ඔන්න ටික කාලයකට පස්සෙ උපසිරැසි එක්ක ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මම සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට අකමැති නිසාම ඒ වගේ නමක් දැක්කත් ඒකක් බලන්න ටිකක් කල් අරිනවා. ඒත් නිකමට වගේ මේක බලපුවම තේරුණා මේක horror යටතට වර්ග වෙන්නෙවත් නැති එකක් කියලා. මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේකේ ප්‍රධාන චරිතය දන්ත වෛද්…
ඔන්න ටික කාලයකට පස්සෙ උපසිරැසි එක්ක ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මම සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට අකමැති නිසාම ඒ වගේ නමක් දැක්කත් ඒකක් බලන්න ටිකක් කල් අරිනවා. ඒත් නිකමට වගේ මේක බලපුවම තේරුණා මේක horror යටතට වර්ග වෙන්නෙවත් නැති එකක් කියලා.
මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේකේ ප්‍රධාන චරිතය දන්ත වෛද්‍යවරයෙක්. ඔහු ඉතාම ආත්මාර්ථකාමී, හුදකලාව ප්‍රියකරන තැනැත්තෙක්. ඔහු දවසක ශෛල්‍යකර්මයකට භාජනය වනවිට විනාඩි 7කට මිය යනවා. ශෛල්‍යකර්මය අවසන් වී නිවසට යන මොහොතේ පටන්ම ඔහුට පාරෙ ඉන්න හොල්මන් පේන්න ගන්නවා. හොල්මන් කිව්වට මේ අය හොල්මන්ම නෙවෙයි. මිය ගිය මුත් මේ ලෝකයේ වැඩ අවසන් නොකර ඇති අයයි. උදාහරණයක් වශයෙන් කියනවනම් සිත් අමනාපයෙන් සිටින තම දරුවන් දෙදෙනාට කරුණු පැහැදිලි කල ලිපියක් එම නිවසේ ඇති මුත් තවමත් විවෘත නොකර සිටින නිසා එය ලැබෙන තෙක් මෙම ආත්මයෙන් මිදීමට නොහැකි අයෙක්, ඒ වගේම හදිසි අනතුරක් සිදුවූ නමුත් එය තමුන් අතින් සිදුවූවක් බවට සිතා සිටින තම ප්‍රධානියාට එය එසේ නොවන බවට දැනුම් දීමට නොහැකිව ලතවෙන මියගිය සේවකයන් තිදෙනෙක් වගේ කට්ටියක්. ඉතින් ඔවුන්ව සාමාන්‍ය මනුෂ්‍යයන්ට නොපෙනුනත් මෙම දන්තවෛද්‍යවරයාට පෙනෙන නිසා ඔහු මඟින් මෙම කාර්යයන් කර ගැනීමට මොවුන් මහන්සි ගන්නවා. ඒත් පෞද්ගලිකත්වය ප්‍රියකරන මෙම වෛද්‍යවරයාට එය පට්ටම වදයක් වෙනවා.
ඔය ඇති. කාලෙකට පස්සෙ පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියකට උපසිරැසි දැම්මේ. අනික මේක IMDB වර්ගීකරණයේ 7.0/10 ක් ලැබිලා තියෙනවා. ඉතින් බලලා රස විඳින්න ආරාධනා කරනවා. ඊලඟට බොහොම ජනප්‍රිය වැඩිම ඉල්ලුමක් තියෙන චිත්‍රපටි දෙකකටම උපසිරැසි දානවා. ඉතින් එතකම් මේ චිත්‍රපටිය බාන්න දාගමන් අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න. 🙂
1,699 downloadsDownload Ghost.Town2008.Sinhala.Sub_.zip59 KB
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
73 comments
අකිල
chamila
රොයිලියාගේ නම් අනිවා බානවා... :P
රොයිලි
@ අකිල,
අහා උඹටත් Exam ද? එල එල මොන දේ කරන්නත් කලින් ඒවා ගොඩ දාගන්න එපෑයෑ. සුබ පතනවා මචෝ :)@ chimila,
එල එල මචෝ බාලම බලහන්කෝ. ස්තූතියි කමෙන්ට් එකට :):::SlaPp3r:::
ඇති යන්තම් රොයිලි සහෝට අපිව මතක් උනා.බොහෝම ස්තූතියි..එත් හොල්මන් නෙමෙයි කියන නිසා බානවා..මමත් වැඩිය කැමති නැ හොල්මන් වලට..!
