Watch Trailer

Go Goa Gone (2013) | ඕන්න්..! ඉන්දියාවටත් මලයක්කු ගොඩ බැහැලා..![සිංහල උපසිරසි සමඟ]

[box]මුලින්ම කියන්න ඕනේ මම දැකල තියේ, අපේ සයිට් එකේම සහෝදරවරු ලිපි වල ලියල තියෙනවා, හොල්මන්, භූත, පෙරේත, පිසාචයෝ, මලයක්කු සම්බන්දව නිපදවෙන චිත්‍රපට වලට imdb වල ලොකු අගයක් හම්බෙන්නේ නැහැ කියලා. ඒවට imdb වල ලකුණු 10 න් 5 ක් 6 ක් තියෙනවා කියන්නේ ඒක හොද තත්ත්වයේ චිත්‍රපටයක්. ඉතින් මම බැලුවේ හත්වලාමේ, ම…

Go Goa Gone (2013)මුලින්ම කියන්න ඕනේ මම දැකල තියේ, අපේ සයිට් එකේම සහෝදරවරු ලිපි වල ලියල තියෙනවා, හොල්මන්, භූත, පෙරේත, පිසාචයෝ, මලයක්කු සම්බන්දව නිපදවෙන චිත්‍රපට වලට imdb වල ලොකු අගයක් හම්බෙන්නේ නැහැ කියලා. ඒවට imdb වල ලකුණු 10 න් 5 ක් 6 ක් තියෙනවා කියන්නේ ඒක හොද තත්ත්වයේ චිත්‍රපටයක්. ඉතින් මම බැලුවේ හත්වලාමේ, මේ ඉන්දියාවේ හදපු මලයක්කුන්ගේ චිත්‍රපටයට කොහොමද imdb වල ලකුණු 10 න් 7.1 ක් හම්බුනේ කියලා. ඒ කියන්නේ මේක මැක්සාම එකක් වෙන්න එපයි නේද??? (ඔව්, ඒකනම් එහෙම තමයි, මම කරපු නිසා කියනවා නෙවි හොදේ). ඇත්තටම මම මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි කරන්න හිතාගෙන නෙවි හිටියේ. මම කලින් දීපු “Kai Po Che (2013)” කියන ෆිල්ම් එකට “සිසිත’ කියන සහෝදරයා දාපු අදහසක තමයි මම දැක්කේ සයිෆ් අලි කාන් ගේ “Go Goa Gone” කියන ෆිල්ම් එකෙත් හොද කොපියක් ඇවිත් කියලා.
ඉතින් මම පොඩි සර්ච් පාරක් දාල, ට්‍රේලර් එක එහෙම බැලුවට පස්සේ දැක්කා imdb වල 7.1 සීන් එක. ඉතින් මම කාටවත්ම නොකියා වැඩේට බැස්සා,
පස්සේ පොඩ්ඩක් කරන් යද්දී හිතට ඇල්ලුවම තමයි මම විකියට කිව්වේ මම මේක කරනවා කියලා. ඉතින්, අදහසකින් මාව මේ ගැන දැනුවත් කරපු අපේ ‘සිසිත’ සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා.

“Go Goa Gone” නිකුත් වුනේ 2013 මැයි 10 වනදා. රාජ් නිදිමොරු සහ ක්‍රිෂ්ණා ඩි කෙ විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර, සයිෆ් අලි කාන් (බොරිස්), කුනාල් කේමු (හර්දික්), විර් දාස් (ලව්), ආනන්ද් තිවාරි (බනී) සහ පූජා ගුප්තා (ලූනා) යන අය මෙහි චරිත නිරූපණය කරනවා.

