Watch Trailer

Kong: Skull Island (2017) with Sinhala Subtitle | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. 😀 ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්‍රේක් නව මිනි සිරිස් එක මේකට කලින් ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ වගේම නැවත වතාවත…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. 😀 ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්‍රේක් නව මිනි සිරිස් එක මේකට කලින්  ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ වගේම නැවත වතාවත් ප්‍රිසන් බ්‍රේක් කියන්නේ තවමත් ලංකාවේ ජනප්‍රියම සිරිස් එක කියල ඩව්න්ලෝඩ් කරගැනීම මගින් පෙන්වල දුන්න කට්ටිය. එහෙමනම් ෆිල්ම් එක ගැන කතාවට බහිමු පොඩ්ඩක්. 

මතකද කට්ටියට Godzilla (2014) කොහොම අමතක වෙන්නද නේද? ඉතින් ගොඩ්සිලා, කිං-කොං, වගේ දැවැන්ත චරිත අයිති වෙන්නේ වෙනම යුනිවර්ස් එකකට, ඒ තමා “MonsterVerse” එක. මේක ඇතුලේ අපි දන්න කියන දැවැන්තයින් දෙන්න වගේම තව අපි නොදන්නා දැවැන්තයින් සෑහෙන ගණනක් ඉන්නව. ඉතිං මේ MonsterVerse එකේ ඉදිරි සිනමාපට දෙකක් එන බවට දැනටමත් වෝනර් බ්‍රදර්ස්ල නිවේදනය කරල තියෙනව. ලගම එක තමයි Godzilla: King of the Monsters (2019) ඔන්න ඕකෙදි මම කියපු අනිත් දැවැන්තයින් එලියට ඒවි. ස්කල් අයිලන්ඩ් සිනමාපටය අවසානයේ, එහෙම නැත්නම් පොස්ට් ක්‍රෙඩිට් සින් එකේදී ඒ දැවැන්තයින්ගේ චායාරුප වගයක් පෙන්වනව, ඒ වගේම ක්‍රෙඩිට් සින් එක අවසානයේ ඇඟ හිරිවැටෙන සද්දෙකුත් ඒවි, හොඳට බලන්නකෝ ඒ ටික. ඒ වගේම ඊළඟට එන්නේ දැවැන්තම නිර්මාණයක්. MonsterVerse හි දැවැන්තම නිර්මාණය කියල කිව්වොත් නිවැරදියි, ඒ තමා Godzilla vs. Kong (2020) ගොඩ්සිලාගේ හිමිකම තියන නාකි හසන්ත සහ මේ සිනමාපටයට උපසිරසි ලබාදීම නිසාවෙන් අද පටන් කිං -කොං හි හිමිකම ලැබෙන මාත් අතර සටනක් 2020 වෙද්දී දැකගන්න පුළුවන් වෙයි. දුකයි වයසක අසරණ ජිවිතේ ගැන ඉතිං. අද ඉඳල සටන ක්‍රියාත්මකයි. දෙන්නම් ජම්බෝ… 

ඩොලර් මිලියන 185ක වියදමින් නිපදවුණ මේ සිනමාපටයේ බොක්ස් ඔෆිස් අදායම හිතුව තවම ආවේ නෑ. මාර්තු 10 වෙනිදා සිට තවමත් ලොව වටා ප්‍රදර්ශනය වෙන මේ සිනමා සිත්තම ආදායම දැනට ඩොලර් මිලියන 493ක් පමණ වෙනවා. IMDB දර්ශකයේ 7 ක අගයක් ගන්න සමත් වෙච්ච මේ සිනමා සිත්තමට රඟපෑමෙන් දායක වෙන්නේ මාවල් විශ්වය නිසාවෙන් සෑහෙන දෙනෙක් දන්න කියන දෙතුන් පලක්.  කොයි කවුරුත් දන්නා කියන මාවල් විශ්වයේ ඇන්ටි-විලන් ලොකි ලෙසින් රඟපෑ Tom Hiddleston, ශිල්ඩ් අධ්‍යක්ෂක නික් ෆියුරි නොහොත් Samuel L. Jackson, අනාගත කැප්ටන් මාවල් Brie Larson, ප්‍රධාන චරිත ලෙසින් දායක වෙන මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය Jordan Vogt-Roberts විසින් සිදුකරලා තියෙනව.

