Watch Trailer

Gone (2012) Sinhala Subtitles | තවත් දාම මිනී මරුවෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක අපෙන් සබ් අරන් ෆිල්ම් බලන […]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක අපෙන් සබ් අරන් ෆිල්ම් බලන කට්ටියට කරන අසාධාරණයක්. හැබැයි පරන එකක් වුනත් මේ ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුළුවන්. හරි එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කලොත්, මේක තිරගත වෙලා තියෙන්නෙ 2012 අවුරුද්දේ. Thriller/mystery කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටයට ගූගල් පරිශීලකයන්ගේ 81%ක් කැමති වෙලා තියෙනවා. IMDb 5.9 ක් සහ rotten tomatoes 12% ක් ලැබිල තියෙනවා. Ratings අඩුයි කියල චිත්‍රපටය නොබල ඉන්න එපා, මොකද මේකෙ කුතුහලය, ත්‍රාසය මදි නොකියන්න තියෙනවා. ඔයාලට පුළුවන් මේ චිත්‍රපටයෙ පූර්ව ප්‍රචාරක පටය Utube හරහා නරඹන්න. එතකොට චිත්‍රපටය ගැන අවබෝධයක් එයි.

ඔයාල අහල තියෙනවනෙ “serial killer’s” කියල කට්ටියක් ගැන. ඒ කියන්නෙ දාම මිනීමරුවො.එයාල යම් කිසි මානසික රෝගීන් වගේ පිරිසක්. කිසිම හේතුවක් නැතුව අහිංසක මිනිස්සුන්ව මරනවා. හැබැයි වෙනස කියන්නෙ ඒ හැමෝවම මරන්නෙ එකම විදිහට. ඉතිං මේකෙත් කියන්නෙ අන්න ඒ වගේ කතාවක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජිල් යම් කිසි පුද්ගලයෙක් පැහැරගෙන යනවා. ඒ අවුරුද්දකට විතර කලින්. කොහොමහරි ජිල් එතනින් පැනල ඇවිත්, කතාව පටන්ගන්නෙ ජිල්ගෙ නංගිව අරන්යන තැන ඉඳන්. එතන ඉඳලා ජිල් තමන්ගෙ නංගිව බේරගන්න කරන උත්සාහය තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ. හරි එහෙනම් ඔයාලත් අරන් බලන්න. බලල අඩුපාඩුවක් තියෙනම් කියන්න. ඔයාලගෙ අදහස් දැක්වීම් බොහොම වටිනව.

එහෙනම් ගිහින් එන්නම්. ජය ⁣ප්‍රාර්ථනා කරනව ඔයාලටයි, බයිස්කෝප් වෙබ් අඩව්යටයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,040 downloadsDownload Gone-2012.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රියංකර මනම්පේරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-08-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රියංකර මනම්පේරි

Subtitles

4,040 downloadsDownload Subtitles36 KB

21 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙමු

  2. Hashan

    thanks bro

  3. Rajitha

    Thanks jayawewa........!

  4. bandara

    Thanks Sisila Bro

  5. indika75

    thanks..

  6. Nelson

    Good work brother, Thanks for the sub!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. nish47

    ස්තූතියි සහෝ

  9. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. suranuwan

    thanks bro...

  12. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  13. Malith Samarawickrama

    Thanks mchan sub ekata.

  14. Dewadithya

    Thanks for sub!

  15. එරංග සඳරුවන්

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  16. Ruwinda

    Thanks brother

  17. Anonymous

    Film eka computer eke tibba godak dawas onna oyage review eka dekala eka balanna thirane kare.. koma unath sub ekata thanks

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. MAALNATH

    Thanks ..............good luck ..................

  21. Nishan S Ariyarathna

    thanks