2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්…

2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්දේශ වූ එළම එළ භාණ්ඩයක් තමයි අද ඔයාලට අරගෙන ආවෙ. කාලෙකින් බලපු පුදුම තරමේ සංවේදී කතාවක් මේක. ඒවගේම නළු නිළියන්ගෙ පුදුම තරමේ රංඟන හැකියාවක් මම මේකෙන් දැක්කෙ. මුහුණෙ ඇතිවෙන සියුම් රැළිවලින් පවා ලොකූ කතාවක් කියන්න තරම් පුළුවන් දක්ෂයො ටිකක් තමයි මේකෙ ඉන්නෙ. විශේෂයෙන්ම ප්‍රධාන නිළිය. ඒක කියලා තේරුම් කරන්න අමාරු දෙයක්. බලලාමයි තේරුම් ගන්න පුළුවන්. මේක ගැන ඒ තරම්ම වර්ණනා කලේ මොකද, මේක එයට සුදුසු නිසා. ඉතිං ඔයාලටත් ආරාධනා කරනවා මේක පුළුවන්නම් නෙවෙයි අනිවාර්යයෙන්ම බලන්න කියලා.
කතාවෙ සාරාංශය ටිකක් කියන්නම්. නීනා ෆිෂර් සහ කසැන්ඩ්‍රා තෝමස් කියන්නෙ පොඩිකාලෙ ඉඳලාම එකට හැඳුන යාළුවො දෙන්නෙක්, මෙයාලා හොඳ බුද්ධිමත් දක්ෂ අය. ඒනිසාම එයාලා වෛද්‍යවරුන් වීමේ සිහිනයත් එක්ක ෆොරස්ට් කියන වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙනවා. නමුත් එහිදී නීනාට අත්විඳින්නට වෙන්නේ ඉතාම අමිහිරි අත්දැකීමක්. එක් සාදයකදී ඇගේ බීම එකට මත් බෙහෙත් කලවම් කරනවා, ඉන්පසු ඇයව නොකඩවා තම සියළුම මිතුරන් ඉදිරියේ අල් මොන්රෝ නම් පුද්ගලයා දූෂණය කරනවා. එම සිදුවීමෙන් පසු සමාජයට මුහුණ දිගන්න නොහැකිවෙන ඇය අධ්‍යාපනය අතරමඟ නවතා දමනවා. දුකේදිත් සැපේදිත් එකටම ඉන්න ඇගේ යෙහෙළිය වන කසෙන්ඩ්‍රා නොහොත් කැසීද ඇගේ යෙහෙළිය සමඟම පිටවී යනවා. ඔවුන් දෙදෙනාගේම වෛද්‍ය සිහිනය එතැනින්ම නිමා වෙනවා. කැසීගේ කැපකිරීම අපතේ යවමින් මානසිකව වැටුණු නීනා සියදිවි නසාගන්නවා.
දැන් කැසී ඇගේ යෙහෙළියට වූ අසාධාරණයට එරෙහිව තනිව සටනක් ගෙනියනවා. ඒක තමයි ක්ලබ් වල බාර් වල අධික ලෙස බීමත් බව පෙන්වන ඇය, ඇය හොඳින්දැයි අසා බැලීමට එන හාදයන්ගෙ ගෙවල් වලට ගිහින් ඔවුන්ට ආයෙ අමතක නොවෙන්න පාඩමක් උගන්නලා එනවා. ඔහොම ඉද්දි මෙයාට දැනගන්න ලැබෙනවා අල් මොන්රෝ ආපහු ඇමරිකාවට තම විවාහය වෙනුවෙන් පැමිණිලා කියලා. කලින් වතාවෙ ඔවුන්ගේ පැමිණිලි කිසිවක් අදාළ බලධාරීන් සාක්ෂි මද බව පවසමින් භාර නොගත් බැවින් මේ වතාවෙදි කසැන්ඩ්‍රා තම සටනට අමුතුම විදියකට අවතීර්ණ වෙනවා. තමන්ගෙ යෙහෙළිය වෙනුවෙන් ඒ ගෙනියන සටන හද කම්පා කරවමින් අවසන් කරනවා. මේක තමයි කතාවෙ සාරාංශය. ත්‍රාසය, භීතිය, කුතුහලය, සෙනෙහස පිරුණු මේ කතාව බලන්නම ඕනෙ එකක්. කාලෙකින් ආව හොඳ ෆිල්ම් එකක්.
