හොඳයි, එහෙනම් ඔන්න ආයෙත් ඉක්මනින්ම තවත් නත්තල් චිත්‍රපටියක් පොරොන්දු වුන විදියටම අරන් ආවා. මේකත් මම කලින් දුන්නු ඒක වගේම පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන නත්තල් චිත්‍රපටියක්. සැකරි ගොර්ඩන් සහ බෙයිලි මැඩිසන් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් වලට රංගනයෙන් පණ පොවනවා. හොඳයි එහෙනම් ඉතින් වැඩි කතා…
හොඳයි, එහෙනම් ඔන්න ආයෙත් ඉක්මනින්ම තවත් නත්තල් චිත්‍රපටියක් පොරොන්දු වුන විදියටම අරන් ආවා. මේකත් මම කලින් දුන්නු ඒක වගේම පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන නත්තල් චිත්‍රපටියක්. සැකරි ගොර්ඩන් සහ බෙයිලි මැඩිසන් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් වලට රංගනයෙන් පණ පොවනවා. හොඳයි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන පුංචියෙන් ටිකක් කියන්නම්.
කතාව මේකයි,
පීට් කියන්නේ වයස අවුරුදු 16ක වගේ සාමාන්‍ය පවුලක ඉන්න මැද ළමයෙක්. පීට්ට වදකාර අයියා කෙනෙකුයි ඔළුව ඉදිමිච්ච වාතයක් වගේ පොඩි මල්ලි කෙනෙකුයි ඉන්නවා. නිතරම වගේ මේ අයියණ්ඩියයි පොඩි මල්ලියයි පීට්ට නිතරම පහේ අපහාස උපහාස කරනවා, දෙමාපියන් ඉස්සරහා අපහසුතාවයන් වලටද පත් කරනවා. අයියයි පොඩි මල්ලියයි ඒක පැත්තක් පීට් තනිවෙලා, එහෙම තත්වෙක තමයි පීට් ඉන්නේ. නත්තල ලබන්න පෙර දිනයේ පීට්ගේ සීයා එනවා පීට්ලගේ ගෙදර නවතින්න. මේ සීයා වැඩිය හිත හොඳ නෑ තමන්ගේ පුතා එක්ක. ඉතින් මේ සීයා නිසා ගෙදර නිතර නිතර ප්‍රශ්නත් ඇති වෙන්න ගන්නවා. පීට්ගේ තාත්තත් ඉන්නේ ප්‍රශ්න ගොඩයි නමුත් පීට්ගේ අම්මට උවමනා වෙනවා ප්‍රශ්න තිබුනත් නත්තල ඉහලින්ම ජයටම සමරන්න. ඉතින් නත්තල් දවසේ රෑ පීට්ගේ සීයා පීට්ට දෙනවා කුතුහලය දනවන පුංචි ලී පෙට්ටියක් වගේ එකක්. මේ පෙට්ටිය මොකක්ද කියලා පීට්ට තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් එදා දවසේ රෑ පීට් නින්දට වැටිලා පහුවදා උදේ ඇහැරිලා බලනකොට පෙර නත්තල් දවසේ සිදුවීම් ඒ විදියටම ආයෙම වෙන බවක් පීට්ට තේරුම් යනවා. මුලදි පීට් හිතන්නේ ගෙදර අය හැමෝම එකතු වෙලා තමන්ට දෙන දඩුවමක් වශයෙන් මෙහෙම හැමෝම රඟපානවා ඇතියි කියලා. නමුත් එම නත්තල් දිනයම නැවත නැවතත් ආයේ ආයෙම දිගටම නොනවත්වා සිදු වීමෙන් පීට් තේරුම් ගන්නවා තමන් නත්තල් දිනයේ සිර වී සිටිනා බව. තමන්ට මේ ලැබී ඇත්තේ සාපයක් බව වැරදියට වටහා ගන්නා පීට්ගේ එම මතය තම අසල්වාසී යාබද නිවසට අලුත් පැමිණෙන කේටි නම් සුන්දර ගැහැණු ළමයා විසින් නිවැරදි කර පීට්ට පවසනවා තමන්ට ලැබී ඇත්තේ ත්‍යාගයක් බව යන්න. තමන්ට ලැබී ඇති මෙම දෙයින් අපූරු අපූරු වැඩ ගන්න පීට් ඉන්පසු පෙළඹෙනවා. තමන්ගේ දෙමාපියන් ඇතුළු බාහිර පුද්ගලයන්ගේ ජීවිතද ආලෝකමත් කිරීමට පීට් තමන්ගේ මම ත්‍යාගය උපකාරී කරගන්නවා.
පීට්ගේ පොඩි මල්ලියයි අයියයි මොන වගේද ? පීට්ගේ සීයට තමන්ගේ පුතා එක්ක තියන ප්‍රශ්නය මොකක්ද ? සීයා පීට්ට දෙන ඒ පෙට්ටිය මොකක්ද ? පීට් දිගටම නත්තලෙම හිර වෙලා ඉඳියිද ? කවුද මේ ලස්සන කේටි ? පීට්ට ලැබිලා තියන මේ දෙයින් මොන විදියට ප්‍රයෝජන ගනියිද ? මේ බිඳි ගොස් තිබෙනා පවුල නත්තල ඉහළින්ම ජයටම සමරයිද ?
මේ සේරටම උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.
සුභම සුභ නත්තලක් හැමෝටම !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,129 downloadsDownload Petes-Christmas-2013.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
14 comments
arawindasunimal
litus
thanx bro
ranga11112
thanks bro...
MERRY CHRISTMASHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Nivom
thanxx
rockz2020
බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
rockz2020
Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005)
Checkered Ninja (2018)
කව්රු හරි පුළුවන්නම් මේවටත් සබ් දෙනවද.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sarangaedi
Thank U..
Sandeepmadushan
Thanx saho.. supiriyak
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashka Lakshan
Thank you so much for the subtitle!
Advertisement
thanks sub ekata (UD Shehan) jayawewa........ suba naththalak wewa.............