Watch Trailer

Godzilla vs. Kong (2021) Sinhala Subtitles | දැවැන්තයින් ගැටෙන කල..! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ බලාපොරොත්තු සහගතම සිනමාපටයත් අරගෙනයි මේ ආවේ. 🙂 2014 වසරේදී ලෙජන්ඩරි එන්ටර්ටේන්මන්ට්ස් සහ වෝනර් බ්‍රදර්ස් ආයතන දෙක එකතු වෙලා සුපිරිම වැඩක් පටන් ගන්නවා. ඒ තමයි Monster-Verse කියන යෝධ සත්වයින් සිටින විශ්වය ගොඩ නැගීමට පටන් ගැනීම. Godzilla (2014) සිනමාපටයෙන් තමයි මේ ස…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ බලාපොරොත්තු සහගතම සිනමාපටයත් අරගෙනයි මේ ආවේ.  🙂

2014 වසරේදී ලෙජන්ඩරි එන්ටර්ටේන්මන්ට්ස් සහ වෝනර් බ්‍රදර්ස් ආයතන දෙක එකතු වෙලා සුපිරිම වැඩක් පටන් ගන්නවා. ඒ තමයි Monster-Verse කියන යෝධ සත්වයින් සිටින විශ්වය ගොඩ නැගීමට පටන් ගැනීම.  Godzilla (2014) සිනමාපටයෙන් තමයි මේ සඳහා මුලික අඩිතාලම දාන්නෙ. වැඩේ හිතුවටත් වඩා සාර්ථක වෙනවා. ඒ තමයි යෝධ සත්වයින් ඉන්න විශ්වයේ මුලිකත්වය අරගෙන ඉදිරියෙන් ගිය කස කාරයා. ඊට පස්සෙ Kong: Skull Island (2017) සිනමාපටයේ ක්‍රෙඩිට් දර්ශන මගින් සහ සිනමාපටය තුලින්ම විවිධ වූ යෝධ සත්වයින් රැසක් සමගින් මන්ස්ටර්වර්ස් එක පුළුල් පරාසයක විහිදුවාලන්න ඔවුන් සමත් වෙනවා. Godzilla: King of the Monsters (2019)  සිනමාපටයෙන් මේ යෝධ සත්වයින් වැඩි ප්‍රමාණයක් එක තැනකට අරගෙන ඇවිල්ල මෙහි ප්‍රේක්ෂකයින්ව කුල්මත් කරවන්න නැවතත් මොවුන් සමත්කම් දක්වනවා. ඉන් පස්සෙ ඔවුන් විසින් වසර දහයකට කිට්ටු කාලයක් පුරාවටම සිදුකරගෙන ආව මන්ස්ටර්වර්ස්’හි පීක් එක එහෙම නැත්නම් ඉහලම ස්ථානය වෙන කිං කොං සහ ගොඩ්සිලා කියන ඇල්ෆා දැවැන්තයින් දෙදෙනාගෙන් ඝට්ටනය මේ සිනමාපටයෙන් සිදුවෙනවා. මේ තමයි මන්ස්ටර්-වර්ස්’හි  එකිනෙකාට කිසි ලෙසකින්වත් දෙවැනි නොවන, හිස නොනමන, දැවැන්තයින් දෙදෙනා ගැටෙන,  උත්කෘෂ්ඨම විනාඩි 18 අඩංගු සිනමාපටය.  ඒ වගේම ඔයාලව අපේ දෙපයට යටින් පිහිටි නව ලොවකට කැඳවාගෙන යාවි…

කතාව දිවෙන්නේ බජාර් එකේ අයියලා දෙන්නෙක් ඉන්න බැහැ කියන සරල සමාජ රීතිය යටතේ..  ඉතිං ඒ නිසාවෙන්ම මුළු ලෝකයම  #TeamKong සහ #TeamGodzilla කියල දෙපිලකට බෙදිලා පොඩි විනෝදයක් ලැබුවා. ඉතිං මම තෝරාගත්තේ කිං කොංගෙ ටීම් එක. “King bows to no one” 😀  ඒ වගේම ඉතිං ඇත්තටම මේක ඇවිල්ල ගොඩ්සිලා ආරාධිත රංගනයේ නිරත වෙන කිං කොං මුවි එකක්ම තමා. 🙂 