අපි කතාවෙ අන්තර්ගතය දිහා පොඩ්ඩක් බැලුවනෙ. දැන් හැරෙමු නිර්මාණ අන්තර්ගතය පැත්තට. මේ වෙද්දි IMDb සටහනේ 7.5ක් වැනි ඉහළ අගයක් අරන් තියෙන මෙය විනාඩි 113ක් පුරා දිවෙනවා. Crime, Drama, Thriller යන ඛාණ්ඩ වලට ඇතුලත් කරලා තියෙන මේ සළරුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් උනා. Sundance Film Festival හිදී මුල් වරට ප්‍රදර්ශනය වූ අතර ඇ.එ.ජ. තුල ප්‍රදර්ශනය ආරම්භ කලේ 2020 දෙසැම්බර් 25වන නත්තල් දිනයි. එක්සත් රාජධානිය තුල ප්‍රදර්ශනය ආරම්භ කලේ 2021 අප්‍රේල් 16 වෙනිදායි. Emerald Fenell විසින් රචනා කරන ලද හා අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Carey Mulligan පණපොවන අතර Bo Burnham, Alison Brie, Jennifer Coolidge, Clancy Brown වගේ අය සෙසු චරිත අතර ඉන්නවා. ඩොලර් මිලියන 6කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් යොදවා ඇති අතර ප්‍රදර්ශනය ආරම්භවූ පළමු සතිඅන්තයේදීම ඩොලර් මිලියන 7කටත් වැඩි ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. හිතාගන්න පුළුවන්නෙ මේක කොහොමද කියලා.
මේ දේවල් තමයි මූලිකවම කියන්න තියෙන්නෙ. ආයෙමත් ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න කියලා. ටිකක් ලොකු කාලයක් මට ගියා තියෙන වැඩත් එක්ක මේක අවසන් කරන්න. මට පුළුවන් උපරිමයෙන්ම මේක කරලා තියෙනවා. අඩුපාඩුත් ඇති. කතාවෙ රසයට හානියක් නොවෙන්න උපරිමයෙන්ම මහන්සි උනා. ඉතිං ඔයාලට ස්තූති කරනවා හැමදාම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවට. පුළුවන් තරම් ඉක්මනින් තවත් සබ් එකක් අරන් එන්නම්, එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න.
ඔබට ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,255 downloadsDownload Promising-Young-Woman-2020.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
43 comments
Sahan Prabhasara
Dilum
Thank you very much brother.maga balan hitapu movie ekak.jaya wewa !
මයුර
මේක නම් අනිවා බලන්න ඕන.
තෑන්ක්ස් මචෝ. බලලා ආයේ මේ පැත්තෙ එන්නම්කෝAnonymous
බලලා කොහොමද කියන්න...
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
Thanks bro
Deshan
අඩේහ් පහරක් වගේ
මේවනෙ බන් දෙන්න ඕන
ජය වේවාශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් බයිස්කෝප් අඩවියෙ කවුරුහරි sub දෙන්න.
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007Titanic - 1996
Romeo + Juliet - 1996Before Sunset - 2004
Before Midnight - 2013Silence - 2016
Godzilla vs. Kong - 2021
Coming 2 America - 2021
Chaos Walking - 2021
The Father - 2021Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
Thanks brother
Keep it upChanaka
Revenge type eke ekak wage
Niyamai saho
Digatama me wage aluth ewa demuAnonymous
niyamai niyamai denakan hitiye
indika75
thanks..
Lakmal
thank you sho sub akta jayawewa digatma sub demu
Anonymous
Kellek main character nm ithin nobala komai
Priyantha Dayakeerthi
ගයාන් චතුරංග සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය! මෙය හොඳ ෆිල්ම් එකක් වගේ. සම්මාන සඳහා නිර්දේශිත ෆිල්ම් නිතරම ගේන්න බලන්න. ඔබට ජය!!!Anonymous
Thanks brother
Keep it up ❤️Anonymous
පහරක් වගේ
නියමායි සහෝSupun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Suranjan
Thanks jayawewa....!
Nimesh
Thanks bokka❤️
Anonymous
Thanx bro....Good luck....
tharindu gunarathna
thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanks
Gihan
Thanks brother……….
Podi request ekak, awurudu sathiye puluwn nm film tikak wadipura denna khomth gedra inna eke kammali neh ekai,mkow ara tv eke yana malakolam wadasatahan blnna appiriyaiRed
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
කවිඳු ජයවර්ධන
සිංහල සබ් එකට බොහොම ස්තූතියි සහෝ.ඔබට ජය..!!!
lakshan
thanks .............
lakmal
thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshansilva18
thanks, Primal Fear ekata sub dennako
Pramukmili
Thanx bro....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasanka sathyajith
Thanks for the sub
Lahiru Lakshan
thanks machn
Anonymous
Thank you !!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for sub!
nirmali chathurika
sub ekata godak thanks
MAALNATH
Thanks....good luck.......
Manohari
Bohoma sthuthi.. Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro