Watch Trailer

Gonjiam: Haunted Asylum (2018) Aka Gon-ji-am Sinhala Subtitles | ශාපලත් උන්මන්තකාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ මේ ලෝකෙ ඇත්තටම පවතින ස්ථානයක් වටා ගොඩනැගුනු චිත්‍රපටියක් අරගෙනයි.ඒ ස්ථානය තමයි දකුණු කොරියාවෙ තියෙන ‘ගොන්ජියම් මානසික රෝහල’. ‘CNN Travel’ වැඩසටහනට අනුව මේ ලෝකෙ බයහිතෙන තැන් 7 අතරින් එකක් තමයි මේ ගොන්ජියම් මානසික රෝහල එහෙමත් නැතිනම් ගොන්ජියම් උන්මන්තකාගාරය කියල කියන්නෙ.ඉතින…

ආයුබෝවන්!

අද මම අරගෙන ආවෙ මේ ලෝකෙ ඇත්තටම පවතින ස්ථානයක් වටා ගොඩනැගුනු චිත්‍රපටියක් අරගෙනයි.ඒ ස්ථානය තමයි දකුණු කොරියාවෙ තියෙන ‘ගොන්ජියම් මානසික රෝහල’. ‘CNN Travel’ වැඩසටහනට අනුව මේ ලෝකෙ බයහිතෙන තැන් 7 අතරින් එකක් තමයි මේ ගොන්ජියම් මානසික රෝහල එහෙමත් නැතිනම් ගොන්ජියම් උන්මන්තකාගාරය කියල කියන්නෙ.ඉතින් මේ චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ වුණේ 2018 මාර්තු 28 වෙනිදා.නමුත් මේ චිත්‍රපටිය පෙන්වන්න එක තහනම් කරන්නයි කියල මේ අත ඇරල දාල තියෙන ගොඩනැගිල්ලෙ අයිතිකාරයා මේ චිත්‍රපටියට නඩුත් දාල තියෙනවා.ඒකට හේතුව වෙන්නෙ මේ ගොඩනැගිල්ලෙ වටිනාකම තවත් පහල යන්න ඉඩ තියෙන බයට.නමුත් 2018 මාර්තු වල උසාවිය තීරණය කරනවා මේ චිත්‍රපටිය පෙන්වන්න.ඒ වගේම තමයි සති 3 ක කාලයක් තුල මේ චිත්‍රපටියට ඇ.ඩො. මිලියන 20 කට ආසන්න ආදායමක් උපයන්න සමත් වුණා. imdb 6.2 ක අගයක් ලැබිල තියෙන, බලද්දි ඇගේ මයිල් කෙලින් වෙන මේ චිත්‍රපටියෙ තවත් විශේෂ දෙයක් වෙන්නෙ මේකට රඟපාන නළු නිලියන් මේ චිත්‍රපටිය සඳහා තමන්ගෙ හැබෑම නම් භාවිතා කිරීමයි.කොහොම වුණත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයක් රඟපෑ ලී සුන් වුක් කියන කෙනා අප්‍රේල් මාසෙදි තීරණය කරනව තමන්ගෙ මේ රඟපෑම නවත්තන්න.විශේෂම දේ වෙන්නෙ මේක තමයි ඔහු රංගනයෙන් දායකත්වය දුන්නු පලවෙනි චිත්‍රපටිය.කොටින්ම කිව්වොත් ඔහුගෙ රංගන ජීවිතේ ආරම්භය.ඒක ඔහුගෙ පෞද්ගලික තීරණයක් කියල තමයි එයා කියන්නෙ.ඉතින් කතාවෙ සාරාංශය ගැන මම මෙහෙම කියන්නම්..

මේ ගොන්ජියම් මානසික රෝහල ගැන හුඟක් කටකතා තියෙනවා.එයින් ප්‍රධාන එක තමයි මේ රෝහලේ හිටපු රෝගීන්ව මරල දාල මේකෙ අධ්‍යක්ෂකතුමිය අතුරුදහන් වුණයි කියන එක.තව අය කියනව මේ අධ්‍යක්ෂකතුමිය සේරම ලෙඩ්ඩුන්ව මරල දාලා එයත් බෙල්ලෙ වැල දාගත්තා කියලා.තව කටකතාවක් තියෙනවා මේ රෝහලේ තියෙන 402 කාමරේ දොර අරින්න හදන ඕනෙම කෙනෙක්ට ශාපයක් වදිනව කියලා.ඒ වගේම තමයි මේ දොර කවමදාවත් කාටවත්ම අරින්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ අත ඇරල දාල තියෙන රෝහලට ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් යනවා මේකෙ තියෙන මේ 402 කාමරේ දොර අරින්න.මේ අය මේක රෙකෝඩ් කරනගමන් තමයි ඉන්නෙ.මේ අය කොච්චර උත්සහ කරත් දොර අරින්න බැරි වෙනවා.ඒත් එක්කම ඒ අයට සද්දයක් ඇහෙනවා.මේ අයගෙ රෙකෝඩ් එකත් එතනින් එහාට ඉවර වෙනවා.මේ ගැන නිව්ස් වලට දකින ‘හොරර් ටයිම්ස්’ කියන යූ ටියුබ් චැනල් එකේ හා ජුන් තීරණය කරනවා මේ මානසික රෝහලට ගිහින් ඇත්ත නැත්ත හොයන්න.

