හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි! ඔයාල හැමෝම හොඳින් ඇති කියල මම විස්වාස කරනවා. ඔන්න අදනම් අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් චිත්‍රපටයක්. ඔයාලා හැමෝම දන්න කියන කෙනෙක් නේ Ladybug කියන්නේ, එහෙමත් නැත්තම් රතු චූටි. ඉතින් 2015 දී රූපවාහිනී කතාවක් ලෙස Miraculous: Tales of Ladybug & Cat Noir දිග හැරුනත් චිත්‍රපට…

 

හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි! ඔයාල හැමෝම හොඳින් ඇති කියල මම විස්වාස කරනවා. ඔන්න අදනම් අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් චිත්‍රපටයක්. ඔයාලා හැමෝම දන්න කියන කෙනෙක් නේ Ladybug කියන්නේ, එහෙමත් නැත්තම් රතු චූටි. ඉතින් 2015 දී රූපවාහිනී කතාවක් ලෙස Miraculous: Tales of Ladybug & Cat Noir දිග හැරුනත් චිත්‍රපටයක් ලෙස මේ අවුරුද්දේ එළියට ආපු Ladybug & Cat Noir: The Movie (2023) තමා මම අද ඔයාලට අරගෙන ආවේ.

චිත්‍රපටය පැත්තට හැරුනොත් ප්‍රංශ 3D පරිගණක භාවිතයෙන් නිර්මාණය කරන ලද සුපිරි ගනයේ ඇනිමේෂන් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය Jeremy Zag මහතා විසින් අධ්‍යක්ෂණය කර සම-රචනය කරන ලදී. 2023 ජූනි 11 වන දින ප්‍රංශයේ Grand Rex හි පළමු වරට තිරගත වූ අතර, SND විසින් 2023 ජූලි 5 වන දින ප්‍රංශයේ නිකුත් කරන තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන්, එය තෝරාගත් කලාපවලට එම දිනයේ සිටම නිකුත් කරන ලද අතර, Netflix හි 28 ජූලි 2023 අනෙකුත් ප්‍රදේශවලට නිකුත් කරන ලදී. මෙම චිත්‍රපටය Animation, Action, Adventure, Romance සහ Musical ගනයට අයත් වෙන කම්මැලිකමක් නැතිව පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටක් වෙනවා.

යුරෝ මිලියන 80 ක අයවැයක් මත, එය දැනට ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලද දෙවන වඩාත්ම මිල අධික චිත්‍රපටය ලෙස නම් කෙරෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වන විට (2023 ජූලි 28), ප්‍රංශයේ ඩොලර් මිලියන 8.3කුත් ලොව පුරා ඩොලර් මිලියන 8.5කුත් උපයා තිබෙනවා. මෙම චිත්‍රපටය Part 1 ලෙස නම් කරන අතර මීළඟ කොටස 2026 දී නිකුත් කරන බව දන්වා සිටිනවා. නමුත් නිළ වශයෙන් හරිම දිනයක් ප්‍රකාශයට පත් කරල නැ.

කතාව පැත්තට අපි ගියොත් සාමාන්‍ය යොවුන් වියේ ඉන්න මැරිනෙට්ගේ පැරිසියේ ජීවිතය වටා තමා මේ කතාව යන්නේ. ඇය Ladybug බවට පත් වූ විට සුපිරි බලයකින් යුතු වීරවරියක් වෙනවා. නව දුෂ්ටයෙකු නගරයට පැමිණෙන බැවින් පැරිසිය බේරා ගැනීමට ඇගේ ප්‍රතිවිරුද්ධ කැට් නොයර් සමඟ එක් වෙන්න ඕන. එයාල දෙන්න එකට හිටියොත් තමා එයාලට ඒ දුෂ්ටයාව පරද්දන්න පුළුවන්. පොඩි ආදර කතාවකුත් යනවා. මොකද Ladybug මුළින්ම කොල්ලට කැමති වෙන්නෙ නැ. ඕක ඉතින් කියන්නත් දෙයක්ද කෙල්ලො කොහොමත් එහෙමනෙ නේ. ඉතින් තව කතා ඕන නැ අපි යමුකො බලන්න මේ Cat Noir කොහොමද Ladybugගෙ හිත දිනාගෙන මේ දුෂ්ටයාව පරද්දන්නේ කියල බලන්න.

එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

~♥︎ ඔයා හැමදාම ලෝකෙ බේර ගන්නවා ඔයාගේ වෙස් මුහුණත් එක්ක, ඒත් ඒක පිටුපස ඉන්න කෙල්ල බේර ගත්තේ මගෙ හදවත. ♥︎~

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,065 downloadsDownload Miraculous.Ladybug.and_.Cat_.Noir_.The_.Movie_.-2023.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

13,065 downloadsDownload Subtitles42 KB

15 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුචි.........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. සුචියා

      ❤️

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

    1. සුචියා

      ❤️

  3. Shan

    Oppenheimer එකේ සබ්ටයිටල් එකක් දාන්නකෝ

    1. විමා

      හොඳ කොපියක් ආවම දෙන්නම් සහෝ.

    2. Dilshan

      Bro supergirl season 6 sub ek gennko. Kohewth ne sago.

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!
    අනිවා බැලිල්ලක්.
    3D නම් අතාරින්නෙ නැහැ! :)

    1. සුචියා

      ❤️

  5. Ishira

    තැන්ක්ස් බ්‍රෝ ❤️

    1. Suchithra Fernando

      ❤️

  6. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. LuckyBoyChief

    Sub ekata thanks bro.........

    Meke tv series ekatath sub ekak gahanna puluwan nam supiriyi bro......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.