මේ ෆිලුම වෙනස්ම එකක්. සුපිරි ගනයේ සිනමා නිර්මාණයක්. පැහැදිලිවම කිව්වොත් මේකෙ ඉන්න චරිත අතරෙන් අපිට දකින්න පුලුවන් එකම එක චරිතයක් විතරයි. ඒ කියන්නෙ එක නළුවෙක් විතරක් රංගනයෙන් දායක වුන සිනමා නිර්මාණයක්. අනිත් සියලුම චරිත වල කටහඬ විතරයි අහන්න ලැබෙන්නෙ. කොල්ලනේ දුක් වෙන්න එපා මේ ෆිලුමෙ කෙල්ලෙක් වත් නෑන…

මේ ෆිලුම වෙනස්ම එකක්. සුපිරි ගනයේ සිනමා නිර්මාණයක්. පැහැදිලිවම කිව්වොත් මේකෙ ඉන්න චරිත අතරෙන් අපිට දකින්න පුලුවන් එකම එක චරිතයක් විතරයි. ඒ කියන්නෙ එක නළුවෙක් විතරක් රංගනයෙන් දායක වුන සිනමා නිර්මාණයක්. අනිත් සියලුම චරිත වල කටහඬ විතරයි අහන්න ලැබෙන්නෙ. කොල්ලනේ දුක් වෙන්න එපා මේ ෆිලුමෙ කෙල්ලෙක් වත් නෑනෙ කියල. මේක වෙනස්ම කතාවක්. IMDb මීටරේ දැක්කම තේරෙනවනෙ කොහොම චිත්‍රපටියක්ද කියන එක.

කතාවට බහින්න කලින් මේ නිර්මාණය ගැන තොරතුරු ටිකක් කියල ඉන්නම්. කලින් කිව්ව වගේ මේකෙ රඟපාන එකම චරිතය වෙනුවෙන් පණ පොවන්නෙ R. Parthiban විසින්. Gayathrie, Deepa Venkat ඇතුලු පිරිසක් කටහඬෙන් දායක් වෙනව. මේ නිර්මාණය DRAMA | THRILLER | CRIME කියන කාණඩ යටතේ තමයි වර්ගීකරණය වෙන්නෙ.

  • IMDb අගය : 8.8/10
  • අධ්‍යක්ෂවණය : R. Parthiepan
  • කතාව : R. Parthiepan
  • සංගීත අධ්‍ය… : Santhosh Narayanan
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 45
  • නිකුත් වූ දිනය : 20 September 2019

ඉන්දියාව තුල බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තියෙන බවක් නම් පැහැදිලියි. ඒ වගේම අනෙකුත් ප්‍රසිද්ධ නළු නිළියන් Parthiban ගේ රංගන ගැන විශිෂ්ට ප්‍රතිචාර අන්තර්ජාලයට මුදාහැරල තිබුණ. මේක ඇතුලෙ දකින්න පුලුවන් සාමාන්‍ය මනුස්සයෙක් පීඩාවට පත් වෙන විදිහ, බලය නිසා නීතිය නැමෙන විදිහ ගැන එහෙම සූක්ෂම විදියට නිර්මාණයට එකතු කරන්නත් පුලුවන් වෙල තියෙනව. ඒ වගේම ලොකු මිනිස්සුන්ගෙ වැරදි ඉස්සරහ නීතිය නැමෙන එකට දෝත බදා මඩ ප්‍රහාර එල්ල කරපු තැනුත් නැතුවාම නොවේ. මේකෙ වහෙන් ඔරෝ විදියට යන දෙබස් සෑහෙන්න තියෙනව. ඉතින් ඒව අපිම තේරුම් ගන්න ඕන. Parthiban ගේ අති විශිෂ්ට රංගනයත් IMDb මීටරේ 8.8 වෙනකන් කරකවන්න අනිවාර්යයෙන්ම බලපාල තියෙනව. ඒවගේම වෙනදා නොදකින තවත් විශේෂතා කීපයක්ම තියෙනව… බලද්දි තේරේවි. ඒ වගේම දෙබස් හරඹ වලින් සහ තියුණු අංග රචනා වලින් තමයි මේ චිත්‍රපටියෙ හැඩ වැඩ දාල තියෙන්නෙ.