රොයිලි
@ :::SlaPp3r::: ,
අෆොයි මම කැමතිත් නෑ හොල්මන් වලට. :) බාලම බලහන්කෝ බොරුද කියලා :)ඉන්දික
සිංහල උපසිරසිත් එක්කනේ මොන වැඩේ තිබ්බත් ඔන්න මමත් බැනවා බලලා හොද නරක කියන්නම්
Manula Nayanatharu
Look likes good..... I'll download..... Thanks.....
චමී.දේ.වා.
මම හිතාගෙන හිටියේ උඹ හොල්මන් ප්‍රිය කරන කෙනෙක් කියලා...මමත් බලන්නෙම නෑ හොල්මන්.....
උඹ කියන්නේ මේක බැලුවට කමක් නෑ කියලානේ......
එහෙනම් ඔන්න බාන්න දැම්මා.....buddhika
elazzzzz
indik
මචන් අපි ඉන්නෙ USA. මෙහෙ බාන්න ගියොත් හිරේ තමයි.
පුළුවන්නම් දාද්දි online බලන්න ලින්ක් එකකුත් දාපන්.සමහර ඒව හොයාගන්න අමරුයි.
සොරි වෙන්න ඕනෙ වදයක්නම්...චාමර
සි0හල උපසිරසි දාන එක හොදයි
soysa
mama num roily ayya num dem me aniwa bana wa...
shanaka
bami bami,thankz roily ayya
SANDARUWAN
EALA EALA DENMA BAMMI
ගෝලයා
දේව කාරියට වඩා රාජකාරිය ලොකුයිලුනේ. ඉතින් මොන වැඩේට මේ දවස් වල හිර වෙලා හිටියත් මේකට කොමෙන්ට් එකක් දැම්මේ නැත්නම් ඉතින් මගෙන් ඇති වැඩේ මොකක්ද? :D
බොහෝම ස්තූතියි රොයිලි සහෝ. මේක මම කැමතිම චිත්‍රපටියක්. හිනා වෙන්නත් පුළුවන්නේ. ඕකෙ අවසානෙට වාදනය වන ජෝන් මේයර් ගේ ගීතයට මම අම්බ කැමතියි. :)
කට්ටියම බාගෙන බලන්න. මේ දිනවල අපේ පාඨකයෝ හැමෝටම එළ කිරි චිත්‍රපටි දෙන්න වෙහෙසෙන රොයිලි ඇතුලු සැමට තුති. මම එන සුමානෙ ඉදන් සුපුරුදු වැඩ පටාන්ස් ගන්නවා. හොඳේ.. :D
Kasun
මම 2012 එක බාගෙන Play කරලා බැලුවම සබ් ටයිටල් පෙන්නේ නැනේ සිංහල තියා ඉංග්‍රීසි වත් පෙන්නේ නැහැ සබ් ටයිටල් කොහේට හරි කොපි කරන්න ඔනේද කරදයක් නැත්නම් කියනවාද
සසික නානායක්කාර
එන්න අපි බැවා
රොයිලි
@ ඉන්දික,
ස්තූතියි මචෝ. බලලත් කියන්නකෝ හොඳ නරක. වැඩ පාඩු කර ගන්න එපා ඕන්. ගෝලයා කියනවා වගේ දේව කාරියට වඩා රාජකාරිය ලොකුයිලුනේ.@ Manula Nayanatharu,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@ චමී.දේ.වා.,
පිස්සු හැදෙයි. අර දවසක් එක සහෝදරයෙක් කියලා තිබ්බේ හොල්මන් බලලා සින්ක් එකට චූ කරලා තමයි නිදාගන්නේ කියලා. අෆොයි ඔහොමත් කරන්න පුළුවන්යෑ. :Pරොයිලි
@ buddhika, චාමර,
ස්තූතියි මචෝ.@ indik,
පුළුවන් උපරිම උත්සහයක් දරන්නම් සහෝ.රොයිලි
@ ගෝලයා,