මෙහෙමයි කතාව… කාමරේක ඉන්නවා කොල්ලෝ තුන් දෙනෙක්, එකෙක් තමයි බනී. තමන්ගේ රස්සාව කරගෙන ඉස්සරහට යන්න උත්සහ කරන එකෙක්. අනිත් දෙන්නම රස්සාවක් කරනවා වුනත්, අරක්කු, කුඩු, ගංජා, තව තව දේවල් වලට ඇබ්බැහි වුනු පට්ටම ආතල් කොල්ලෝ දෙන්නෙක්. ඒ දෙන්නගෙන් හර්දික් කියන ඒකා නම් මහා පට්ටම චාටර් පොරක්, මොකද පොරට මත්ද්‍රවය වගේම කෙල්ලොත් එක්කත් එහෙමයි. දවසක් පොරගේ ඔෆිස් එකේම ඉන්න කෙල්ලෙක් එක්ක පොර වැඩේ කරන්න ගිහින් (ඔව් ඔව් ඒ වැඩේ තමා) බොසාට අහුවෙලා, රස්සාව කෙලවගන්නවා. අනිකා ලව් (නෑ නෑ ඒක තමා උගේ නම), පොරනම් පොරගේ කෙල්ල නිසා නිසා සේරම නරක වැඩ අතැරලා හොද මිනිහෙක් වෙන්න හිතන් ඉන්න පොරක්. ඉතින් පොරත් හොද මිනිහෙක් වෙන්න හිතා ගෙන කෙල්ලට ප්‍රෝපෝස් කරන්න යනවා. කෙල්ලෙක් නිසා කොල්ලන්ට කවදාවත් හැදෙන්න බැහැ කියනවා වගේ, ඉතින් ඊට පස්සේ මොකද වෙන්නෙ??? මෙන්න කරුමෙටම පොරවල් ආයෙත් සුපුරුදු පරණ ජීවිතේට බැහැල, මුන් තුන්දෙනාගෙන් මම අර මුලින් කිව්ව බනියා.
පොරට පොටක් පෑදෙනවා නොමිලේ ගුවනින් ගෝවා නගරයට ගිහින් ඉදිරිපත්කිරීමක් (presntation) කරන්න. ඒකෙන් ප්‍රයෝජන ගන්න අපේ අනිත් පොරවල් දෙන්නත් යනවා, බනී එක්ක ගෝවා වලට පොරවල්ලගේ විනෝදකාමී ආතල් ජීවිතේ ගත කරන්න. ආතල්ම හොයන පොරවල් නිසා ලව් සහ හර්දික් එහෙ යන්න හැදුවත් අතේ සතේ නැති නිසා අහිංසක බනියාවත් බලෙන්ම ඇදගෙන දූපතේ තියෙන සාදයට යනවා. දූපතේ තියෙන සාදයේදී, ඒකට සහභාගී වෙන අයට සල්ලි වලට පොඩි පෙත්තක් හම්බෙනවා මත් වෙන ජාතියේ. පෙත්ත මයේ හිතේ 5000 ක් විතර වෙනවද කොහෙද. අපේ පොරවල්ලට කොහෙන්ද එච්චර ගානක් පෙති ගහන්න තරම්. ඒ නිසා අපේ පොරවල් බේරෙනවා.මොකක්!! බේරෙනවා?? ඔව් බේරෙනවා. මොකද ඊලග දවසේ උදේ වෙද්දී ඒ පෙති පාවිච්චි කරපු සේරම අය මලයක්කු (සොම්බී) බවට හැරිලා. ඉතින්, දැන් මොකද කරන්නේ????

ගෝවෙ ගිහින් මුන්ටික කොහොමද එක පාරටම දූපතකට ගියෙ?

අපේ පොරවල් ටික කොහොමද බඩගින්නෙන්, ලේ පිපාසයෙන් ඉන්න මලයක්කුගෙන් බේරෙන්නේ???

අපේ පොරවල් ටික මොනවද මලයක්කු ගැන දන්නේ??

අපේ පොරවල් ටික කොහොමද දූපතෙන් පිට වෙන්නේ??

එතකොට කෝ මේ අපේ ප්‍රධාන නළුවා, සයිෆ් අලි කාන්. පොර මේ චිත්‍රපටයේ නැද්ද???

ඉන්නවනම්, පොර කොහොමද මේකට සම්බන්ද වෙන්නේ???

මලයක්කු නවත්තන්න තියෙන ප්‍රතිකාරේ මොකද්ද???

බලලම දැනගමු නේද????

ඔහ්හ්හ්… මේ ලිපිය මමද ලියල තියෙන්නේ…අප්පේ දිග…කියවද්දිත් එපා වෙනවා නේද?? කාරියක් නැහැ…මම කාලෙකින් බලපු පට්ටම කොමඩි තියෙන පට්ටම ෆිල්ම් එකක් තමයි මේක, මොකද මේක සබ් කරද්දී මම හිනා වුන වාර අනන්තයි. අනික, මම උපසිරසත් ගොඩක් සරලම විදියට දාන්න ට්‍රයි කළා. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. ඔයාලත් බලලම හොද නරක කියන්නකෝ.. තව දෙයක්, මේකේ ගොඩක් තැන් වල අර F අකුරෙන් කියන වචනේ තිබ්බා. ඉතින් මමත් ඒ වචන වල තේරුම එහෙම්මම, ඒ වචනේ මැදට හැෂ් (#) ලකුණ දාලා තියෙන්න ඇරියා. ඒ ගැන අවුලක් හිතන්න එපා හොදද?

