Watch Trailer

Ghost Train (2025) Sinhala Subtitles | හොල්මන් දුම්රිය [සිංහල උපසිරැසි]

Ghost Train (2025) Sinhala Subtitless හොල්මන් ෆිල්ම්ස් වලට කැමති අයට මෙන්න අලුත් කොරියන් හොරර් ෆිල්ම් එකක් Ghost Train මේක නිකුත් උනේ 2025 ජූලි මාසයේ ෆිල්ම් එකේ චරිත ගැන කතා කළොත් ප්‍රධාන චරිතය වන දා-ක්යුන්ට පණ පොවන්නේ The Story of Park’s Marriage Contract” වැනි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් Joo Hy…

Ghost Train (2025) Sinhala Subtitless හොල්මන් ෆිල්ම්ස් වලට කැමති අයට මෙන්න අලුත් කොරියන් හොරර් ෆිල්ම් එකක් Ghost Train මේක නිකුත් උනේ 2025 ජූලි මාසයේ ෆිල්ම් එකේ චරිත ගැන කතා කළොත් ප්‍රධාන චරිතය වන දා-ක්යුන්ට පණ පොවන්නේ The Story of Park’s Marriage Contract” වැනි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් Joo Hyun-young විසිනි. ඇයගේ විචිත්‍රවත් රංගනය මෙම චරිතයට අපූරු ගැඹුරක් එක් කර තිබෙනවා. වූ-ජින්ගේ චරිතයට පණ පොවන්නේ කොරියාවේ මෙන්ම ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop තරුවක් වන Choi Bo-min. සුප්‍රකට Golden Child K-Pop සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ගායනයෙන් මෙන්ම, රංගනයෙන්ද තම දක්ෂතා විදහා දක්වන ඔහු, මෙම චිත්‍රපටයට තරුණ ජවයක් එක්කරනවා. ඒ වගේම මේ ඔහුගේ පළවෙනි horror ෆිල්ම් එක.  ගායකයෙකු ලෙස ඔහුගේ ඇති ජනප්‍රියත්වය නිසාම, මෙම චිත්‍රපටය ඔහුගේ රසික රසිකාවියන් විසින්ද නොඉවසිල්ලෙන් බලා සිටින නිර්මාණයක්. චිත්‍රපටයේ අභිරහස රඳා පවතින ප්‍රධාන චරිතයක් වන ස්ටේෂන් මාස්ටර්ගේ චරිතය ප්‍රවීණ නළු Jeon Bae-soo විසින් නිරූපණය කරනවා. Undercover High School වගේ ඩ්‍රාමා ඔහුගේ මෑත කාලීන රංගනයන් මෙන්ම, ඕනෑම චරිතයකට අවතීර්ණ වීමේ ඔහුගේ හැකියාව මෙම චිත්‍රපටයට විශාල ශක්තියක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත කතාවේ ප්‍රධාන චරිතය වන දා-ක්යුන් (Joo Hyun-young), අන්තර්ජාලයේ හොල්මන් රැජිණ (Horror Queen) නමින් ජනප්‍රිය යූටියුබර් කෙනෙක්. ඒත් එකපාරටම එයාගෙ චැනල් එකේ  සබ්ස්ක්‍රයිබස්ලා අඩු වෙන්න පටන් ගන්නවා. තමන්ගේ චැනල් එක බේරගන්න අලුත් දෙයක් හොයන දා-ක්යුන්ට, ගින්නක් වගේ පැතිරෙන අමුතු කටකතාවක් ආරංචි වෙනවාඒ, අද්භූත ග්වන්ග්‍රිම් ස්ටේෂන් එක සහ ඒ හා සම්බන්ධ හොල්මන් දුම්රිය ගැනයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතන දා-ක්යුන්, තමන්ගේ නිෂ්පාදක මිතුරා, වූ-ජින් (Choi Bo-min) එක්ක එකතු වෙලා මේ කටකතාවේ ඇත්ත නැත්ත හොයන්න යනවා. එතනදී ඇයට ස්ටේෂන් මාස්ටර් (Jeon Bae-soo), ඒ ස්ථානයේ අඳුරු රහස් ටිකෙන් ටික එළි කරන්න පටන් ගන්නවා. මේ ෆිල්ම් එකේ තියෙන තවත් පැත්තක් ගැන කතා කරොත් ඒ තමයි අද තියෙන යූටියුබ් සංස්කෘතියේ අඳුරු පැත්ත, ඒ කියන්නේ වෛරල් වීම පිටුපස ඇති පීඩනය ගැනත් කතා කරන නිර්මාණයක්. දා-ක්යුන්ට තමන්ගේ විව්ස්, ස්බ්ස්ක්‍රයිබර්ස්ලා අඩු වෙනකොට, තමන්ගේ වටිනාකම නැතිවෙනවා වගේ හැඟීමකින් මානසිකව ඇද වැටෙනවා. තමන්ගේ ජනප්‍රියත්වය ආයෙත් ගොඩනගාගන්න, ඇය ඕනෑම අවදානමක් ගන්න සූදානම්. ඇත්ත හොල්මනක්ද, නැත්නම් භයානක උගුලක්ද කියලා නොදැන, ජීවිතය පරදුවට තියලා අභිරහස් ස්ටේෂන් එකකට යන්න ඇයව පොළඹවන්නේ මේ වෛරල් වීමේ උණයි. හොඳම කන්ටෙන්ට් එකක් වෙනුවෙන් නිර්මාණකරුවෙක් තමන්ගේ සීමාවන් බිඳගෙන කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියන එකත් මේකෙන් බලාගන්න පුළුවන්. වෛරල් වීඩියෝවක් වෙනුවෙන් දා-ක්යුන් කොයිතරම් දුරක් යයිද? ග්වන්ග්‍රිම් ස්ටේෂන් එකේ සැඟවුණු රහස ඇත්තටම මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර, චිත්‍රපටය බලලාම තමයි දැනගන්න වෙන්නේ. ඉතින්, මේ හොල්මන් ට්‍රේන් එකට ටිකට් එකක් අරගෙන, ඒ අද්භූත ගමනට එකතු වෙන්න ඔයාලා සූදානම්ද? කුතුහලය, බිය සහ අභිරහස් පිරුණු සිනමා අත්දැකීමකට අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. Ghost Train (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,881 downloadsDownload Ghost-Train-2025.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ghost Train (2025) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

3,881 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූථියි මිලින්ද සහෝ උපසිරැසියට

  2. Hirusha Gihan

    Movie eka download karaganna puluwan website ekak kiyanna puluwan da...

  3. Anonymous

    #subtitle_request

    Heretic(2024) horror movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් ද?
    URL: https://m.imdb.com/title/tt28015403/

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