Watch Trailer

Godzilla: King of the Monsters (2019) with Sinhala Subtitles | රජුන්ගෙත් රජු [සිංහල උපසිරැසි සමඟ] 200*

2014 සැප්තැම්බර් මාසයෙන් මේ අපූරු බයිස්කෝප් පවුල සමඟ එකතුවෙලා පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු පහකට වගේ කිට්ටුයි. ඇහින් දැක්කේ නැති උනාට මුණගැහිලා නැති උනාට බොහොම හිත හොඳ ඕන වෙලාවක සහයෝගය ලබාදෙන සහෝදර සහෝදරියෝ පිරිසක් මාත් එක්ක මේ පවුලේ ඉන්නවා. විනෝදයට වගේ උපසිරැසියක් කරන්න පටන්ගෙන මේ පැමිණි ගමනේදී ක…

2014 සැප්තැම්බර් මාසයෙන් මේ අපූරු බයිස්කෝප් පවුල සමඟ එකතුවෙලා පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු පහකට වගේ කිට්ටුයි. ඇහින් දැක්කේ නැති උනාට මුණගැහිලා නැති උනාට බොහොම හිත හොඳ ඕන වෙලාවක සහයෝගය ලබාදෙන සහෝදර සහෝදරියෝ පිරිසක් මාත් එක්ක මේ පවුලේ ඉන්නවා. විනෝදයට වගේ උපසිරැසියක් කරන්න පටන්ගෙන මේ පැමිණි ගමනේදී කඩයිම් තුනක් පහුකරන්න මට හැකියාව ලැබුනා. සමහරු නම් මාව කොහොමවත් දන්නේ නැතුව ඇති. මොකද බාගෙට බාගයක්ම මම උපසිරැසි කරලා තියෙන්නේ රූපවාහිනී කතාමාලා වලට තමයි. වැඩේ කියන්නේ හින්දි හෝ දෙමළ චිත්‍රපටියකට කවදාවත් උපසිරැසි කරලා නෑ 😀 ඉතින් මේ සූදානම් වෙන්නේ මගේ හතරවෙනි කඩයිම පහුකරන්න. මේ තමයි මගේ 200 වෙනි උපසිරැසිය.

ඉතින් 200 වෙනි උපසිරැසියට හොඳ චිත්‍රපටියක් හොයලා දෙන්න කියලා වද දුන්නේ හසන්ත අයියාට තමයි. ගොඩ්සිලා උපසිරැසිය බාර අරගෙන තිබුනේ එයා. හැබැයි දෙපාරක් හිතන්නේ නැතුව 200ට මේක කරන්න කියලා මට මේක බාරදුන්නා. මේක කලේ කැම් කොපියකට නිසා HC කොපි එකට සින්ක් කරලා ආයේ හදන්නත් ඕන. ඉතින් මම මේ ලිපිය ලියන වෙලාවේ හසන්ත අයියා තමයි ඒ වැඩෙත් කරලා දුන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ! සමාවෙන්න, සඳහන් කරන්න අය නම් ගොඩාක් ඉන්නවා, ඒත් එක්කෙනෙක්ගේ හරි නමක් අඩු උනොත් ඒ කෙනාගේ හිත රිදෙන්න පුලුවන් නිසා ඒ වැඩේ කරන්න යන්නේ නෑ. ඉතින් ආදරණීය ඇඩ්මින් මඩුල්ල ඇතුළුව සහෝදර උපසිරැසිකරුවන් සියළු දෙනාම මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් මගේ පම්පෝරි වලින් වැඩක් නෑ, අපි කතාව පැත්තට හැරෙමු.

මුලින්ම කියන්න ඕන මම හොඳ සවිස්තරාත්මක ලිපි ලියන්න දක්ෂයෙක් නෙමෙයි කියන එක 😀 ඒ නිසා මම කතාවට අදාල අත්‍යවශ්‍යම කරුණු ටික විතරක් සඳහන් කරන්නම්. ඉතින් Michael Dougherty විසින් අධ්‍යක්ෂණය කරපු මේ නවතම ගොඩ්සිලා චිත්‍රපටය 2019 වසරේ මැයි 13 වෙනිදා තමයි නිකුත් උනේ. ප්‍රධාන රංගන තරු අතර Kyle Chandler, Vera Farmiga, Millie Bobby Brown යන අය සහ තව බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. Millie කවුද කියලා Stranger Things බලන අය දන්නවා ඇතිනේ. දැනට මෙය බොක්ස් ඔෆිස් ආදායම මිලියන 385ක් ලබාගෙන ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

කතාවට ටිකක් මුලපිරුවොත්, ඈත අතීතයේ ලෝකය පාලනය කරලා තියෙන්නේ මේ ටයිටන් කියන යෝධ සත්වයින්. ඒ මිනිස්සු මේ ලෝකයට පහල වෙන්න කලින්. ඉතින් මොනාර්ක් ආයතනය තමයි ලෝකයේ මේ සත්තු ගැන ගවේෂණය කරන්නේ. ලෝකය පුරාම මේ මොනාර්ක් මුරපොලවල් පිහිටලා තියනවා. ඒ මුරපොලවල් වල මේ යෝධ සත්වයන් රඳවගෙන තියාගෙන ඉන්නවා. ඩොක්ටර් එමා රසල් කියන්නේ මේ ආයතනයේ ප්‍රධානියෙක්. එයත් මේ මුරපොලවල් එකක වැඩ කරනවා. එයා ජීවත් වෙන්නේ එයාගේ දුව මැඩිසන් එක්ක.

