Watch Trailer

Gifted Hands: The Ben Carson Story (2009) with Sinhala Subtitles | බෙන් කාර්සන්ගේ:වාසනාවන්ත අත් දෙක [සිංහල උපසිරැසි සමඟ]

මේක කතාව ගැන කියනවානම් කියලා වැඩක් නෑ සුපිරිම කතාවක්,මමත් මුලින් කතාව බලනකොට අවුල් කියලා හිතුවේ. එත් කතාව බලාගෙන යනකොට සුපිරිම කතාවක් කියලා තේරුණා….මේක ළමා වැඩිහිටි හැමෝටම වැදගත් කතාවක්..කොහොමද තමන්ගේ ජීවිතය ජය ගන්නේ කියන එක. මේ කතාව බෙන් කාර්සන් කියන පුද්ගලයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් කොහොමද එය…

Gifted Hands The Ben Carson Story (2009)

මේක කතාව ගැන කියනවානම් කියලා වැඩක් නෑ සුපිරිම කතාවක්,මමත් මුලින් කතාව බලනකොට අවුල් කියලා හිතුවේ. එත් කතාව බලාගෙන යනකොට සුපිරිම කතාවක් කියලා තේරුණා….මේක ළමා වැඩිහිටි හැමෝටම වැදගත් කතාවක්..කොහොමද තමන්ගේ ජීවිතය ජය ගන්නේ කියන එක. මේ කතාව බෙන් කාර්සන් කියන පුද්ගලයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් කොහොමද එයා පොඩි කාලේ ගත කරන්නේ සහ ලොකු වෙලා කවුරු කෙනෙක් වෙන්නේ කියන කතාව… මේක අනිවාර්යෙන් බලන්න හොදම කතාවක් Download කරාට පාඩු නෑ…

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු…කතාවේ ධාවන කාලය පැය 1යි විනාඩි 30යි ඒක කියන්නේ විනාඩි 90ක්… <i>වාසනාවන්ත අත් දෙක නැත්තම්:බෙන් කර්සන්ගේ ජිවිත කතාව 2009 තිරගත වෙච්ච කතාවක්,අධ්‍යක්ෂණය කරේ තෝමස් කාර්ටර්,නාරිවෛද්‍ය බෙන් කාර්සන් ජේ ජිවිත කතාව ගැන පදනම් වෙච්ච කතාවක්. 1987 Dr බෙන් කාර්සන් ජර්මනියට ගමන් කරනවා පීටර් සහ ඔගොස්ටා රවුච් කියන යුවලක් හම්බවෙන්න මොකද එයාලගේ බබාලා දෙන්න එකට බද්ධ වෙලා ඉන්නේ,ඒ දෙන්නව වෙන් කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවා,එත් බෙන් කියනවා ඒ කට්ටියට එහෙම වෙන්කරොත් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනවා කියලා… ඊට පස්සේ කතාව ආපස්සට යනවා ඒ කියන්නේ 1961ට ඒ කියන්නේ බෙන්ට අවුරුදු 11යි.එයාගේ අම්මා ඉගෙන තියෙන්නේ 3 වෙනි වසරට විතරයි.ඇය ගොඩක් දුකට පත් වෙලා ඉන්නේ පුතා හරියට ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ කියලා…. බෙන් හැමදාම පන්තියේ අන්තිමයා හැමදාම ලකුණු බින්දුවයි.බෙන්ට අයියා කෙනෙක් ඉන්නවා එයාගේ නම කර්ටිස්..එයාලා ගොඩක් වෙලාවට tv එක ඉස්සරහ කාලය ගත කරන්නයි පුරුදු වෙලා හිටියේ…ඒක නිසා අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර අවධානය යොමු කරේ නෑ…අනික එයාගේ අම්මට හරියට ඇස් පේන්නෙත් නෑ,,,ඒ වගේම බෙන්ටත් ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා.ඊට පස්සේ අම්මා එයාට කන්නාඩි දෙකක් අරගෙන දෙනවා…ඊට පස්සේ එයාගේ ලකුණු වල යම් ප්‍රවනතාවයක් දකිනවා…ඊට පස්සේ එයාගේ අම්මා tv බලන එක දෙන්නටම සිමා කරනවා,සතියට වැඩසටහන් දෙකක්…අනිත් වෙලාවේදීම පුස්තකාලයට ගිහන් පොත් අරගෙන් කියවලා,සතියෙ අන්තිමට වාර්තාවක් අම්මට දෙන්න ඕනේ…