එහෙනම්, මෙච්චර කාලයක් හොලිවුඩ් වල හිටපු මලයක්කු එක්ක හැප්පුනා, දැන් මම ඔයාලට ආරාධනා කරනවා ඉන්දියාවට ගොඩ බැහැපු මල යක්කු එක්කත් පොඩ්ඩක් හැප්පිලා බලන්න කියලා. 😉 එහෙනම් ජය වේවා!!!!!!

Go Goa Gone (2013) on IMDb

 

 

410 MB කොපිය මෙතනින් බාගන්න

55093b167940bfbcd6f87e2d65f9beba5668393e

700 MB කොපිය මෙතනින් බාගන්න

b325ed6efa2e52c24931c8b59478e1a00aa39394 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,883 downloadsDownload Go.Goa_.Gone_.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

7,883 downloadsDownload Subtitles315 B

109 comments

  1. Gayashan

    Thanks Machan. Supirima Film ekak Wage....

  2. nuraj

    ela ela ,meka dhenakan maga balagena hitiye.

  3. lakmal

    patta patta machan :D

  4. ns

    thanx....

  5. Arijit Singh

    pattaaaaaaaaaaaaaaaaa

  6. jeewantha

    මේක මැක්සා ෆිල්ම් එක.. සබ් එක්ක ආයේ බලනවා.. තුති

  7. wow

    wow... maru :D

  8. quik

    thanks

  9. tharanga

    මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ. ජයම වේවා දිගටම හින්දි ඒවා ඕනේ ඔන්න හේවා!!!!!

  10. උදාර

    ජය වේවා!!

  11. geeth

    maxxa maxxax math gannawa :D

  12. නවීන් ලක්ෂිත

    අප්පට සිරි මේ පොස්ට් එක කියෙවුවම නොබලා කොහොමද අනිවා බලනවා සහෝ....!!!

  13. dj

    පට්ට කොල්ලා දිගටම ඔහොම යන්

  14. zumo man

    elazzz thnxzzz

  15. ccnp

    Thanks

  16. shann

    ලොවෙත් පට්ට සහෝ
    අනිවා ගන්නවා....

  17. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxx

  18. rusuru | රුසිරු

    නියමයි සහෝ දිගටම උපසිරස දෙන්න.

  19. isuru

    thx lot

  20. amilatk

    jayen jaya!!!!

  21. kalinga

    ජය වේවා හේවා... මමත් මේක සබ් දාලා දෙනකම් උන්නේ. බොහොම පින්

  22. ganidu

    තෑන්ක්ස් වේවා!

  23. pubudu

    bohoma pin :D

  24. hh

    hindi films adune mey tike.meyjka dunna aka loku deyak macho

  25. waruna

    hewa kollata jaya wewa!

  26. කැළුම්

    සුපිරි කතාවක්නේ.ඉන්දියාවේ හැදුව එකක් නම් අනිවා බලන්න ඕනේ.නළුවත් පට්ට එකෙක් නේ.

  27. yasas

    thQ saho

  28. Shan Gamage

    නිය්මයි සහෝ...අනිවා මම නම් මේක බලන්න කැමැත්තෙන් හිටියේ...දැන් ඉතින් සබ් එක්කම බලන්න පුලුවන්...ස්තුතියි සහෝ සබ් එකට​ :) :) :)

  29. shashik

    මේකනම් අනිවා බැලිල්ලක් .............

  30. jana

    thx saho

  31. Kasun

    elaz..

  32. lakchan

    ELAAAAAAAAAAAAAAA

  33. කැලුම් රණවක

    එල ෆිල්ම් එකක් වගෙ...සබ් එකට ස්තුතියි හේවා සහෝ...ඔන්න මාත් බාගන්න ගොඩට අනුයුක්ත කරලා දැම්මා..(හම්මේ බානවා බානවා මේ සතියෙ මරු ෆිල්ම් ටිකක්නෙ ආවෙ) :D

  34. නලින්

    ස්තුතියි හේවා අයියා..

    මේ ව‍ගේ තමන්ට රහා වැටිච්ච දෙයක්
    අපිටත් ගෙනාවට..

    ජය වේවා

  35. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  36. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි සිංහල සබ් එකට. ෆිල්ම් එක බාල තියෙන්නෙ.. සබ් එක ගන්නවා,, ජය වේවා෴

  37. කැලුම් ගුණසේකර

    එළ එළ මචං. මාත් හෙන ආසයි සොම්බි ෆිල්ම් බලන්න. ස්තුතියි මේක උපසිරැසි ගැන්වූවට. සිසිත සහෝටත් ගොඩක් ස්තුතියි දැණුවත් කලාට.

