iru Dhuruvam(2019) කතා මාලාවෙන් ජනප්‍රියත්වයට පත් Nandha Durairaj වයි. කතාව ගැන පොඩි සාරාංශයක් ඉදිරිපත් කරන්නම්.
චෙලියන් කියන්නේ සුධින්දර දේශිය ජනනායග පක්ෂයේ නායකතුමා. අවුරුදු 5ක් විපක්ෂයේ ඉදලා එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අවංක ජන නායකයෙක්. ” රාජවංශික දේශපාලනය එපා! “ය, යන්න තමා ඔහුගේ මෙන්ම පක්ෂයේ ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. එනිසාම තම එකම පුත්‍රයාවත් දේශපාලනයට යොමු නොකර රජයේ පාසලකින් ඉගෙනුම ලබා දී වෛද්‍යවරයෙක් ලෙස විදේශයක පදිංචි කරන ලද්දේ. මැතිවරණ කටයුතු පැවැත්වෙන අතරතුර චෙලියන් නායකතුමා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කරනව. එම රෝහලේ වෛද්‍යවරියක් විදියට තමයි ගයත්‍රී කටයුතු කරන්නේ. ගයත්‍රී තම කන් ඇහෙන්නේ නැති දියණිය සමග තනියමයි වාසය කරන්නෙ. චෙලියන් මහතා රෝහල් ගත කලාට පස්සේ එම පක්ෂයේ දෙවැනියට ඉන්න කාලිංගන් පැමිණ චෙලියන් මහතා ප්‍රතිකාර ගන්න වාට්ටුව අවට සියලුම සී.සී.ටී.වී.සම්බන්ධතා අක්‍රිය කරන්න කියල ගයත්‍රිට බල කරනව. එම තර්ජන වලට බය නොවන ගයත්‍රී කෙසේ හෝ චෙලියන් මහතාව කෙමෙන් කෙමෙන් සුව අතට පත් කරමින් සිටියදී හදිස්සියේම දිනක දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව ජීවිතයෙන් සමුගන්නවා. නමුත් මේ මරණය ස්වාභාවික හේතුවකින් තොරව සිදුවන මරණයක් බව ගයත්‍රී දැනගන්නවා. ගයත්‍රිට සැක පහල වෙලා තිබුණේ නිතරම තමන්ට තර්ජනයක් වෙලා හිටිය කාලිංගන් මෙයට සම්බන්ධයක් ඇතිය යන්නයි. කෙසේ හෝ කාලිංගන් ගේ මහ ඇමති සිහිනය බොද කරමින් චෙලියන් මහතාගේ පුත් තමිල් පක්ෂයේ නායකයා බවට පත් වෙනවා. නමුත් ගයත්‍රිගේ සැකය පහව යන්නෙ නෑ. ඈ තරයේ විශ්වාස කරන්නේ කාලිංගන් මේ මිනීමැරුමට සම්බන්ධයක් ඇති කියලයි. ඇය තමිල්ව හම්බවෙලා මේ ගැන කිව්වත් තමිල් තමන්ව කුඩා කළ සිට හදා වඩා ගත් කාලිංගන්ව අවිස්වාස නොකරන බව පවසනවා. එවිට ගයත්‍රී පවසන්නේ තමන් ළග ඒක ඔප්පු කරන්න සාක්ෂි පවතින බවයි. ඔය අතරතුර ගයත්‍රිගේ දියණිය පැහැර ගැනීමකට ලක්වෙනවා. ඒ ගයත්‍රී ළග තියෙනවා යැයි කියන පටිගත කරන ලද චිපයක් ඉල්ලා. ඉතින්,
ඇත්තටම ගයත්‍රි ළග චිපයක් තියෙනවද ?
ගයත්‍රිගේ දුවව පැහැරගන්නා ලද්දේ කවුරුන්ද ?
චෙලියන් මහත්මාගේ ඝාතනයට වග කියන්න ඕනෙ කවුරුන්ද ?
මේ සියල්ලටම පිළිතුරු තියෙන්නෙ ඔයාල ගාව…එහෙනම් ළගදිම ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
5,795 downloadsDownload Paramapadham-Vilayattu-2021.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
30 comments
Shirantha Rajakaruna
Anonymous
මේක නම් කලින් බැලුවා
අලුතින් ආපු south indian ටිකටත් සබ් දෙමු බන්Anonymous
ෆිල්ම් එකේ අවසානෙනම් අවුල්.අනික ෆිල්ම් එක හොඳ උනහම රේටින්ග් උලුප්පල දානවා වගේම අවුල්නං ඒකත් ලිපියට ඇඩ් කරන්න.
IMDb-3.7
google-2.8oshanda
adahasata sthuthi
tharidu16
wow ikmaninin dila
tharidu16
parana ekak neda
Kushan
Sub akta thanks
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Samith
Thanks brother
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
Home(2021-Malayalam) sub plz
Naveen
උපසිරසියට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Anonymous
ස්තුතියි සහෝ
Jaddu
Thnkz mchn
Anonymous
YouTube එකේ තියනව මේක ගැන Reviewඑකක් සිංහලෙන්ම
Eranda
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Yash
තෑන්ක්ස් සහෝ
Anonymous
උපසිරසියට ස්තුතියි යාලු
දිගටම සබ් කරමුindika75
thanks..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Samith Menaka
ස්තූතියි සහෝ උපසිරැසියට
Anonymous
Tuck Jagdish Sub Plzzz
Prabhath lakmal
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Mbr
සබ් එකට ස්තූතියි සහෝ!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks for the sub bro..