Watch Trailer

Raw (2016) AKA Grave Sinhala Subtitle | මිනී මසට ගිජු වූ ඇය! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+

Cannibalism එහෙමත් නැත්තන් මිනී මස් කෑම අදටත් ලෝකයේ එලිපිට නොවූවද රහසිගතව විශාල වශයෙන් පවතින දෙයක්. පැරණි ගෝත්‍රික ජන කොට්ඨාස වල මෙන්න මේ මිනිමස් කෑම පිලිබඳ ප්‍රභලව ඉස්මතු කරන සාධක තියෙනවා. ලෝකය පුරාද, අන්තර්ජාලය තුලද (Dark Web තුල) සුවිසාල මිනී මස් වෙලදාමක් වෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. මෙතරම් ම…

Cannibalism එහෙමත් නැත්තන් මිනී මස් කෑම අදටත් ලෝකයේ එලිපිට නොවූවද රහසිගතව විශාල වශයෙන් පවතින දෙයක්. පැරණි ගෝත්‍රික ජන කොට්ඨාස වල මෙන්න මේ මිනිමස් කෑම පිලිබඳ ප්‍රභලව ඉස්මතු කරන සාධක තියෙනවා. ලෝකය පුරාද, අන්තර්ජාලය තුලද (Dark Web තුල) සුවිසාල මිනී මස් වෙලදාමක් වෙන බව අපි කවුරුත් දන්නා දෙයක්.

මෙතරම් මස් ආශ්‍රිත ආහාර තියෙන නූතන ලෝකයකත් මෙවන් ජරා වෙලදාම් වෙන්නේ ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙන නිසා. තමන්ගේ වර්ගයාම උයලා කන්න ආස තරම් මොන තිරිසන්නුද මේ. මුන්ව පන පිටින් පුච්චන්න ඕන කියලා අපිට හිතෙන්න පුලුවන්.

ඒත් ඒක හුදෙක්ම ආසාවක් නෙවෙයි නම්…

ලෝකයට Cannibalism සම්බන්ධව ආන්දෝලනාත්මක කතා බහක් ඇති කරන්න සමත් සිනමා පටයක් බවට පත්වූ මෙම සලරුව Julia Ducournau ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයක්. කොටින්ම Toronto International Film Festival හි පැවති මෙහි මංගල දර්ශනයෙහිදීම සිනමාශාලා බලධාරීන්ට ගිලන්රථ සඳහා ඇමතුම් ලබා දෙන්න සිදුවුනේ චිත්‍රපටය නරඹමින් සිටි ප්‍රේක්ෂකයන් එකින් එකා සිහි නැතිවීමටත්, වමනය කරමින් පිටතට පැමිණීමත් නිසාය.

නූතන ලෝකයේ මසට ගිජු වී ජීවිතේ සිදුවන වෙනස්වීම්, හුදෙක් පන පිටින් මිනීමස් බුදින,මිනිස්සු කෑ ගහද්දී ඉරාගෙන කන Cannibal චිත්‍රපට වලින් ඔබ්බට ගොස් මේ තත්ත්වය තුල පුද්ගලයා පීඩා විඳින අයුරු, සමාජය මගින් ඇතිවන පීඩාව ඉතාමත් තාත්වික අයුරින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට මෙම චිත්‍රපටය සමත් වෙනවා.

කතාව දෙසට හැරුනොත්…

Justine වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන්නේ අනෙක් ශිෂ්‍යයන් වගේම වෛද්‍ය සිහිනය පෙරදැරිවයි. පොඩි කාලයේ ඉදලම දෙමාපිය දැඩි රැකවරණය යටතේ හැදීවැඩුණු Justine දෙමාපියන්ගේ අල්ලෙන් ගිලිහෙන පලවෙනි අවස්ථාව තමයි මේක. මෙයාලගෙ මුලු පවුලම Vegetarian. දැඩි ලෙස Vegetarian. මන් එහෙම කියන්නේ Justine කැම්පස් එකට දාන්න එන අතරමග කෑම කන්න ගිය තැන වැරදිලා Justineගේ කෑම එකට Meatball එකක් වැටිලා. මේ ගැන අම්මා දැනගත්තා විතරයි කඩේ වැඩකරන අය එක්ක පුදුම විදියට රණ්ඩු වෙන්න පටන් ගන්නවා.

අනික මෙයාලගේ පවුලම වෛද්‍යවරු. අම්මා, තාත්තා තව මෙයාගෙ අක්කා. අක්කත් වෛද්‍යවරියක් වෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. ඒ කිව්වේ කැම්පස් එකේ අවසන් වසරේ (Justine යන කැම්පස් එකේම තමා). කොහොමින් හරි වෛද්‍ය විද්‍යාලයේ ජීවිතේ නම් Justineට ලේසි වෙන්නෑ. (කොහොමත් First Year Students ලට දෙන වද ගැන කියන්න ඕන නෑනේ). ඔන්න විද්‍යාලයේ රැග් එකේ ආරම්භයක් හැටියට මෙයාලට Rabbit Kidney (හා වකුගඩු) කන්න දෙනවා. තමන් Vegetarian කියලා කිව්වත් Justine ට අන්තිමට ඒක කන්න වෙනවා. මේ පොඩි මස් කෑල්ල Justineගෙ ජීවිතේ, තමන් නොදුටු නොසිතූ පැත්තකට වෙනස්කරන්න හේතු වෙනවා. ඉතින් මේ මස් ප්‍රශ්නෙම තියෙන එකම කෙනා Justine නෙමෙයි. ඔය කිව්වා ඇති.

