Watch Trailer

Evanukku Engeyo Matcham Irukku (2018) AKA Ivanukku Engeyo Macham Irukku Sinhala Subtitles | මොහුට කොතනදෝ ලපයක් තිබේ [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් Mannar Vagaiyara 2018 විමල්ගේ ලස්සන මූවි එකට උපසිරසියෙන් පස්සේ ගොඩ දවසකින් පස්සේ අදත් විමල්ගෙම චිතුපටයකට උපසිරසියක් අරන් එන්න හිතුවා.. ඉතින් වෙනද වගේම මේක කරන්න මට භාර දුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත් මේ මොහෝතේ මාගේ ස්තූතිය පුද කරනවා…. විමල් ඉන්දියන් සිනමාවේ නැගී යන නළුවෙක්.…

ඔන්න එහෙනම් Mannar Vagaiyara 2018 විමල්ගේ ලස්සන මූවි එකට උපසිරසියෙන් පස්සේ ගොඩ දවසකින් පස්සේ අදත් විමල්ගෙම චිතුපටයකට උපසිරසියක් අරන් එන්න හිතුවා.. ඉතින් වෙනද වගේම මේක කරන්න මට භාර දුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත් මේ මොහෝතේ මාගේ ස්තූතිය පුද කරනවා….

විමල් ඉන්දියන් සිනමාවේ නැගී යන නළුවෙක්. ඒයාට කියලා තනි ෆෑන් බේස් එකක් තියෙනවා, ඒ වගේම ඒයාගේ රංගනයෙන් දායක වෙලා තිරගත වුන හැම චිත්‍රපටයක්ම ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. සිවකාර්තිකේයන් එක්ක ඉන්දියන් සිනමාවට ආපු නළුවෙක් තමයි විමල්, දැන් ඉන්දියන් සිනමාවේ සිවකාර්තිකේයන් ට තියෙන තැන වගේම ලොකු තැනක් විමල් ටත් තියෙනවා. ඉතින් මේ වගේ හොද නළුවෙක් ඇයි මේ විදිහේ චිත්‍රපටයකට රගපාන්න කැමති වුනේ කියලා තේරුම් ගන්න අමාරුයි.

Evanukku Engeyo Matcham Irukku 2018 තිරගත වුන මේ චිත්‍රපටිය, සම්පූර්ණයෙන්ම කොමඩි සහා 18+ රොමැන්ටික් කැටගරි එකට ඇතුලත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ පදාන චරිතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් වෙන විමල්. සම්පූර්ණයෙන්ම 18+ චිත්‍රපටයක් නිසා ලොකු ජයග්‍රහණයක් ලැබුනා මේ චිත්‍රපටයට.

18+ කිව්වට,හොලිවුඩ් චිත්‍රපටි වගේ, හැම දෙයක්ම ඉහලින්ම පෙන්නුම් කරන්නේ නැ. හැබැයි ඉන්දියන් සිනමාව මේ චිත්‍රපටයට ලොකු විරුද්ධත්වයක් පල කලා.

ඉන්දියන් සිනමාව කියන්නේ ලොකු ඉතිහාසයක්, M.G.R සිවාජි, ජෙමෙනි ගනේෂන්. කාර්ති,මුරලි, රජිනි, කමල්, සිරන්ජීවි, නගඅර්ජුන්, අර්ජුන්, මේ වගේ ගොඩක් දක්ෂ නළුවන් රැසක් එකතු වෙලා තමයි, ඉන්දියන් සිනමාව ලොකු තැනකට අරන් ආවේ, ඒ අතර ගොඩක් වේදනාවල් තිබ්බා, හැබැයි දැන් ඉන්දියන් සිනමාවට ලොකු ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා. ඉන්දියන් සිනමාව ගොඩක් කැමති වෙන්නේ,පොඩි ආදර්ශයක් හරි ඒයාලගේ සිනමාවෙන් ජනතාව අර ගන්න ඕනේ කියලා තමයි.