ඉතින් හදිසියේම එයාට රැඳවුම් කුටියට එන්න කියලා ඇමතුමක් ලැබෙනවා. ඒ මෝත්‍රා කියන යෝධ පිලවා ඉපදෙන්න සූදානම් නිසා, කෝෂයෙන් එලියට එන්න සූදානම් නිසා, ඉතින් මේ එමා ලඟ යම්කිසි උපකරණයක් තියනවා. ඒකෙන් පුලුවන් තරංගයක් හරහා මේ යෝධ සත්තු එක්ක සන්නිවේදනය කරන්න. ඒ උපකරණයට කියන්නේ ඔර්කා එක කියලා. කෝෂයෙන් එලියට එන යෝධ පිළවා එහෙම නැත්නම් මෝත්‍රා කලබල කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔර්කා එක පාවිච්චි කරලා එමා එයාව සන්සුන් කරනවා. ඊට පස්සේ මේ ඔර්කා එක පස්සේ එන සතුරු කණ්ඩායමක් එකපාරම එතනට කඩන්පාත් වෙනවා. එතන හැමෝවම මරලා දානවා. ඉතින් ඒ අය මේ ඔර්කා එක හොයාගෙන ආපු හේතුව මොකක් වෙන්න ඇතිද ? කතාව බලමු එහෙනම් 🙂

දැන් ඉතින් ඉස්සර වගේ ටීවී එපියක්වත් කරන්න වෙලාවක් නැතිවෙලා තියෙන්නේ. වැඩ රාජකාරි එමටයි. ෆ්ලෑෂ් කතා මාලාවේ මේපාර සීසන් එක ඉවර උනාට පස්සේ කිසිම උපසිරැසියක් හරියට කරගන්න වෙලාවක් තිබුනේ නෑ. අවසාන වශයෙන් ඔයාලාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා පොඩි ඉල්ලීමක් කරන ගමන්, තවත් උපසිරැසියකින් ඔබව මුණගැහෙනතුරු අදට සමු දෙන්නම්. ඔබ සැමට ජය !!!

– Long live the King! –

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HD | Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

72,750 downloadsDownload Godzilla-King-of-the-Monsters-2019-BluRay.zip151 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

72,750 downloadsDownload Subtitles151 KB

311 comments

  1. baiscopelkishu

    thanks machn sub ekata

  2. baiscopelkishu

    and cngrtz for your 200 sub

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  4. jagath sirilal

    super brother thanks a lot more

    1. gihan perera

      ස්තුතියි සහෝ.....සුභ පැතුම් සහෝ කඩයිමට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා......

  5. Lahiru_sankalpa

    thankz bro

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ...
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු
    ජය

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට ඒ වගේම 200වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්...!!!
    ජය වේවා.!

  8. kolitha

    Thanx bro

  9. back feet

    thanks malli, congrts for 200!

  10. කවිශල් රසින්ත (කවී)

    හතරවෙනි කඩයිමට එහෙම නැත්තම් 200' වැනි කඩයිමට උණුසුම් සුභ පැතුම් නුවන්ත අයියේ. කාර්‍යක්ෂම සහ ගුණාත්මක උපසිරැසිකරුවන් අතර ඉහළම ඉන්න උපසිරැසිකරුවෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්. අනික ඉතින් හිත හොද ඕන වෙලාවක උදව්වට ඉන්න සහෝදරයෙක් කියලත් කියන්න පුළුවන්, එහෙනම් ඉදිරියටත් කෝම හරි උපසිරැසියක් කරන්න හැකියාව වෙලාව ලැබෙන්න කියලත් ඉදිරි සියළු කටයුතුත් සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම එහෙනම් උපසිරැසියට බෝම ස්තූතියි. අනිවා බලනවා. ජය වේවා..!!!!

  11. gayan215

    bohoma sthuthi saho...

  12. Ravindu rukshantha

    200 වැනි සබ් එකට උණුසුම් සුභපැතුම් අයියේ..ඒවගේම සබට ස්තූති...

  13. isururko

    සබ් එකට බොහොම ස්තුතියි,
    අඩු කාලයකින් ඉක්මනින්ම දුන්නට ස්තුතියි,
    ඒ වගෙම 200 වන සබ් එක,උබට සුබ පැතුම්,..