  38. දිනිඳු සම්පත්

    මේක ගැන නේද මචං කිව්වේ? ඉක්මනට දීලනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. අනිවා බාගන්නවා..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව්, දිනිදු මචෝ...

  39. tha

    thanks bro......

  40. Tharindu

    එළකිරි. මල් හතයි ඈ...............

  41. දිෂාන්

    ආවා ආවා හේවා ආවා..
    මේ සතියෙ පට්ට ෆිල්ම් ටිකක්නෙ ආවෙ.. අප්පෝ මගෙ GB ත් ඉවර වෙනවා..
    මොනව කරන්නද මේක නොබල කොහොමද..
    බෝම ස්තූති හේවා සහෝ..
    ජයෙන් ජයම වේවා..

  42. ishan

    balagena hitiye meka denakan.thnkzzzzz ,achan

  43. සමීර කරුණාරත්න

    මම මේක තියනව දැක්කට මෙහෙම හොදක් දැක්කෙ නැහැ නොව... :o
    හේව කිව්වෙ වෙලාවට...
    එහෙනම් බාන්න දැම්මා ඔන්න..
    බොහොම ස්තුතියි මචෝ උපසිරැසට...

  44. sisitha

    බොහොම ස්තූතියි සහෝ...... මමත් ෆිල්ම් එක බෑවට සබ් දෙනකන් හිටියා බලන්න....මම මේක එන්නත් කලින් ආසාවෙන් හිටියේ බලන්න......... දැන්ම බලනවා..සබ් දාන එක මොන තරම් අමාරු වැඩක්ද.. ඒ වුණාට මේ සහෝලා දාන හැටි..............බුදු සරණයි අපි වෙනුවෙන් මේ කරන දේට.....යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! බයිස්කොපේ වැජඹේවා!!!

  45. ශාන් විමුක්ති [වීමා] 〠

    ලිපියනම් ආයෙ මල් හතයි හොදේ
    මම දැකපු උබේ හොදම ලිපිය ;)
    මම ඉතින් මොනා කියල කියන්නද බන් මේකට
    අනිවා බලනව, හැබැයි ඒ වෙනකොට මාවත් සොම්බි කෙනෙක් වෙලා තියේද දන්නෙ නෑ බන් :P
    ඇයි බන් මේ දෙන දීමට ‍ෆිල්ම් බලන්න වෙන්නෙ ලබන ආත්මෙ තමා
    ඒත් ඉතින් මම උබ දෙන මෙව්වා අනිවා බලනව
    ඒක ආයෙ සහසුද්දෙන්ම දන්නවනෙ ඉතින් උබ
    සබට බොහොත් ශුක්‍රියා
    ජය හෝ!
    (කිව්වා වැරදියිද මන්ද :o )

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මෙහෙමයි ව්මෝ..අපිනම් ඉතින් ආයේ අලුතෙන් සොම්බිලා වෙන්න ඕනේ නැහැ..කොහොමත් ඒ වගේම තමයි....
      උබ මේක අනිවා බලන විත්තිය මම මම දන්නවා....
      ඒක නෙවි, මොකද්ද බං අර ශුක්‍රාණු කතාව...
      මට පැහැදිලි මදි වගේ.....හික්ස්...

  46. jack

    හින්දි එකක් නම් ඉතින් නොබලා ඉන්නේ කොහොමද. බොහෝම ස්තුතියි මචන් සබ් දුන්නට.

  47. vee

    ela

  48. හසන්ත වික්‍රමරත්න

    අමුතුවෙන් ගොඩ බහින්න දෙයක් නැහැ බන්. හෙහ්
    එහෙ ඉන්නේ මල යක්කු තමයි. එහෙ ඉන්න මල යක්කු තමා ලෝකේ පුරාම තියෙන හැම රටකම ඉන්නෙත්...
    එතන තමයි යක්ෂ විමානය....
    අපි නම් ඉන්දියාවේ මල යක්කු එක්ක එදිනෙදා හැප්පෙනවා....
    කෙසේ වෙතත් මේ කතාව නම් නියමයි. මමත් බැලුවා කලින්. කවුද දන්නේ හින්දි හේවා මේක කරනවා කියලා. කොමඩි නම් විමානයයි. එහෙනම් තැන්කු කිව්වා.:D

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      කියන්න පේන්නවත් ඉන්න එපයි...
      අපි කරදර කරන නිසා හැංගිලා නේ ඉන්නේ..ඉතින් කොහොමද කියන්නේ...

  49. DARSHANA

    ela ela thanks machan .thawa hoda hindi ewa deepan.

  50. dev

    den hindi sinamawat sombi kata gahanna patan aranda... :)
    ela ela bohoma stuti saho... .

Load more comments