අම්මෝ ඔයා කන කට්ටේ රඟේ හරියටම තේරුණේ දැන් තමයි. ස්තූතියි මචෝ අම්බානක වැඩ තියාගෙනත් මෙච්චර කල් මේක ඇද්දට. ලබන සතියේ ඉඳන් උපරිමේට ඔයාට සප් එක දෙන්නම්. :) {මැතිවරණ පොරොන්දුවක් වෙයිද දන්නේ නැහැ ඕන් :) }@ shanaka,
ස්තූතියි මචෝ. බලලම කියන්න.@ SANDARUWAN,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.රොයිලි
@ Kasun,
රන්දික කියපු විදියට කරන්න මචෝ. එතන ඔක්කොම උත්තර තියෙනවා. :)@ රන්දික පෙරේරා,
එල එල සහෝ ඒක නෙවෙයි කෝ අර ඉතුරු ෆිල්ම් ටිකේ විස්තර. නැත්තම් මම ඒ ටිකත් ලියලා තියෙයි. :P@සසික නානායක්කාර,
ස්තූතියි මචෝ. මම ඒත් බැලුවා මේ ටිකේ දකින්න හිටියේ නැත්තේ මොකෝ කියලා. :)kathu
Maxxaaaa...!! එළකිරි මචං..!! එළම කිරි..!! Thank you very much..!!!
maneesh
baanooooo.......
Ravi
sinhala sub nesa aniwaryenma balanawa.
Thank you very much royly !!!!!!!!!!!!!Akila
මමනම් බලල තියනවා.ඒ උනත් අාෙයත් බලන්න හිතයි.thanks
anthr6x
රිකී ජවේස් ගෙ මහ බරපතල විහිලු තියෙන්නෙ. තේරෙද්දි කල් යනවා. (මම ටියුබ් ලයිට් නිසාද දන්නෑ). කොහොම උනත් පස්ට පිලිං එක.
රොයිලි
@kathu,
එල එල සහෝ ස්තූතියි කමෙන්ට් එකට. බලලත් හොඳ නරක කියන්න. :)@ maneesh,
එලස් :)මම ඒත් බැලුවා අද පරක්කු මොකෝ කියලා.@ Ravi,
එල මචෝ. දිගටම අපි එක්ක ඉන්න.රොයිලි
@ Akila,
එල මචෝ. උඹනම් ඉතින් මටත් වැඩියේ චිත්‍රපටි බලන පොරක්නේ. උඹ නොබලපු එකක් හොයා ගන්න ඉතින් :)@ anthr6x,
පික්ෂුද මචෝ උඹ ඉංග්‍රිසි කතාකරන රටක ඉඳලා ඔහොම නම් අපි :P ඒක නෙවෙයි උඹ දිගටම එන එකත් ලොකු දෙයක්. මොකද එක පාරම උඹ අතුරුදහන් වෙනවනේ. ;)spnd
tnx wewa mama banooooooooooo
රොයිලි
@ spnd,
එල එල මචෝ. ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට.shiwantha
thanx machan balamu meka kohomada kiyala :)
asitha
ela ela...
nilanthaherath
oya tiyenne badu.niyamai royli.onna apit baanawo
visal da koheda
the pianist wage patta ma dramatic movie ekakata uba sinhala subtitel daala kara gatta pina ma athiban,...ape SL wala aiya la godak dramatic movies balanna horai,,,,mekath baala balamu,,,whatever you doing a great job machan....ela kiri aaaaaaaaaaaaaaaa!!!!