මම මේකෙ ඉන්න චරිත ගැන පොඩි හඳුන්වාදීමක් කරන්නම්. මාසලාමනි, සහකාර පොලිස් කොමසාරිස්තුමා(DC), පොලිස් පරීක්ෂක වෙන්කටේශ් ( අමාරුකාරය/ තද වෙනවනෙ හැම වෙලේම … ), පොලිස් කොස්තාපල් සාමි, ඌශ, පොලිස් නිලධාරිනී රෝසි , මහේශ්, මනෝ වෛද්‍ය සූර්යා… ඇතුලු පිරිසක් තමයි මේකෙදි අපිට මුණගැහෙන්නෙ. මාසලාමනි තමයි අපේ කතා නායකය. අපිට දකින්න ලැබෙන්නෙ මාසලාමනිව විතරයි. අනිත් සියලුම චරිත වල හඬ විතරක් ඇහේවි. ඉතින් ඔයාල කැමති රූපයක් මවාගන්න. කතාව පටන් ගන්නෙ මෙහෙමයි, මාසලාමනිව පොලිස් අත් අඩංගුවට පත් වෙනව මිනීමැරුම් චෝදනාවකට. ඉතින් ඔහුගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කිරීම තමයි මේකෙ තියෙන්නෙ. ඒ අතරෙ හිතාගන්න බැරි ගොඩක් තැන් තියෙනව. සම්පූර්ණයෙන්ම ගැට ගැහුන නූල් පන්දුවක්… මුලදි මාසලාමනි පිස්සෙක් කියල පවා හිතෙයි. කුතුහලයෙන් බලන්න වටින චිත්‍රපටියක් මේක. හිතට දුකක් දැනෙන තැනුත් ඒ අතරෙ මුණගැහෙයි. මේකෙ තියෙන දෙබස් ටිකක් වෙනස් විදියක් තියෙන්නෙ. ඇහෙන දේට එහා යමක් හිතන්න වෙයි. මීට වැඩියෙ දේවල් කියල ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන්නෙ නෑ එහෙනම්.

ඉතින් මේ සබ් එක ටිකක් වෙනස් විදියකට කරන්න උත්සාහයක් ගත්ත. මොකද එක චරිතයක් හැරෙන්න අනිත් සියලු චරිත හඬවල් විතරක් නිසා. ඉතින් මේක ගැන හොඳ නරක , ෆිලුම ගැන ඔයාලගෙ අදහස් , වෙනත් අදහස් යෝජනා තියෙනවනම් පහලින් කියාගෙනම යන්න. මේ ෆිලුම මට වෙන් කරල දීපු තිසර නියෝ සහෝදරයටත් , බයිස්කෝප් සියල්ලන්ටත් ස්තූතිවන්ත වෙනව. ඒ එක්කම සියලු දෙනාටම සුභ නත්තලක් ප්‍රාර්ථනා කරනව. එහෙනම් ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හම්බවෙමු.

සුභ දවසක් වේවා !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper Tamil HD / Tamil Proper TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.

6,350 downloadsDownload Oththa-Seruppu-Size-7-2019.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

කසුන් ජලිත

Subtitles

6,350 downloadsDownload Subtitles72 KB

16 comments

  1. Anushka_dilshan

    sub ekata thanks

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Lalani Maduwanthi

    New super star,,kasun jalitha

  4. palithadesilva

    thankyou..

  5. arawindasunimal

    thanks sub ekata (kasun) jayawewa.......

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Niharika

      Superb naration and translation.Intresting story.loved it.

  7. gihan perera

    නියමයි මචෝ....අමුතුම කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. Bandara76

    Thanks Kasun Bro..Good Luck

  9. dhanukaakalanka

    Thanks...
    George Reddy (2019) තෙලගු ෆිල්ම් එකටත් සබ් දෙන්න.

  10. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ ජය.....!

  11. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. nish47

    ස්තූතියි සහෝ

  14. D.Chamara

    bohoma sthuthi sahooo ...

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!