අපි ආදරේ කරන්න ඕනෙ. ඒත් අපි ආදරේ කරන කෙනාවම කසාඳ බඳින්න ඕනේ නෑ. එයාව කසාඳ බැන්දොත් ආදරේ එතනින්ම ඉවර වෙනවා. අපිට දෙයක් අයිති නැති නම් විතරයි ඒක සතුටක් වෙන්නේ. අයිති උනාට පස්සේ සතුටක් තියෙනවද? ආදරේ කියන්නේ ඒක තමයි!! සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්ව…

අපි ආදරේ කරන්න ඕනෙ.
ඒත් අපි ආදරේ කරන කෙනාවම කසාඳ බඳින්න ඕනේ නෑ.
එයාව කසාඳ බැන්දොත් ආදරේ එතනින්ම ඉවර වෙනවා.
අපිට දෙයක් අයිති නැති නම් විතරයි ඒක සතුටක් වෙන්නේ.
අයිති උනාට පස්සේ සතුටක් තියෙනවද?
ආදරේ කියන්නේ ඒක තමයි!!
සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්වය මගේ රටින් ඉක්මනින් තුරන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතරම, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මේ ව්‍යසනයෙන් අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා කරනවා.
මට මේ අවස්තාව ලබා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාට සහ බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Munthiri Monchan (2019) මලයාලම් සිනමා නිර්මාණයට. මිනිත්තු 130 පුරාවට දිවෙන මෙම නිර්මාණය Romance/ Comedy කාණ්ඩ යටතේ වර්ග උන 8.9/10 ඉහල IMDb අගයක් සහ 70% ක ගූගල් පරිශීලක අගයක් ලබා ගන්න මෙම නිර්මාණය සමත් වෙලා තියෙනවා. 2019 දෙසැම්බර් 06 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ සිනමා නිර්මාණය Vijith Nambiar ගේ අධ්‍යක්ෂණයක්. Manu Gopal, Meharali Poilungal Ismail තිර රචනා කරන ලද්දක්. මෙහි සිනමා අධ්‍යක්ෂක Vijith Nambiar අතින්ම සංගීතවත් උන ගීත 04 ක් අඩංගු වෙනවා.
· Manesh Krishnan -විවේක් ලෙස
· Gopika Anil – ඉමා ලෙස
· Devan – මාධවන් ලෙස
· Saleema – මේරි ලෙස
· Innocent – මෙනන් ලෙස
· Salim Kumar – හොරා (ගෙම්බා) ලෙස
· Cairavee Thakkar – දීපිකා ලෙස
· Idavela Babu – දේවරාජ් ලෙස
· Irshad – ඩොක්ටර් ගෞතම් ලෙස
· Anjali Nair – මහේස්ත්‍රාත් ලෙස
· Vishnu Nambiar – මහේෂ් ලෙස
· Niyas Backer – අනියච්චා ලෙස
ඇතුළු නළු නිලියන් බොහෝ පිරිසක් මේ නිර්මාණය වෙනුවෙන් දායක වෙලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා විවේක් කියන්නේ වෙළඳ ප්‍රචාරණ ආයතනය සේවය කරන තරුණයෙක්. මෙයාට දවසක අහම්බෙන් ඔන්ලයින් ලයිබ්‍රි එකක් කරන ඉමා රාජිව් ව මුණ ගැහෙනවා. එයාල මුලින් හම්බ වෙන්නේ කොෆී ෂොප් එකකවත්, ෂොපින් මෝල් එකකදීවත් නෙමේ මාළු මාර්කට් එකකදී වලියකට මැදි වෙලා කුණු මාළු වලින් නාපු වෙලාවක. ඊටපස්සේ මෙයාල හොඳ යාලුවෝ වෙනවා. මේ අතරේදී තමයි විවේක්ට කම්පැණියේ වැඩකට මුම්බායි යන්න වෙන්නේ. යන අතර මගදී විවේක්ට දීපිකා කියල තව කෙල්ලෙක් හම්බ වෙනවා. ඒ යන ගමන කතා ගොඩකට මඟ පෑදෙනවා. විවේක් කබලෙන් ලිපට වැටෙනවා. මේකේ අන්තිමේදි විවේක්ට ඉමාගේ ආදරේ දිනා ගන්න පුළුවන් වෙයිද? ඒක බලලම දැන ගන්න.
මේ ෆිල්ම් එකේ මුල ඉඳන්ම ආදරේ එක එක අවධි අපට බලා ගන්න පුළුවන් වෙනවා. මේක එක ආදර කතාවක් නෙමේ. ආදර කතා ගොඩක්. බූට් එකක් කාලා මැරෙන්න ළිඳට පනින කෙල්ලෙක්, කට්ට කාලා කෙල්ලෙක් යාලු කර ගන්න එයා පස්සෙන් යන කොල්ලෙක්, තව ආදරේ කරාට එකට එකතු වෙන්න බාධා වැඩි හින්දා හොරෙන් පැනල යන පෙම්වතුන් දෙදෙනෙක්, ආදරේ කරලා ඒ ආදරේ සාර්ථක කර ගත්ත යුවලක්, ආදරේ කරලා හඳපානේ ගිහින් කසාඳ ජීවිතේ අවසන් භාගය ගෙවන, තමන්ගේ එකම එක ආසාවක් මුදුන් පමුණුවා ගන්න උත්සාහ කරන වියපත් පෙම් යුවලක්. මේ ඔක්කොම කට්ටිය මේ නිර්මාණයේදී අපිට මුණ ගැහෙනවා. මෙයාලගේ මේ කතාව අපිට කියන්නේ ගෙම්බෙක්. ගෙම්බෙක් කිව්වට මෙය පල් හොරෙක්. ඒත් හිත හොඳ හොරෙක්.
මේ දවස් ටිකේ නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මේ නිර්මාණයත් රස විඳින්න කියලා ඔයාල හැමෝටම මං අරාධනා කරනවා.
Stay Home – Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
5,361 downloadsDownload Munthiri-Monchan-2019.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
12 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!කවිනු වීරක්කොඩි
ස්තූතියි අක්කේ
ප්‍රිත්විරාජ්ගේ බ්ලොක්බස්ටර් ෆිල්ම් එක Ayyappanum Koshiyum 2020 උපසිරැසි ගන්වන්න පුලුවන්නම් මරුLalani Maduwanthi
Thank you,, God bless you
indika75
thanks..
D.Chamara
bohoma sthuthi
nish47
ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Achi
බොහොම ස්තුතියි සිස්...ආදරේයි...
තව කරමු සබ්isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Munthiri Monchan (2019) Sinhala Subtitle | අපේ ආදර කතාව!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Munthiri-Monchan-2019.jpg)

බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!