මේ දෙන්නා කොහොමහරි අමාරුවෙන් මේ දේ කරනවා..ඊට පස්සේ ටික ටික මෙයාලා දියුණු වෙනවා…පන්තියේ ලකුණු වලින් පන්තියේ පළවෙනියා සහ පාසලේ 8 වසර හොදම ශිෂ්‍යාට හිමි සම්මානය හම්බවෙනවා…බෙන්ගේ තාත්තා පොඩි කාලෙම එයාලව අත් හැරලා ගිහින්..එත් එයාගේ අම්මා කොහොමහරි මෙයාලව ලොකු කරනවා…ඊට පස්සේ බෙන් ලොකු පාසලකට යනවා,,,එතනින් තව තවත් ඉස්සරහට යනවා,බෙන්ගේ එකම එක දෙයක් තියෙනවා, ඒ තමයි ඉක්මනින් තරහා යන එක,,අන්තිමට එකෙන් නරක දෙයක් වෙන්න ගිහින් බේරෙනවා…කොහොමහරි බෙන් අන්තිමට යාලේ විශ්වවිද්යාලයට සුදුසුකම් ලබනවා,එහෙදි ගැනු ළමයෙක් එහෙම හම්බවෙනවා…බෙන්ගේ පොඩි කාලේ හීනෙ තමයි දොස්තර කෙනෙක් වෙන එක.අන්තිමට දොස්තර කෙනෙක් වෙනවා..ඒ කියන්නේ මොලේ සම්බන්ධව දොස්තර කෙනෙක් වෙනවා…කතාවේ අන්තිමට ලස්සන දෙයක් වෙනවා..ඒ වගේම ගොඩක් දුක්බර දෙයක්…. අනිවා මේ කතාව බලන්න…ගොඩක් අය මේ කතාව බලලා නැතිව ඇති…මම ගොඩක් විස්තර කිව්වා කතාව ගැන…කතාවේ චරිත ගැන ටිකක් කියන්නම්.

Cuba Gooding, Jr.(බෙන් කාර්සන්),Kimberly Elise(සොන්යා කාර්සන්)බෙන්ගේ අම්මා,Aunjanue Ellis(කැන්ඩි කාර්සන්)බෙන්ගේ පෙම්වතිය, Gus Hoffman(තරුණ බෙන්),Jaishon Fisher(පොඩි කාලේ බෙන්) රංගනයෙන් දායක වෙනවා…

ඕනිම දෙයක් ඕනිම කෙනෙකුට කරන්න පුලුවන්,බෙනි.
හැබැයි ඔයාට හොදින් කරන්න පුලුවන්නම් විතරයි.

Ghostbusters II (1989) on IMDb

 

 

 

මෙම උපසිරැසිය සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

19 comments

  1. Kasun Upeksha

    උපසිරැසියට තුති සහො

  2. nilantha

    thanks for sub

  3. Wayantha Sandaruwan

    එල කිරි සහෝ, සුපිරි ෆිලුමක් ගෙනල්ල තියෙන්නෙ,
    තවත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට sub දෙන්ඩ,
    ගොඩක් ස්තූතියි, තෙරුවන් සරණයි!

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. Rasheen Mansil

    magnet link (Gifted.Hands.The.Ben.Carson.Story.2009.DVDRip.XviDViSiON)=
    DD9CFA542F11F95473CB713D7AC77045D11FE90D

  6. රොයිලි

    බොහොම ස්තූතියි රෂින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Asitha

    එලම
    තෑන්ක්ස්!!!

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Damith

    film aka Download karanne kothaninda machan. Issara download dunna thena dan emptyne. Sub aka download karana thena ok. Film aka downlord karaganna thenak nene. Why?

  11. Tharaka

    සබ් එකට බොහෝම ස්තූතියි

  12. Chamith Fernando

    Ela machan...Thanx aa

  13. nimal dissanayake

    ගොඩක්-ගොඩාක් ස්තුතියි රෂීන්,
    නියමයි, සුපිරියි, රහයි, ලස්සනයි, අරුත්බරයි, දුකයි, සතුටුයි!
    මේක නේද ජීවිතේ? මම කියන්නේ සැබෑ ජීවිතේ.
    මෙහෙම මිනිස්සුත් ලෝකේ හිටියා කියලා දැනෙනකොට
    ලෝකය කොයි තරම් අපූරුද කියල හිතෙනවා!
    සයිට් එකේ ඇඩ්මින්ලාටත් වෙනම ස්තුති කරන්න ඕනේ
    මෙහෙම ෆිල්ම්ස් තෝරලා දෙනවාට. තෑන්ක්ස්!

  14. ricadodamien

    Thank u very much Rasheen brother &amp; baiscope team for the sub, all the best to baiscope team.........

  15. Deshapriya Seneviratne

    I cannot download the sub file