Watch Trailer

Police Academy 4: Citizens on Patrol (1987) with sinhala subtitles | පොලිස් ඇකඩමි 4, ගමේ ආච්චිලත් පොලිසියට. [සිංහල උපසිරසි සමඟ]

මේ පොලිස් ඇකඩමි චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. සිටිසන් ඉන් පැට්‍රෝල්. මොකද මේ සාමාන්‍ය ජනතාවත් පොලිස් රාජකාරි වලට සම්බන්ධ කරගන්න යන්නෙ? හේතුව තමා ජනතාව අතර පොලිසිය ගැන තියෙන අප්‍රසාදය ඉවත් කිරීම. කොමිශනර් ලසාර්ඩ් අලුත් අදහස තමා මේ. තමන්ගෙ පොලිස් බලය වැඩිකරගන්න අතරම ජනතා ප්‍රසාදය දිනාගන්න එක. මැ…

Police Academy 4-Citizens on Patrol (1987)

මේ පොලිස් ඇකඩමි චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. සිටිසන් ඉන් පැට්‍රෝල්. මොකද මේ සාමාන්‍ය ජනතාවත් පොලිස් රාජකාරි වලට සම්බන්ධ කරගන්න යන්නෙ? හේතුව තමා ජනතාව අතර පොලිසිය ගැන තියෙන අප්‍රසාදය ඉවත් කිරීම. කොමිශනර් ලසාර්ඩ් අලුත් අදහස තමා මේ. තමන්ගෙ පොලිස් බලය වැඩිකරගන්න අතරම ජනතා ප්‍රසාදය දිනාගන්න එක. මැහෝනිගෙ කණ්ඩායම මේකට එකපයින් කැමතියි. ඒ වගේම හොඳ සහයෝගයකුත් ලබාදෙනව. ඒත්, ඇප්ටන් හැරිස් බලාගෙන ඉන්නෙ මේකටත් බාල්දියක් පෙරලන්න.

මේ වැඩේට එකතුවෙන කට්ටිය අතරෙ උද්යෝගිමත් තරුණ තරුණියන් වගේම හැට පැනපු ආච්චිලත් ඉන්නව. ටැකල්බෙරිටම හරියන ආච්චි.ටවුමෙ රස්තියාදු ගහන කොල්ලො දෙන්නෙකුත් මැහෝනි මේකට ඇදල ගන්නව.

මේ අතරෙ කමිශනර් ලසාර්ඩ් ට නිවාඩු ලැබෙනව. වැඩ බලන්න අනුයුක්ත කරන්නෙ කැප්ටන් හැරිස්ව. ඉබ්බ දියට දනකොට ඇන්නෑවෙ කිව්ව වගේ මේක හැරිස් ට හොඳ අවස්ථාවක් ලසාර්ඩ්ව කපලම දාන්න.ඒත් ලසාර්ඩ්ගෙ ගෝලයො ටික නිසා එක්ක ලේසි වෙන්නෙ නෑ.

ලසාර්ඩ් යන්නෙ පොලිස් ලොක්කන්ගෙ සමුලුවකට. එතනදි නගරාධිපතිතුමාගෙ ආරාධනාවෙන් තවත් පොලිස් ප්‍රධානීන් කට්ටියක් එක්කගෙන එනව තමන්ගෙ අලුත් වැඩසටහනේ සාර්ථකත්වය පෙන්නන්න. තමන්ගෙ ගෝලයො ටික වැඩේ හරියට කරල ඇති කියල හිතුවට එක මොහොතකට හැරිස් වැඩ පෙන්නනව. අවුරුද්දක් තිස්සෙ කරගෙන ආපු පරීක්ෂණයක් සී  ඕ පී කට්ටිය හින්ද ගැස්සිලා යනව. ඒක හේතුවකට අරගෙන වැඩසටහන නවත්තනව.

අමුත්තො කට්ටිය ආපුහාම පෙන්නෙන්නෙ එයාගෙ නවීන තාක්ෂණය අනුව හදපු හිර කාමර ටික. ඒවගෙ දැනටමත් අපරාධකරුවන් රඳවල ඉන්නෙ. අමුත්තන්ට ප්‍රොක්ටර්ගෙ ගොන්කම් දකින නිසා මේ හිර කාමර ටික පරීක්ෂා කරන්න මෙතනට එවනව. හිරකාරයො ප්‍රොක්ටර්ව ගොනාට අන්දල පොලිසියෙ ලොක්කොයි ආපු අමුත්තොයි ඔක්කොම ඇතුලට දාල පොලිසියෙන් පනිනව.

හැරිස් පැත්තකට දැම්මත් ආපු මේ අපරාධකරුවන්වත් අල්ලල ඇතිලට දාල ඇතුලෙ හිටපු කට්ටිය එළියට ගන්නෙත් ලසාර්ඩ්ගෙ සී ඕ පී කට්ටියගෙ පිහිටෙන්. හැරිස් බාල්දිය පෙරලන්න හැදුවට බාල්දිය පෙරලෙන්නෙ එයාටමයි. යාලුවන්ගෙ වැඩකිඩ බලාගන්න ඔයාලත් මේක බලන්නම ඕන. චිත්‍රපටය yify torrent වල තියෙනව.

 

Police Academy 1 (1984)

Police Academy 2: Their First Assignment (1985)

Police Academy 3: Back in Training (1986)

Police Academy 4: Citizens on Patrol (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.

628 downloadsDownload Police-Academy-4-1987.Baiscopelk.com_.rar29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

628 downloadsDownload Subtitles29 KB

15 comments

  1. ishaan

    පට්ට මචන් පට්ට..... මන් සෑහෙන්න දවසක් බයිස්කෝප් එකට අවිත් බැලුව 4 සුබ් එක එනකන්.... ජයවේව බන්......ඉක්මනට ඉතුරු ටිකත් දියන්

  2. ishaan

    තිලින කොමෙන්ටුවක් දාපන් කොහෙඩ ඉන්නෙ? ෆිල්ම්ස් එංචන්ගෙ කරගන්නෙ කොහොමද කියලා

  3. 007

    machan "police academy 1 (1984)" subtitle eka YIFY rip ekata match wennah! poddak balala eka hadala denna! timeline wenas godak! Thank you... :)

  4. ishaan

    තිලින කොමෙන්ටුවක් දාපන් කොහෙඩ ඉන්නෙ? ෆිල්ම්ස් Exchange කරගන්නෙ කොහොමද කියලා

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. දිනේෂ් අකලංක

    මේ කොටසත් දෙනකම් බලන් හිටියෙ බං.. Thankz.. ඉතිරි ටිකත් දෙන්න...

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  8. praneeth madu

    tnx saho

  9. අසිත

    ජය වේවා සහෝ!!!

  10. thilina

    innawa innawa machan ishaan. email karahan ishaanaya, [email protected]

  11. thilina

    man phone number1 dennam, email karahan ishan

  12. thilina

    බුද්ධික නුවන් malli me film set eka supirii, SRT sub1 YIFY web site 1n ma aragena sub karanna, goda denek Police Academy films set eka download karagena thiyenne YIFY site 1n, please! machan. good luck!

  13. Udara Damith B/K

    ela

  14. Geeth

    thanQQQQ machooooooo

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P