“තාත්තා කෙනෙක් හීනයක් දැක්කා. මල්ලවපොර වලින් එයාට ගන්න බැරිවුණු ඒ ජාත්‍යන්තර පදක්කම තමන්ගේ දරුවා හරි අරන් එයි කියලා ඒ හීනේ වෙනුවෙන් එයා දිවා රෑ නොබලා මහන්සි වුණා තමන්ගේ කෙල්ලෝ දෙන්නට ඒ හීනෙට යන පාර පෙන්නුවා” කියද්දීම මතක් වුණා නේද, මීට අවුරුදු තුනකට කලින් ආපු ඒ සිනමාපටය? හිනාවෙද්දි ඇස් වල කඳුළු පුර…

“තාත්තා කෙනෙක් හීනයක් දැක්කා.
මල්ලවපොර වලින් එයාට ගන්න බැරිවුණු ඒ ජාත්‍යන්තර පදක්කම
තමන්ගේ දරුවා හරි අරන් එයි කියලා
ඒ හීනේ වෙනුවෙන් එයා දිවා රෑ නොබලා මහන්සි වුණා
තමන්ගේ කෙල්ලෝ දෙන්නට ඒ හීනෙට යන පාර පෙන්නුවා”
කියද්දීම මතක් වුණා නේද,
මීට අවුරුදු තුනකට කලින් ආපු ඒ සිනමාපටය?
හිනාවෙද්දි ඇස් වල කඳුළු පුරවපු
පපුවෙ ගැස්ම වැඩි කරවපු
ආයේ ආයේ බලන්න කියලා හිත බල කරපු
ඒ සිනමාපටය!

ඒ නිතේෂ් තිවාරි මහත්තයාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය
මදි නොකියන්න ආදායම් වගේම
ප්‍රතිචාර පුලුවන් උපරිමයෙන් ගත්තු හොඳම සිනමාපටයක්
තවත් කාලෙකට අමතක නොවෙන වැඩක්
ඔක්කොටමත් එහා,
ඒක තාත්තා කෙනෙක්ගේ හීනයක් ගැන කතාවක්!!!
ඔව් තාත්තා කෙනෙක්ගේ…?
එතනින් ඔක්කොම ඉවරද?
එතකොට අම්මලා?
අම්මලා ගැන කතාවක් නැද්ද?
ඇයි අම්මලට හීන නැද්ද?
එයාලා හීන දකින්නේ නැද්ද?
අශ්විනී අයියර් තිවාරි
ඒ කියන්නේ නිතේෂ් තිවාරිගෙම නෝනා පොඩ්ඩ,
එයාගේ ඔලුවට තමා මේ ප්‍රශ්නේ ආවේ.
ඉතින් එයාට හිතුනා
අම්මා කෙනෙක් ගැන කතාවක් හදන්න.
අම්මා කෙනෙක්ගේ හීනයක් ගැන කතාවක් හදන්න.
ඉතින් ඔන්න ඔහොමයි,
නිතේෂ් මහත්තයාගේ උදව්වත් එක්ක
Dangal රාමුවෙන්ම,
කබඩි වල රහ කලවම් කරලා
කල එළි බහින්නේ
Panga!!!
මේ චිත්‍රපටිය ගැන කිව්වොත්, අධ්‍යක්ෂක අශ්විනී අයියර් තිවාරි නෝනා විසින් කවදාවත් Panga චිත්‍රපටියක් විදිහට හැඳින්වූයේ නෑ. ඇය එය හැඳින්වූයේ තවත් එක පණ ගැහෙන ජීවිතයක් විදිහට. ඒ තරමටම Panga සුමට ලෙස, හැඟීම් පදමට මුහු කරලා බිහි කරලා තියෙන්නේ ඒ මිනිත්තු 130 අපිට චිත්‍රපටියක් බලනවා කියලා නොදැනෙන ගානට. චිත්‍රපටියේ කොහේම හෝ තැනක් අපිට සම්බන්ධ කරන විදිහට. සතුට, සිනහව, දුක, කඳුල කොටින්ම කිව්වොත් හදගැස්මටත් ඔරොත්තු නොදෙන විදිහට මේ මිනිත්තු 130 ඔබව ඇද බැඳ තබාවි. මේ නිසාමයි Dangal 2016 වසරේ හොඳම හින්දි චිත්‍රපටිය වුණෙත්, මේ නිසාමයි Panga 2020 වසරේ හොඳම චිත්‍රපටියක් වෙන්නෙත්. සමහරවිට මේ වාක්‍යය හොඳම චිත්‍රපටිය ලෙස ඉදිරියේදී වෙනස් වේවි. එහෙම වෙන්නයි කියලයි මේ පැතුමත්.

Dangal සිනමාපටය නිකුත් වෙලා තුන්වෙනි උපන්දිනේ සමරද්දී ඊට සමගාමීව Panga සිනමාපටයේ පුර්ව ප්‍රචාරකපටය නිකුත් කරන්න මේ අඹුසැමි යුවල කටයුතු කරා. ගතවුණේ පැය 24යි. කවුරුත් නොසිතු විරු විදිහට Panga පුර්ව ප්‍රචාරකපටය සමාජ ජාලා දෙවනත් කර තිබුණා. පැය 24ක් ඇතුලත වාර්තාගත නැරඹුම් මිලියන 24ක් සනිටුහන් වෙලා තිබුණා.

පහුගිය ජනවාරි 24 වෙනි දින Panga තිරගත වීම ඇරඹුණේ තවත් දැවැන්ත සිනමාපට කීපයක්ම එක්කයි. Street Dancer 3D සමඟ මේ ඝට්ටනයට කවුරුත් සුදානම් පිට හිටියෙත්. කොහොම Panga තිරගත වෙන්න හිමිකම් කිව්වේ අඩු සිනමාහල් සංඛ්‍යාවක. හරියටම කිව්වොත් ඒ Street Dancer 3D සිනමාපටය හිමිකම් කියූ සිනමාශාලා ප්‍රමාණයේ අඩකට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ ගැටුමෙන් Street Dancer 3D හට පැහැදිලි ජයක් තිබුණා. නමුත් ඔබ දන්නවා ජනවාරි 10 වන දින සිට තිරගත වූ Tanhaji: The Unsung Warrior සිනමාපටය අනපේක්ෂිත ලෙස අනෙක් සිනමාපට වලට සිදු කළ පෙරළිකාර බලපෑම. මේ හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස Panga පමණක් නොවේ Street Dancer 3D චිත්‍රපටියද ආදායම් අතින් අසාර්ථක වුණා. ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට මෙන්ම විශේෂයෙන්ම කියන්න ඕන විචාරක ප්‍රතිචාර ඉතාමත් ඉහළින්ම ලබාගත් Panga සිය තිරගත වීම හමාර කළේ ඉන්දියාව තුල පමණක් ආදායම කෝටි 30ක් ලෙසට සටහන් කරගෙනයි.

අධ්‍යක්ෂක අශ්විනී අයියර් නෝනා ගැලපෙනම නළු නිලියන් පිරිස Panga වෙනුවෙන් බඳවාගැනීමට සහතික වෙලා තිබුණා. ප්‍රධාන චරිතය ජයා නිගම් වෙනුවෙන් ඇය තෝරාගත්තේ, වැරදිලා හෝ තමන්ගේ චරිතයට අසාධාරණයක් නොකරන ප්‍රවීණ නිළි කංගනා රනෞත්ව. කංගනා මොන තරම් සුමට විදිහට මේ චරිතය රඟදැක්වූවාද කිව්වොත් ඇය සමඟ පරහට සිටින විචාරකයන්ට පවා ඇගේ රංගනය ප්‍රශංසා නොකර ඉන්න බැරිවුණා. ඒ තරමටම ඇය මවකගේ චරිතයට සාධාරණය ඉටු කර තිබුණා. නවක නළු ජස්සි ගිල්ගේ ප්‍රශාන්ත් ලෙස කළ රංගනයත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක තිබුණා. ජයාගේ මවගේ චරිතය රඟදැක්වූ නීනා ගුප්තා හට තිබුණේ සීමිත තිර කාලයක් වුණත් ඇගේ එක දෙබසින් දෙකෙන් අපේ සංවේදනයන් අවුස්සන්න ඇය සමත් වෙනවා. ෂඃ එහෙමත් නිළියක්! (මං කියන්නේ මොන දර්ශනය ගැනද කියලා චිත්‍රපටය නරඹන අතරතුර ඔබට තේරේවි)
රීචා චඩ්ඩා, මං හිතන්නේ ඇගේ රඟපෑම් වෘත්තීය ඇතුලට අලුත්ම රසික පිරිසක් ඇති කරගන්නට ඇයට Panga හරහා හැකිවුණා. චිත්‍රපටියේ ඇය සිටිනා දර්ශන ඇගේම කරගන්නට ඇගෙන් ගිලිහී නොයන්නට ඇය වග බලාගෙන තිබුණා. ඊළඟට, Panga සිනමාපටයේ මෙතෙක් හොඳම සොයාගැනීම යාග්‍යා භාසින්. පුංචි කොල්ලෙක්. ඒත් රඟපෑම නම් ප්‍රවීණ නළුවෙක් හා සමයි. අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ, දවසක ලොකු වැඩකාරයෙක් වෙයි මේ පුංචි එකා නම්. මං කිව්වේ බොරුද කියලා සිනමාපටය නරඹලාම පසක් කරගන්න.

එහෙනම් මේ ආරාධනය මේ හැඟීම් සයුරේ කිමිදෙන්න කියලයි. අම්මා කෙනෙක්ගේ, ආදරණීය පවුලකගේ, එක හීනයක මේ කතාව ඔබට කාලයකට අමතක නොවෙන බව නම් සහතිකයි. මතක තියාගන්න මේ ඔබ නරඹන්න යන්නේ 2020 හොඳම හොඳ චිත්‍රපටියක් බවට.
චිත්‍රපටිය නරඹලා ඉවර වෙලා තමන්ගේ අම්මා ගාවට ගිහින් අහන්න,
අම්මේ! ඔයා අපි වෙනුවෙන් කැප කරපු හීන මොනාද කියලා.
ඇය හිනාවකින් ප්‍රශ්නය මගාරියි.
ඒත් ඒකට උත්තර ලිව්වා නම්
පොතකුත් මදිවෙයි!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
9,296 downloadsDownload Panga-2020.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
28 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!melinda
thank you
Ayesh Prashan
Thank You
indika75
thanks..
D.Chamara
bohoma sthuthi
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakmal
tank you sub akata jayawewa
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
උපසිරැසියට ස්තූති සහෝ
Rasika
Can someone tell me how can I download these movies to watch...
kavi94
thanks a lot guys..
විමා
පට්ට පට්ට
අද බාන්න ඕන
ආව කියල දන්නෙත් නැහැ
සබට තුති බන්Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Helili Hemamali
අලුයම එක වෙන්න මිනිත්තු විස්සක් තියා දැන් තමයි බලලා ඉවර වුනේ. ඉවරයි කියලා හිතන් හිටියට ඉවර වෙන්න හද හදා ඇඩ් ගියානේ. කොහොමහරි ඉතින් කාලෙකට පස්සෙ දිග කමෙන්ට් එකක් දාන්න හිතුවා.
ජයාගේ ඇතුළෙ ඉන්න අම්මා, බිරිඳ, දුව, යෙහෙළිය කියන හැම භූමිකාවටම ක්‍රීඩිකාව කියන භූමිකාව වගේම තැනක් දීලා තියනවා. කැපකිරීම් කරන්න ඕන තැනයි, හීන හැබෑ කරගන්න ඕන තැනයි මේ තරන් ලස්සනට කියලා දුන්න කතාවක් මතකෙට එන්නෑ. අන්න ඒකයි හැම දුවෙක්ම, හැම බිරිඳක්ම, හැම අම්මා කෙනෙක්ම මේක බලන්න ඕනේ.ප.ළි: කංගනාට 40 වෙන්නත් කිට්ටුයි නේද? නරකද කසාදයක් කරලා දුන්නොත් මයුර හරි මැදිහත් වෙලා. හැබැයි කංගනා එක්ක වසන්න පුලුවන් ප්‍රශාන්ත් වගේ කොල්ලෙක්ට ම තමයි.
මයුර
අම්මෝ කමෙන්ට් එක
බඩ පිරෙනවා.
Shan fonseka
Lipiya kiyawadddima as wlata kadulu awa bn
Achi
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
isuru srinath sjs
පට්ට.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. !!
mindika
Thanks !!!
Kavinu
ඕං එහෙනං බලන්නයි හදන්නෙ මයුරයියේ!
ස්තූතියි හොඳේ... :)Hemantha De Silva
ස්තුතියි මයුර...
නියම කාලෙක ... නියම විදියට වැඩේ කරලා...
ජයවේවා...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි මයුර සහෝ.
ජයෙන් ජයම වේවා!MAALNATH
Thanks ..............good luck ...................
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!සාරංග ජේ. ලියනගම
Thanks
Mevin
Thnks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Panga (2020) Sinhala Subtitles | හීන දකින අය ගේම ඉල්ලනවාමයි! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Panga-2020.jpg)

තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!