උදාන
ඔන්න මාස 6කට පස්සෙ මේ පැත්තෙ ආවා.. ආයෙ මාස ගානකට එන්ඩ හිතෙන්නෑනෙ අප්පා හොල්මන් කතාවක් දාලා මේ යකා ..මොනවා කරන්ඩද? බාලම බලමු
Uraj Deemantha
රොයිලියා දෙන සබ් එකත් එක්ක මේක නොබලා බැහැනේ.......!! :)
චතුරංග
එල එල ...... නියමයි........ අපිත් බානවා........
spnd
me apita barida me wage movies add karanna....dana kenek kianakooo plzzzz....mamath asai me wadeta...puluwan widiyata hhelp karannam.....
උදාන
බෑවා බැලුවා පට්ට... තැන්කූ තැන්කූ...
රොයිලි
@ shiwantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. එල එල බාලම කියන්නකෝ කොහොමද කියලා :)@ asitha,
ආයෙත් අහලා එලම තමයි. :)@ nilanthaherath,
අන්න ඒකනේ කියන්නේ. දන්නෝ දනිති ෆිල්ම් ගැන. :)රොයිලි
@ visal da koheda,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඇත්තටම ඒක පට්ටම චිත්‍රපටියක් තමයි. බලමු ඉස්සරහටත් දෙන්නම් කෝ ඔය වගේ ඒවා. :)@ උදාන,
කොහොද බොල හොල්මන් වෙන්නේ. මේක හොල්මන් කිව්වට බය වෙන හොලමන් නෙවෙයි ඉන්නේ හිනා වෙන්න පුළුවන් හොල්මන්. :P@ Uraj Deemantha,
එල එල උඹ නම් බාන්නම ඕනා. :)රොයිලි
@ චතුරංග,
එල එල මචෝ බලල ඉවර වෙලත් හොඳ නරක කියන්න අමතක කරන්න එපා ඕන් :)@ spnd,
අපෝ මොකෝ බැරි මචෝ. මේ සයිට් එකේ නොගිය හොඳ ෆිල්ම් එකක් ගැන ලිපියක් ලියලා මේ ලිපින වලට එවන්න. අපි ඔයාගේ නමින්ම දානවා. :) ස්තූති වෙන්න ඕනා දෙන සහයෝගයට. :)පොතේ ගුරා - Baiskoop {at} gmail {dot} com
ගෝලයා - golaya {at} baiscopelk {dot} com@ උදාන,
අහා එල එල මචෝ. කමෙන්ට් එකට ස්තූති වෙන්න ඕනා.AL1717
Ela Ela Meta Kalin Meka Mama Beluwa...
Sinhala Thiyana Nisa Thawa Serayak Balanna One...
Thanks..Machanසරදියල්
ආවා ආවා ආව...
දවස් 5 පස්සෙ තමා ජංජාලෙ පැත්තෙ ආවෙ...
මේකත් මේ දාල තියෙන්නෙ..
පට්ට පතුරු කිව්වා.... හිකාස් :Dරොයිලි
@ AL1717,
අෆොයි උඹ කලින් බලලා තියෙනවද. :( මම ඊලඟ එක උඹ නොබලපු එකක් දෙන්නම්කෝ.@ සරදියල්,
ආ සහෝදරයා බැහැලා තියෙන්නේ. කොහෙද ගියේ. උතුවන් කන්ද වටේ ගිහින් ආවද :)Shan
elaa film aka...
Thanx subz walataUraj Deemantha
බෑවේ කවදද........ ඔන්න අද තමා බලන්න යන්නේ..... :P ගොඩාක් ස්තූතියි රොයිලියෝ සිංහල සබ් වලට .....!! :)
Shan
holman walta math kemathi naha echchara...
eth kiyana nisa onna math balama balanawaAmila
Macha Roily.. maru movie eka ban.. mama torrentz web site eken mechchara kal movies download kalata movies gana info ekka torrent download kale ada... mata me web site eka gana kiwwe Randika.. good work ah
nishan
thankyou!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ghost Town (2008) with Sinhala Subtitles | හොල්මන් කිව්වට හොල්මන්ම නෙවෙයි.[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/01/ghost_town_movie_poster_onesheet-192x300.jpg)
පෙනෙන විධියට නම් හොඳ ෆිල්ම් එකක් වගේ exam එකෙන් පස්සේ තමා බාල බලන්න වෙන්නෙ :)