මගේ හැට පස් වැනි සිංහල උපසිරැසි නිර්මාණය ලෙස මේ වතාවේ මම උපසිරැසි ගැන්වූයේ 1997දි ටයිටැනික් සිනමපටයෙන් පසුව, ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Ghosts of the Abyss (AKA Titanic 3D: Ghosts of the Abyss) එහෙමත් නැතිනම් ‘අගාධයේ අවතාර’ වාර්තාමය චිත්‍රපටයටයි. මෙහි අන්තර්ගත වන්නේ 2001 අගෝස්තු සහ සැප්තැම්බර් අත…

මගේ හැට පස් වැනි සිංහල උපසිරැසි නිර්මාණය ලෙස මේ වතාවේ මම උපසිරැසි ගැන්වූයේ 1997දි ටයිටැනික් සිනමපටයෙන් පසුව, ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Ghosts of the Abyss (AKA Titanic 3D: Ghosts of the Abyss) එහෙමත් නැතිනම් ‘අගාධයේ අවතාර’ වාර්තාමය චිත්‍රපටයටයි.
මෙහි අන්තර්ගත වන්නේ 2001 අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී කැමරන් විද්‍යාඥයන් කණ්ඩායමක් සමඟින් RMS Titanic නෞකාවශේෂය ගවේෂණය කිරීමට ගිය ගමන ගැනයි. රුසියානු ගැඹුරු සාගර ගිල්වුම් යාත්‍රාවන් දෙකකින් ටයිටැනික් නෞකාවශේෂය වෙත කිමිදිමෙන් අනතුරුව, ඉන්පෙර කිසිම දිනෙක කිසිම අයෙක් නොකළ අන්දමින් විස්තරාත්මක තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ලබාගැනීමට මෙම ගවේෂණ කණ්ඩායම සමත් වුණා. ගිල්වුම් යාත්‍රාවන්ට ලඟා විය නොහැකි ටයිටැනික් අවශේශයේ ඇතුළත කොටස් වලට පිවිසීම සඳහා කැමරන් ඇතුළු කණ්ඩායම, වසර තුනක් මුළුල්ලේ පර්යේෂණ සිදු කර දුරස්ථ පාලක යානා හෙවත් ROV (Remotely Operated Vehicles) වර්ගයේ දිය යට කිමිදෙන රොබෝවන් විශේෂයක් නිර්මාණය කළා. ඒවාට තැබූ නම් දෙක, ‘ජේක්’ සහ ‘එල්වුඩ්’. ඒවායෙන් ලබාගත් සුපැහැදිලි වීඩියෝ දර්ශන සහ ඡායාරූප, ත්‍රිමාණ සජිවිකරණයෙන් නිපදවූ ටයිටැනික් සත්‍ය පින්තුර සමඟින් විචිත්‍රව ඒකාබද්ධ කරමින් මේ වාර්තා චිත්‍රපටයේ ඉතා සුන්දරව ඉදිරිපත් කරනවා.
මේ චිත්‍රපටය පසුබිම් කථනය කරන්නේ, 1997 ටයිටැනික් චිත්‍රපටයේ බ්රූක් ලොවෙට් ලෙස රංගනයෙන් දායක වුණු සුප්‍රකට නළු බිල් පැක්ස්ටන්. මිර් I සහ මිර් II ගිල්වුම් යාත්‍රා මඟින් නිෂ්පාදක කණ්ඩායම ටයිටැනික් වෙත 12 වතාවක් සිදු කළ ගවේෂණ මෙහි අන්තර්ගතයි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ගවේෂණය සිදු කර මතුපිටට පැමිණි කැමරන් ඇතුළු කණ්ඩායමට, 2001 දී සිදුවුණු 9/11 ප්‍රහාරය ගැන දැනගන්නට ලැබෙනවා. 1912 සිදුවුණු ටයිටැනික් ඛේදවාචකයත්, 2001 සිදුවුණු 09/11 ඛේදවාචකයත් අතර සංසන්දනයකුත් මෙහි අන්තර්ගතයි. ප්‍රකාශ තන්තු මඟින් මව් යානයන්ට සම්බන්ධ වුණු ජේක් සහ එල්වුඩ් අඩි 12,500ක් යට සිදු කළ ගවේෂණ අතරතුර මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම් ඔබට මේ වැඩසටහනින් දැකගන්නට හැකිවේවි.