එහෙනන් කතාව කවුරුත් බලන්න කියලා ආරාධනා කරනවා. කතාව අවසානයේ Cannibalism සම්බන්ධව වෙනස්ම මතයක් ඔබ තුල ඇතිකරන්න මේ සලරුව සමත් වෙයි. Ratings ගැනත් කියන්නන්… IMDb මීටරේ 7/10ක් එක්ක ටොමැටොමීටරේ 92% ක අගයක් දෙන්න මේ සලරුව සමත් වුනා. තවත් සඳහන් කරන්න අවශ්‍ය දෙයක් තමයි මෙය වැඩිහිටියන් පමණක් බැලීම සුදුසුයි කියලා. තිසර සහෝදරයා ප්‍රමුඛ ඇඩ්මින් මඩුල්ලත් මේ වෙලාවෙ මතක්කරනවා මේක මට කරන්න ලබා දීම වෙනුවෙන්.

අදට එහෙනන් ගිහින් එන්නන්,.. තවත් වෙනස්ම සලරුවකින් හමුවෙමු, එතකන් හැමෝටම ජය!..

විශේෂයෙන් මෙම ලිපිය සඳහා දායකත්වය:- සිනමාවේදීන් facebook පිටුව වෙනුවෙන් Victor Frankenstein විසින් පලකල ලිපිය.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BD පිටපත් සඳහා අදාළ වේ.

6,450 downloadsDownload Raw.2016.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු (විනෝ)

Subtitles

6,450 downloadsDownload Subtitles27 KB

43 comments

  1. praga s

    suppaHH FiLm eka mcn.... ගැම්ම :-D ජය‌ෙන් ජය #කන්න_ඔින‌ේ_ :-P

  2. Hemantha De Silva

    ස්තුතියි ලහිරු...........

  3. Rukshan37

    Ela ela

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. isurupragz

    සුපිරියි

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. මං මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියලා කීප වතාවක් ඉල්ලලත් තිබ්බා..
    ජය වේවා.!

  7. dmj

    අඩෝ මේක පට්ට බයිස්කෝප් එකක් , මම බැලුවෙ ආව දවස්වල , පට්ට පතුරැ ඇ සුපිරියටම ගහල තියෙනවා..............

  8. darshana100

    thanks bokka

  9. dil_shan

    tnz sub ekata

  10. AsithaDilruwan

    ela saho thanks

  11. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  12. dsdkavishka

    Thenks

  13. Emi

    Thank you so much

  14. LimeGreenSoda

    Thanks Pal.

  15. gihan perera

    ස්තුතියි සහෝ....පට්ට කතාවක්....wrong turn වගේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි....ජය වෙිවා.....

  16. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

  17. nishannw

    ස්තූතීයි ....ජය වේවා

  18. ranga11112

    thanks bro....

  19. Dewadithya

    Thanks for Sub!

  20. Sandaru

    Thanks for the sub good luck bro

  21. Tharindumadusanka

    Thanku thanku thnaku mcn. Hoya hoya hitiye sub eka. Jaya wewa

  22. Lahiru Lakshan

    thanks mchn...

  23. arawindasunimal

    thanks lahiru vino jayawewa

    1. harris

      Thnks bro sub ekata

  24. sampath n perera

    thanks brother

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Sadeu_Bandara

    උපසිරැසි ලබා දුන්නා ට බොහොම ස්තූතියි

  27. don isuru

    Thanks guys

  28. ishan1653

    tks a lot

  29. chinthaka_priyadrshana

    Thank U very much........

  30. Avishka Induwara

    Baiscope downloas eka naddha dan thanks for subtitles

    1. ලහිරු (විනෝ)

      එම වෙබ් අඩවිය තාවකාලිකව විසන්ධි බව කරුණාවෙන් සලකන්න.
      ඉක්මනින් නැවත යතා තත්ත්වයට පත්වෙයි.

    2. gihan chanaka

      Baiscopdawnload site eka wada nani

    3. ලහිරු (විනෝ)

      Baiscopedownloads.co ලෙස url ලිපිනය බාවිතා කරන්න

  31. D.Chamara

    bohoma sthuthi sahoo

  32. Randiv

    plz van helsing ekta sub dennko ai magadi nwththuwe???????

  33. ruchiralakmal

    Thanks for the sub

  34. MAALnath

    Thanks .................good luck ......................

  35. indika75

    thanks..

  36. Rishantha

    Thanks Brother

  37. හිෂාන් සමරසිංහ

    "මෙම ලබාදී අති උපසිරැසි BD පිටපත් සඳහා වලංගු වේ."

    BD කියන්නේ මොනවාද?

    BR කියන එක වැරදිලා type වෙලාද?

    1. විමා

      නැහැ, වෙනස්

      Blu-Ray>WEB-DL>BD-Rip>BR-Rip>DVDrip

    2. හිෂාන් සමරසිංහ

      ආහ්...! මං නම් එහෙම එකක් ඇහුවෙත් අදමයි... Thanks brother, Reply කරාට...

      BD-RIP එකක් හොයාගන්න තමා අමාරු... PSA එකේ BluRay rip එක නම් තියෙනවා... RarBG එකෙත් BluRay, Web-RIP නම් තියෙනවා... BD හොයන්නේ කොහොමෙයි...? movie එක පරණ නිසා (+ වැඩිය ප්‍රසිද්ධ නැති නිසා) Subtitle file එක Update කරන්න ගන්න කාලෙත් අපරාදේ නේ...

      අවුලක් නෑ...BluRay අරගෙන Sync කර කරා බලනවා...

      Subtitle එකට + ලිපියට THANKS ❤❤❤