මේ සිනපටයේ එන කිං-කොං හැඩරුව ආදිය උකහාගෙන තියෙන්නේ  King Kong (1933) සිනමාපටයේ  කොං ගෙන්. නමුත් මේක MonsterVerse හි කිං-කොං ගේ උප්පත්ති කතාව විදියටයි හැඳින්වෙන්නේ. වෙනත් කිසිම සිනමාපටයකට මේක සම්බන්ධ නෑ. ඒ වගේම මෙහි කිං කොං ආසන්න වශයෙන් මීටර් 32ක් පමණ වෙනවා. මේ කතාව සිද්දවෙන්නේ 1975දී හැබැයි කලින් කියපු Godzilla vs. Kong (2020) වෙනකොට නිසැකවම කිංකොං මිට වඩා දැවැන්තයෙක් වෙනවා. 

කතාව ගැන පොඩ්ඩක් සඳහන් කරනවනම්, ඇමරිකාව සහ රුසියාව අතර සිතල යුද්ධයක් හටගන්නව, ඉතින් තාක්ෂනය අතින්  දෙපාර්ශවයම එකිනෙකා පරයා නැගී සිටින්නයි මේ හදන්න. ඉතිං ඔහොම කාල වකවානුවකදී හඳුනා නොගත් දුපතක චන්ද්‍රිකා ජායාරුප වගයක් ලැබෙනවා. විද්‍යාඥ රැන්ඩා කියන්නේ මේ දැවැන්තයින් ගැන හොයල බලන්න උනන්දු කෙනෙක්. ඒ ඇයි කියල සිනමපටයේදී කියවෙනවා. ඉතින් රැන්ඩා විස්වාස කරනවා මේ දුපත නව ලෝකයක් කියල. ඉතිං ඒ අනුව ඔහු තීරණය කරනව වියට්නාමයේ ඉඳල ගම රට බලා එන්න ඉන්න හමුදා කණ්ඩායමක් අරගෙන මේ දුපත ගවේෂණය කරන්න. ඔන්න ඔහ්මයි කතාව පටන් ගන්නේ. බොහොම මනස්කාන්ත වගේම පිළිකුල් දැවැන්තයින් රැසක් හමුවන මේ අනගි සිනමා සිත්තම රස විඳීමට දැන් ඔබට බාරයි. ඒ වගේම මේ දීල තියෙන කොපියත් කිසිම අවුලක්න්න නෑ, හැබැයි ඉතින් යන්න මත්තෙන් යමක් කියන්නම් “රස හඳුනන්නෝ – හොඳ කොපි එනකම්ම ඉන්නෝ”  😛

ප.ලි : Godzilla vs. Kong (2020) නොහොත් හැන්ඩියාට එදිරිව නාකියා 2020 බලාපොරොත්තු වන්න 😀

ලබන්නාවූ සිංහල හිංදු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නව සුභ වසරක් වේවා!

 

” The enemy does not exist until you are looking for one “

 

Far from the Madding Crowd (2015)on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kong-Skull.Island.2017.720p-1080p.HC.HDRip.X264

මෙම ලබා දී ඇති උපසිරසි Blu Ray සහ HC.HDRip පිටපත් සඳහා අදාළ වේ.

78,626 downloadsDownload Kong.Skull_.Island.2017.BluRay.Baiscopelk.com_.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/vima-1478.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

78,626 downloadsDownload Subtitles82 KB

142 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Rachila Disan Fernando

    1st Comment
    “රස හඳුනන්නෝ – හොඳ කොපි එනකම්ම ඉන්නෝ”
    Thnx BRO

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. prabodha

    Wow. thank broooo...

