හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්…

හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි.
මෙම චිත්‍රපටය අධ්යක්ෂණය කළේ ගෞතම් මෙනන්ගේ චිත්‍රපට ටිකක මීට කලින් ඔයාලා බැලුවා නම් කිසිම විදිහකින් පසු බහින්නේ නෑ මේ චිත්‍රපටය බලන්න. ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් වගේම නිෂ්පාදකයෙක් වන මොහුගේ චිත්‍රපට බොහොමයක් විචාරක පැසසුම් වලට ලක්ව තිබේ. මොහු විසින් අධ්‍යක්ෂනය කරන ලද Vaaranam Aayiram 2010 චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් හොඳම චිත්‍රපටය සඳහා වූ ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය. තවද මොහු නිෂ්පාදනය කල Thanga Meengal (2013) දමිළ බසින් හොඳම චිත්‍රපටය සඳහා වූ ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය.
මෙහි ප්‍රධාන වශයෙන් Dhanush, Sasikumar, Megha Akash රංගනයෙන් දායකත්වය පයනවා. කවුද මේ Megha Akash කියන්නේ දෙමළ සහ තෙලිගු චිත්‍රපටවලට Lie 2017 චිත්‍රපටයෙන් සිනමාවට පිවිස ඇති කෙනෙනි එයා ගැන දැනට නම් වැඩි දෙයක් කියන්න නෑ. Sasikumar මොහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක්, ගායකයෙක් සහ නිෂ්පාදකයෙක්. Dhanush මොහු ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ Asuran (2019) චිත්‍රපටය බලපු හැමෝටම හිතුනේ මෙයාට මෙහෙම රගපාන්න පුළුවන්ද (මූ කොහොමද බන් මෙහෙම රගපාන්නේ) අන්න ඒ වගේ තමයි මේ චිත්‍රපටියත්.
මේ කතාවේ මුල, මැද සහ අග වෙන වෙනම සම්බන්ද කිරීමකින් තමයි චිත්‍රපටය ඉදිරියට යන්නේ. රගූ තමන්ගේ මව, පියා සහ සහෝදරිය සමඟ පොල්ලාච්චි වල ජීවත් වේ. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන තිරූගේ පෙම්වතිය පාපැදි අනතුරකින් මිය යාමෙන් පසු නිවසින් පිටව ගොස් ඇත. රගූ සිය අවසන් වසරේ පරිගණක විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටින අතරතුර, ලේකා මුණගැසේ. ලේකා නිළියක් ඇයගේ කැමැත්ත නැතිව තමයි ඇය රගපෑම් වල නිරත වන්නේ. රගූ සහ ලේකා හමුවීම් කිහිපයකින් පසුව ඔවුන් මිතුරන් බවට පත්වන අතර, අවසානයේ එය ආදරය සම්බන්ධයක් බවට හැරවේ. රගූ විද්‍ර්‍යාලයේ විභාගය අවසන් වීමෙන් පසුව ලේකා තම නිවසට කැඳවාගෙන යන්නේ තම දෙමාපියන්ට හඳුන්වා දීම සඳහාය. කෙසේ වෙතත්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු සහ නිෂ්පාදකවරයකු වන කුබේරන් රගුගේ නිවසට පැමිණ රගූගේ පවුලට තර්ජනය කිරීමෙන් පසුව ලේකාව එම නිවසින් රැගෙන යයි. ඔය කියපු කතාව අතර තුර තවත් කතා බොහොමයක් තියෙනවා ඒ හැම දෙයක්ම නරඹන්න ආරාධනා කරමින් මම සමුගන්නවා. නැවතත් අලුත්ම චිත්‍රපටියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
33,990 downloadsDownload Enai-Noki-Paayum-Thota-2019.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
45 comments
malithmadhushan45
dumi
thank you!
විමා
සබට තුති බන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි පීටර් අයියේ සබ් එකට... දනූෂ් නම් අතාරින්නෙ කොහොමද.. ඒනම් ජයවේවා..!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tharidu16
thanks machoooooooooooooooooooooo
චානක ඉඳුනිල්
thanks for sub
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Shaggie
Thnks mchn
Niroshani maduka
Thank you for sub dr..
Himal Sandaruwan
thank u bn
Nilush Angana
Sub ekata thanx
Kavishna
thnx bro...
avishka360
Thanks
isuru srinath sjs
බොහොම ස්තුතියි..!!!
DasunHasanka
Thank you so much friend.
thilz
thanks
kodagoda
tnx sahoo sub ekta
SarangaSD
තෑන්ක්ස් වස්තුලා ගුඩ් ලක්
Rumesh dhanushka
Thanks Sadun
thanks bn
aks
Thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ...
GAmE KoLLA
පිලුමනම් නම් ඉක්මනින් ටොරෙන්ට් එක බෑව සීඩර් එක හන්දා (යු-ටොරෙන් බෑවනම් හෙට වෙනවා)
උපසිරැසිය නම් ඉක්මනින් ගත්තා බයිස්කෝප් එක ගූගල් එකේ උඩින්ම ආව හන්දා(බයිස්කෝප් නැත්නම් මම හෙට වෙනකන් හොයලවත් උපසිරැසිය හම්බෙන එකක් නෑ ශුවර්.)බොහෝම ඉස්තූතියි කියලා තමා කියන්න තියෙන්නේ මොකද මේ කල උදවුවට අකුරු නෑ සහෝ ඉස්තූති කරන්න
මොකද මම දන්නවා උපසිරසියක් එක විනාඩියක් තුල පැයක් තුල දවසක් තුල නිර්මාණය කරන්න බැරි බව අනික උපසිරැසිය ලියන්න බැරි බව එක සැරෙන් වැරදි වැරදි හමයි මේක ලස්සනට අපිට ගෙනල්ලා දෙන්නේ
ඔබේ යතුරු පුවරුවේ තියෙන හැම අකුරක් ගානේම අක වරක් නොව දහ වරක් මේ උපසිරැසියේ ඇති අනිවාරෙන්ම.ඔබ නිසා තමයි මම මේ පිලුම අද බලන්නේ,
මම මේ යතුරු පුවරුවේ තිබෙන අකුරු වලට වඩා දහස් වාරයක් ඉස්තූති වන්ත වෙනවා ඔබට.(මේ කරන සමාජ සත්කාරය වෙනුවෙන්.)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruvindamax
tnxxxxx brooo
nalin83dhanus
බොහොම ස්තුතීයි සබ් එකට
Shehan
patta filumak
dinuka 1
Thnks for sub
Shehan putha
Thanks broo
Asitha.pramoth
ස්තූතියි
Sudeepapwijesekara
Thanks bro ❤
wajira
Thank for sub
santhusha319
thanks bro
Ishan Madusha
ස්තූතියි සබ් එකට සහෝ
N_R
Thank you.
sahancharuka
thank you
LOve
Thanks, Bro
Yts Subtitle
Nice work
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
supiri tanks broo
Sasanka Virajith
Thanks saho
nipun
Tnq
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි අයියේ