ඒත් එක්කම ෆැසිපික් රීම්  සම අධ්‍යක්ෂක සහ රචක ස්ටීවන් එස්. ඩෙක්නයිට් විසින් මන්ස්ටර්-වර්ස් සහ ෆැසිපික් රීම් සිනමා විශ්වයන් දෙක ක්‍රොස් ඕවර් කිරීමේ හැකියාවක් ගැන පවසනවා. එතැන් පටන් මෙම සිනමා විශ්වයන් දෙකෙහිම රසිකයින් පුල පුලා බලා සිටින්නේ මේ දෙක ක්‍රොස් ඕවර් වෙනකම්. ඉතිං මේ ගැන අහන්න හිතාගෙන මන්ස්ටර්-වර්ස් නිමැවුම්කරු ඇලෙක්ස් ගාර්ෂියාගෙන්, මන්ස්ටර්-වර්ස්හි අනාගතය කොහොමද කියල අහපු වෙලාවක ඔහු මෙන්න මෙහෙම කොළ එළියක් සහිත පිළිතුරක් ලබා දෙනවා,

“වතාවකට එක ගලක් බැගින්, හැකි උපරිම මට්ටමින් මේක ගොඩ නගන්න ඕන. ඒ නිසා දැනට උපරිම අවධානයක් යොදවල තියෙන්නෙ ගොඩ්සිලා : කිං ඔෆ් ද මන්ස්ටර්ස් සහ  කිං කොං සමගින් ගොඩ්සිලා ගැටෙන සිනමාපට ද්විත්වය වෙතට. ඒත්  ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඔව්, ෆිල්ම් දෙක සාර්ථක වුනොතින් බලාපොරොත්තුව ඒක තමයි. ” 🙂

එහෙම නම් නැවතත්  උපසිරසියක් සමගින් හමුවෙමු. ජය!

 

Director: Adam Wingard

Writers: Eric Pearson , Max Borenstein

IMDB Ratings : 7.4

Release Date: 31 March 2021


 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත්  සඳහා ලබා දි ඇත.

 

88,616 downloadsDownload Godzilla-vs-Kong-2021-Blu-Ray.zip102 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

88,616 downloadsDownload Subtitles102 KB

203 comments

  1. tharidu16

    hammooo thanks

  2. සංජන චමෝද්

    සුපිරි ෆිලුමක් 🤗

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪
    team_godzilla

  3. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති විමා සහෝ
    #Team_Godzilla

    1. Lakmal

      උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  4. Pramod

    Thanks bro thanks denakan bala bala unne. Jaya weva.

  5. R_deshan

    ප්‍රධාන මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපට ඔක්කොටම දැන් සබ් දෙන්න වෙලා තියෙන්නෙ විමාට වගේ...සබ් එකට ගොඩක් තෑන්ක්ස් සහෝ!!

  6. Anonymous

    thanku bro

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Gihan

    සබට තුති සහෝ.
    ඡය වේවා

  9. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුති වේවා විම්

  10. Anonymous

    Thanks brother
    Meka denkn bln hitye
    Jaya wewa

    1. Sanduni

      Thanks niyama wadak

    2. Anonymous

      Ai ithin mata thanks krnne

  11. Deshan

    හම්මෝ මේ ටිකේම පහරවල් දෙනෝ නේ
    බයිස්කෝප් අලු ගසා දාලා නැගිටලා වගේ
    එල එල..දිගටම මේ වගෙ අලුත් ඒවා දෙමු

  12. Umesh Bandara

    බොහොම ස්තූතියි!!!!!!

  13. Nalaka

    Thanks bro
    Ude request comment ekak dmma
    Hwasa bladdi sub eka daala
    Niyamai..raata blnna ona

  14. Sohan Jayasooriya

    හම්මේ ඇති යන්තම් මෙන්න දීලා.. උදේ ඉඳන් මග බල බල ඉඳියේ.. විමා අයියගෙ සබත් එක්ක එන බව දන්න හින්දම ෆිලුම ඩව්න්ලෝඩ් කරලා තියාගත්තා.. දැන් ඉතින් බැලිල්ලක් තමා.. ගොඩක් ස්තූතියි අයියෙ සබ් එකට..
    #Team Kong

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Dilanka

    Isthuthi Sub walata. Jaya wewa

  17. kavinda gamage

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ 
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.