  5. Zeal

    Thanx Fro Sub... ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

  6. stranger

    Thnx

  7. නලින් පෙරේරා

    ට... හුඩු බ්‍රෝ. 2020දී අනිවා පට්ට පට පට ෆයිටක් බලන්න පුළුවන් වෙයි. :D

    ජය මා පුතිස් ලා :D :D

  8. එල්.සී. දමැල්

    තැන්ක්ස් විමයියා සබට...
    මේක Film hall එකේ බලන්න හිටියේ... කොයි බැරි වුණානේ බලන්න..
    දැන් ඉතින් බ්ලූරේ එනකල් ඉන්න එපාය
    අලුත් Universe එක ගැන අදයි දැනගත්තේ හැබෑටම...

  9. Kaviya

    Patta bro

  10. Jack

    පට්ටයි මචෝ..
    මේවා අනිවා බාන ඒවානේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  11. Dilshan

    bro ela sub eka
    niyamai digatama karan yamu

    a ka neme podi udauwak o na
    me Film tikata sub hadanna puluwan nm loku aadambarayak machan uba apita

    Deadly Virtues Love Honour Obey 2014
    Aaj Ka Naya Kamina
    Beautiful Boxer
    Lamp
    Ninja Ka Badla 2015
    Sifu vs. Vampire 2014
    Special ID 2014 Donnie Yen
    The people Across the lake 1988

  12. Dilshan

    bro ela sub eka
    niyamai digatama karan yamu

    a ka neme podi udauwak o na
    me Film tikata sub hadanna puluwan nm loku aadambarayak machan uba apita

    Deadly Virtues Love Honour Obey 2014
    Aaj Ka Naya Kamina
    Beautiful Boxer
    Lamp
    Ninja Ka Badla 2015
    Sifu vs. Vampire 2014
    Special ID 2014 Donnie Yen
    The people Across the lake 1988 i

  13. නිලඅ

    විමා එල බං....
    ඉස්සරහට යං පුතා....සුභ පැතුම්....

    1. නිලංක

      එල මචං....ඉස්සරහට යමු...සුබ පතනව

  14. kithmal

    උපසිරැසියට කියන්න බැරි තරමට ස්තූතී කරනවා සහෝ.. . අද උදේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලේ .

    ස්තූතී ... ස්තූතී ... ස්තූතී .... ✌️

  15. Kavinda Banuka Athukorala

    පට්ට පට පට

  16. ලොකු මල්ලි

    ela ela broo... rasa hadinuwath hoda copy enakan inna be bro...
    onna ohe banna damma...

    Aula thiyenne meketa samagamiwa Biscope download site 1 update wenne nanee :(

  17. දිල්ශාන් සචින්ත

    නියමයි විමා. තෑන්ක්ස් සබට.

    පා.ලී :- හසන්ත මාමිගේ ඊලග සබ් එකෙන් මේකට රිප්ලයි එකක් බලාපොරොත්තු වෙමි.

  18. nalaka

    Tnq machoo....niyamai..

  19. Mahesh

    SUB EKATA THANX

  20. Krishan Madusanka

    patta ....thanks ikmanata dunnata

  21. Kasun Widusha

    Tnx mchoo......150 ta PB ekadi wish karane, ayeth wish karanawa 200 ikmanata gahapn sahoo

  22. mithun

    බ්ලුරෙ එක නම් එනකල් ඉන්නවමයී අමාරුවෙන් හරි සබ් එක ගැහුවට බොහොම තුති ඔබට ජය..

  23. Kalum Gunasekara

    150ට උණුසුම් සුබපැතුම් නැවතත්. මේක නම් බලන්නේ නෑ බං හොද කොපියක් එනකන්. 265ක් ඕන බ්ලූරේ.

  24. KAVINDA GAMAGE

    හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
    king kong කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  25. මධුකප්‍රිය පෙරේරා

    හම්මට විමා.. 150ට මේකම දෙන්න තිබ්බා
    තව ටිකක් ඉවසන් උන්නානම්.. හෙහ් මේක ඉතින්
    බ්ලුරේ බලන්න ඕන ෆිලුමක් තමා..
    උපසිරසියට ස්තුතියි..

