ප්‍රථමයෙන් බයිස්කෝප් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියල ආචාර කරනවා.! මගේ දෙවනි සිංහල උපසිරසි නිර්මාණය වන GOD FATHER (2020) අපේ වචනෙන් කිව්වොත් සුපිරි ඒ වගේම හරිම සංවේදි කතාවක් සහිත චිත්‍රපටයක්! මේ චිත්‍රපටය කරන්න වෙනද වගේම උදව්කල මාගේ හිතවත් මිත්‍රය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරාටත් ඒ වගේම මේ චිත්‍ර…

ප්‍රථමයෙන් බයිස්කෝප් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියල ආචාර කරනවා.! මගේ දෙවනි සිංහල උපසිරසි නිර්මාණය වන GOD FATHER (2020) අපේ වචනෙන් කිව්වොත් සුපිරි ඒ වගේම හරිම සංවේදි කතාවක් සහිත චිත්‍රපටයක්! මේ චිත්‍රපටය කරන්න වෙනද වගේම උදව්කල මාගේ හිතවත් මිත්‍රය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරාටත් ඒ වගේම මේ චිත්‍රපටය සිංහල උපසිරැසි ගැන්වීම සඳහා වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙකු වන ආසිරි ප්‍රියන්ත සොයුරාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
පොඩි කාලේ අපේ වීරය තාත්තා, අපිට හැමදේම එයා තමයි. ඒත් අපි ලොකුවෙද්දි, අපිට ඒ වීරයගෙ වටිනාකම අඩුවෙනවා. අපේ තාත්තලා මොනවද දන්නේ? අපේ තාත්තලගේ තියෙන්නේ හණමිටි අදහස්! එකී මේකී නොකී දේවල් තමන්ගෙ තාත්ත ගැන කියන තරුණ පුතාලත් වයසට යද්දි ගුරුහරුකම් දුන්න පණ වගේ බලාගත්තු ඒ තාත්තා නැවතත් වීරයා වෙන්නේ එයාටත් නොදැනීමයි. පෞද්ගලිකව මා නම් ඔහුගේ වටිනාකම හොඳින්ම දන්නේ ඒ අද ඔහුගේ ඡායරූපයක් පමණක් මා සතුව ඇති නිසා! මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නෙත් තාත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම ගැන කියවෙන කතා පුවතක්. දමිළ ක්‍රියාදාම හා ත්‍රාසජනක ඝනයට ගැනේන මෙම සිනමා සිත්තම 2020 පෙබරවාරි මස 21 දින ලොවපුරා තිරගත තිබෙනවා. මෙම චිත්‍රපටය Jegan Rajshekar විසින් රචනාකර අධ්‍යක්ෂණය කර තිබෙනවා ඒ වගේම Natarajan Subramaniam අධියමන් ලෙසද, Ananya මිත්‍රා ලෙසද, Lal මරුධු සිංහම් ලෙසද රංගනයෙන් දායක වෙනවා. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව මෙම චිත්‍රපටය සදහා 6.1 /10 අගයක් ලැබී තිබෙනවා.
චිත්‍රපටය ගැන යමක් කිව්වොත් අධියමන් බොහොම පාඩුවේ ජීවත් වෙන තමන්ගේ එකම පුතාට (අර්ජුන්) ඒ වගේම තම බිරිදට (මිත්‍රා) පණ වගේ ආදරය කරන මධ්‍යම පාන්තික තාත්ත කෙනෙක්. ඉතින් මේ පවුලේ ඉන්න පුංචිම කෙනාට ලොකු අනතුරක් සිදුවෙන්නට යනවා. ඒ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේම සිටින මරුදු නැමැති මැරයෙකුගෙන්! සිනමාපටය පුරාවටම තාත්තලා දෙන්නෙක් තමන්ගේ පුතාලව බේරගන්න කරන සටන එක හුස්මට කුතුහලෙන් යුතුව ඔයාලට බලාගන්න පුලුවන්. සිද්ද වෙන්න යන අනතුර මොකක්ද? අධිමයන් මේ අනතුරෙන් තමන්ගෙ පුතාව පවුලව බේරගනියිද? මීට වඩා කතාව කියන්න ගියොත් චිත්‍රපටය බලද්දි රසයක් නැතිවෙන නිසාවෙන් චිත්‍රපටයේ කතාව විස්තර කිරීම මෙතැනින් අවසන් කරනවා.
තම දරුවන් වෙනුවෙන් කාලය ධනය පමණක් නොව තම ජීවිතය පවා කැප කිරිමට දෙවරක් නොසිතන ඒ ආදරණිය මිනිසුන් වෙනුවෙන් මාගේ උත්තමාචාරය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත සඳහා අදාළ වේ.
8,269 downloadsDownload God-Father-2020.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික මධුෂාන්
Subtitles
27 comments
Kantha_DLA
Anonymous
Baaghi 3 thama sub nedda
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි.! ඊලඟ උපසිරැසියත් ඉක්මනින් ඕන
Anonymous
Thabks bn
Ayesh Prashan
Thank You
කවිනු වීරක්කොඩි
sthuthii aiye! Shylock (2020) film ekatath sub dennako
Lalani Maduwanthi
Thank you God bless you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!subodha
Thanks
Rukshan37
Ela
indika75
thanks..
D.Chamara
bohoma sthuthi
arawindasunimal
thanks sub ekata chamika madushan jayawewa bs
lakmal
thanks. තවත්සබ් ඕනේ
Achi
ස්තුතියි සහෝ සබ් එකට
Harshana Sumithchandra
torrent ganna site ekak kiyannako
Mayura menaka
Biscopedownload.co මොකක් හරි අවුලක් බන්
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahancharuka
thank you
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!CHAMIKA MADUSHAN
thanks for all
Kalana
thanks bro..
muditha gayan
Thankzzzzzzzz
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Thanks bro
Prabodha Jayakody
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!