මුල්වරට IMAX 3D ආකෘතියෙන් නිකුත් කෙරුණු Ghosts of the Abyss චිත්‍රපටය හොඳම වාර්තා වැඩසටහනක් ලෙස BFCA සම්මානයට නිර්දේශ වුණා. සීමිත දර්ශන වාර ගණනක් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණු අතර ඩොලර් මිලියන 17.1 ක දේශීය ආදායමකුත්, ඩොලර් මිලියන 11.7ක ජාත්‍යන්තර ආදායමකුත් සමඟින් ලොවපුරා ඩොලර් මිලියන 28.8ක් ඉපැයීමට Ghosts of the Abyss සමත් වුණා. එමෙන්ම IMDb දර්ශකයේ 6.8/10 ක් ලබාගැනීමට සමත් වුණා.
චිත්‍රපටය පුරා, ටයිටැනික් හි ඇතුළත CGI පසුතල පසුබිම් කරගනිමින් එහිදී සිදුවුණු ඓතිහාසික සිදුවීම් මෙහි පහත ශිල්පින්/විශේෂඥයන් විසින් රඟදක්වනු ලබනවා.
Don Lynch – ටයිටැනික් නිර්මාණ ශිල්පී තෝමස් ඇන්ඩ්රූස් ලෙසින්
Ken Marschall – වයිට් ස්ටාර් ලයින් සමාගමේ සභාපති ජේ. බ්රූස් ඉස්මේ ලෙසින්
Miguel Wilkins – රොබර්ට් හිචන්ස් ලෙසින්
Federico Zambrano – ජෝන් ජෙකොබ් ඇස්ටර් ලෙසින්
Dale Ridge – එලිසබෙත් ලයින්ස් ලෙසින්
Judy Prestininzi – මොලී බ්‍රවුන් ලෙසින්
Adrianna Valdez – හෙලන් චර්චිල් ලෙසින්
Justin Shaw – විදුලි සංඥා නිලධාරී ජැක් ෆිලිප්ස් ලෙසින්
Thomas Kilroy – පෝකර් ක්‍රීඩා කරන්නෙක් ලෙසින්
Charlie Arneson – ප්‍රධාන නිලධාරී විලියම් මර්ඩොක් ලෙසින්
Piper Gunnarson – මැඩලින් ඇස්ටර් ලෙසින්
John Donovan – කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසින්
Janace Tashjian – ඊඩිත් රසල් ලෙසින්
Jesse Baker – දෙවන නිළධාරී චාල්ස් ලයිටෝලර් ලෙසින්
Justin Baker – කනිෂ්ට විදුලි සංඥා නිලධාරී හැරල්ඩ් බ්‍රයිඩ් ලෙසින්
Aaron C. Fitzgerald – ෆ්‍රෙඩ්රික් ෆ්ලීට් ලෙසින්
Bill Paxton – පසුබිම් කථකයා ලෙසින්
මෙහි සිංහල උපසිරැසි ලබාදී ඇත්තේ Ghosts.of.the.Abyss.2003.720p.BluRay.999MB.HQ.x265.10bit-GalaxyRG [992 MB] පිටපතටයි. එසේ නම් උතුරු අත්ලාන්තික් සාගරයේ අඩි 12,500ක් ගැඹුරට කිමිදීමේ චාරිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා!
එහෙනම් නැවතත් උපසිරසියකින් ඔබ හමුවන තුරු ආයුබෝවන්!
ඔබට තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත සඳහා ලබා දී ඇත.
2,717 downloadsDownload Ghosts.of_.the_.Abyss_.2003.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
9 comments
Ravindu Harshana
Shamal Manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් James Cameron ගේ The Abyss 1989 චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න පුළුවන්ද?
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥අසේල
සබූ එකට ස්තූතියි, සහෝදරයා
Pathum
Sub ekata tanks....❤️
Ashoka Vanamlo Arjuna Kalyanam (2021) ekatath sub denna puluwandaAnonymous
hi
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ghosts of the Abyss (2003) Sinhala Subtitles | ‘අගාධයේ අවතාර’ ගවේෂණය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Ghosts-of-the-Abyss-2003-a.jpg)
Thank you bro