ඉතින් කිසිම දෙයක් නැති Evanukku Engeyo Matcham Irukku කියන චිත්‍රපටයට, ඉන්දියන් සිනමාව ලොකු විරුද්ධත්වයක් පල කලා.

මේ චිත්‍රපටයේ කතාව මොකක්ද කියලා ඇත්තටම මට දන්නෙ නෑ. පටන් ගත්ත වෙලාවේ ඉදන්, කොමඩි නැත්නම් 18+ විශුවල්, මේ දෙක තමයි ඉවර වෙනකන් තියෙන්නේ. මේ චිත්‍රපටයේ ගැහැණු ළමයින් ඇදන් ඉන්න ඇදූමක් ගලවලා අරන්, ඒ ඇදුම පොඩි වතුර බොන බෝතලයක් අස්සට දාලා හිර කරන්න පුලුවන්. එතකොටම ඔයාලට හිතා ගන්න පුළුවන් ඇදුම කොච්චර ලොකුයිද කියලා.

චිත්‍රපටයේ කොමඩි පැත්ත ටිකක් විතර හොදයි, හැබැයි 18+ කොමඩි ටිකක් පෙන්නලා තිබ්බා, ඒ වගේ සීන් වල ඉන්න ගැහැණු ළමයින්ව බලනකොට පොඩි දුකක් දැනෙනවා. ඒ ගැහැණු ළමයා කෙරෙහි නෙමෙයි, ඒ ගැහැණු ළමයව වදපු දෙමව්පියන් කෙරෙහි.

කොල්ලෝ තමයි කෙල්ලෙක්ව උස්සන් ගිහින් දූෂණය කරන්නේ. හැබැයි මේ චිත්‍රපටය බලන කොල්ලොන්ටත් ලැජ්ජාවක් හිතෙන විදිහට සම්පූර්ණයෙන්ම ඒ දේ කනපිට හරවලා. කෙල්ලෙක් ඇවිල්ලා වරෙන් කියලා, කොල්ලෙක් ව උස්සන් ගිහින් දූෂණය කරනවා. භය වෙන්න එපා කරන විදිහ පෙන්නුම් කරන්නේ නැ. 😉

ඔක්කොම ඉවර වුනාට පස්සේ කෙල්ලවයි කොල්ලවයි පෙන්නනවා, තප්පර 20ක් විතර ගියාට පස්සේ කෙල්ල මොනාදො කල්පනා කරලා, කොල්ලගෙ දිහා බලලා, වරෙන් කියලා කියනවා, කොල්ලා භය වෙනවා, ඇයි කියලා බැලුවම, කෙල්ල ආයේ කොල්ලව දූෂණය කරනවා. ඉටපස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ, ආයේ කෙල්ල කොල්ලගෙ දිහා බලලා, වරෙන් කියලා කියනවා. ඉටපස්සේ කොල්ලව ආයේ දූෂණය කරනවා. මේ කොමඩි එක විතරක් විනාඩි 20ක් විතර චිත්‍රපටයේ ප්‍රධාන අංගයක් විදිහට පෙන්නුම් කරලා තියනවා. කෙල්ල වරෙන් කියනවා, කොල්ලා භය වෙනවා, ඇයි කියලා බැලුවම, කෙල්ල කොල්ලව දූෂණය කරනවා. 😂😂

මේ සීන් එක බලනකොට, ඇත්තටම මට හිනා ගියා. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ. මේ වගේ දේවල් වලට හිනා වෙනවනේ කියලා, මටම මන් කෙරෙහි ලැජ්ජාවක් හිතුනා.

මේ චිත්‍රපටයෙන් විමල් පෙන්නුම් කරපු රංගනය ඇත්තටම ගොඩක් හොදයි. ඇයි කිව්වොත් සැබෑ වනචරයෙක් විදිහටම මාරු වෙලා, හොඳ රංගනයක් ඉදිරිපත් කරලා තිබ්බා විමල්. 😑..

ඒ වගේම ටෙක්නිකල් කණ්ඩායමත් ගොඩක් හොදට ඒයාලගේ වැඩේ කරලා තියෙනවා. මීට වඩා මේ චිත්‍රපටිය විස්තර කරන්න මට දන්නේ නෑ.

හොලිවුඩ් සිනමාව මීටත් වැඩිය දරුණු විදිහට තමයි 18+ චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ. හැබැයි ඒ රටේ අයට ඒක පොඩි දෙයක්, ඒ වගේම තමයි අපිටත් දන්නවා, හොලිවුඩ් 18+ චිත්‍රපටි මේ වගේ තමයි තියෙන්නේ කියලා. හැබැයි දැන් එන හොලිවුඩ් චිත්‍රපටි වල 18+ සීන් ගොඩක් අඩුයි. ඒ වෙනුවට තමයි දැන් ඉන්දියන් සිනමාව ඒ වැඩේ පටන් අරන් තියෙන්නේ කොයිදෝ.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

  • කාණ්ඩය : Comedy
  • අධ්‍යක්ෂණය : A. R. Mukesh
  • නිෂ්පාදනය : Sharmiela Mandre
  • රංගන ශිල්පීන් : Vimal, Ashna Zaveri
  • කථාව රචනය : Praveen Sattaru
  • ධාවන කාලය : 125 minutes
  • තිරගත කල දිනය : 7 December 2018
  • සංගීතය : Jakes Bejoy
  • IMDB අගය : 3.5/10

ලස්සන චිත්‍රපටයක් අනිවාර්යෙන් ම බලන්න කියලා මම කියන්නේ නෑ. කැමති නම් විතරක් බලන්න

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

11,835 downloadsDownload Ivanukku-Engeyo-Macham-Irukku-2018.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

11,835 downloadsDownload Subtitles77 KB

30 comments

  1. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහෝදරයා ...

    1. Udaya Saman

      ස්තුති බං .එලම

  2. tmsk

    Thanks for the sub
    Download link එකක් නැද්ද bro

    1. Udaya Saman

      Baiscopedownload.com eke thiyanawa sahoi

  3. jagath55

    Thanks

  4. ඩොක් අයියා

    ඔන්න එහෙනම් බාගත්තා, බොහොම ස්තුතියි උපරැසියට හොඳේ

    1. Udaya Saman

      ඩොක් අයියේ ⁣එලම

  5. wmcsubhash

    thanks saho sub ekata

  6. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  7. Kavishna

    Thnx bro...

  8. C lakmal

    thank ,කවක් සබ් කරන්න බලන්න , ජය වේවා.

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. gysandamal

    patta

  11. ar perera

    good work thanks...........

  12. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....

  13. wajira

    Thanks for sub

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. gayanmagee

    thaanks

  16. Udara Damith Dissanayaka

    hodayida kiyala balamuko

  17. EM Nishshanka

    Thanks mcn

  18. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර,
    ඔබගේ වෙහෙසින් නිමවූ මෙම අගනා උපසිරසියට මාගේ ස්තුතිය!

  19. Lasantharathnasirirox

    උදය සහෝ ගොඩාක් ස්තුතියි...ජයවේවා !!

  20. N_R

    Thank You.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. dil_shan

    tnz sub ekata

  23. jagath_chaminda

    thank macho

  24. SVJlanka

    මට තාම 17 යි ඒත් මට ඔය film ඒක download කරගන්න පුළුවන් වුනා. thank bro.

  25. Jayantha_gamalath

    Thank u so much !!!

  26. Sadun-perera

    Ela

  27. Anonymous

    උපසිරැස වලට ස්තූතියි හැබැයි 18+ ෆිල්ම් එකක් නෙමේ