මිනිස්සු යම් කෙනෙක් කරන්න උත්සහ කරන දෙයක් දිහා බලල ඒ කෙනාව අධෛර්යට පත්වන අන්දමේ දේවල් කියනව. ඒ කෙනාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියල පෙනුනත් හිත්වල තියන කුහකකම නිසා සමහරු ඒ විදියේ දේවල් කියනව. හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ඉන්න මිනිස්සු හැම දෙයක්ම අතැරලා දානකොට යම් අබාධිත තත්වයන් තියන මිනිස්සු ලෝකේ ජයගන්න…

මිනිස්සු යම් කෙනෙක් කරන්න උත්සහ කරන දෙයක් දිහා බලල ඒ කෙනාව අධෛර්යට පත්වන අන්දමේ දේවල් කියනව. ඒ කෙනාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියල පෙනුනත් හිත්වල තියන කුහකකම නිසා සමහරු ඒ විදියේ දේවල් කියනව. හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ඉන්න මිනිස්සු හැම දෙයක්ම අතැරලා දානකොට යම් අබාධිත තත්වයන් තියන මිනිස්සු ලෝකේ ජයගන්න හැටි අනන්තවත් අපි දැකල තියනව, ඒ උත්සාහවන්ත මිනිස්සු තම සිහිනය ජයගන්න කටයුතු කරනකොට ඔවුන් දිහා බලල අවඥාවෙන් සිනහවන මිනිසුන්ද ඔවුනට අතහිත දෙන දෙවිවරුන් වන් සැබෑම මිනිසුන්ද මෙලොව සිටිනවග අමතක නොකළ යුතු කරුණක්. ඉතිං අද මේ අරන් ආවේත් අන්න ඒ වගේ තම උත්සාහය අත්නොහැර ලොවක් ජයගත්ත මිනිසෙකුගේ කතාවක්. imdb 7.5ක් වැනි ඉහලම අගයක් ලැබිල තියනව මේ කතාව හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම බැලිය යුතුයි කියල නිර්දේශ කරන කතාවක්. එඩී එඩ්වර්ඩ් ලෙස Taron Egertonද ( Kingsman: The Secret Service 2014, Legend 2015) වුල්වරින් නොහොත් ලෝගන් (එයාගේ උප්පැන්නේ නම දන්නේ නෑනෙ අපි දැන් :p 😀 ) එඩිගේ පළමු පුහුණුකරු ලෙසත් ප්‍රධාන වශයෙන් දායක වෙනව. එමෙන්ම උපසිරස සඳහා සමාදර සහයෝගිතාවය මෙවරත් සමන්ට හිමිවෙනව, එහෙමනම් කතාව දිහාවට හැරෙමු.
1963 දෙසැම්බර් 5 වනදා එංගලන්තයේදී උපත ලබන ඔහු කුඩාකල ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළෙනව, දොස්තරවරු විසින් ආබාධය සුවකරන මුත් වෛද්‍ය උපදෙස් වන්නේ ඇගපතින් නොව තම මොලයෙන් වැඩ ගන්නා ලෙසයි, ඒ අනුව කුඩා ළමයා විසින් කියවීම පිණිස පොතක් අතට ගනු ලබනව. දෛවය කෙතරම් පුදුමසහගතද. ඔහුට කියවීම ලැබෙන්නේ “1972 වසරේ නිල ඔලිම්පික් චායාරුප” නමැති ඔලිම්පික් චායාරුප සහ විස්තර අඩංගු කෘතියක්. එය කියවා අවසන් වූ පසු කුඩා ඔහුගේ සිතට යමක් පහල වෙනව, තමා තමන්ට කිසිවක් කල නොහැකි යැයි කී සෑම දෙනෙක්ම වැරදි බව ඔප්පු කළයුතුයැයි පුංචි ළමයා විසින් සිතට ගනු ලබනවා, එතැන් පටන් කවදාහෝ දිනක ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහබාගි වීමේ සිහිනයක් දකිනව ඔහු. නමුත් ඔහු දන්නේ නෑ තමන්ට හරියටම ගැලපෙන ක්‍රීඩාව කුමක්ද කියල, ඔහු විවිධ ක්‍රීඩාවන් අත්හදා බලනව ඒ හැම එකක්කින්ම අසාර්ථක වන ඔහු අවසානයෙදි යම් දෙයක් වටහාගන්නව, තමන්ට ගැලපෙනම ක්‍රීඩාව “Ski Jumping” නමැති අතිශය අනතුරුදායක ක්‍රීඩාව බව ඔහු වටහගන්නව, ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු විසි දෙකක්. ඒ වනවිට එංගලන්තයට ඔලිම්පික් සඳහා Ski Jumper ක්‍රීඩකයෙක් සිටියෙ නෑ, ඔහු තමා එංගලන්තයේ පලවෙනි Ski Jumper ක්‍රීඩකය බවට පත්වෙන්නෙ, සිතල හිම දිගේ ඇදීගෙන එන ඔහු උපැස් පළඳින අයෙක් එපමණක් නෙමේ උපැස් යුවළටත් පිටතින් ආරක්‍ෂිත