golden slumber කියන්නෙ 2018 පෙබරවාරි 16 තිරගත වුණු Noh Dong-seok විසින් අධ්‍යක්ෂණය කරපු Gang Dong-won, Han Hyo-joo ඇතුළු තවත් නළු නිලියන් රැසකගෙ රංගනයෙන් දායක වුණු action/thriller ගණයට අයත් වෙන චිත්‍රපටියක්. imdb අගය 7.2 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 2007 ජපන් නවකතාකරුවෙක් වි…

golden slumber කියන්නෙ 2018 පෙබරවාරි 16 තිරගත වුණු Noh Dong-seok විසින් අධ්‍යක්ෂණය කරපු Gang Dong-won, Han Hyo-joo ඇතුළු තවත් නළු නිලියන් රැසකගෙ රංගනයෙන් දායක වුණු action/thriller ගණයට අයත් වෙන චිත්‍රපටියක්. imdb අගය 7.2 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 2007 ජපන් නවකතාකරුවෙක් විසින් රචනය කරපු ‘golden slumber’ කියන නවකතාවයි.
මේ චිත්‍රපටිය දිවයන්නෙ ජනාදිපති අපේක්ෂක කෙනෙක්ගෙ වාහනේක සිද්දවෙන බෝම්බ පිපිරීමකට සැකකරුවෙක් වෙන ඇණවුම් භාරදෙන්නෙක් එහෙමත් නැත්තන් ඩිලිවරි මෑන් කෙනෙක්ගෙ පලා යෑමක් සම්බන්ධවයි. මේ සැකකාරය එහෙමත් නැත්තන් කිම් ගුන් වූ කියන හාදයා සෑහෙන්න අහිංසක පුද්ගලයෙක්. මිනිස්සුන්ව විශ්වාස කරන, හැමෝගෙම යහපත ගැන හිතන හරිම හොඳ ජීවතයක් ගත කරන කෙනෙක්. සමහරුන්ට මෙයාව පේන්නෙ නෝන්ජලයෙක් විදියට. ඒ වගේම තමයි මෙයාට ඉස්කෝලෙ යන කාලෙ හිටපු යාළුවො සෙට් එකක් ඉන්නවා. මේ අයට ඒ කාලෙ බෑන්ඩ් එකක් තිබුණා. ඒත් හැමෝම ලොකු වෙද්දි මේ අපිට වෙලා තියෙනව වගේ ඒ යාළුවො කොහෙ කොහෙවත්. හොයාගන්න හරි අමාරුයි. මේ චිත්‍රපටිය බලනකොට තේරෙයි යාළුකම සහ හොඳම යාළුවො කියන්නෙ මොනතරම් වටින දෙයක්ද කියලා. චිත්‍රපටිය ඉවර වෙද්දි තම තමන්ගෙ හොඳම යාළුවො කවුද කියල හැමෝටම මතක් වෙයි කියල මම හිතනවා. යාළුකම ගැන චිත්‍රපටියක් කිව්වත් මේකට වැරද්දක් නෑ.හරි එහෙනම්…
මේ සිද්දිය සිද්දවෙන දවසෙ උදේ මේ ඩිලිවරි මෑන් කෙනෙක් වෙන ගුන් වූට පරණ යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. මෙයා වැඩ කරන්නෙ රක්ෂණ සමාගමකට. අඩුගානෙ එහෙම තමයි අනිත් හැමෝම හිතාගෙන ඉන්නෙ. ඉතින් මේ දෙන්න හම්බෙලා ටිකක් කතා කරනවා. ඒ කරල එක තැනකදි දෙන්න වෙන් වෙනවා. ඊට පස්සෙ තමයි මේ ජනපති අපෙක්ෂකගෙ ඝාතනය සිද්ද වෙන්නෙ. ඊට පස්සෙ මේ ගුන් වුගෙ යාළුව ආපහු එයාට කතා කරල කියනවා.. මේ ඝාතනය කලේ ඔයා. තව බෝම්බයක් ඔයාගෙ අතේ තියනවයි කියලා. ඒත් මේ කිසිම දෙයක් අහිංසක ගුන් වූට හිතාගන්න බැරිවෙනවා.
ඉතින් එතන ඉඳන් තමයි ගුන් වුට කරදර පිට කරදර එන්නෙ. පොලිසියයි ආරක්ෂක අංශෙයි දෙකම මෙයා පස්සෙ පන්නන්න ගන්නවා. නොකරපු වැරැද්දකට මෙයාට අහුවෙන්න බැරි නිසා ගුන් වූගෙ පලා යෑම පටන් ගන්නවා.
ඉතින් මුල් ටික බලද්දි තේරෙයි කතාව කොච්චර හොඳද කියලා. මං දන්නව මං මොන බයිල ගැහුවත් කොරියන් බලන අය මේක බලනව කියලා. ඒ නිසා මම වැඩිය මේ ගැන නොකියම අදට ගිහින් එන්නම් වෙන දවසක තවත් උපසිරැසියකුත් අරගෙන.
ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
3,722 downloadsDownload Golden-Slumber-2018.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
30 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lakshansilva18
,උපසිරිසියට බොහොම ස්තුති
Mewatath sub dennakoAccidental detective (2015)
Keys to the heart (2018)
Front line (2011)
The gifted hands (2013)Dilinipriyantha
Link ekak dapanko kauru hari
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Jayasanka
ගොඩක් ස්තුතියි මචෝ. පුලුවන් නම් සබ් දාල නැති පරණ teenage. පිල්ම් වලට සබ් දෙන්න.
Dilinipriyantha
Link ekak dapallako kauru hari
jagath55
Thanks
Bomilapiyumal
Line walker 2 ekata sub dennako
Rocky45
link ekak danno trailer eka beluwa patta film eka korean film baiscopedownload wala nane
Achi
තැන්ක්ස් බන්.බලන ෆිල්ම් එකක් නැතුව හිටියේ
Rukshan37
Ela ela
prabth
ela machan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
akalankagayan
Thnx..........
nirodha
Seetharama Kalyana 2019 mekata sub diyanko machan
AsithaDilruwan
ela saho thanks
Anu143
Korean nam super thama... THANKS
walakul
thank u soo much
podda
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිලින්ද ප්‍රියලාල්
Thanks bro sub එකට.
D.Chamara
bohoma sthuthi sahoo
Dewadithya
Thanks for Sub!
sksalitha
thanks bro
Asanke
Thanks for sub
Shehan putha
Thanks cka bro
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ....
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට... :)
ජය වේවා.!