  18. Dewadithya

    Thanks for sub!

  19. Nilu

    Thanks for sub..

    1. Anonymous

      Thank you ..

  20. Anonymous

    E kiyanne godzila charter krlda

  21. Tharuka

    මේවා නොබලන දෑස් මක්කටෙයි ඉතින්

  22. kevin D...

    Thanks...

  23. chamila

    Kong bows no one. Not king. King is still thr Godzilla

  24. Shaggy

    සබට බොහොම ස්තූතියි..king of the monsters එකේ හැටියට සිලාව කාල වගේ :'(

  25. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහෝම ස්තුතියි උපසිරැසි දෙනකල් මඟ බලාගෙන හිටියේ

  26. එල්.සී. දමැල්

    තැන්ක්ස් විමා අයියෙ. මඟ බලං උන්නෙ ❤️

    Ps.
    පරණ ෆිල්ම් දෙනවයි ගගා පරණ ෆිල්ම් අස්සෙම ගිහින් නාහෙන් අඬ අඬ බනින කස්ටියයි අලුත් ඒවා දැන් බයිස්කෝප් එකේ නෑ කියන උදවියයි අලුත් ඒවා වැටෙද්දිි බාලා සද්ද නැතුව යන්න එපා... කෝ බලන්න සද්දයක් දාන්න ඇවිත් :P

    1. Supun

      අඩේ ඒක නම් ඇත්ත බන්
      කස්ටිය හැමෝම comment එකක් දාන් යමු

  27. Anonymous

    Thanks brother
    Keep it ❤️

  28. Supun

    අම්මෝ පහරක් දීල නේ
    ස්තුතියි විමා සහෝ

  29. Anonymous

    වෙන සයිට් වලින් දීල තිබුනත් උබලගෙන් දෙනකන්ම බලන් හිටියා බන්..මොකද උබලයි සබ් වල තියන කොලිටිය වෙන කොහෙවත් නෑ(ව්ශේෂයෙන්ම විමා සහෝගේ)...උබල මේ කිසි ලාබයක් නැතුව කරන වැඩේට ඇත්තටම පින් මචන්ලා...ජයෙන් ජය!!!

  30. D.J

    King bows to no one

  31. නිමේෂ් කාවින්ද සිල්වා .

    උපසිරැසි දෙනකම් මග බලාගෙන හිටියේ . ස්තූතියි විමා සහෝ !!!! ✌️✌️✌️✌️✌️

  32. Anonymous

    Thanks machi

  33. bro

    මේවනෙ බොලෙ ෆිල්ම්
    තද කොර bro

  34. Sachintha

    විමා දුන්නොත් ඉතින් පහරක් තමයි
    ස්තුතියි උපසිරසියට සහෝ

  35. Idunil Weerasinghe

    හෙට නිවාඩු පාඩුවේ බලන්න පුලුවන්
    ස්තුතියි සහො

  36. Ashan

    Thanks bn

  37. Anonymous

    අඩෙ සුපිරි තැන්ස් සබට ...

  38. Anonymous

    thankz

  39. shevin

    Thanks

  40. Anonymous

    ශාන් විමුක්ති අයියේ ...ගොඩක් ස්තුති සබ් එකට

  41. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  42. Anonymous

    Thanks

  43. Nimesh

    Thanks bokka❤️

  44. Anonymous

    Thnx broo.....Good luck....

  45. ඉසුරු

    ඒ මේ තැන්කූ හොදෙයි
    හොද වැඩේ

  46. ishan

    thnax vimaa.. supiri film ekak apuwama vimage hari hasantha ayyage hari sub ekak dawsen deken enwa kiyala dannwa. Master of subtitles vimaa ❤

  47. රංගික සිනෙත් කාරියවසම්

    බෝම තුකි

  48. isuru srinath sjs

    ඔන්න දැන් තමයි Film එකයි, සබ් එකයි 2ම Download දැම්මෙ...
    ඉතින් Comment එකකුත් දාන්න ඕන නෙ...
    බොහොම ස්තුතියි උපසිරැසියට විමුක්ති අයියෙ... ජය වේවා..!!

  49. ෆිල්ම් පිස්සා

    jayawewa !! sabata sthuthiyi

  50. puna

    tnx macho dn down wenna damme

Load more comments