Karate Kid: Legends (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම. එහෙනම් අද මමයි මගේ සහෝදර උපසිරැසිකරුවෙක් වෙන බිම්සර මල්ලියි ඔයාලට අරන් එන්නේ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් වන Karate Kid Legends (2025) චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නිකුත් වෙලා දැන් ටික කාලයක් උනාට හොඳ copy එකක් ආවේ අද ඊ…

Karate Kid: Legends (2025) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම. එහෙනම් අද මමයි මගේ සහෝදර උපසිරැසිකරුවෙක් වෙන බිම්සර මල්ලියි ඔයාලට අරන් එන්නේ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් වන Karate Kid Legends (2025) චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නිකුත් වෙලා දැන් ටික කාලයක් උනාට හොඳ copy එකක් ආවේ අද ඊයේ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම අපි උපසිරැසිය මෙච්චර කල් දෙන්න උත්සහ කරේ නැත්තේ. බලන එක බලන්න එපැයි ලෙසටම නේද?
මම හිතන්නේ Karate Kid කියන චිත්‍රපටය ගොඩක් අයට පුරුදු එකක්. චිත්‍රපටයේ ඉතිහාසය ගැන කතා කරොත් මුල්ම Karate Kid චිත්‍රපටය ආවේ 1984 අවුරුද්ද තරම් ගොඩක් කාලෙකට කලින්. ඊට පස්සේ Karate Kid දෙවෙනි සහ තුන්වෙනි කොටස් පිළිවෙලින් 1986 සහ 1989 වසර වල නිකුත් උනා. නමුත් අපිට ගොඩක් මතකයේ තියෙන්නේ 2010 අවුරුද්දේ ආපු The Karate Kid කියන චිත්‍රපටය. මෙහි තේමා ගීතය වන “Never say never” මම හිතන්නේ සිනමා ලෝකයට ආදරේ කරන, අහපු නැති කෙනෙක් නැති තරම්.
ඉතිහාසය ටිකක් ඇවිස්සුවේ ඔයාලට පුංචි අදහසක් මේ චිත්‍රපටය ගැන දෙන්න. ඇත්තටම මේ ඉතිහාසයේ මීට වඩා තව කියන්න පුළුවන් දේවල් තියනවා. ඒත් අතීත කාමයට යට නොවී අපි ඉතිහාසයෙන් වර්තමානයට එමු.
Karate Kid Legends (2025) චිත්‍රපටයට පදනම් වෙන්නේ චීනයේ ඉඳන් ඇමරිකාවට තමන්ගේ අම්මා එක්ක එන ලී ෆොන්ග් (Ben Wang) කියන පිරිමි ළමයයි. තමන්ගේ අයියා නැති උන දුකත් හිතේ තියාගෙන ජීවත් වෙන මේ පුංචි කොල්ලට ලස්සන මියා (Sadie Stanley) කියන කෙල්ලෙක්ව තමන්ගේ හොඳම යාළුවා කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඉතින් ඒක යාළුකමට එහා ගියපු දෙයක් කිව්වොත් හරි. හැබැයි මේ සම්බන්ධයට වැඩි කැමැත්තක් නොදක්වපු කොටින්ම ලී ෆොන්ග් ව පේන්න බැරි කරාටේ වලට අති දක්ෂ කෝනර් (Aramis Knight) කියල කොල්ලෙක් ඉන්නවා. මේ තුන්කොන් ප්‍රේමය සටනකින් කෙලවර වෙන විදිහ තමයි සරලවම මේ කතාවෙන් කියවෙන්නේ.
Karate Kid Legends (2025) චිත්‍රපටයට රංගනයෙන් දායක වන වැදගත්ම චරිත දෙකක් ඉන්නවා. ඒ හෑන් (Jackie Chan) සහ Karate Kid පළමු චිත්‍රපටයේ Karate Kid ට රඟපාපු ඩැනියෙල් (Ralph Macchio). Ralph නම් දැන් ලොකු මිනිහෙක්. ඒ වගේම Jackie Chan දැන් ගොඩක් වයසයි. හැබැයි එයාලගේ සටන් හැකියාවන් වල නම් තාමත් අඩුවක් නැහැ.
Karate Kid Legends (2025) චිත්‍රපටය පැයකුත් විනාඩි 34 කට ආසන්න කාලයක් දිවෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Jonathan Entwistle. ඒ වගේම එහි IMDb අගය මේ වෙනකොට 6.6/10 කුත් Rotten Tomatoes අගය 59% කුත් ගන්නවා. චිත්‍රපටය බෙදාහැරීම සිදු කරේ Sony Pictures සමාගමයි.
එහෙනම් මේ ලස්සන චිත්‍රපටය රස විඳින්න ආරාධනා කරන ගමන් අපි දෙන්නා අදට නවතිනවා.
හැමෝටම ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web / BluRay පිටපත් සඳහා ලබා දි ඇත.
12,045 downloadsDownload Karate-KId-Legends-2025-Sinhala-SubtitlesBluRay-Update.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Subtitles
11 comments
Sahan Gayantha
Asanga Basooriya
bohoma sthuthi sub ekata... jayama wewaa
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Buddhika laKMal
උපසිරැසියට ස්තූතියි දෙන්නටම
Nilanga iduwara
උපසිරැසි වලට ස්තුතියි ♥️
Anonymous
supiri
Nimesh Darshana
thanks so much!
Anonymous
Thanks bro...
Aravinda Fernando
Thanks machan mey wedeta..
Thawa wedi wediyen shakthiya lebewaa!Anonymous
Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks a lot Bimsara saho sub ekata