Watch Trailer

Good Luck Charlie It’s Christmas (2011) Sinhala Subtitles | මහපාරේ ගතවෙන දුක්ඛිත නත්තලක්ද ? [සිංහල උපසිරැසි සමග]

* හොඳයි, සුභ දවසක් සහ සුභ නත්තල් කාලයක් හැමෝටම ! ඔන්න නත්තල වෙනුවෙන් එහෙනම් ලස්සන විනෝදකාමී නත්තල් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇවිල්ලා Disnep ලගේ වැඩක්, ඒ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය කිසි බයක් නැතුව ඔන්න බලතහැකි. කතාව මේකයි, ● චර්ලි නම් කුඩා ගැහැණු ළමයෙකුගේ ප්‍රථම නත්තල් දිනය සුන්දරව…

* හොඳයි, සුභ දවසක් සහ සුභ නත්තල් කාලයක් හැමෝටම ! ඔන්න නත්තල වෙනුවෙන් එහෙනම් ලස්සන විනෝදකාමී නත්තල් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇවිල්ලා Disnep ලගේ වැඩක්, ඒ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය කිසි බයක් නැතුව ඔන්න බලතහැකි.

කතාව මේකයි,

● චර්ලි නම් කුඩා ගැහැණු ළමයෙකුගේ ප්‍රථම නත්තල් දිනය සුන්දරව සමරන්න 6 දෙනෙකුගෙන් සමන්විත පවුලක් තමන්ගේ වැඩිහිටි මව්පියන්ගේ නිවස බලා පිටත්ව යෑමේදි කුඩා දැරියගේ මවට සහ වැඩිමහල් අක්කාට මහ මඟදි සිදුවෙන අකරතැබ්බයක් තමයි මේ චිත්‍රපටියට අඩංගු කරලා තියෙන්නේ.

තාත්තයි පුතාලා දෙන්නයි පුංචි දුව චර්ලියිටයි ඇතිවෙන යම්කිසි හේතුවක් නිසා වෙනම ගමන් මාර්ගයකින් මවගේ වැඩිහිටියන්ගේ නිවස බලා පිටත්ව යෑමට සිද්ද වෙනවා, අම්මටයි දුවටයි තනියම වෙනම ක්‍රමයකින් තමයි ඔවුන්ගේ අදාල ගමනාන්තයට යන්නට සිද්දවෙන්නේ. ඉතින් අම්මගෙයි දුවගෙයි මේ ගමනෙදි මේ දෙන්නට මහ මඟදි නොසිතු බාධක කරදර ‍රැසකට මූණ පාන්න සිදුවෙනවා, අපූරු සිදුවීම් දාමයකුත් සිදුවෙනවා, අම්මයි දුවයි දෙන්නා ඇති පදමට ගහමරා හිටං ගන්නවා, මෙයාලට අපූරු අපූරු පුද්ගලයොද හම්බවෙනවා. මේ අපූරු පුද්ගලයෝ නිසා අම්මයි දුවයි කබලෙන් ලිපට වැටෙන තත්වයට මහමඟදි පත්වෙනවා. දෙන්නම අසරණබාවයේ උපරිමයටම පැමිණෙනවා තමන්ට අදාල ගමනාන්තය කරා නත්තල ලැබීමට පෙර යාමට බැරිව. සාර්ථකව තම ගමන තාත්තයි පුතාලා දෙන්නයි පුංචි දුව චර්ලියි ගොසින් අවසන් කරනවා. ඒ නමුත් වැඩිහිටියන්ගේ නිවසෙදි මෙයාලට සුවපහසුදායි කාලයක් නම් ගත කරන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම තාත්තට විශාල වෙහෙස මහන්සියක් දරන්න සිද්ද වෙනවා මේ ගෙදර ආච්චිගේ වටිනා කියන බඩුමුට්‍ටු වලින් දඟකාර පුංචි චාර්ලිව ඈත් කරලා තියන්න. පොඩි පුතාට වෙනවා බුම්බගෙන කැම්මැලිකමෙන් මුල දවසෙම සීයා එක්ක කේන්තියෙන් ඉන්න. තව මේ තාත්තටයි පුතාලා දෙන්නටයි නොසිතු මොහොතක අවි ‍රැගත් කණ්ඩායමක් සමග යුද්ධයකටත් මූණ දෙන්න සිද්ද වෙනවා.

ඇයි මෙයාලට මේ ගමනෙදි මෙහෙම වෙන් වෙලා යන්න සිද්ද වෙන්නේ ? මොනවද මේ අම්මටයි දුවටයි මහ පාරෙදි වෙන්නේ ? මොනව මේ අපූරු සිදුවීම් ? කවුද මේ අපූරු පුද්ගලයෝ ? නත්තල උදාවෙන්න කලින් මේ දෙන්නට ගමන යාගන්න පුළුවන් වෙයිද ? තාත්තයි පුතාලා දෙන්නටයි ඒ දිහාදි මොකද වෙන්නේ ? පුංචී චර්ලී අච්චීගේ මේ වටිනා කියන බඩුමුට්‍ටු කුඩු කරලා දායිද ? පොඩි කොල්ලයි සීයගෙයි අතරේ වෙන සිද්දිය මොකක්ද ? මොකක්ද මේ මෙයාලට මූණ පාන්න වෙන යුද්ධය ?

මේ හැමදේටම උත්තර දැනගන්න චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.

සීතල නත්තලේ එහෙනම් ඒකට ඉඳගෙන හැමෝම මේ චිත්‍රපටිය අරන් බළලා රසවිඳින්න කියලා හැමෝගෙන්ම මම ඉල්ලනවා.

** තවත් නත්තල් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු **

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,329 downloadsDownload Good-Luck-Charlie-Its-Christmas-2011.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

1,329 downloadsDownload Subtitles53 KB

11 comments

  1. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

    1. rockz2020

      කව්රු හරි පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) එකටත් සබ් දෙන්නකෝ✌
      Chicken Run ඇනිමේෂන් එකට පස්සේ ආව හොඳ stop-motion එකක්.
      තව ඒකෙ short movie කිහිපයකුත් තියෙනවා
      »»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
      A Grand Day Out (1989)
      The Wrong Trousers (1993)
      A Close Shave (1995)
      Wallace & Gromit's Cracking Contraptions (2002)
      A Matter of Loaf and Death (2008)

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. Manura Sathsarindu

    thank you saho......

  5. arawindasunimal

    thanks sub ekata (ud shehan) jayawewa.........

  6. Sajithlakshan

    thanks .....................

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. jagath55

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. D.Chamara

    bohoma sthuthi ...