♪ ඔබට මතකද මා ඔබව සෙවූ බව ♪ ♪ කෙසේද මා ඔබගේ නගරයේ බැමි නැගි සැටි? ♪ ♪ ඔබට මතකද මා අවංක බව ♪ ♪ කෙසේද මා ඔබගේ ඇමතුම් වලට බැගෑපත් වූ සැටි? ♪ ♪ මා කළ දේ තැන, තවමත් මා හිදීමි ♪ ♪ අපේ වගේ ආදරයක් කවදාවත් සාදන්නට බැරිය ♪ ඔන්න එහෙනම් අද මම […]

♪ ඔබට මතකද මා ඔබව සෙවූ බව ♪
♪ කෙසේද මා ඔබගේ නගරයේ බැමි නැගි සැටි? ♪
♪ ඔබට මතකද මා අවංක බව ♪
♪ කෙසේද මා ඔබගේ ඇමතුම් වලට බැගෑපත් වූ සැටි? ♪
♪ මා කළ දේ තැන, තවමත් මා හිදීමි ♪
♪ අපේ වගේ ආදරයක් කවදාවත් සාදන්නට බැරිය ♪
ඔන්න එහෙනම් අද මම ඔයාලට අරන් එන්නේ තවත් ලස්සන කතාවක්. Teen Spirit තමයි නම. සතියක සිනමාහල් හතරක ප්‍රචාරය වුණු මෙම චිත්‍රපටය පසුව සිනමාහල් 696ක තිරගත වූ බව ආරංචි මාර්ග පවසයි. Max Minghella නම් අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය Musical / Drama කැටගරියට තමයි අයත් වෙන්නේ. ලස්සන සින්දු ගොඩාක් ෆිල්ම් එකේ තියෙන නිසා රසවිදින අයට කම්මැළිකමක් නම් දැනෙන එකක් නෑ. එහෙම කම්මැලි කමක් නොදැනෙන්න සින්දු සදහාත් උපසිරැසිය යොදා ඇති බව පවසමි. මෙහි සින්දු වල රචකයන් විදියට අධ්‍යක්ෂවරයා යොදාගෙන තිබෙන්නේ ලොව ප්‍රසිද්ධ ගණයේ ගායක ගායකාවන් හා සංගීත අධ්‍යක්ෂවරුන්ය. Robyn, Ellie Goulding, Ariana Grande, Katy Perry, Tegan & Sara, Annie Lennox, Orbital, Alice Deejay, The Undertones, Major Lazer, Grimes, Whigfield, සහ Sigrid යන අය තමයි මේකට අරන් තියෙන්නේ. චිත්‍රපටයේ සින්දු ගැන එහෙනම් වද වෙන්න ඕනේ නෑ. ලස්සනටම තියෙනවා.
- Title – Teen Spirit (2018)
- IMDb – 6.2/10
- Genres – Musical l Drama
- Released Date – 19 April 2018 (USA)
- Running Time – 1h 33min
- Director & Writer – Max Minghella
කතාවට හැරෙමු අපි එහෙනම්. වයලට් වැලන්ස්කි නම් තරුණ වයසැති ගැහැණු ළමයෙක් දුෂ්කර ලෙසින් දිවි ගෙවන අතර, ඇගේ පියා නැති අඩුපාඩුවක් නොපෙන්වන තම අම්මාගේ දුක් ගැහැට රස්සාවෙන් යැපෙන පවුලක් විදියට තමයි කියන්න පුළුවන්. බාර් වල සින්දු කිය කිය ඉන්න මැයට ව්ලැඩ් නම් ඔපෙරා ගායකයෙක් මැය දැක මැයගේ හීනය සැබෑ කරන්න උදව් කරනවා. වයිට් කියන කුඩා දූපතක ජීවත් වෙන මේ ගැහැණු දරුවට Teen Spirit නම් තරගාවලියට ඇතුළත් වෙද්දී වෙන කරදර බාධක ඒවාට එයා කොහොමද මුහුණ දුන්නේ ගැන බලාගන්න පුළුවන්. සංගීත ක්ෂේත්‍රය කොපමණ අදුරු යුගයකට ගිහින් ද කියල හොදට බලාගන්න පුළුවන් අපිට. මැගේ සහජ දක්ෂතාවය සල්ලි දීලා තරම් ගන්න බලාගෙන ඉන උද්දච්ච වත් පොහොසත් මිනිසුන් ද සිටින අතර ඒත් ඇයත් සමග ඉන්න යාලුවන් මැගේ දුකේදී සැපේදීත් උදව් කළ නිසා මෙයාගේ හීන සැබෑ වෙනවා.
ඔන්න ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ. බලන්න ෆිලුමක් නැති වෙලාවක, සබ් කරලා දාන්න හිතුන ෆිල්ම් එකක්. එහෙනම් බලල හොදද නරකද කියල කියන්නකෝ. මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන ආයෙමත් එන්නම් මන්. එහෙනම් බයිස්කෝප්වාසී හැමෝටම සුබ ගමන්!
♪ කවුරුන් හෝ පවසාවී ඔබට අලුත් යහළුවෙක් හිදියි කියා ♪
♪ ඇය මටත් වඩා හොඳින් ඔබ හට ආදරය කරාවීද? ♪
♪ මාගේ නගරයට උඩින් විශාල කලු අහස් තලයක් පවතියි ♪
♪ මා දනිමි ඔබ කොහෙද කියා,මා ඔට්ටු අල්ලමි ඇයත් ඇතියි කියා ♪
♪ ඔව්, මා දනිමි එය මෝඩ බව ♪
♪ මා හට එය දැක ගන්නට ඕනෑ වුණි ♪
♪ ඔබ ඇයව සිප ගන්නා සැටි දකිමින්, මා කොනක හිඳමි ♪
♪ මා මෙතන සිටිනා බව ඇයි ඔබට නොපෙනෙන්නේ? ♪
♪ මා හැමදේම අතහැරියත් ♪
♪ එහෙත් ඔබ ගෙදර එක්කන් යන යුවතිය මා නොවෙමි ♪
♪ මා තවමත් තනිව නටමින් සිටියි ♪
බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,452 downloadsDownload Teen.Spirit.2018.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
15 comments
Pavani_perera
wnrodrigo
Good work friend, Thanks!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ;)
ජය වේවා.!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!danuthrupe
ai meke torrent url eka penanne naththe ?
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
AsithaDilruwan
ela saho thanks
arawindasunimal
sub ekata thanks jayawewa
Sandaru
Thanks for the sub good luck bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro............
Pramukmili
Thanx bro....
sathya
thanks man
salamuthu
thank you
Advertisement
![Teen Spirit (2018) Sinhala Subtitles | තම සිහිනය කරා යන මංපෙත! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/Teen-Spirit-2018.jpg)

Ane aiye idhu namma allu movie eke sub eka dendako plzzzz