  14. Nandana_kumara

    Ela tu

  15. Rumesh Perera

    Thank you and congratulations on your 200th subtitle.

  16. prageeth

    thanks bro sub eakata

  17. tharindukavinda626

    thanks broo digtama sub karanna..

  18. kelumchathuranga

    thabnks

  19. isharaeranda1997

    thanks

  20. සනිඳු ලක්ඛිත

    200 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ..ගොඩක්ම නම අහලා පුරුදු එපිසෝඩ් වලින් තමා.අද තමා දන්නේ ෆිල්ම් කරලා නෑ කියලා..කොහොම උනත් සෑහෙන්න බැනුම් එහෙම අහන ටී.වී සීරිස් ටිකත් ඇදලා දුන්නා..මෙතනින් නොනැවතී ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..උපසිරසටත් බොහොම ස්තූති..පෞද්ගලිකව මටනම් ෆිල්ම් එකනම් හිතපු තරම් සාර්ථක නෑ ..BR එකක් ආවාම ආයෙත් බලමු. ජය වේවා..බුදුසරණයි..!

  21. arawindasunimal

    sthuthiy godaak..................sub ekata

  22. darshana100

    200 wani upasirasayata unusum subaa patum saho budusaranai good luck

    1. SRIMIHINDU

      ස්තුතියි සබ් එකට. සුබ පැතුම් කඩයිමට.

  23. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම 200 වෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් සහෝ..! සයිට් එකේ ඉන්න තවත් නියම වෙලාවට භාරගත්ත වැඩ ඉවර කරන වගේම තමන්ගේ වඟකීම වෙලාවට ඉෂ්ට කරන උපසිරැසිකරුවෙක් විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුලුවන්..! ඊලඟ කඩ ඉමත් ඉක්මනින්ම පසුකරන්න කාලය අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  24. Monro Buultjens

    The Mustang
    2019

    puluwnam sub hoyala denna tnxxxx

  25. TEP

    Extreme job 2019 ekatath sub dendoo.

  26. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. DIlshanmapalagama

    එල එල

  28. Amila Prabhashwara mudalige

    බොහෝම ස්තුතියි අය්යේ...
    200ට හදවතින්ම සුබපතනවා...

  29. Hemantha De Silva

    උපසිරැසියට ස්තුතියි නිවන්ත...
    ඒ වගේ ම සුභ පැතුම් කඩඉමට...
    අපි තවත් කඩඉමක් සොයන් යමු...

  30. dx12

    200ta hadawathinma suba.
    Bro tv series balana apita oyawa amthaka na.
    Tv series walta sub Dena eka nathara karanna epa.
    Thanks bro
    Good luck

  31. Rasitha Pradeep

    200 වැනි උපිපිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ....
    ඊළඟ කඩයිමත් ඉක්මණින්ම පසු කිරීමට ශක්තිය, ධෛර්යය, කාලය වැඩි වැඩියෙන් ලැබේවා....
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ....

  32. Sandeepmadushan

    Congratulations saho.. thanx for sub

  33. Shehan Madhusanka

    enakal balan hitiye thanks bro sub ekata

  34. lasaa

    Elaa

  35. ranga11112

    suba pathum sahoo...

  36. Malithshane

    thanks brother jayen jayama wewa........

  37. එල්.සී. දමැල්

    200 වෙනුවෙන් හදවතින්ම සුභපැතුම්!
    මෙතනින් නොනැවතී ජීවිතයේ අනිකුත් කටයුතු සමග මේ සත්කාර්යත් දිගටම කරගෙන යන්නට කාලය හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    ඔබට ජයෙන් ජය...

  38. Isira janith

    Good luck 200 ta flash season 6 ennath kittui

  39. ar perera

    mama balan hitiya sub 1k ela aaaaaaaaaaa

  40. silentnight

    Enakam balan hitiye sahooo...bohoma sthuthiii sub ekata..

  41. කෞශල්‍ය දුෂ්‍යාන්

    200ට උණුසුම් සුභ පැතුම් සහෝ.හොද කොපියක් අාවාම බාගන්නං.එහෙනං ඉක්මනට 300ත් ගහන්න වාසනාව ලැබේවා කියලා පතනවා.සදා ජය.

  42. YasasPerera

    thanks bro

  43. vishwanathmadhushanka

    Thank mcho

  44. kapila27

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  45. Thilina Jayarathna

    blueray avama ikmnta update krpan macahan ahh.mn eka enakm inne

  46. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    200 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    250, 300 ත් ගහමු....
    දිගටම TV Series වලට සබ් දෙන්න....

  47. 1997avishka

    Ela thanks saho

  48. Athula

    Thanks ...

  49. dragonhero

    200ට සුභ පැතුම්...සබට තුති

  50. Ayesh Prashan

    Thank You subha pathum

Load more comments