මේකට මෙයා 6 දෙනෙක්ව එකතු කරගන්නවා.ආ යොන්,චාර්ලොට් සහ ජි හ්යුන් කියන ගෑණු ළමයි 3 දෙනා සහ සංග් හුන්, සුන් වුක් සහ ජේ යුන් කියන පිරිමි ළමයි 3 දෙනා තමයි මේ අද්දැකීම විදගන්න වගේම මේක සජීවීව මෙයාලගෙ නාලිකාව හරහා පෙන්වන්න. මේ ගොන්ජියම් උන්මන්තකාගාරයට යන්නෙ.මේ අයගෙ අරමුණ තමයි විව්ස් මිලියනයක් ලබාගෙන සල්ලි හොයන එක.ඉතින් මේ නාලිකාවෙ ප්‍රධානියා මේ රෝහල ළඟ කැලේක කූඩාරමක එයාලගෙ විකාශන කටයුත්ත කරන අතරතුර අනිත් 6 දෙනා ඉහල තාක්ෂණික කැමරා සහ සංවේදී උපකරණ සහ තවත් දේවල් අරගෙන මධ්‍යම රාත්‍රියේ මේ මානසික රෝහලට යන්න පිටත් වෙනවා.මේ අය යන මගදි මෙයාලට සුදු පාට යට ඇදුමක් හම්බෙනවා.මෙයාල ඒකට විහිලු කරලා සලකුණක් හැටියට ගහක ගැට ගහල එයාලගෙ ගමන යනවා.

ඉතින් මේ අය මේ උන්මන්තකාගාරයට ඇතුළු වුනාට පස්සෙ වෙන්නෙ මොනවද කියල මම කිව්වොත් කතාවෙ අගයක් නැති වෙනවා.ඒ නිසා මම මෙතනින් නවත්තන්නම්.කාලෙකට පස්සෙ බලපු හොඳම හොල්මන් චිත්‍රපටියක් කියල ඔයාලටත් හිතෙයි කියල මං විශ්වාස කරනවා.තව පාරක් කියන්නම් මේ ගොන්ජියම් මානසික රෝහල කියන්නෙ ඇත්තටම පවතින භයහිතෙන අත ඇරල දාල තියෙන ගොඩනැගිල්ලක්.එහෙනම් මං අදට ගිහින් එන්නම්.

බුදුසරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR / HD පිටපත් සඳහා අදාළ වේ.

10,271 downloadsDownload Gonjiam-Haunted-Asylum-2018-BR.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

10,271 downloadsDownload Subtitles78 KB

48 comments

  1. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි සහෝ!! සහෝ ගේන film වල අායි කතා දෙකක් නෑ.. සුපිරියක් තමයි.. Sub එකක් ගේනකම් බලන් හිටියේ.. ජය වේවා!!

  2. Akarsha

    Anivaryenm film ek blnw.Issrhtth me wgw film vlt sub denna.Good Luck.

  3. Akarsha

    Sabrina 2018 film ektth pulvnnm sub denna.

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  5. gihan perera

    නියමයි මචෝ...ඇඟේ මයිල් කෙළින් වෙනවා නම් ආයේ කතා දෙකක් නැ...අනිවා බැලීමක් තමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  6. lahiru_sanda

    Bluray Update Karapanko Bro Sub Eka

  7. ranga11112

    ස්තුතියි සහෝ‍..........
    සබ් එකට මහන්සි වුනාට බොහොද පිං......
    තෙරැවන්සරණයි

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Bandaramudiyansi

    චාමල් මල්ලි ඔයාව සැහෙන කාලෙකින් දැක්කෙ. බොහොම ස්තුතිය කොරියානු මෙවගෙ හාස්‍යජනක මුවි එකක් ගෙනාවට .මල්ලි හොද කොරියානු ෆිල්ම් ටික්ක් දෙන්න .. ඔයාගෙ ගොඩක් එව්ව හොයල බලල තියෙනව. කොරියානු ෆිල්ම් ගොඩක් දිල තියෙනවා ඔයා විතරයි. ඇත්තටම එ ෆිල්ම් නම් මරු.ජයවෙව මල්ලිට

    1. Bandaramudiyansi

      චාමල් මෙක BR තියෙනවා නෙ ගැලපෙයිද සබ් එක

  11. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  13. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. DilanDilshan

    thankz saho sub ekata.jaya wewaa..

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  17. ZK

    ස්තූතියි

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
    ජයෙන් ජය.

  19. Dewadithya

    Thanks for Sub!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. AsithaDilruwan

    Ela saho thanks

  22. madushangamage

    thankes bro

  23. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  24. tharaka eranda

    thankz bro

  25. ruchiralakmal

    thanks for the sub

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. kaushal_hapu

    Thanks........

  28. priyanthapremarathna

    thanks machan

  29. Saranga J. Liyanagama

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...

  30. Haashan Dhanushka

    thnxxxxxxxx

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  32. Dilinipriyantha

    Alut Korean film tikak dennakoo

  33. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  34. nihalpujitha

    THANKS SAHOO

  35. PasinduDeshan

    උපසිරැසියට ගොඩක් ස්තූතිය සහෝ!!!!

  36. akila13

    thanx for sub great work

  37. sandeepa@1234

    Meke Br Copy Ekak Nedda Hoyaganna Link ekak download Karaganna

  38. Nipun Tharuka

    Sub ekata Thanks...

  39. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  40. sandharu

    Thanks brio

  41. Gayan Chathuranga

    thanks saho

  42. Shehan putha

    ස්තුතියි මචං

  43. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  44. Thilanka

    Thank you

  45. Shaggy

    Thank you very much

  46. Krishani

    Thank you

  47. Harshana Atapattu

    Thanks for sub brother