    2020 වෙද්දී උබයි මාමියි දෙන්නා නහුතෙටම කාර්යබහුල වී ඔය කියන සිනමාපට
    මේ අපිට ලබාගැනීමට හැකිවේවා..එහෙම වෙන්නයි කියලා බාරයක්වත් වෙන්න ඕන අදම...

  26. Sanjaya Chathuranga

    patttaaaaaa
    thanks Saho...

  27. සචිත් ලක්ෂාන්(සචී)

    අෆ්ෆා..එනකන් මග බලාගෙන හිටපු ෆිලුමක් නෙව මේක
    ඒ උනාට ඉතිං බ්ලූරේ එනකන්ම ඉන්නවා..
    බොහොම ස්තුතියි විමා අයියා උපසිරසියට..
    (මොනා උනත් 150ට මේක දෙන්න තිබුණෙ)
    ජය වීවා...

  28. අසංක ප්‍රදීප් රණතුංග

    නොන්දන්නා කතාවක් ..?

    මම දුන්න King Kong (1976) එකේ තියෙන්නෙත් මේ කතාවම තමා. ඉතින්. පරණ ඒවා බලන්නේ නැනේ. මේකේ ඉතින් ඔය ඔලු කටු ටිකක් තිබ්බට කතාව එකයි.

    හැබැයි මේ සබ් එක එනකම් බලන් හිටියේ. ඔච්චර ඉඳල කිව්වේ නැනේ මෙච්චර ඉක්මනට සබ් එක දෙනවා කියල. බොහොම ස්තුතියි. උපසිරසියට සහෝ.

    බුදු සරණයි....!

  29. Ashan Kalpa Lakshitha

    superrrrrp

  30. sasindu

    Kong: Skull Island (2017) 720p BluRay x264 YIFY ෙටාරන්ට් ඒක තියනවා ෙකාලිටිය නියමයි

  31. sasindu

    බොහොම ස්තුතියි උපසිරැසියට

  32. Sajith Anthony

    දානකල් බලන් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය්ම වේවා...!!

  33. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    150යි,151යි දෙකම පට්ට සබ් දෙකක් දුන්න නේද සහෝ කොහොමහරි..පට්ට හොදේ..BR එකක් එනකම් ඉවසීම ප්‍රගුන කිරිල්ලක් තමයි තියෙන්නෙ..
    ජය වේවා..බුදුසරණයි..!

  34. Kulanjana Maduranga

    niayamai…enakm balan hitapu filumak...eth hoda copyak enakm innawa.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. Wimansa

    Thanks mchn...!!!

  37. කේ.යූ.ජී. උදාර

    thanks macho..............

  38. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි විමා අයියේ.
    ජය වේවා!!!!

  39. Shenin Perera

    Thnx bro sub ekata :)

  40. anji

    අඩො තැන්කූ බන් ... සුබ අලුත් අවුරුද්දක් වේවා

  41. Prashan Samarathunge

    Sub ekata Thanx Ayye .Ohoma yan. Good Luck

  42. chameera

    tnx saho sub 1kta..............

  43. Ravin

    Thanks for the sub

  44. Lasantha rathnasiri

    VIMA Godak pin Bro...

  45. පැතුම් චතුරංග

    අපේ අප්පේ එනකම්මයි හිටියේ යකු...
    බලන්නම ඕනේ ෆිලුමක්...
    තැන්කු විමා අයියා උපසිරසියට..
    ජය වේවා...

  46. danushka nadeeshan

    thanks bro.... excellent work ..

  47. Sohan Jayasooriya

    elama saho thanxx

  48. දසුන් හසන්ත

    සුපිරිම වැඩක් අයියෙ, කිං කොං කියන්නෙ මං ආසම චිත්‍රපටියක්... මේ රීබූට් එක ඒකටත් වඩාා සුපිරිම සුපිරි වෙයි කියල හිතනව. ජය!!!

  49. thusitha

    thanks broooo,,,,mama meka balannama hitapu ekak,,,,

  50. Raveesha Sandamin

    Sub ekata thanx aaah..
    Me film eknm patta hit wei wge....

Load more comments