ඇස් ආවරණ පළඳින්න ඔහුට සිද්දවෙනවා, උපැස් යුවලේ විදුරු මත ජලවාෂ්පයන් බැඳී ඉදිරිය නොපෙනී යනවා, එවැනි බාධක මැද ක්‍රීඩා කල ඔහු වැඩිම වේගයක් වාර්තාකළ Ski Jump ආධුනික ක්‍රීඩකයින් අතර ලොව නමවන ස්ථානය තවටත් ඔහුගේ නම ඉදිරියෙන් ලියවිලා තියෙන ආකාරයට ක්‍රීඩා කරනව. ඒ පැයට කිලෝමීටර 171.9ක වේගයක් වාර්තාකරමින්. එමෙන්ම බස්රථ 6ක් හෝ කාර් 10ක් මතින් පැනීමේ ලෝක වාර්තාවක්ද ඔහු සතුයි, හැමෝම බැහැයි කියල ඔහුව අධෛර්යට පත්කරවපු මිනිස්සුන්ට ලොවකටම පෙනෙන ආකාරයට ක්‍රියාවෙන් පිළිතුරු දුන් ඔහු, සුදෝ-සුදු හිම පියලි වලට ඉහල ගුවනෙහි සුලඟ දෙපලු වේගයෙන් ඇදී ගිය “රාජාලියා”, මයිකල් එඩී එඩ්වර්ඩ් නම් විය.
“විජයග්‍රහණය නෙමේ වැදගත් අත්නොහරින උත්සාහය “
Due to copyright issues, we do not provide any torrent links.
Eddie.The.Eagle.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,435 downloadsDownload Eddie.The_.Eagle_.2016.Baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සහ “ශාන් විමුක්ති [විමා]”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
26 comments
Kasun Upeksha
nilantha
link eka menna http://www.yify-movies.net/movies/eddie-the-eagle-2016-yify…
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
එල්.සී. දමැල්
ඇත්තම කිව්වොත් විශේෂයෙන් බලන්න කියල හිතේ නොතිබුණු චිත්‍රපටයක් තමයි මේක. නමුත් මේකත් නියම කතාවක් වගෙයිනෙ. එහෙම හිතුණෙ ලිපිය දැක්කමයි.
ඇත්තටම ලිපියනම් නියමෙටම තියෙනවා සහෝ. මගෙත් උපසිරසකට ලිපියක් එහෙම ලියවගන්න පුළුවන් වෙයි නේද? :D :P එහෙනම් පූසා/විමා දෙන්නටම උපසිරසට ස්තුතියි.nilantha
puluwan nam denna ekathu wela zombie hunter 2013 movie eata sub denna
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! :D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
PC Helper
Sub Ekata Thank u :)
Sajith Anthony
සමන් ප්‍රසාද් සහ ශාන් විමුක්ති උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!කේ.යු.ජී. උදාර
කොල්ලො දෙන්නට ම බොහොම ස්තූතියි................
vikum
niyama film ekakne genat tiyenne...jaya wewa....thanks for sub
Madura
Thanks machan ela
Gihan Madhusanka
sub ekata thanku
menna direct download link eka
film eka upload kala
http://www.pariganakapituwa.com/p/t2dlink.htmlsanthush
ela thanks machan
http://www.pariganakapituwa.com/p/t2dlink.htmlAsitha
එලම
තෑන්ක්ස්!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Wayantha Sandaruwan
සුපිරිම ෆිලුමක් වගෙයි,
අනිවා බලනව,
ගොඩක් ස්තූතියි දෙන්නටම sub එකට,
ජය වේවා! තෙරුවන් සරණයි!Tharaka
Thaks saho
තාරක කෝට්ටගේ
ලස්සන චිත්‍රපටයක්.....
ස්තුතියි උපසිරැසියට.......
ජ
යවේ
වා!Nilush Angana
Sub ekata thanx
Chalana
Ane flim eka download karaganna bahane e torrent link eka wada karanne nane... plz help me baiscope members
Cham071
Sub eka ganna bene
sscs
patta fim eka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සමන්, විමා උපසිරැසියට තුති සහෝ